ඔස්ට්‍රේලියාවේ Skilled Visa අයදුම්පත් සලකා බලන නව ප්‍රමුඛතා සැප්තැම්බර් 19 සිට ක්‍රියාත්මකයි.
ඒ අනුව ඉදිකිරීම්, සෞඛ්‍ය, ගුරු සේවය, කෘෂිකර්මය, ජලජ වගාව, ධීවර සහ පතල් ක්ෂේත්‍රවල අයදුම්පත්වලට මුල් තැන හිමි වෙනවා.
නීතිය ක්‍රියාත්මක කිරීමේ හා ආරක්ෂක අවශ්‍යතාවලට අදාළ අයදුම්පත්ද එම ප්‍රමුඛතාවට ඇතුළත්.
තාවකාලික Skilled Visa සඳහා Ministerial Direction 121 සහ ඇතැම් ස්ථිර හා provisional Skilled Visa සඳහා Direction 122 ක්‍රියාත්මක කර ඇති අතර, ඒවා පැරණි Direction 119 හි සැකසුම් ප්‍රමුඛතා වෙනුවට පැමිණ තිබෙනවා.
මෙම නියෝග 482, 186, 189, 190 සහ 491 ඇතුළු වීසා කාණ්ඩ රැසකට අදාළ වනු ඇති.
Subclass 186 වීසා සඳහා මුල් ප්‍රමුඛතාවට අයත් ක්ෂේත්‍රවල 2024 අගෝස්තු මාසයේ ඉදිරිපත් කළ අයදුම්පත් මේ වන විට සලකා බලමින් සිටින බව ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තු වෙබ් අඩවියේ දැක්වෙනවා.
කෙසේ වෙතත්, පළ කර ඇති සැකසුම් කාලය ඇස්තමේන්තුවක් පමණක් වන අතර එක් එක් අයදුම්පත එම කාලය තුළ තීරණය වන බවට සහතිකයක් ලබාදිය නොහැකි බවයි වෙබ් අඩවිය පවසන්නේ.
ප්‍රමුඛතාව ලැබුණත් ලියකියවිලි අසම්පූර්ණ නම් තීරණය ප්‍රමාද විය හැකි බවද ඔවුන් පෙන්වාදෙනවා.
රැකියා පළපුරුද්ද සනාථ කිරීමට සේවා නිර්දේශ ලිපියක් පමණක් ප්‍රමාණවත් නොවන අතර, වැටුප් පත්‍රිකා, බැංකු වාර්තා හෝ බදු වාර්තා වැනි සාක්ෂිද ඉදිරිපත් කරන ලෙස දෙපාර්තමේන්තුව උපදෙස් දෙනවා.
(immi.homeaffairs.gov.au)
මූලාශ්‍රය: ඔස්ට්‍රේලියානු ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව