

ඔස්ට්‍රේලියාව විතරක් නොවෙයි—ලෝකයම සංක්‍රමණ නීති දැඩි කරයි
ඔස්ට්‍රේලියාව පමණක් නොව ඇමරිකාව, කැනඩාව, බ්‍රිතාන්‍යය සහ යුරෝපා රටවල් රැසක් මේ වනවිට සංක්‍රමණ නීති දැඩි කරමින් සිටින බව නව විශ්ලේෂණයකින් හෙළිවී තිබෙනවා. ඔස්ට්‍රේලියානු රජය ශිෂ්‍ය

ඔස්ට්‍රේලියාව පමණක් නොව ඇමරිකාව, කැනඩාව, බ්‍රිතාන්‍යය සහ යුරෝපා රටවල් රැසක් මේ වනවිට සංක්‍රමණ නීති දැඩි කරමින් සිටින බව නව විශ්ලේෂණයකින් හෙළිවී තිබෙනවා.
ඔස්ට්‍රේලියානු රජය ශිෂ්‍ය වීසා හිමියන්, Working Holiday වීසා හිමියන්, එක් වීසාවකින් තවත් වීසාවකට මාරුවන පුද්ගලයන් සහ වීසා කාලය ඉක්මවා රැඳී සිටින්නන් ඉලක්ක කර නව සීමා හඳුන්වා දී තිබෙනවා.
2027 ජූලි දක්වා වසරේ ශුද්ධ විදේශ සංක්‍රමණය 292,100 සිට 245,000 දක්වා අඩුකර, ඉන්පසු වසරකට 225,000ක මට්ටමක පවත්වාගෙන යාම රජයේ ඉලක්කයයි.

දෙවැනි වසර සඳහා දීර්ඝ කරගත හැකි Working Holiday වීසා අවස්ථා 57,000 සිට 45,000 දක්වාත්, තුන්වැනි වසරේ අවස්ථා 31,000 සිට 5,000 දක්වාත් අඩු කිරීමට නියමිතයි.
වීසා කාලය ඉක්මවා ඔස්ට්‍රේලියාවේ රැඳී සිටින බවට ඇස්තමේන්තු කර ඇති පුද්ගලයන් 77,000කට එරෙහි පරීක්ෂණ දැඩි කර අවශ්‍ය අවස්ථාවල රඳවා තැබීමටද රජය සූදානම් වනවා.
එහෙත් ඇමරිකාවේ සිදුවන දැඩි පිටුවහල් කිරීම්වලට සාපේක්ෂව ඔස්ට්‍රේලියාව තවමත් සෞඛ්‍ය, ඉදිකිරීම් සහ අධ්‍යාපන වැනි සේවක හිඟයක් පවතින ක්ෂේත්‍ර සඳහා පුහුණු සංක්‍රමණිකයන්ට ප්‍රමුඛත්වය ලබාදීමට සැලසුම් කර තිබෙනවා.
කැනඩාවද තාවකාලික සංක්‍රමණිකයන්ගේ ප්‍රමාණය අඩුකරමින් සිටින අතර, බ්‍රිතාන්‍යය ස්ථිර පදිංචිය සඳහා අවශ්‍ය සාමාන්‍ය කාලය වසර පහේ සිට දහය දක්වා දෙගුණ කිරීමට යෝජනා කර තිබෙනවා.
ඒ අනුව ලෝක ප්‍රවණතාවය වී ඇත්තේ සංක්‍රමණය සම්පූර්ණයෙන් නතර කිරීම නොව, තාවකාලික වීසා පාලනය කර රටට අවශ්‍ය කුසලතා සහිත පුද්ගලයන් පමණක් වැඩි වශයෙන් තෝරාගැනීමයි.
මෙම තත්ත්වය යටතේ ඔස්ට්‍රේලියාවේ සිටින ශ්‍රී ලාංකික සිසුන් සහ තාවකාලික වීසා හිමියන් තම වීසා කාලසීමාව, පාඨමාලා මාරු කිරීම සහ ඉදිරි ස්ථිර පදිංචි මාර්ග පිළිබඳ නිල තොරතුරු අනුව කලින් සැලසුම් කිරීම ඉතා වැදගත් වනවා.
Credit – SBS News
Frankston ප්‍රදේශයේ වාහනවල රහසිගතව Apple AirTag සවි කර පුද්ගලයන්ගේ ගමන් බිමන් නිරීක්ෂණය කළ බවට 65 හැවිරිදි පුද්ගලයෙකුට චෝදනා එල්ල වී...
ලේබර් රජය ප්‍රකාශයට පත් කළ නව සංක්‍රමණ ප්‍රතිපත්තියට ව්‍යාපාරික සහ පතල් කර්මාන්ත අංශ සහය පළ කර තිබෙනවා. ශුද්ධ විදේශ සංක්‍රමණය...
‘වන් නේෂන්’ පක්ෂ නායිකා පෝලීන් හැන්සන් විසින් ආදිවාසී ජනතාව සහ අග්‍රාමාත්‍ය ඇන්තනි ඇල්බනීසිගේ දිවංගත මව සම්බන්ධයෙන් මීට පෙර සිදු කළ...
Northern Territoryහි Darwin නගරයට දකුණින් පිහිටි Blackmore ප්‍රදේශයේ හටගත් දරුණු ලැව්ගින්නක් හේතුවෙන් බලධාරීන් විසින් හදිසි අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා....
නවසීලන්තයේ සාමාන්‍ය Working Holiday Visa එකෙන් මාස 12ක් රැඳී සිටිය හැකි වුවත්, රටවල් දෙකක පුරවැසියන්ට ඊට වැඩි කාලයක් ලබාදී තිබෙනවා....
ඔස්ට්‍රේලියාව පමණක් නොව ඇමරිකාව, කැනඩාව, බ්‍රිතාන්‍යය සහ යුරෝපා රටවල් රැසක් මේ වනවිට සංක්‍රමණ නීති දැඩි කරමින් සිටින බව නව විශ්ලේෂණයකින්...
ඔස්ට්‍රේලියාව කම්පා කළ Gold Coast Sea World හෙලිකොප්ටර් අනතුරෙන් දිවි ගලවාගත් Nicholas Tadros, තම ජීවිතයේ අතිශය සංවේදී සහ අභියෝගාත්මක පියවරක්...
කැන්බරාහි පිහිටි පාර්ලිමේන්තු මන්දිරය අසලදී, accessibility ක්‍රියාකාරිනියක ලෙස කටයුතු කරන තරුණියකට, wheelchair එකක් භාවිත කිරීම හේතුවෙන් ප්‍රවාහන සේවා සැපයීම ප්‍රතික්ෂේප...
ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන පෙළේ සුපිරි වෙළෙඳසැල් ජාලයක් වන Coles, නත්තල් උත්සව සමය ඉලක්ක කරගනිමින් Flybuys points වැඩසටහනට නව විශේෂාංගයක් එකතු කර...

ඔස්ට්‍රේලියාව පමණක් නොව ඇමරිකාව, කැනඩාව, බ්‍රිතාන්‍යය සහ යුරෝපා රටවල් රැසක් මේ වනවිට සංක්‍රමණ නීති දැඩි කරමින් සිටින බව නව විශ්ලේෂණයකින් හෙළිවී තිබෙනවා. ඔස්ට්‍රේලියානු රජය ශිෂ්‍ය

Mildura ප්‍රදේශයට ගෙන්වීමට උත්සාහ කළ මත්ද්‍රව්‍ය තොගයක් සම්බන්ධයෙන් 33 හැවිරිදි කාන්තාවකට චෝදනා එල්ල කර තිබෙනවා. Victoria පොලිසිය සහ Australian Border Force එක්ව සිදුකරන විමර්ශනයක් යටතේ

ඔස්ට්‍රේලියාව සංක්‍රමණ සංඛ්‍යාව අඩු කිරීම සහ වීසා ක්‍රමයේ අයථා භාවිත වැළැක්වීම සඳහා නව ප්‍රතිසංස්කරණ මාලාවක් ප්‍රකාශයට පත් කර තිබෙනවා. විදේශීය සිසුන් සමඟ ඔවුන්ගේ සැමියා, බිරිඳ

Melbourne හි Elsternwick ප්‍රදේශයේ Nepean Highway ඔස්සේ රාත්‍රී දෙකක් පුරා විශේෂ පොලිස් මෙහෙයුමක් සිදුකර තිබෙනවා. රියැදුරන් 7,194 දෙනෙකු මත්පැන් සඳහා පරීක්ෂා කර ඇති අතර ඉන්

ඔස්ට්‍රේලියාව තමන්ගේ ස්ථිර නිවහන කරගැනීමට බලාසිටි පුද්ගලයන් 210 දෙනෙකුට අමතක නොවන දිනයක් උදාවී තිබෙනවා. New South Wales ප්‍රාන්තයේ Lake Macquarie නගරයේ පැවති විශේෂ උත්සවයකදී ඔවුන්

ජීවන වියදම ඉහළ යාම හේතුවෙන් ඔස්ට්‍රේලියානුවන් මිලියන දෙකකට වැඩි පිරිසක් දන්ත වෛද්‍යවරයා හමුවීම කල්දමා තිබෙනවා. වැඩිහිටියන් තිදෙනෙකුගෙන් එක් අයෙකු ප්‍රතිකාර නොකළ දත් දිරායාමෙන් පෙළෙන බව