

වැඩිහිටියන්ට ජීවත්වීමට ඔස්ට්‍රේලියාවේ හොඳම ප්‍රාන්තය මෙන්න
වැඩිහිටියන් සඳහා සෞඛ්‍ය සහ වැඩිහිටි සත්කාර පහසුකම් අතින් ඔස්ට්‍රේලියාවේ හොඳම ප්‍රාන්තය New South Wales බව නව පර්යේෂණ ශ්‍රේණිගත කිරීමකින් හෙළි වී තිබෙනවා. Compare the Market

වැඩිහිටියන් සඳහා සෞඛ්‍ය සහ වැඩිහිටි සත්කාර පහසුකම් අතින් ඔස්ට්‍රේලියාවේ හොඳම ප්‍රාන්තය New South Wales බව නව පර්යේෂණ ශ්‍රේණිගත කිරීමකින් හෙළි වී තිබෙනවා.
Compare the Market ආයතනය නිකුත් කළ Senior Healthcare Quality Index මගින් ප්‍රාන්ත සහ කලාප අතර සෞඛ්‍ය සේවාවල ගුණාත්මකභාවය, රෝහල් පහසුකම්, හදිසි ප්‍රතිකාර සඳහා ගතවන කාලය සහ වැඩිහිටි සත්කාර සේවා ඇතුළු කරුණු රැසක් ඇගයීමට ලක් කර තිබෙනවා.
එහිදී New South Wales ලකුණු 67.9ක් ලබා පළමු ස්ථානය හිමිකරගෙන ඇති අතර Australian Capital Territory ලකුණු 66.1ක් සමඟ දෙවැනි ස්ථානයට පත්වුණා.

Victoria ලකුණු 60.7ක් ලබා තුන්වැනි ස්ථානයට පත්ව ඇති අතර Queensland සහ Western Australia පිළිවෙළින් සිව්වැනි සහ පස්වැනි ස්ථානවල රැඳී සිටිනවා.
NSW හි වැඩිහිටි සත්කාර මධ්‍යස්ථානවල සේවා අත්දැකීමද සාපේක්ෂව ඉහළ මට්ටමක පවතින අතර, එහි සත්කාර ලබන පුද්ගලයන්ගෙන් 65.3%ක් එම අත්දැකීම තරු හතරක් හෝ ඊට වැඩි මට්ටමකට ඇගයීමට ලක්කර ඇති බව වාර්තා වනවා.
ශ්‍රේණිගත කිරීමේ අවසන් ස්ථානය South Australiaට හිමිව ඇති අතර, එහි හදිසි ප්‍රතිකාර සඳහා රෝගීන්ට රැඳී සිටීමට සිදුවන සාමාන්‍ය කාලය විනාඩි 212ක් ලෙස සටහන් වී තිබෙනවා.
ජනගහනය වයස්ගත වන පසුබිමක, විශ්‍රාම ජීවිතය සඳහා ප්‍රාන්තයක් තෝරාගැනීමේදී ජීවන වියදමට අමතරව සෞඛ්‍ය සේවා සහ වැඩිහිටි සත්කාර පහසුකම් පිළිබඳවද අවධානය යොමු කිරීම වැදගත් වනු ඇති.
ඔස්ට්‍රේලියාවේ මූල්‍ය ආයතන රැසක් ඉලක්ක කරගෙන සිදුකළ බවට සැකකෙරෙන විශාල ණය වංචා සහ මුදල් විශුද්ධිකරණ ජාලයක් සම්බන්ධයෙන් මේ වනවිට පුද්ගලයින්...
ඉන්දුනීසියාවේ බාලි දූපතේ පිහිටි අවන්හලක පැවැති උපන්දින සාදයක් අතරතුර, ගෑස් බැලූන කිහිපයක් හදිසියේ පිපිරී යාමෙන් හටගත් විශාල ගින්නක් හේතුවෙන් ඔස්ට්‍රේලියානු...
ඔස්ට්‍රේලියාවේ දුම්කොළ සඳහා දැනට අය කරන බද්ද 80%කින් අඩු කර, නීත්‍යනුකූල සිගරට් මිල විශාල ලෙස පහළ දැමීමට Coalition විපක්ෂය යෝජනා...
ඔස්ට්‍රේලියාවේ මිනිත්තු 20කට වැඩි කාලයක් ගතවන GP හමුවීම් සඳහා Medicare යටතේ ලබාදෙන සහන මුදල වැඩි කළ යුතු බව නව රජයේ...
ඔස්ට්‍රේලියාවේ ඉදිකිරීම් සමාගම් රැසක් බංකොලොත් වීමෙන් නිවාස ඉදිකරවා ගන්නා පවුල් දහස් ගණනක් අවිනිශ්චිත තත්ත්වයකට පත්ව තිබෙනවා. පසුගිය මූල්‍ය වසරේ රට...
ඔස්ට්‍රේලියාවේ පෙට්‍රල් සහ ඩීසල් මිල ඉදිරි සති කිහිපය තුළ ලීටරයකට සත 20ත් 30ත් අතර ප්‍රමාණයකින් ඉහළ යා හැකි බවට ආර්ථික...
වික්ටෝරියා ප්‍රාන්තයේ සිඟමන් යැදීම අපරාධයක් ලෙස සැලකීම අවසන් කරමින් නව නීති සංශෝධන ක්‍රියාත්මක කර තිබෙනවා. ඒ අනුව, පොදු ස්ථානවල සිඟමන්...
ඔස්ට්‍රේලියාවේ සමාජ මාධ්‍ය සමාගම් තවත් දැඩි නීති යටතට ගෙන ඒමට Albanese රජය සූදානම් වන අතර, ඒ සම්බන්ධයෙන් විපක්ෂ නායක Angus...
ලන්ඩන් නගරයේ හෝටල් සහ වෙනත් නවාතැන් පහසුකම් භාවිත කරන සංචාරකයන්ගෙන් නව tourist tax එකක් අයකිරීමට සැලසුම් කර තිබෙනවා. London Mayor...

වැඩිහිටියන් සඳහා සෞඛ්‍ය සහ වැඩිහිටි සත්කාර පහසුකම් අතින් ඔස්ට්‍රේලියාවේ හොඳම ප්‍රාන්තය New South Wales බව නව පර්යේෂණ ශ්‍රේණිගත කිරීමකින් හෙළි වී තිබෙනවා. Compare the Market

ඔස්ට්‍රේලියාව පුරා පර්යේෂණ ව්‍යාපෘති Research 290කට වැඩි සංඛ්‍යාවක් සඳහා ඩොලර් මිලියන 344කට වැඩි මුදලක් ලබාදීමට රජය පියවර ගෙන තිබෙනවා. ඔස්ට්‍රේලියානු පර්යේෂණ කවුන්සිලය යටතේ ක්‍රියාත්මක 2026

Skilled migrants සම්බන්ධයෙන් Australia තුළ පවතින දේශපාලන විවාදය තවත් උණුසුම් කරමින් South Australia Premier Peter Malinauskas නවතම ආර්ථික දත්තයක් ඉදිරිපත් කර තිබෙනවා. ඔහු සඳහන් කරන්නේ

වික්ටෝරියා ප්‍රාන්ත මැතිවරණයට තවත් මාස දෙකකට වැඩි කාලයක් පමණක් ඉතිරිව තිබියදී, වසර 12ක් පුරා බලයේ සිටින Labor පක්ෂයට සිව්වන වරටත් ආණ්ඩු බලය ලබාගැනීම සඳහා දැඩි

ජනතා ආරක්ෂාව තවදුරටත් ශක්තිමත් කිරීම සහ අපරාධ මර්දන කටයුතු වේගවත් කිරීම සඳහා වික්ටෝරියා පොලීසියට තවත් නිලධාරීන් 1,500 දෙනෙකු එක් කිරීමට සැලසුම් කර තිබෙනවා. Victoria Premier

ඔස්ට්‍රේලියාවේ සංක්‍රමණික සංඛ්‍යාව අඩු කිරීම ගැන දේශපාලන විවාදය තවත් උණුසුම් වෙමින් පවතින අතර, විශේෂඥයන් පවසන්නේ සංක්‍රමණ අඩු කිරීම පමණක් රටේ ප්‍රශ්න විසඳීමට ප්‍රමාණවත් නොවන බවයි.