Join on WhatsApp channel
Auslanka tv Tickets

උණුසුම් පුවත්

Search

ප්‍රධාන පුවත

Advertisement

ඔස්ට්‍රේලියාවේ ගුවන් ගමන් පාලන සේවාවල බරපතළ කාර්ය මණ්ඩල හිඟයක් හේතුවෙන්, කොවිඩ් වසංගතයෙන් පසු නගර ආශ්‍රිත ගුවන් කලාපවල දක්නට නොලැබුණු විශේෂ ක්‍රියාමාර්ගයක් Airservices Australia විසින් ගෙන තිබෙනවා.

ඒ අනුව TIBA හෙවත් Traffic Information Broadcasts by Aircraft ක්‍රමය, මිනිත්තු 45 බැගින් වූ අවස්ථා දෙකක් සඳහා ක්‍රියාත්මක කිරීමටයි පියවර ගෙන ඇත්තේ.

TIBA ක්‍රමය ක්‍රියාත්මක වන විට සාමාන්‍ය ගුවන් ගමන් පාලන සේවාව සීමා වන අතර, අදාළ ගුවන් කලාපය හරහා ගමන් කරන ගුවන් නියමුවන් තම ගුවන් යානයේ පිහිටීම සහ ගමන් මාර්ගය පිළිබඳ තොරතුරු එකිනෙකාට සෘජුවම රේඩියෝ මගින් දැනුම් දිය යුතු වනවා.

Advertisement

මෙම තත්ත්වය Sydney, Melbourne සහ Canberra අතර ගුවන් ගමන්වලට බලපානු ඇති අතර, Brisbane වෙත සහ Brisbane සිට සිදුකරන ඇතැම් ගුවන් ගමන් ද බලපෑමට ලක්විය හැකි බව සඳහන්.

මේ හේතුවෙන් ගුවන් සමාගම් නව ගුවන් ගමන් සැලසුම් සකස් කරමින් සිටින අතර, ඇතැම් ගුවන් යානා වෙනත් මාර්ග ඔස්සේ හරවා යැවීම, ගුවන් ගමන් ප්‍රමාද කිරීම හෝ සීමා ඉවත් වනතුරු බලා සිටීම සිදුවිය හැකියි.

Banner 01

මේ අතර එක් ගුවන් සමාගමක් ආරක්ෂක අවදානම සැලකිල්ලට ගනිමින් TIBA ක්‍රියාත්මක ගුවන් කලාපය හරහා ගමන් කිරීම ප්‍රතික්ෂේප කර ඇති බව ද වාර්තා වනවා.

පසුගියදා නවසීලන්තයේ Queenstown සිට Sydney බලා පැමිණෙමින් තිබූ Qantas QF122 ගුවන් යානයක එන්ජිමෙන් ගිනි දැල් මතුවීමෙන් එය ක්‍රයිස්ට්චර්ච් වෙත හරවා යැවුණා.

විශේෂඥයින් සැක පළ කරන්නේ compressor stall තත්ත්වයක් මෙම සිද්ධියට හේතුව විය හැකි බවටයි.

කෙසේ වෙතත් සිද්ධියට නිශ්චිත හේතුව හඳුනාගැනීම සඳහා ඔස්ට්‍රේලියාවෙන් ඉංජිනේරු කණ්ඩායමක් ද යොමුකර තිබෙනවා.

Join on WhatsApp channel

උණුසුම් පුවත්

නේපාලයට බලපෑ දරුණු ගංවතුර සහ නායයෑම් හේතුවෙන් අතුරුදන්ව සිටි තවත් ඔස්ට්‍රේලියානු ජාතිකයෙකු සුරක්ෂිතව සොයාගෙන තිබෙනවා. ඔස්ට්‍රේලියානු විදේශ කටයුතු දෙපාර්තමේන්තුව තහවුරු...

නිව් සවුත් වේල්ස් (NSW) ප්‍රාන්ත අග්‍රාමාත්‍ය Chris Minns, ඉන්දියානු ගුවන් සේවා Western Sydney International Airport වෙත ආකර්ෂණය කර ගැනීම සඳහා...

ඇඩිලේඩ් නුවර ජීවත්වන ශ්‍රී ලාංකික කේක් නිර්මාණ ශිල්පිනී මලීෂා ඔකඳපොළ, මෙවර Royal Adelaide Show තරගාවලියේ ප්‍රධාන ජයග්‍රහණ දෙකක් හිමිකරගෙන තිබෙනවා....

නීතිවිරෝධී Robodebt ක්‍රමයෙන් පීඩාවට පත් ලියාපදිංචි පුද්ගලයින් 125,000කට පමණ ඩොලර් මිලියන 475ක වන්දි බෙදාදීමට නියමිතයි. සුදුසුකම් ලබන පුද්ගලයින්ට නියමිත මුදලක්...

වික්ටෝරියා ප්‍රාන්තයේ Mount Duneed ප්‍රදේශයේ ළමා සාදයකදී Jumping Castle එකක් දැඩි සුළඟට හසුවී ඉහළට එසවී තිබෙනවා. Lower Duneed Roadහි නිවසක...

ඔස්ට්‍රේලියාවේ වයස අවුරුදු 45 ඉක්මවූ අත්දැකීම් සහිත රැකියා අපේක්ෂකයින්, රැකියා සඳහා අයදුම් කිරීමේදී වයස් පක්ෂපාතීත්වයට මුහුණදෙන බව නව වාර්තාවක් පෙන්වා...

වයස අවුරුදු 18ට අඩු තරුණ සේවකයන්ට විශ්‍රාම වැටුප් දායක මුදල් නොලැබීම හේතුවෙන් ඔස්ට්‍රේලියානුවන්ට මේ වසරේ ඩොලර් මිලියන 411ක පමණ පාඩුවක්...

Sydney නිරිතදිග ප්‍රදේශයේ නිවසක් පරීක්ෂා කිරීමේදී ketamine බවට සැකකරන විශාල මත්ද්‍රව්‍ය තොගයක් සොයාගත් බව NSW පොලිසිය පවසනවා. ළදරු කිරිපිටි ටින්...

ඔස්ට්‍රේලියානු රජය වසර පහක් තුළ නව නිවාස මිලියන 1.2ක් ඉදිකිරීමට තබා ඇති නිවාස ඉලක්කය, ඉදිකිරීම් සේවක හිඟය නිසා සපුරාගැනීමට නොහැකි...

පුවත් විකාශය

Main Box banner
Live
Click Play to Listen

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom

ඔස්ට්‍රේලියාවේ ගුවන් ගමන්වලට හදිසි වෙනසක්

දියණියන් මඟ බලා සිටියදී මව මරා රටින් පනින්න ගිය සැමියා ඇත්ත හෙළිකරයි

  ඩැන්ඩිනොං ප්‍රදේශයේ පදිංචිව සිටි 53 හැවිරිදි දෙදරු මවක් වන ඊවා ලස්රිනි ඝාතනය කළ බව ඇගෙන් වෙන්ව සිටි සැමියා අධිකරණය හමුවේ පිළිගෙන තිබෙනවා. 68 හැවිරිදි

Read More »

වයස 45න් පසු ඔස්ට්‍රේලියාවේ රැකියා සොයන්නන්ට අලුත් අභියෝගයක්

ඔස්ට්‍රේලියාවේ වයස අවුරුදු 45 ඉක්මවූ අත්දැකීම් සහිත රැකියා අපේක්ෂකයින්, රැකියා සඳහා අයදුම් කිරීමේදී වයස් පක්ෂපාතීත්වයට මුහුණදෙන බව නව වාර්තාවක් පෙන්වා දෙනවා. විශේෂයෙන්ම සුදුසුකම් සහ වසර

Read More »

ඔස්ට්‍රේලියාවේ රැකියා දැන්වීම් ඉහළට

ඔස්ට්‍රේලියාවේ රැකියා වෙළඳපොළ සම්බන්ධයෙන් සුබදායක ලකුණක් පෙන්නුම් කරමින් අගෝස්තු මාසයේ රැකියා දැන්වීම් සංඛ්‍යාව සියයට 2.5කින් ඉහළ ගොස් තිබෙනවා. ANZ සහ Indeed ආයතන නිකුත් කළ නවතම

Read More »

ශ්‍රී ලාංකිකයින්ට තායිලන්තයට යාමේදී වීසා නීති වෙනස් වෙයි

තායිලන්තයට ඇතුළුවීමේදී ශ්‍රී ලාංකිකයින්ට මෙතෙක් ලබාදී තිබූ වීසා රහිතව ඇතුළුවීමේ පහසුකම අහෝසි කිරීමට තායිලන්ත තානාපති කාර්යාලය තීරණය කර තිබෙනවා. ඒ අනුව සැප්තැම්බර් 15 වැනිදායින් පසුව

Read More »

ඔස්ට්‍රේලියාවේ ප්‍රවාහන ක්ෂේත්‍රය උණුසුම් – සේවකයින් වැඩවර්ජනයකට

ඔස්ට්‍රේලියාව පුරා ප්‍රවාහන සේවකයින් දහස් ගණනක් වැටුප් සහ රැකියා සුරක්ෂිතභාවය සම්බන්ධයෙන් වැඩවර්ජනයකට සූදානම් වන බව වාර්තා වනවා. Transport Workers Union සාමාජිකයින් වන FedEx, Qube, K&S,

Read More »

“හඳේ අයිතියත් අපටයි” – ට්‍රම්ප් කියයි

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සමාජ මාධ්‍ය ඔස්සේ “හඳ අපේ” යන අදහස පළ කිරීමත් සමඟ එය ජාත්‍යන්තරව දැඩි අවධානයකට ලක්වී තිබෙනවා. ට්‍රම්ප් විසින් ඇමරිකානු ධජයක් සමඟ

Read More »
[the_ad id="38840"]
[the_ad id="40137"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom