

දශක දෙකකට වැඩි කාලයක් ලාංකීය රස ඔස්ට්‍රේලියානුවන්ට රැගෙන ගිය අපේ සූපවේදියා
ආහාරයක් කියන්නේ රසයක් පමණක් නොවෙයි. ඒ තුළ මතකයන්, සංස්කෘතිය, පවුලක් සහ මිනිසුන් එකට එක් කරන අපූරු හැඟීමක්ද ගැබ්ව තිබෙනවා. මේ සංකල්පය තම සූපශාස්ත්‍ර ගමනේ කොටසක්

ආහාරයක් කියන්නේ රසයක් පමණක් නොවෙයි. ඒ තුළ මතකයන්, සංස්කෘතිය, පවුලක් සහ මිනිසුන් එකට එක් කරන අපූරු හැඟීමක්ද ගැබ්ව තිබෙනවා.
මේ සංකල්පය තම සූපශාස්ත්‍ර ගමනේ කොටසක් කරගනිමින් ශ්‍රී ලාංකික ආහාරවල අනන්‍ය රසය ඔස්ට්‍රේලියාව ඇතුළු ලෝකයට හඳුන්වා දෙන Chef Desha Paranavithana අද වන විට සුවිශේෂී ගමනක නිරත වී සිටිනවා.
ඔහුගේ ආහාරයට ඇති ආදරය ආරම්භ වන්නේ කුඩා කාලයේදී තම මවගෙන් ලැබුණු ආභාසයත් සමඟයි.
සාම්ප්‍රදායික ශ්‍රී ලාංකික ආහාර පිසීමේ සිට ආහාරයක් වටා මිනිසුන් එක්කර ගැනීම දක්වා වූ මවගේ හැකියාවන් ඔහුගේ සිත තුළ ආහාර පිළිබඳ විශේෂ ආදරයක් ඇති කළා.
2000 වසරේදී ඔස්ට්‍රේලියාවෙන් තම culinary journey එක ආරම්භ කළ Chef Desha, restaurant සහ hospitality ක්ෂේත්‍රයේ වසර 15කට වැඩි අත්දැකීම් සමඟ ඉදිරියට පැමිණ තිබෙනවා.
ශ්‍රී ලාංකික ආහාරවල සාම්ප්‍රදායික රසය රැකගනිමින් එය නවීන ආකාරයෙන් ඉදිරිපත් කිරීම ඔහුගේ සූපශාස්ත්‍ර ගමනේ විශේෂත්වයක්.

Melbourne CBD හි Mr Hoppers අවන්හල හිමිකරගෙන පවත්වාගෙන යාම ඔහුගේ වෘත්තීය ජීවිතයේ කැපී පෙනෙන සන්ධිස්ථානයක්.
Authentic Sri Lankan cuisine සඳහා Melbourne හි ජනප්‍රිය ගමනාන්තයක් බවට පත්වූ Mr Hoppers හරහා ශ්‍රී ලාංකික ආහාරවල රසය විවිධ සංස්කෘතීන් නියෝජනය කරන පිරිසක් වෙත ගෙන යාමට ඔහුට හැකි වුණා.
ඔස්ට්‍රේලියාවෙන් ඔබ්බට ගිය ඔහුගේ ව්‍යාපාරික අත්දැකීම් අතර Dubai හි restaurant එකක් හිමිකරගෙන පවත්වාගෙන යාමද විශේෂයි.
විවිධ රටවල hospitality ක්ෂේත්‍රය සමඟ සම්බන්ධ වීම හරහා ලැබුණු අත්දැකීම් ඔහුගේ වෘත්තීය දැක්ම තවදුරටත් පුළුල් කළා.
මේ වන විට Desha Catering හි Founder සහ Executive Chef ලෙස කටයුතු කරන Chef Desha, weddings, corporate events, community functions සහ private celebrations සඳහා catering සේවා ලබාදෙනවා.
රසවත් ආහාරයකින් ඔබ්බට ගොස්, එක් එක් අවස්ථාවට ගැළපෙන මතකයේ රැඳෙන dining experience එකක් නිර්මාණය කිරීම ඔහුගේ අරමුණයි.
Chef Deshaගේ ගමන kitchen එකට පමණක් සීමා වී නැහැ. Travel With Chef YouTube නාලිකාව හරහා ආහාර, සංචාර සහ ලොව විවිධ සංස්කෘතීන් පිළිබඳ අත්දැකීම් ප්‍රේක්ෂකයන් සමඟ බෙදාගනිමින් ඔහු තවත් විශාල ප්‍රේක්ෂක පිරිසක් සමඟ සම්බන්ධ වෙමින් සිටිනවා.
ආහාරය සංස්කෘතීන් අතර මිනිසුන් සම්බන්ධ කරන විශ්ව භාෂාවක් බව විශ්වාස කරන Chef Deshaගේ අරමුණ ශ්‍රී ලාංකික ආහාර සම්ප්‍රදායන් ආරක්ෂා කරමින් ඒවා ලෝකය පුරා ප්‍රචලිත කිරීමයි. ඒ සමඟම තම දැනුම සහ අත්දැකීම් නව පරපුරේ සූපවේදීන් සමඟ බෙදාගනිමින්, ශ්‍රී ලංකාවේ රසය තවත් දුරකට රැගෙන යාමට ඔහු බලාපොරොත්තු වෙනවා.
ජාත්‍යන්තර සිසුන් සහ සංක්‍රමණය සම්බන්ධයෙන් ඔස්ට්‍රේලියාව තුළ පවතින දේශපාලන විවාද හේතුවෙන් විදේශයන්හි ඔස්ට්‍රේලියාව පිළිබඳ වැරදි පණිවිඩයක් නිර්මාණය වීමේ අවදානමක් පවතින...
ලොව ප්‍රමුඛ පෙළේ විස්සයි විස්ස ලීග් තරගාවලියක් වන බිග් බෑෂ් ලීග් තරගාවලියට පෞද්ගලික ආයෝජකයන් ඇතුළත් කර ගැනීමට ක්‍රිකට් ඔස්ට්‍රේලියා ආයතනය...
හෘදයාබාධයකින් දිවි ගලවාගත් පුද්ගලයන්ගේ දිගුකාලීන සෞඛ්‍යය වැඩිදියුණු කිරීම සඳහා ලොව පළමු විශේෂිත පර්යේෂණ මධ්‍යස්ථානය ඔස්ට්‍රේලියාවේ පිහිටුවීමට තීරණය කර තිබෙනවා. Bond...
දරුවන්ගේ ආත්මවිශ්වාසය වැඩි කිරීමට දෙමාපියන් සහ ගුරුවරුන් නිතර භාවිත කරන “ඔයා හරිම දක්ෂයි” යන වචන අනපේක්ෂිත අහිතකර ප්‍රතිඵල ඇති කළ...
ඉරානය සමඟ මාස හයකට වැඩි කාලයක් පුරා ගැටුම් පැවතියද, එය යුද්ධයක් ලෙස තමන් නොසලකන බව ඇමෙරිකානු උප ජනාධිපති JD වැන්ස්...
නවසීලන්තයේ Queenstown සිට Sydney බලා පියාසර කළ Qantas QF122 යානයේ එන්ජිමකින් ගිනිදැල් පිටවන ආකාරය දැක්වෙන දර්ශන වාර්තා වී තිබෙනවා. Boeing...
මෙල්බන්හි බටහිරින් පිහිටි Parwan ප්‍රදේශයේ සිදු වූ දරුණු රිය අනතුරකින් පාසල් දරුවෙකු ජීවිතක්ෂයට පත්ව තවත් දරුවන් 5 දෙනෙකු ඇතුළු පිරිසක්...
බටහිර සිඩ්නිහි ජීවත් වන 34 හැවිරිදි Farhana Laffernis මවක් වීමේ සිහිනය සැබෑ කරගැනීමට ගත් උත්සාහයන් අතරතුර ගබ්සා පහකට මුහුණදීමෙන් තම...
වසර සිය ගණනක් භාවිත කළ සාම්ප්‍රදායික ලෝක සිතියම වෙනුවට වඩා නිවැරදි අලුත් සිතියමක් භාවිත කිරීමට එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය අනුමැතිය...

ආහාරයක් කියන්නේ රසයක් පමණක් නොවෙයි. ඒ තුළ මතකයන්, සංස්කෘතිය, පවුලක් සහ මිනිසුන් එකට එක් කරන අපූරු හැඟීමක්ද ගැබ්ව තිබෙනවා. මේ සංකල්පය තම සූපශාස්ත්‍ර ගමනේ කොටසක්

Sydney–Brisbane මාර්ගයේ අත්‍යවශ්‍ය සම්බන්ධතාවක් සම්පූර්ණ කරමින් කිලෝමීටර් 15ක් දිග නව M1 Pacific Motorway කොටස අද සිට රථවාහන සඳහා විවෘත කර තිබෙනවා. Black Hill සහ Raymond

ඔස්ට්‍රේලියාවේ මිනිත්තු 20කට වැඩි කාලයක් ගතවන GP හමුවීම් සඳහා Medicare යටතේ ලබාදෙන සහන මුදල වැඩි කළ යුතු බව නව රජයේ සමාලෝචන වාර්තාවකින් නිර්දේශ කර තිබෙනවා.

ඔස්ට්‍රේලියාවේ Woolworths සුපිරි වෙළඳසැල් ජාලය විසින් පවුල් සඳහා අත්‍යවශ්‍ය භාණ්ඩ 300ක මිල මාස තුනක් සඳහා නොවෙනස්ව තබන බව ප්‍රකාශ කර තිබියදී, එම වැඩසටහන අතරතුර භාණ්ඩ

ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ නවතම නිල විනිමය දත්ත අනුව, ඔස්ට්‍රේලියානු සහ ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල සුළු වශයෙන් ශක්තිමත් වී තිබෙනවා. ඒ

ඔස්ට්‍රේලියාවෙන් ජාත්‍යන්තර ගුවන් ගමනක නිරත වන සෑම මගියෙකුගෙන්ම අය කරන Passenger Movement Charge එක ඩොලර් 70 සිට ඩොලර් 80 දක්වා වැඩි කිරීමට Federal Government එක