Join on WhatsApp channel
Auslanka tv Tickets

උණුසුම් පුවත්

Search

ප්‍රධාන පුවත

Advertisement

Victoria හි Drung ප්‍රදේශයේදී පැයට කිලෝමීටර් 100ක වේග සීමාවක් සහිත මාර්ගයක පැයට කිලෝමීටර් 178ක වේගයෙන් මෝටර් රථයක් ධාවනය කළ 23 හැවිරිදි කාන්තාවක් වික්ටෝරියා පොලීසිය විසින් නතර කර තිබෙනවා.

පොලිසිය පවසන්නේ අදාළ කාන්තාව ධාවනය කරමින් සිටි Mercedes SUV රථය නියමිත වේග සීමාවට වඩා පැයට කිලෝමීටර් 78කින් වැඩි වේගයකින් ගමන් කර ඇති බවයි.

සිද්ධිය සිදුව ඇත්තේ AFL Grand Final දිගු සති අන්තය වෙනුවෙන් වික්ටෝරියා පොලීසිය ක්‍රියාත්මක කර ඇති Operation Scoreboard විශේෂ රථවාහන මෙහෙයුම අතරතුරදීයි.

Advertisement

අධික වේගයෙන් රිය පැදවීම හේතුවෙන් අදාළ Mercedes SUV රථය දින 30ක කාලයක් සඳහා අත්අඩංගුවට ගැනීමට පොලිසිය පියවර ගෙන තිබෙනවා.

මෙම මෙහෙයුම යටතේ Grand Final සති අන්තයේ මාර්ග භාවිත කරන රියදුරන්ගේ වේගය, මත්ද්‍රව්‍ය සහ මත්පැන් භාවිතය ඇතුළු රථවාහන නීති උල්ලංඝනය කිරීම් පිළිබඳව පොලිසිය දැඩි අවධානයක් යොමු කර තිබෙනවා.

Banner 01

විශේෂයෙන්ම AFL Grand Final වැනි විශාල උත්සව පැවැත්වෙන දිගු සති අන්තවලදී මාර්ගවල රථවාහන ප්‍රමාණය ඉහළ යන බැවින් රියදුරන් වේග සීමා සහ අනෙකුත් මාර්ග නීති පිළිපැදීම වැදගත් බව වික්ටෝරියා පොලීසිය අවධාරණය කරනවා.

පොලිසිය වැඩිදුරටත් සඳහන් කරන්නේ මාර්ගයේ නියමිත වේග සීමාව ඉක්මවා ධාවනය කිරීම තමන්ට පමණක් නොව අනෙකුත් මාර්ග භාවිත කරන්නන්ටත් බරපතළ අවදානමක් ඇති කළ හැකි බවයි.

Join on WhatsApp channel

උණුසුම් පුවත්

වික්ටෝරියා ප්‍රාන්තයේ අපරාධ අනුපාතය පසුගිය වසර තුළ 3.8%කින් අඩු වී තිබුණත්, වික්ටෝරියා පොලිසිය තවමත් නිලධාරීන්ගේ හිඟයකට මුහුණ දෙමින් සිටින බව...

ඔස්ට්‍රේලියාවේ නව සංක්‍රමණ නීති දැඩි කිරීමත් සමඟ, මෙල්බන්හි අධ්‍යාපනය ලබන ඇමරිකානු සිසුවියක් රට හැර යාම ගැන සිතන බව පවසා තිබෙනවා....

Western Australia ප්‍රාන්තයෙන් meningococcal රෝගය සම්බන්ධයෙන් සති කිහිපයක් ඇතුළත දෙවැනි අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා. තවත් දරුවෙකුට meningococcal Serogroup B...

ඔස්ට්‍රේලියාවේ dating apps භාවිතා කරන කාන්තාවන්ට සිදුවන අහිතකර අත්දැකීම් ගැන කළ නව research එකකින් වැදගත් තොරතුරු කිහිපයක් හෙළිවෙලා තියෙනවා. Minderoo...

නොවැම්බර් මාසයේ පැවැත්වෙන වික්ටෝරියා ප්‍රාන්ත මැතිවරණයෙන් ලේබර් රජය යළි බලයට පත් වුවහොත්, ප්‍රාන්තයේ Pubs සඳහා නව සහන රැසක් ලබා දීමට...

තායිලන්තයේදී, 17 හැවිරිදි තරුණියක ඝාතනය කර ඇගේ මළ සිරුර සූට්කේස් එකක බහා දමා යාමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට පත්ව සිටින ඔස්ට්‍රේලියානු...

මෙල්බන් සිට බ්‍රිස්බන් වෙත ගමන් කිරීමට නියමිතව තිබූ Jetstar ගුවන් යානයක් තුළ ටිකට්පතක් හෝ boarding pass එකක් නොමැති මගියෙකු සිටිනු...

ඔස්ට්‍රේලියාව සංක්‍රමණ සංඛ්‍යාව අඩු කිරීම සහ වීසා ක්‍රමයේ අයථා භාවිත වැළැක්වීම සඳහා නව ප්‍රතිසංස්කරණ මාලාවක් ප්‍රකාශයට පත් කර තිබෙනවා. විදේශීය...

AI අයුතු භාවිතයෙන් රටවැසියන් ආරක්ෂා කර ගැනීම සඳහා ලොව ප්‍රථම වරට Smart Glasses භාවිතය රටපුරා සීමා කිරීමට හෝ තහනම් කිරීමට...

පුවත් විකාශය

Main Box banner
Live
Click Play to Listen

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom

100 සීමාවේ 178ට ගිය කාන්තාවට SUV රථය දින 30කට අහිමි වෙයි

100 සීමාවේ 178ට ගිය කාන්තාවට SUV රථය දින 30කට අහිමි වෙයි

Victoria හි Drung ප්‍රදේශයේදී පැයට කිලෝමීටර් 100ක වේග සීමාවක් සහිත මාර්ගයක පැයට කිලෝමීටර් 178ක වේගයෙන් මෝටර් රථයක් ධාවනය කළ 23 හැවිරිදි කාන්තාවක් වික්ටෝරියා පොලීසිය විසින්

Read More »

RBA තීරණයක බලපෑම දශකයකටත් වැඩි කාලයක්?

Reserve Bank of Australia හෙවත් RBA එක පොලී අනුපාතය ඉහළ දැමීමෙන් ඔස්ට්‍රේලියානුවන්ට නිවසක් මිලදී ගැනීමේ අවස්ථාවට දශකයකට වැඩි කාලයක් බලපෑම් ඇති විය හැකි බව University

Read More »

පුද්ගලික Medicare තොරතුරුත් අනවසරයෙන් ලබාගෙනද? රජයෙන් පැහැදිලි කිරීමක්

OpenAI සමාගමේ AI agent එකක් ජුනි 18 වැනිදා ඔස්ට්‍රේලියානු රජයේ Medicare සංඛ්‍යාලේඛන වෙබ් අඩවියකට අනවසරයෙන් පිවිස, එහි තිබූ මහජනයාට විවෘත දත්ත මෙන්ම එවකට ප්‍රසිද්ධ කර

Read More »

සිඩ්නිහි වෙඩි වැදුණු 11 හැවිරිදි දරුවා අවාසනාවන්ත ලෙස මිය යයි

සිඩ්නි නගරයේ වයඹ දෙසින් පිහිටි Norwest ප්‍රදේශයේ නිවසකදී වෙඩි වැදී බරපතළ තුවාල ලැබූ 11 හැවිරිදි දරුවා, දින තුනක් රෝහල් ප්‍රතිකාර ලැබීමෙන් පසු මියගොස් තිබෙනවා. සඳුදා

Read More »
sri lankan student

ශ්‍රී ලංකාව වැනි රටවල විදෙස් සිසුන් අඩුවීමෙන් $මිලියන ගණනක පාඩුවක්

University of Adelaide සහ University of South Australia ඒකාබද්ධ කර පිහිටුවූ නව Adelaide Universityය මේ වසරේ ජනවාරි මාසයේ ආරම්භ වුණා. එම ඒකාබද්ධ කිරීම සඳහා දකුණු

Read More »

AI ගැන ලෝකය එක්ව කතාකරද්දි ට්‍රම්ප්ගෙන් වෙනස් පිළිතුරක්

කෘත්‍රිම බුද්ධිය වේගයෙන් දියුණු වන මේ කාලයේ ලෝක රටවල් එක්ව වැඩ කළ යුතු බව ඔස්ට්‍රේලියානු අගමැති ඇන්තනි ඇල්බනීසි පවසනවා. ඔහු මේ පණිවිඩය එක්සත් ජාතීන්ගේ මහා

Read More »
[the_ad id="38840"]
[the_ad id="40137"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom