

OpenAI AI එකක් Medicare පද්ධතියට අවසර නැතිව ඇතුළු වෙයි
OpenAI සමාගම විසින් සංවර්ධනය කරන ලද AI Agent එකක් ඔස්ට්‍රේලියානු ෆෙඩරල් රජයට අයත් Medicare Statistics Reporting Service පද්ධතියට අවසර නොමැතිව ප්‍රවේශ වී ඇති බව අගමැති

OpenAI සමාගම විසින් සංවර්ධනය කරන ලද AI Agent එකක් ඔස්ට්‍රේලියානු ෆෙඩරල් රජයට අයත් Medicare Statistics Reporting Service පද්ධතියට අවසර නොමැතිව ප්‍රවේශ වී ඇති බව අගමැති ඇන්තනී ඇල්බනීසි තහවුරු කර තිබෙනවා.
මෙම සිදුවීම 2026 ජූනි මාසයේ සිදුව ඇති අතර, අග්‍රාමාත්‍යවරයා නිව්යෝර්ක් නුවරදී මේ බව හෙළි කළා.
අදාළ සේවාව Services Australia විසින් පවත්වාගෙන යන Medicare සංඛ්‍යාලේඛන පද්ධතියක්.

මෙම අනවසර පිවිසීම සිදුව ඇත්තේ ඔස්ට්‍රේලියාව පිළිබඳ ප්‍රශ්නවලට පිළිතුරු සහ සංඛ්‍යාලේඛන සොයාගැනීමට මෙම AI නියෝජිතයා උත්සාහ කළ අවස්ථාවකදීයි.
එහිදී මහජනයාට විවෘත ගොනු පමණක් නොව, සාමාන්‍යයෙන් ප්‍රසිද්ධ නොවන ගොනු කිහිපයකට ද ප්‍රවේශ වී ඇති බව වාර්තා වනවා.
කෙසේ වෙතත්, මේ වනවිට Medicare රෝගීන්ගේ පුද්ගලික වෛද්‍ය වාර්තා හෝ වෙනත් පුද්ගලික තොරතුරු ලබාගෙන ඇති බවට සාක්ෂි නොමැති බව රජය සහ OpenAI දෙපාර්ශ්වයම පවසනවා.
අගමැති ඇල්බනීසි මේ සම්බන්ධයෙන් OpenAI CEO Sam Altman සමඟ සෘජුව කතා කර ඇති අතර, OpenAI සමාගම මේ පිළිබඳ රජයට දැනුම් දීමට මාස ගණනක් ගත කිරීම පිළිබඳව දැඩි අප්‍රසාදය පළ කර තිබෙනවා.
සිදුවීම ජූනි මාසයේ සිදුවුවත් Services Australia වෙත OpenAI දැනුම් දී ඇත්තේ මාස තුනකට පමණ පසුවයි.
AI Agent එක තවත් ඔස්ට්‍රේලියානු රජයේ වෙබ් අඩවි කිහිපයක් සමඟද සම්බන්ධ වී ඇති නමුත්, මෙතෙක් තහවුරු වී ඇති අවසර නොලත් ප්‍රවේශය Medicare statistics portal එකට පමණක් බව රජය පවසනවා.
සිද්ධියේ සම්පූර්ණ බලපෑම හඳුනාගැනීම සඳහා forensic investigation එකක්ද මේ වනවිට සිදුකරමින් තිබෙනවා.
මේ සිදුවීම පරීක්ෂා කිරීමට සහ AI Agent වැනි ස්වයංක්‍රීය තාක්ෂණයන් නිසා ඇතිවිය හැකි cyber security අවදානම් සඳහා දැනට ඇති රජයේ ආරක්ෂක ක්‍රම ප්‍රමාණවත්දැයි සොයා බැලීමට විශේෂ විශේෂ කාර්ය සාධක බලකායක් ද පිහිටුවීමට රජය තීරණය කර තිබෙනවා.
Victoria හි Mildura ප්‍රදේශයේ නිවාස සහ ව්‍යාපාර ආසන්න වශයෙන් 3,000කට බලපා ඇති විදුලි බිඳවැටීම තවදුරටත් පැවතීමත් සමඟ වැඩිහිටියන් සහ වෛද්‍ය...
ඔස්ට්‍රේලියානු රජය ඉදිරිපත් කර ඇති Digital Duty of Care පනත් කෙටුම්පතට ඇමරිකාවේ Trump පාලනය විවෘතව විරෝධය පළ කර තිබෙනවා. මෙම...
ලොව පුරා තාවකාලික සේවකයන් දහස් ගණනක් තමන් ගෙදර වැඩ කරන ආකාරය වීඩියෝ කර රොබෝවරුන් පුහුණු කිරීමට දත්ත සපයමින් සිටිනවා. 23...
ලේබර් රජය ප්‍රකාශයට පත් කළ නව සංක්‍රමණ ප්‍රතිපත්තියට ව්‍යාපාරික සහ පතල් කර්මාන්ත අංශ සහය පළ කර තිබෙනවා. ශුද්ධ විදේශ සංක්‍රමණය...
වසර 35ක විරාමයකින් පසුව නැවතත් මේස පන්දුවට පිවිසි Melbourne හි අමල් ඩයස් , මේ වසරේ Australian Veterans National Championships තරගාවලියේදී...
ඔස්ට්‍රේලියාවේ පහළ යමින් පවතින උපත් අනුපාතය ඉහළ නැංවීමට, උපදින සෑම දරුවෙකු වෙනුවෙන්ම පවුලකට ඩොලර් 75,000ක් ගෙවිය යුතු බව ස්වාධීන මන්ත්‍රී...
Jetstar සමාගම ආරම්භ කළ Melbourne–Colombo සෘජු ගුවන් සේවයට ඉහළ ඉල්ලුමක් ලැබෙමින් පවතින බව සමාගම පවසනවා. Victoria ප්‍රාන්තයේ ඔස්ට්‍රේලියාවේ විශාලතම ශ්‍රී...
බටහිර ඔස්ට්‍රේලියාවේ Bassendean ප්‍රදේශයේ 70 හැවිරිදි වියේ පසුවන විශ්‍රාමික කාන්තාවක් Saturday Lotto හි සමස්ත ඩොලර් මිලියන 6.4ක පළමු ත්‍යාගය දිනාගෙන...
වික්ටෝරියා ප්‍රාන්තයේ 2026 Tree of the Year තරගයේ අවසන් වටයට ගස් 9ක් තේරී තිබෙන අතර, අද සිට ජනතාවට තමන් කැමති...

OpenAI සමාගම විසින් සංවර්ධනය කරන ලද AI Agent එකක් ඔස්ට්‍රේලියානු ෆෙඩරල් රජයට අයත් Medicare Statistics Reporting Service පද්ධතියට අවසර නොමැතිව ප්‍රවේශ වී ඇති බව අගමැති

ඔස්ට්‍රේලියාවේ විවාහ නොවී එකට ජීවත් වීමට සැලසුම් කරන්නන් තම නිවස, මුදල් සහ දේපළ සම්බන්ධයෙන් පැහැදිලි ලේඛන තබාගැනීම වැදගත් බව ජ්‍යෙෂ්ඨ නීතිඥ Marcus Denning පවසනවා. ඔහු

වික්ටෝරියා රජයේ ඩොලර් බිලියන 150ක් පමණ වටිනා Big Build ඉදිකිරීම් වැඩසටහනට සම්බන්ධ දූෂණ සහ අක්‍රමිකතා චෝදනා විමර්ශනය කරන රාජකීය කොමිසම හමුවේ සාක්ෂි දීමට හිටපු අගමැතිනී

ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන පෙළේ නිවාඩු නිකේතන සහ මහල් නිවාස සංකීර්ණයක් වන Quest (Quest Apartment Hotels) ආයතනයේ සිදුවූ බරපතල දත්ත මංකොල්ලයක් හේතුවෙන් මිලියන දෙකකට ආසන්න පාරිභෝගිකයින්ගේ පුද්ගලික

වික්ටෝරියා ප්‍රාන්ත මැතිවරණයට තවත් මාස දෙකකට ආසන්න කාලයක් තිබියදී, One Nation පක්ෂයට ලැබෙන ජනතා සහය ඉහළ යාම තමන්ට “බියක් ඇති කරන” බව අගමැති බෙන් කැරොල්

ඔස්ට්‍රේලියානු රජය නිවාස ආයෝජන සඳහා හඳුන්වා දෙන නව බදු වෙනස්කම් නිසා සියලුම ආයෝජකයන්ට වැඩි බද්දක් ගෙවීමට සිදු නොවන බව නව අධ්‍යයනයකින් හෙළි වී තිබෙනවා. e61