Join on WhatsApp channel
Auslanka tv Tickets

උණුසුම් පුවත්

Search

ප්‍රධාන පුවත

Advertisement

ඔස්ට්‍රේලියා සහ නවසීලන්ත සංචාරක වෙළඳපොළ තුළ ශ්‍රී ලංකාව තවදුරටත් ප්‍රවර්ධනය කිරීම සඳහා ශ්‍රී ලංකා සංචාරක ක්ෂේත්‍රය විසින් විශේෂ ජාත්‍යන්තර ප්‍රවර්ධන වැඩසටහනක් ක්‍රියාත්මක කර තිබෙනවා.

Sri Lanka Tourism B2B Networking and Roadshow 2026 ලෙස නම් කර ඇති මෙම වැඩසටහනේ නවසීලන්ත අදියර Christchurch සහ Auckland නගරවලින් ආරම්භ වී ඇති අතර, පසුව ඔස්ට්‍රේලියාවේ Sydney, Adelaide සහ Perth නගර දක්වා එය ක්‍රියාත්මක කර තිබෙනවා.

මෙහිදී ශ්‍රී ලංකාවේ හෝටල්, සංචාරක මෙහෙයුම්කරුවන්, Destination Management සමාගම් ඇතුළු සංචාරක ක්ෂේත්‍රයේ ආයතන 50කට වැඩි සංඛ්‍යාවක් සහභාගී වී ඇති අතර, ඔස්ට්‍රේලියා සහ නවසීලන්ත සංචාරක වෘත්තිකයන් සමඟ සෘජු ව්‍යාපාරික සබඳතා ගොඩනගා ගැනීමට අවස්ථාව හිමිවී තිබෙනවා.

Advertisement

B2B සාකච්ඡා, මාධ්‍ය හමුවීම්, ජාත්‍යන්තර Influencers සමඟ විශේෂ වැඩසටහන්, ශ්‍රී ලංකා නිලධාරීන් සමඟ ප්‍රශ්න සහ පිළිතුරු සැසි සහ Gala Dinner ඇතුළු වැඩසටහන් රැසක් මෙයට ඇතුළත්.

ශ්‍රී ලංකාවේ වෙරළ තීරය, වනජීවී, සංස්කෘතික උරුමය, ආහාර, Wellness සහ Adventure Tourism ඇතුළු සංචාරක ආකර්ෂණයන් ජාත්‍යන්තර ප්‍රේක්ෂකයන් අතර තවදුරටත් ප්‍රචලිත කිරීම සඳහා ජනප්‍රිය Influencers පිරිසක් ශ්‍රී ලංකාවේ සංචාර සඳහා එක් කිරීමටද සැලසුම් කර තිබෙනවා.

Banner 01

මෙම ශ්‍රී ලංකා සංචාරක නියෝජිත පිරිසට සංචාරක නියෝජ්‍ය අමාත්‍ය Ruwan Ranasingha ඇතුළු රජයේ සහ සංචාරක ක්ෂේත්‍රයේ ජ්‍යෙෂ්ඨ නියෝජිතයන් එක්ව සිටිනවා.

ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය සහ O2O Events විසින් 2024 වසරේදීත් ඔස්ට්‍රේලියාවේ Brisbane, Sydney සහ Melbourne නගර ආශ්‍රිතව මෙවැනි ප්‍රවර්ධන වැඩසටහනක් ක්‍රියාත්මක කර තිබූ අතර, එම වැඩසටහනෙන් පසුව ඔස්ට්‍රේලියාවෙන් ශ්‍රී ලංකාවට පැමිණි සංචාරකයන්ගේ සංඛ්‍යාව 22.5%කින් ඉහළ ගොස් ඇති බව සංවිධායකයන් පවසනවා.

2026 වැඩසටහනේ ප්‍රධාන අරමුණ වන්නේ එම වර්ධනය තවදුරටත් ශක්තිමත් කරමින් ඔස්ට්‍රේලියාව සහ නවසීලන්තයෙන් ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයන්ගේ සංඛ්‍යාව ඉහළ නැංවීමයි.

Join on WhatsApp channel

උණුසුම් පුවත්

ඔස්ට්‍රේලියානු රජය විසින් Working Holiday Visas සීමා කිරීමට සූදානම් වීම හමුවේ Queensland ප්‍රාන්තයේ සංචාරක කර්මාන්තය දැඩි අර්බුදයකට ලක්වීමේ අවදානමක් මතුව...

සුව කිරීමට අපහසු සහ දුර්ලභ පිළිකා සඳහා නව ප්‍රතිකාර සංවර්ධනය කිරීමට ඔස්ට්‍රේලියානු රජය ඩොලර් මිලියන 300ක පර්යේෂණ වැඩසටහනක් ආරම්භ කර...

ඉදිරියේදී බලපෑම් ඇති කළ හැකි ප්‍රබල El Niño කාලගුණ තත්ත්වයක් හේතුවෙන් ඔස්ට්‍රේලියාවේ ආහාර මිල තවදුරටත් ඉහළ යාමේ අවදානමක් පවතින බව...

  විදේශ රටවල දැඩි පරිශ්‍රමයකින් යුතුව සේවය කරමින් රටට ඩොලර් එවන ශ්‍රී ලාංකිකයන්ගේ තමන්ගේම නිවසක් පිලිබඳ සිහිනය සැබෑ කරලීම සඳහා...

ඔස්ට්‍රේලියානු රජය Working Holiday Maker visa වැඩසටහනේ නීති වෙනස් කිරීම පිළිබඳ සලකා බලන බවට වාර්තා පළවී තිබෙනවා. වාර්තා අනුව, දැනට...

ඔස්ට්‍රේලියාව පුරා ප්‍රවාහන සේවකයින් දහස් ගණනක් වැටුප් සහ රැකියා සුරක්ෂිතභාවය සම්බන්ධයෙන් වැඩවර්ජනයකට සූදානම් වන බව වාර්තා වනවා. Transport Workers Union...

නිවාස ණයක් ගෙවන හෝ කුලී නිවසක ජීවත් වන ඔස්ට්‍රේලියානුවන්ට, ඔවුන්ගේ Superannuation දායකත්වයෙන් කොටසක් වසර තුනක් දක්වා කාලයක් තමන්ගේ අතට ලැබෙන...

කම්කරු පක්ෂයේ මතභේදාත්මක දේපළ බදු වෙනස්කම් හේතුවෙන් ඉදිරියේදී ඔස්ට්‍රේලියාවේ නිවාස කුලිය සතියකට අමතර $10කින් පමණ ඉහළ යා හැකි බව නව...

ආහාරයක් කියන්නේ රසයක් පමණක් නොවෙයි. ඒ තුළ මතකයන්, සංස්කෘතිය, පවුලක් සහ මිනිසුන් එකට එක් කරන අපූරු හැඟීමක්ද ගැබ්ව තිබෙනවා. මේ...

පුවත් විකාශය

Main Box banner
Live
Click Play to Listen

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom

ඔස්ට්‍රේලියා නවසීලන්ත සංචාරකයන් ශ්‍රී ලංකාවට ගෙන්වන්න දැවැන්ත මෙහෙයුමක්

Visa වෙනසක් නිසා jobs 20,000කට අවදානමක්

ඔස්ට්‍රේලියානු රජය Working Holiday Maker visa වැඩසටහනේ නීති වෙනස් කිරීම පිළිබඳ සලකා බලන බවට වාර්තා පළවී තිබෙනවා. වාර්තා අනුව, දැනට මාස 12ක කාලයක් සඳහා ලබාදෙන

Read More »

ඔස්ට්‍රේලියා නවසීලන්ත සංචාරකයන් ශ්‍රී ලංකාවට ගෙන්වන්න දැවැන්ත මෙහෙයුමක්

ඔස්ට්‍රේලියා සහ නවසීලන්ත සංචාරක වෙළඳපොළ තුළ ශ්‍රී ලංකාව තවදුරටත් ප්‍රවර්ධනය කිරීම සඳහා ශ්‍රී ලංකා සංචාරක ක්ෂේත්‍රය විසින් විශේෂ ජාත්‍යන්තර ප්‍රවර්ධන වැඩසටහනක් ක්‍රියාත්මක කර තිබෙනවා. Sri

Read More »
migration

සංක්‍රමණිකයන් අඩු කළොත් ඔස්ට්‍රේලියාවේ කෑම මිලත් ඉහළ යයිද?

ඔස්ට්‍රේලියාවට පැමිණෙන සංක්‍රමණිකයන්ගේ සංඛ්‍යාව විශාල ලෙස අඩු කළහොත් ආහාර, භාණ්ඩ බෙදාහැරීම සහ තවත් සේවා රැසක මිල ඉහළ යා හැකි බවට සංක්‍රමණ විශේෂඥයන් අනතුරු අඟවනවා. Home

Read More »
fuel petrol

ඔස්ට්‍රේලියාවේ පෙට්‍රල් මිල ඉහළ යන ලකුණු

ඔස්ට්‍රේලියාවේ පෙට්‍රල් සහ ඩීසල් මිල ඉදිරි සති කිහිපය තුළ ලීටරයකට සත 20ත් 30ත් අතර ප්‍රමාණයකින් ඉහළ යා හැකි බවට ආර්ථික විශේෂඥයන් අනතුරු අඟවනවා. මැදපෙරදිග පවතින

Read More »

ප්‍රබල භූකම්පනයකින් Darwin නිවාස සෙලවෙයි

Timor-Leste වෙරළට ඔබ්බෙන් Banda Sea ප්‍රදේශයේ සිදුවූ රික්ටර් මාපක 5.9ක භූකම්පනයක් Darwin ඇතුළු උතුරු ඔස්ට්‍රේලියාවේ ප්‍රදේශ රැසකට දැනී තිබෙනවා. සිකුරාදා රාත්‍රී 9.28ට පමණ මෙම භූකම්පනය

Read More »

සමාජ මාධ්‍ය පුරා යන 1980s Photo Trend එක විනෝදයක් විතරද?

තමන්ගේ ඡායාරූප 1980 දශකයේ පැරණි පෙනුමක් ඇති රූප බවට පත්කරන ChatGPT AI Photo Trend එක මේ දිනවල සමාජ මාධ්‍ය තුළ වේගයෙන් ජනප්‍රිය වෙමින් තිබෙනවා. පැරණි

Read More »
[the_ad id="38840"]
[the_ad id="40137"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom