Join on WhatsApp channel
Auslanka tv Tickets

උණුසුම් පුවත්

Search

ප්‍රධාන පුවත

Advertisement

‘Red Centre’ සහ Alice Springs ප්‍රදේශයේ සංචාරය කිරීමට බලාපොරොත්තු වන ඔස්ට්‍රේලියානුවන් සඳහා ඩොලර් 500ක් වටිනා සංචාරක වවුචර් පිරිනැමීමේ විශේෂ වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා.

Tourism Central Australia (TCA) ආයතනය මගින් සංවිධානය කරන මෙම වැඩසටහන ක්‍රියාත්මක වන්නේ First-come, first-served යන පදනම මතයි.

පවතින අධික ජීවන වියදම හමුවේ ප්‍රාදේශීය සංචාරක ව්‍යාපාර මුහුණ දී ඇති ආර්ථික අභියෝගවලට සහනයක් ලෙස සහ ජනතාවගේ සංචාරක පිරිවැය අඩු කිරීමේ අරමුණින් මෙම වැඩසටහන හඳුන්වා දී තිබෙනවා.

Advertisement

මෙමගින් පිරිනැමීමට නියමිත වවුචර් පතක් මගින් මධ්‍යම ඔස්ට්‍රේලියානු කලාපයේ Caravan parks සහ කඳවුරු බිම්වල (Campgrounds) දින කිහිපයක් නවාතැන් ගැනීමේ පහසුකම් ලබාගත හැකියි.

සැප්තැම්බර් 30 වනදා දක්වා මෙම වවුචර් 600 සඳහා ඉල්ලුම් කළ හැකි අතර, අදාළ සංචාරක කාලසීමාව 2026 ඔක්තෝබර් 5 වනදා සිට 2027 ජූනි 30 දක්වා වලංගු වන බවයි සංවිධායකයින් සඳහන් කරන්නේ.

Banner 01

Tourism Central Australiaහි ප්‍රධාන විධායක නිලධාරී Danial Rochford ප්‍රකාශ කළේ, ජනතාවට නගරවලින් බැහැරව සොබාදහම අත්විඳීමට මෙය හොඳම අවස්ථාවක් වන බවයි.

මෙම වවුචර් සඳහා ඉල්ලුම් කිරීමට කැමති පුද්ගලයින්ට Discover Central Australia නිල වෙබ් අඩවිය ඔස්සේ ලියාපදිංචි විය හැකි අතර, සුදුසුකම් ලබන සංචාරකයින් ඔක්තෝබර් 5 වනදා වන විට දැනුවත් කිරීමට නියමිතයි.

Join on WhatsApp channel

උණුසුම් පුවත්

මෙවර Palauහි පැවැත්වෙන 55 වන පැසිෆික් දූපත් රාජ්‍යයන්ගේ නායක සමුළුව (Pacific Islands Forum) ආරම්භ වීමටත් පෙර, කලාපීය දේශපාලන ක්ෂේත්‍රය තුළ...

වසර දෙකට ආසන්න කාලයකට පසුව පැට් කමින්ස් සහ වසරකට වැඩි කාලයකට පසුව මිචල් ස්ටාර්ක් නැවතත් ඕස්ට්‍රේලියානු එක්දින කණ්ඩායමට එක්වීමට නියමිතයි....

ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය Anthony Albaneseගේ ජනප්‍රියත්වය නව මත විමසුමකින් ඔහු අග්‍රාමාත්‍ය ධුරයට පත්වූ දා සිට වාර්තා වූ අඩුම මට්ටමට පහළ ගොස්...

නේපාලයේ ඇතිවූ දරුණු ගංවතුර සහ නායයෑම් තත්ත්වය හේතුවෙන් පීඩාවට පත්ව සිටින ජනතාවට සහන සැලසීම සඳහා Australia රජය තවත් ඩොලර් මිලියන...

නේපාලයට බලපෑ දරුණු ගංවතුරෙන් දින 9කට පසුව hydropower tunnel එකක් තුළ සිරවී සිටි පුද්ගලයින් දෙදෙනෙකු බේරාගැනීමට මුදාගැනීමේ කණ්ඩායම් සමත්ව තිබෙනවා....

රැකියා සොයන පුද්ගලයන්ට සහාය ලබාදීම සඳහා Fitzroy හි Yarra Thrive Hub මධ්‍යස්ථානය නවීකරණය කර විවෘත කර තිබෙනවා. මෙහිදී රැකියා සඳහා...

ඔස්ට්‍රේලියාවේ නැගෙනහිර ප්‍රදේශවලට මෙම සති අන්තයේ අසාමාන්‍ය උණුසුමක් සමඟ දැඩි සුළං, ගිගුරුම් සහිත වැසි, ගංවතුර සහ හිම පතනයද බලපානු ඇතැයි...

වයස අවුරුද්දක්ව සිටියදී පිලිපීනයේ සිට ඔස්ට්‍රේලියාවට රැගෙන ආ Charlotte Camerට දැන් රටින් පිටවීමට සිදුවීමේ අවදානමක් මතුව තිබෙනවා. දැනට 27 හැවිරිදි...

ඇමරිකාව සහ ඉරානය අතර යළි උත්සන්න වූ ප්‍රහාර හේතුවෙන් ලෝක තෙල් සැපයුමට බාධා ඇතිවිය හැකි බවට බිය පළවීමත් සමඟ ජාත්‍යන්තර...

පුවත් විකාශය

Main Box banner
Live
Click Play to Listen

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom

ඔස්ට්‍රේලියානුවන්ට නොමිලේ $ 500ක Travel Vouchers

ඔස්ට්‍රේලියානු කොඩිය ගිනි තැබුවොත් ලැබෙන දඬුවම?

ඔස්ට්‍රේලියානු ජාතික කොඩිය ප්‍රසිද්ධියේ ගිනි තැබීම හෝ හිතාමතා අපවිත්‍ර කිරීම අපරාධයක් බවට පත්කර, එවැනි ක්‍රියාවකට උපරිම වසරක සිරදඬුවමක් නියම කිරීමට කෝලීෂන් විපක්ෂය යෝජනා කර තිබෙනවා.

Read More »

ගබ්සා පහකට මුහුණදුන් සිඩ්නි සංක්‍රමණික මවකගේ නිහඬ වේදනාව

බටහිර සිඩ්නිහි ජීවත් වන 34 හැවිරිදි Farhana Laffernis මවක් වීමේ සිහිනය සැබෑ කරගැනීමට ගත් උත්සාහයන් අතරතුර ගබ්සා පහකට මුහුණදීමෙන් තම ජීවිතය සම්පූර්ණයෙන්ම බිඳවැටුණු බව පවසනවා.

Read More »
angus taylor

සිගරට් පැකට්ටුවක මිල $25කින් අඩු කිරීමට විපක්ෂයෙන් යෝජනාවක්

ඔස්ට්‍රේලියාවේ දුම්කොළ සඳහා දැනට අය කරන බද්ද 80%කින් අඩු කර, නීත්‍යනුකූල සිගරට් මිල විශාල ලෙස පහළ දැමීමට Coalition විපක්ෂය යෝජනා කර තිබෙනවා. මෙම යෝජනාව ක්‍රියාත්මක

Read More »

මෙල්බන්හි පුංචි Emilyගේ මොළයෙන් අලිගැටපේරයක් තරම් ගෙඩියක් හමුවෙයි

මෙල්බන්හි දෙහැවිරිදි Emily Peterson නින්දෙන් අවදිවීමෙන් පසු සිරුර වෙව්ලීමට පටන්ගෙන තිබුණා. දින කිහිපයක් ඇතුළත ඇයට වමනය, අධික නිදිමත සහ ඇවිදීමේදී බිත්තිවල හැපීම වැනි රෝග ලක්ෂණද

Read More »

Royal Adelaide Showහිදී ශ්‍රී ලංකාවට අභිමානයක් ගෙනආ කේක් නිර්මාණ ශිල්පිනිය

ඇඩිලේඩ් නුවර ජීවත්වන ශ්‍රී ලාංකික කේක් නිර්මාණ ශිල්පිනී මලීෂා ඔකඳපොළ, මෙවර Royal Adelaide Show තරගාවලියේ ප්‍රධාන ජයග්‍රහණ දෙකක් හිමිකරගෙන තිබෙනවා. ඇය Master මට්ටමේ Wedding Cake

Read More »
[the_ad id="38840"]
[the_ad id="40137"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom