

ඔස්ට්‍රේලියාව රටවල් 24ක Working Holiday Visa අයදුම්පත් නවතයි
ඔස්ට්‍රේලියානු රජය රටවල් 29කින් 24කට අදාළ Working Holiday Visa අයදුම්පත් තාවකාලිකව නවතා තිබෙනවා. ශුද්ධ විදේශ සංක්‍රමණ සංඛ්‍යාව පාලනය කිරීම සහ වීසා සාධාරණව බෙදාහැරීම මෙහි අරමුණ

ඔස්ට්‍රේලියාව කම්පා කළ Gold Coast Sea World හෙලිකොප්ටර් අනතුරෙන් දිවි ගලවාගත් Nicholas Tadros, තම ජීවිතයේ අතිශය සංවේදී සහ අභියෝගාත්මක පියවරක් තබා තිබෙනවා.
වසර හතරකට පෙර සිය මවගේ ජීවිතයත් තම පාදයක් ද අහිමි කළ අහසටම නැවත ගිය Nicholas, Sydney නුවරට ඉහළින් සිය පළමු ගුවන් යානා පැදවීමේ පුහුණුව සාර්ථකව අවසන් කළා.
විනාඩි පහක විනෝද චාරිකාවක් ලෙස ආරම්භ වූ එම හෙලිකොප්ටර් ගමන, ගුවන්ගත වී මිනිත්තුවක් ගතවීමටත් පෙර හෙලිකොප්ටර් දෙකක් එකිනෙක ගැටීමෙන් මහා ඛේදවාචකයක් බවට පත්වුණා.

එවකට වයස අවුරුදු 10ක් වූ Nicholasගේ මව Vanessa ඇතුළු සිව්දෙනෙකු අනතුරෙන් මියගිය අතර, බරපතළ තුවාල ලැබූ Nicholasට සිය පාදයක් අහිමි වී සති ගණනක් කෝමා තත්ත්වයේ ජීවිතය වෙනුවෙන් සටන් කිරීමට සිදුවුණා.
මාස තුනක රෝහල් ජීවිතයක්, සැත්කම් 30ක් සහ වසර ගණනාවක පුනරුත්ථාපන ප්‍රතිකාර පසුකරමින් ඔහු නැවත තම දෙපයින් නැගී සිටීමට අධිෂ්ඨානශීලීව සටන් කළා.
තමන්ට සියල්ල අහිමි කළ අහසට බියෙන් සමුදෙනවා වෙනුවට, එයම සිය අනාගත සිහින කරා ගෙනයන මාවතක් බවට පත්කර ගැනීමට Nicholas සමත්ව තිබෙනවා.
“මගේ ජීවිතය නවත්වන්න මේ අනතුරට ඉඩ දෙන්නේ නැහැ” යනුවෙන් පවසන 14 හැවිරිදි Nicholasගේ ධෛර්යය, ජීවිතයේ දරුණුතම කඩා වැටීමෙන් පසුවත් නැවත නැගී සිටිය හැකි බව ලෝකයට පෙන්වා දෙනවා.
Credit: 7NEWS
පාසල් දරුවන්ගේ අධ්‍යාපන ප්‍රතිඵල පහළ යාමත් සමඟ පන්ති කාමරවල තිර භාවිතය අඩු කළ යුතු බව ෆෙඩරල් අධ්‍යාපන අමාත්‍ය Jason Clare...
මුහුදු මට්ටම ඉහළ යාම හේතුවෙන් 2100 වන විට ඔස්ට්‍රේලියාවට ඩොලර් බිලියන 855කට වැඩි ආර්ථික හානියක් සිදුවිය හැකි බව නව පර්යේෂණයකින්...
ඔස්ට්‍රේලියාවේ කාඩ්පත් මගින් ගෙවීම් කරන විට අය කරන surcharge ගාස්තු තහනම ක්‍රියාත්මක වීමට නියමිත පසුබිම තුළ, cash මඟින් ගෙවීම් කරන...
ඔස්ට්‍රේලියානුවන්ට තම Superannuation දායකත්වයෙන් කොටසක් කලින් ලබාගැනීමට ඉදිරිපත් කළ යෝජනාව සම්බන්ධයෙන් බානබි ජොයිස් දැඩි ප්‍රශ්න කිරීම්වලට ලක්ව තිබෙනවා. කුලී හෝ...
Frankston ප්‍රදේශයේ වාහනවල රහසිගතව Apple AirTag සවි කර පුද්ගලයන්ගේ ගමන් බිමන් නිරීක්ෂණය කළ බවට 65 හැවිරිදි පුද්ගලයෙකුට චෝදනා එල්ල වී...
වික්ටෝරියා හි Endeavour Hills Specialist School හි ගුරුවරියක් සිසුවෙකුගේ ප්‍රහාරයකට ලක්ව රෝහල්ගත කර තිබෙනවා. සිද්ධිය සිකුරාදා පස්වරු 12.40ට පමණ සිදුව...
ඔස්ට්‍රේලියානුවන් වසරකට පැය බිලියන 31කට ආසන්න කාලයක් වැටුප් නොමැතිව සේවයේ යෙදී සිටින බවට නව විශ්ලේෂණයකින් හෙළිවී තිබෙනවා. ඒ අතර ආහාර...
වික්ටෝරියා ප්‍රාන්තයේ Property market එක තුළ බහුලව සිදුවන අවම මිල අඩු කොට දැක්වීමේ (Underquoting) නීති විරෝධී භාවිතය ඉවත් කිරීමේ අරමුණින්...
ඔස්ට්‍රේලියාවේ පොලී අනුපාත නැවතත් ඉහළ යාමේ අවදානමක් ගැන සංචිත බැංකුව (RBA) විසින් දැඩි රතු එළියක් නිකුත් කර තිබෙනවා. උද්ධමනය පාලනය...

ඔස්ට්‍රේලියානු රජය රටවල් 29කින් 24කට අදාළ Working Holiday Visa අයදුම්පත් තාවකාලිකව නවතා තිබෙනවා. ශුද්ධ විදේශ සංක්‍රමණ සංඛ්‍යාව පාලනය කිරීම සහ වීසා සාධාරණව බෙදාහැරීම මෙහි අරමුණ

ජීවන වියදම් පීඩනයෙන් පීඩා විඳින විශ්වවිද්‍යාල සිසුන්ට නව සහන ලබාදෙන ලෙස Universities Australia, Albanese රජයෙන් ඉල්ලා තිබෙනවා. සියලුම දේශීය විශ්වවිද්‍යාල සිසුන්ට අධ්‍යාපනය ලබන කාලය පුරා

ඔස්ට්‍රේලියාව කම්පා කළ Gold Coast Sea World හෙලිකොප්ටර් අනතුරෙන් දිවි ගලවාගත් Nicholas Tadros, තම ජීවිතයේ අතිශය සංවේදී සහ අභියෝගාත්මක පියවරක් තබා තිබෙනවා. වසර හතරකට පෙර

ඔස්ට්‍රේලියාවේ රජයේ ආදායම් ආධාර ලබන පුද්ගලයන් මුහුණදෙන ජීවන වියදම් අර්බුදයේ බරපතළකම නව සමීක්ෂණයකින් හෙළිවී තිබෙනවා. ACOSS සංවිධානයේ වාර්ෂික Raise the Rate සමීක්ෂණයට ආබාධිත ආධාර නොලබන

Pauline Hansonගේ One Nation පක්ෂය ඔස්ට්‍රේලියාවේ සංක්‍රමණික සංඛ්‍යාව දැඩි ලෙස අඩු කිරීමේ නව ප්‍රතිපත්තියක් හෙළි කර තිබෙනවා. වසර තුනක් තුළ තාවකාලික වීසා 750,000කට වැඩි ප්‍රමාණයක්

වසර 18ක් ඔස්ට්‍රේලියාවේ ජීවත්වූ New Zealand ජාතික ස්ථිර පදිංචිකරුවෙකුට නිවාස පහසුකමක් ලබාදීම වෙනුවට නැවත සිය මව්රටට යාම සඳහා NSW රජය ගුවන් ටිකට්පතක් මිලදීගෙන තිබෙනවා. 53