Join on WhatsApp channel
Auslanka tv Tickets

උණුසුම් පුවත්

Search

ප්‍රධාන පුවත

Advertisement

හෘදයාබාධයකින් දිවි ගලවාගත් පුද්ගලයන්ගේ දිගුකාලීන සෞඛ්‍යය වැඩිදියුණු කිරීම සඳහා ලොව පළමු විශේෂිත පර්යේෂණ මධ්‍යස්ථානය ඔස්ට්‍රේලියාවේ පිහිටුවීමට තීරණය කර තිබෙනවා.

Bond Universityහි පිහිටුවන මෙම මධ්‍යස්ථානය Heart Disease Survivorship Research Centre ලෙසයි නම්කර ඇත්තේ.

මේ සඳහා ඔස්ට්‍රේලියානු ජාතික සෞඛ්‍ය හා වෛද්‍ය පර්යේෂණ සභාවෙන් ඩොලර් මිලියන 3ක අරමුදලක් ලබාදී ඇති බවයි විශ්වවිද්‍යාලය නිවේදනය කළේ.

Advertisement

හෘදයාබාධයකින් පසු සුවය ලැබූ බව පෙනුණත්, එවැනි පුද්ගලයෙකුට නැවත හෘදයාබාධයක් ඇතිවීමේ අවදානම දස ගුණයකින් වැඩි බව පර්යේෂකයන් අනතුරු අඟවනවා.

මානසික අවපීඩනය, බිය, ඖෂධවල අතුරු ප්‍රතිඵල සහ දිගුකාලීන සෞඛ්‍ය ගැටලු රැසකටද ඔවුන් මුහුණදිය හැකියි.

Banner 01

දැනට ලබාදෙන සති අටක හෘද පුනරුත්ථාපන වැඩසටහන් රෝගීන්ගේ ජීවිත කාලය පුරා පවතින අවශ්‍යතා සපුරාලීමට ප්‍රමාණවත් නොවන බව පර්යේෂකයන් පෙන්වා දෙනවා.

ඒ අනුව රෝහලෙන් පිටවීමෙන් පසුවත් රෝගීන්ට අවශ්‍ය ප්‍රතිකාර, මානසික සහාය සහ ජීවන රටා උපදේශන ලබාදිය හැකි නව ක්‍රම මෙම මධ්‍යස්ථානයෙන් අධ්‍යයනය කිරීමට නියමිතයි.

හෘදයාබාධවලින් දිවි ගලවාගත් පුද්ගලයන්ගේ අත්දැකීම්ද සෘජුවම මෙම පර්යේෂණ සඳහා යොදාගැනෙනවා.

මෙහි අවසාන අරමුණ හෘදයාබාධයකින් ජීවිතය බේරාගැනීම පමණක් නොව, ඉන්පසුව සෞඛ්‍ය සම්පන්න සහ ගුණාත්මක ජීවිතයක් ගත කිරීමට රෝගීන්ට අවස්ථාව ලබාදීමයි.

source – Bond University නිල වාර්තාව

 

Join on WhatsApp channel

උණුසුම් පුවත්

Sydney හි බටහිර ප්‍රදේශයේ ඇති වූ ගැටුමක් අතරතුර 17 හැවිරිදි දැරියකට බරපතළ තුවාල සිදුව තිබෙනවා. Blacktown ප්‍රදේශයේ වීදියකදී තරුණයන් පිරිසක්...

ඔස්ට්‍රේලියාවේ ජාත්‍යන්තර සිසුන් අතර ජනප්‍රිය Graduate Diploma of Management (Learning) පාඨමාලාව, ශිෂ්‍ය වීසා ක්‍රමය අනිසි ලෙස භාවිත කිරීම සඳහා යොදාගන්නා...

ජීවන වියදම ඉහළ යාමත් සමඟ ඔස්ට්‍රේලියානුවන් පලතුරු සහ එළවළු මිලදී ගැනීම විශාල ලෙස අඩුකර තිබෙනවා. Canstar සමීක්ෂණය අනුව සතියකට වැය...

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සමාජ මාධ්‍ය ඔස්සේ “හඳ අපේ” යන අදහස පළ කිරීමත් සමඟ එය ජාත්‍යන්තරව දැඩි අවධානයකට ලක්වී තිබෙනවා....

වයස අවුරුදු 65ට වැඩි ඔස්ට්‍රේලියානුවන්ට පුද්ගලික සෞඛ්‍ය රක්ෂණ වාරික සඳහා ලබාදෙන වැඩි rebate සහනය ඉවත් කිරීමට ෆෙඩරල් රජය සලකා බලමින්...

ඕස්ට්‍රේලියානු සන්නිවේදන අමාත්‍ය Anika Wells පවසන්නේ සමාජ මාධ්‍ය platforms හරහා ක්‍රියාත්මක වන algorithms හේතුවෙන් ජනතාව දේශපාලනය සහ රජය පිළිබඳ තොරතුරු...

ඔස්ට්‍රේලියාවේ Macquarie University විසින් සිය මනෝවිද්‍යා පාඨමාලාවේ සජීවී දේශන වෙනුවට AI chatbot එකක් හඳුන්වා දීම හේතුවෙන් සිසුන් සහ කථිකාචාර්යවරුන් අතර...

ඔස්ට්‍රේලියාවේ ඇතැම් Child Visa අයදුම්පත් ඉදිරිපත් කළ යුතු ආකාරය පාලනය කරන නව නීතිමය උපකරණයක් 2026 සැප්තැම්බර් 2 වැනිදා සිට ක්‍රියාත්මක...

Sydney Opera House හි ශ්‍රී ලාංකික සංගීතයේ රිද්මයෙන් ආරම්භ වූ Home Lands Groupගේ ඔස්ට්‍රේලියානු ගමන, දින කිහිපයකට පසුව Melbourne හි...

පුවත් විකාශය

Main Box banner
Live
Click Play to Listen

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom

හෘදයාබාධයකින් දිවි ගලවාගත් අයට නව බලාපොරොත්තුවක් ඔස්ට්‍රේලියාවෙන්

Opera House සිට Crown Palladium දක්වා – ශ්‍රී ලංකාවේ දේපළ දැවැන්තයෙකුගේ අද්විතීය සලකුණ

Sydney Opera House හි ශ්‍රී ලාංකික සංගීතයේ රිද්මයෙන් ආරම්භ වූ Home Lands Groupගේ ඔස්ට්‍රේලියානු ගමන, දින කිහිපයකට පසුව Melbourne හි දැවැන්ත දේපළ ව්‍යාපෘති එළිදැක්වීමක් දක්වා

Read More »

“මම ජේසුස් ක්‍රිස්තුස් නෙවෙයි”—Barnaby Joyceගෙන් සැර පිළිතුරක්

ඔස්ට්‍රේලියානුවන්ට තම Superannuation දායකත්වයෙන් කොටසක් කලින් ලබාගැනීමට ඉදිරිපත් කළ යෝජනාව සම්බන්ධයෙන් බානබි ජොයිස් දැඩි ප්‍රශ්න කිරීම්වලට ලක්ව තිබෙනවා. කුලී හෝ නිවාස ණය ගෙවන සේවකයන්ට සේවායෝජකයා

Read More »

වික්ටෝරියාවේ Work From Home නීතිය මේ සතියේ සම්මත කිරීමට සූදානම්

වික්ටෝරියා ප්‍රාන්තයේ සේවකයින්ට Work From Home කිරීම සඳහා නීතිමය අයිතියක් ලබාදෙන නව නීතිය මේ සතියේ පාර්ලිමේන්තුවෙන් සම්මත කිරීමට නියමිත බව ප්‍රාන්ත අගමැති Ben Carroll පවසනවා.

Read More »

බිග් බෑෂ් ලීග් ඉතිහාසයේ දැවැන්ත වෙනසක්

ලොව ප්‍රමුඛ පෙළේ විස්සයි විස්ස ලීග් තරගාවලියක් වන බිග් බෑෂ් ලීග් තරගාවලියට පෞද්ගලික ආයෝජකයන් ඇතුළත් කර ගැනීමට ක්‍රිකට් ඔස්ට්‍රේලියා ආයතනය නිල වශයෙන් අනුමැතිය ලබාදී තිබෙනවා.

Read More »

ජීවන වියදමෙන් කෑමත් වෙනස් වෙයි – පලතුරු එළවළු නොකන ඔස්ට්‍රේලියානුවන් වැඩිවෙයි

ජීවන වියදම ඉහළ යාමත් සමඟ ඔස්ට්‍රේලියානුවන් පලතුරු සහ එළවළු මිලදී ගැනීම විශාල ලෙස අඩුකර තිබෙනවා. Canstar සමීක්ෂණය අනුව සතියකට වැය කරන සාමාන්‍ය මුදල 2025දී ඩොලර්

Read More »
visa

ඔස්ට්‍රේලියානු වීසා තීරණ ලැබීමට ගතවන අලුත්ම කාලය මෙන්න

ඔස්ට්‍රේලියානු ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව ප්‍රධාන වීසා කාණ්ඩ සඳහා දැනට ගතවන සැකසුම් කාලයන් අනාවරණය කර තිබෙනවා. එහි වැඩිම ප්‍රමාදය වාර්තා වන්නේ Partner තාවකාලික සහ provisional වීසා

Read More »
[the_ad id="38840"]
[the_ad id="40137"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom