Join on WhatsApp channel
Auslanka tv Tickets

උණුසුම් පුවත්

Search

ප්‍රධාන පුවත

Advertisement

ඔස්ට්‍රේලියාව සංක්‍රමණ සංඛ්‍යාව අඩු කිරීම සහ වීසා ක්‍රමයේ අයථා භාවිත වැළැක්වීම සඳහා නව ප්‍රතිසංස්කරණ මාලාවක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

විදේශීය සිසුන් සමඟ ඔවුන්ගේ සැමියා, බිරිඳ හෝ දරුවන් රැගෙන ඒම සීමා කිරීමට රජය යෝජනා කර ඇති නමුත් මෙය තවම පාර්ලිමේන්තුවෙන් සම්මත වූ නීතියක් නොවන අතර, ක්‍රියාත්මක වන දිනය සහ විශේෂ නිදහස් කිරීම් මෙතෙක් අවසන් කර නැහැ.

අධ්‍යාපන වීසා දිගු කරගැනීම සඳහා පහළ හෝ සමාන මට්ටමේ පාඨමාලාවලට මාරුවීමද සීමා කිරීමට නියමිතයි.

Advertisement

උදාහරණයක් ලෙස උපාධියකින් පශ්චාත් උපාධියකට යාම පිළිගත හැකි වුවත්, වීසා කාලය දිගු කරගැනීම සඳහා නැවත පහළ මට්ටමේ පාඨමාලාවකට යාම දැඩි පරීක්ෂාවට ලක්විය හැකියි.

සංචාරක වීසා මත ඔස්ට්‍රේලියාවට පැමිණ පසුව ශිෂ්‍ය හෝ වෙනත් වීසාවකට මාරුවීමද “No Further Stay” කොන්දේසි නිසා බොහෝ දුරට අවහිර විය හැකි වනවා.

Banner 01

වීසා කාලය ඉක්මවා රැඳී සිටින පුද්ගලයන්, ව්‍යාජ ආරක්ෂණ ඉල්ලීම් සහ වංචනික සංක්‍රමණ නියෝජිතයන් සම්බන්ධයෙන්ද පරීක්ෂණ දැඩි කිරීමට නියමිත බවයි අමාත්‍ය ටෝනි බර්ක් අනතුරු ඇගවුයේ.

කෙසේ වෙතත් සෞඛ්‍ය, ඉදිකිරීම්, අධ්‍යාපන, පතල් හා ඛනිජ, කෘෂිකර්ම සහ ධීවර ක්ෂේත්‍රවල සැබෑ කුසලතා ඇති ශ්‍රී ලාංකිකයින්ට නව ප්‍රතිසංස්කරණය යටතේ අවස්ථාව උදාවනවා.

මෙම අංශවල පුහුණුව, පිළිගත් සුදුසුකම්, ඉංග්‍රීසි දැනුම සහ නීත්‍යානුකූල රැකියා අනුග්‍රාහකයෙකු තිබීම වඩාත් වැදගත් වනු ඇති.

ඒ හේතුවෙන් නීති ක්‍රියාත්මක වන දිනය, දැනට අයදුම් කළ අයට ඇති සංක්‍රාන්තික විධිවිධාන සහ පවුල් සීමා ගැන ඔස්ට්‍රේලියාවෙන් ලිඛිත පැහැදිලි කිරීමක් ලබාගැනීම ශ්‍රී ලංකා රජය විසින් ඉදිරියේදී සිදුකරනු ඇති.

එමෙන්ම ආචාර්ය උපාධි, පර්යේෂණ සහ අත්‍යවශ්‍ය කුසලතා සහිත සිසුන්ගේ පවුල් සඳහා සීමිත නිදහස් කිරීම් ඉල්ලා රාජ්‍ය තාන්ත්‍රික සාකච්ඡා පැවැත්වීම ඉදිරියේදී සිදුකිරීමට නියමිතයි.

ශ්‍රී ලාංකික වෘත්තීය සහ අධ්‍යාපන සුදුසුකම් ඔස්ට්‍රේලියාවේ පිළිගැනීම පහසු කිරීමට ආයතනික එකඟතා ඇති කිරීම රජයන් විසින් සිදුකළ යුතු බවයි විශේෂඥයින් පෙන්වාදෙන්නේ.

ශ්‍රී ලාංකිකයන්ට වීසා සහතික කළ නොහැකි නමුත්, පැහැදිලි තොරතුරු හා සාධාරණ සංක්‍රාන්තික කාලයක් ලබාගැනීමට රජයට මැදිහත් විය හැකි වනවා.

එමෙන්ම ශ්‍රී ලාංකික සිසුන් හා සංක්‍රමණිකයින් ප්‍රවෘත්ති ශීර්ෂයක් පමණක් දැක පාඨමාලාවක් අවලංගු කිරීම හෝ වීසා සැලසුම වෙනස් කිරීම නොකළ යුතු වන අතර තම වීසා කොන්දේසි, ImmiAccount පණිවිඩ සහ ඔස්ට්‍රේලියානු ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ නිල නිවේදන පරීක්ෂා කළ යුතුයි.

සැමියා, බිරිඳ හෝ දරුවන් සමඟ යාමට බලාපොරොත්තු වන අය නීතිය අවසන් වනතුරු විශාල මුදල් ගෙවීමට පෙර ලිඛිත උපදෙස් ලබාගත යුතු වන අතර උපකාර අවශ්‍ය නම් ලියාපදිංචි ඔස්ට්‍රේලියානු සංක්‍රමණ නියෝජිතයෙකු හෝ නීතිඥයෙකු පමණක් භාවිත කිරීම වැදගත් වනවා.

 

 

Join on WhatsApp channel

උණුසුම් පුවත්

සිඩ්නි නගරයේ බස් රථයක ගමන් කරමින් සිටි 13 හැවිරිදි මුස්ලිම් පාසල් දැරියකට වාර්ගික සහ ඉස්ලාම් විරෝධී අපහාස කළ බවට 50...

ඔස්ට්‍රේලියාවේ One Nation පක්ෂය විසින් ජාත්‍යන්තර ශිෂ්‍ය වීසා සංඛ්‍යාව දැඩි ලෙස අඩු කිරීමට ඉදිරිපත් කර ඇති යෝජනාව සම්බන්ධයෙන් විශ්වවිද්‍යාල සහ...

වීසා කාලය අවසන්ව තිබියදීත් ඔස්ට්‍රේලියාවේ රැඳී සිටින පුද්ගලයන් සොයා නීතිය ක්‍රියාත්මක කිරීම දැඩි කිරීමට ලේබර් රජය සූදානම් වනවා. නව සංක්‍රමණ...

2026 ජූනි කාර්තුවේ ඔස්ට්‍රේලියාවේ සංචාරක ක්ෂේත්‍රයට සම්බන්ධ රැකියා 726,300ක් පැවති බව නවතම ABS දත්ත පෙන්වා දෙනවා. එය මාර්තු කාර්තුවට සාපේක්ෂව...

Jetstar සමාගමේ මෙල්බන් කොළඹ සෘජු ගුවන් සේවයේ Business Class අත්දැකීම පිළිබඳ නව සමාලෝචනයක් Nine Travel පළකර තිබෙනවා. පැය දහයකට ආසන්න...

Melbourne හි Elsternwick ප්‍රදේශයේ Nepean Highway ඔස්සේ රාත්‍රී දෙකක් පුරා විශේෂ පොලිස් මෙහෙයුමක් සිදුකර තිබෙනවා. රියැදුරන් 7,194 දෙනෙකු මත්පැන් සඳහා...

සේවක හිඟය හේතුවෙන් ඔස්ට්‍රේලියාවේ ගුවන් ගමන්වලට බලපෑම් එල්ල වෙමින් පවතින බව Senate hearing එකකදී හෙළිවී තිබෙනවා. Airservices Australia නියෝජ්‍ය ප්‍රධාන...

1936දී වඳවී ගිය Tasmanian Tiger හෙවත් Thylacine සත්වයා 2036 වනවිට නැවත ජීවමාන කිරීමට හැකිවනු ඇතැයි ඔස්ට්‍රේලියානු විද්‍යාඥයන් විශ්වාසය පළකර තිබෙනවා....

ඔස්ට්‍රේලියාව සංක්‍රමණ සංඛ්‍යාව අඩු කිරීම සහ වීසා ක්‍රමයේ අයථා භාවිත වැළැක්වීම සඳහා නව ප්‍රතිසංස්කරණ මාලාවක් ප්‍රකාශයට පත් කර තිබෙනවා. විදේශීය...

පුවත් විකාශය

Main Box banner
Live
Click Play to Listen

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom

ඔස්ට්‍රේලියාවේ අලුත් සංක්‍රමණ සැලැස්මෙන් ශ්‍රී ලාංකිකයින්ටත් බලපෑම්

ඔස්ට්‍රේලියාව විතරක් නොවෙයි—ලෝකයම සංක්‍රමණ නීති දැඩි කරයි

ඔස්ට්‍රේලියාව පමණක් නොව ඇමරිකාව, කැනඩාව, බ්‍රිතාන්‍යය සහ යුරෝපා රටවල් රැසක් මේ වනවිට සංක්‍රමණ නීති දැඩි කරමින් සිටින බව නව විශ්ලේෂණයකින් හෙළිවී තිබෙනවා. ඔස්ට්‍රේලියානු රජය ශිෂ්‍ය

Read More »

මෙල්බන් ගුවන් මගියාගේ ගමන් මල්ලෙන් හෙළිවූ Mildura කාන්තාවගේ සැඟවුණු රහස

Mildura ප්‍රදේශයට ගෙන්වීමට උත්සාහ කළ මත්ද්‍රව්‍ය තොගයක් සම්බන්ධයෙන් 33 හැවිරිදි කාන්තාවකට චෝදනා එල්ල කර තිබෙනවා. Victoria පොලිසිය සහ Australian Border Force එක්ව සිදුකරන විමර්ශනයක් යටතේ

Read More »

ඔස්ට්‍රේලියාවේ අලුත් සංක්‍රමණ සැලැස්මෙන් ශ්‍රී ලාංකිකයින්ටත් බලපෑම්

ඔස්ට්‍රේලියාව සංක්‍රමණ සංඛ්‍යාව අඩු කිරීම සහ වීසා ක්‍රමයේ අයථා භාවිත වැළැක්වීම සඳහා නව ප්‍රතිසංස්කරණ මාලාවක් ප්‍රකාශයට පත් කර තිබෙනවා. විදේශීය සිසුන් සමඟ ඔවුන්ගේ සැමියා, බිරිඳ

Read More »

මෙල්බන් අතුරු මාර්ගවලත් විශේෂ පොලිස් මෙහෙයුම් – රියදුරන්ට පණිවිඩයක්

Melbourne හි Elsternwick ප්‍රදේශයේ Nepean Highway ඔස්සේ රාත්‍රී දෙකක් පුරා විශේෂ පොලිස් මෙහෙයුමක් සිදුකර තිබෙනවා. රියැදුරන් 7,194 දෙනෙකු මත්පැන් සඳහා පරීක්ෂා කර ඇති අතර ඉන්

Read More »

එක් උත්සවයකදී 210 දෙනෙකුට ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය

ඔස්ට්‍රේලියාව තමන්ගේ ස්ථිර නිවහන කරගැනීමට බලාසිටි පුද්ගලයන් 210 දෙනෙකුට අමතක නොවන දිනයක් උදාවී තිබෙනවා. New South Wales ප්‍රාන්තයේ Lake Macquarie නගරයේ පැවති විශේෂ උත්සවයකදී ඔවුන්

Read More »

වේදනාව නැති නිසා දත් හොඳයිද? මිලියන ගණනක් කරන භයානක වැරැද්ද

ජීවන වියදම ඉහළ යාම හේතුවෙන් ඔස්ට්‍රේලියානුවන් මිලියන දෙකකට වැඩි පිරිසක් දන්ත වෛද්‍යවරයා හමුවීම කල්දමා තිබෙනවා. වැඩිහිටියන් තිදෙනෙකුගෙන් එක් අයෙකු ප්‍රතිකාර නොකළ දත් දිරායාමෙන් පෙළෙන බව

Read More »
[the_ad id="38840"]
[the_ad id="40137"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom