

ඩොලර් මිලියන 5ක ලොතරැයි ජය ඇසූ කාන්තාව බිම ඇදවැටෙයි
ඔස්ට්‍රේලියාවේ නවතම Powerball දිනුම් ඇදීමේ ඩොලර් මිලියන 20ක ජැක්පොට් ත්‍යාගය ජයග්‍රාහකයන් සිව්දෙනෙකු අතර බෙදී ගොස් තිබෙනවා. එක් ජයග්‍රාහකයෙකුට ඩොලර් මිලියන 5 බැගින් හිමිවන අතර, දශකයක්

ඔස්ට්‍රේලියාවේ නවතම Powerball දිනුම් ඇදීමේ ඩොලර් මිලියන 20ක ජැක්පොට් ත්‍යාගය ජයග්‍රාහකයන් සිව්දෙනෙකු අතර බෙදී ගොස් තිබෙනවා.
එක් ජයග්‍රාහකයෙකුට ඩොලර් මිලියන 5 බැගින් හිමිවන අතර, දශකයක් තුළ ජැක්පොට් ත්‍යාගයක් සිව්දෙනෙකු අතර බෙදී ගිය දෙවැනි අවස්ථාව මෙයයි.
NSWහි Nambucca Heads ප්‍රදේශයේ කාන්තාවකට ජයග්‍රහණය දැනුම්දුන් විට ඇය සේවා ස්ථානයේදී බිම ඇදවැටී “මට මැරෙන්න වගේ” යැයි පවසා තිබෙනවා.

East Brisbaneහි පියෙකු සුනඛයින් රැගෙන වෙරළට යාමට සූදානම්ව සිටියදී තමන් ජයග්‍රහණය කළ බව දැනගෙන තිබුණා.
Melbourneහි Berwick ප්‍රදේශයේ ජයග්‍රාහකයා රාත්‍රියේ ටිකට්පත පරීක්ෂා කිරීමෙන් පසු සිය බිරිඳ අවදි කර සුබ ආරංචිය පවසා තිබෙනවා.
ඔවුන් තමන් අලුතින් මිලදීගත් නිවසේ ණය මුදල ගෙවා අවසන් කිරීමට ත්‍යාග මුදල භාවිත කිරීමටයි සැලසුම් කර ඇත්තේ.
Sydneyහි Cabramatta Mall වෙතින් ටිකට්පත මිලදීගත් සිව්වැනි ජයග්‍රාහකයා තවමත් සම්බන්ධ කරගැනීමට නොහැකිව ඇති බැවින් සිය ටිකට්පත් පරීක්ෂා කරන ලෙස The Lott ඉල්ලා සිටිනවා.
ඔස්ට්‍රේලියානු රජය වසර පහක් තුළ නව නිවාස මිලියන 1.2ක් ඉදිකිරීමට තබා ඇති නිවාස ඉලක්කය, ඉදිකිරීම් සේවක හිඟය නිසා සපුරාගැනීමට නොහැකි...
වසර දෙකට ආසන්න කාලයකට පසුව පැට් කමින්ස් සහ වසරකට වැඩි කාලයකට පසුව මිචල් ස්ටාර්ක් නැවතත් ඕස්ට්‍රේලියානු එක්දින කණ්ඩායමට එක්වීමට නියමිතයි....
සුදුසුකම් ලබන Victoria වාහන හිමියන්ට වාහන ලියාපදිංචි ගාස්තුවෙන් සියයට 20ක් නැවත ලබාගැනීමට අවස්ථාව ලබාදී තිබෙනවා. එක් වාහනයකට ඩොලර් 186ක් දක්වා...
ඔස්ට්‍රේලියා පාර්ලිමේන්තුවේ කමිටුවලට ඉදිරිපත් කරන ලේඛනවල AI භාවිත කරමින් සකස් කළ වැරදි තොරතුරු ඇතුළත් වීම සම්බන්ධයෙන් මේ වනවිට අවධානය යොමුව...
Sydney නිරිතදිග Glen Alpine ප්‍රදේශයේ නිවසකට අලුයම කඩා වැදුණු පිරිසක් එහි නිදා සිටි 23 හැවිරිදි Marco Tapiaට වෙඩි තබා ඝාතනය...
තවත් සති හතරකින් පසු, එනම් ලබන ඔක්තෝබර් 4 වන ඉරිදා දින සිට ඔස්ට්‍රේලියානුවන් මිලියන 18කට ආසන්න පිරිසකගේ ඔරලෝසු වේලාවන් පැයකින්...
ඔස්ට්‍රේලියානු රෝහල් පද්ධතිය තුළ පවතින “Bed Block” හෙවත් රෝහල් ඇඳන් හිඟතාවයේ අර්බුදය තවදුරටත් උග්‍ර වෙමින් පවතින බව වාර්තා වනවා. සෞඛ්‍යමය...
2026 Victorian Seniors Festival ඔක්තෝබර් මාසය පුරා පැවැත්වීමට නියමිතයි. මෙවර උළෙල යටතේ ප්‍රාන්තය පුරා නොමිලේ සහ අඩු මුදලකට සහභාගී විය...
ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන බැංකු කිහිපයක්, උද්ධමනය බලාපොරොත්තු වූ මට්ටමට වඩා ඉහළ යාම හේතුවෙන් මේ වසරේදී පොලී අනුපාත යළි ඉහළ යා හැකි...

ඔස්ට්‍රේලියාවේ නවතම Powerball දිනුම් ඇදීමේ ඩොලර් මිලියන 20ක ජැක්පොට් ත්‍යාගය ජයග්‍රාහකයන් සිව්දෙනෙකු අතර බෙදී ගොස් තිබෙනවා. එක් ජයග්‍රාහකයෙකුට ඩොලර් මිලියන 5 බැගින් හිමිවන අතර, දශකයක්

ලෝකයේ රටවල් සහ මහද්වීපවල සැබෑ විශාලත්වය වඩාත් නිවැරදිව පෙන්වන නව ලෝක සිතියමක් භාවිත කිරීමට එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය සහාය පළකර තිබෙනවා. මෙතෙක් බහුලව භාවිත කළ

2026 වසරේ මුල් මාස හය තුළ Novated Lease ක්‍රමය සහ බදු සහනය යටතේ විදුලි මෝටර් රථ මිලදීගත් ඔස්ට්‍රේලියානුවන්ට වසර අවසානය වනවිට පෙට්‍රල් වියදමෙන් ඩොලර් මිලියන

ඔස්ට්‍රේලියාවේ නැගෙනහිර ප්‍රදේශවලට මෙම සති අන්තයේ අසාමාන්‍ය උණුසුමක් සමඟ දැඩි සුළං, ගිගුරුම් සහිත වැසි, ගංවතුර සහ හිම පතනයද බලපානු ඇතැයි අනතුරු අඟවා තිබෙනවා. සිඩ්නි නගරයේ

ඔස්ට්‍රේලියානු රෝහල් පද්ධතිය තුළ පවතින “Bed Block” හෙවත් රෝහල් ඇඳන් හිඟතාවයේ අර්බුදය තවදුරටත් උග්‍ර වෙමින් පවතින බව වාර්තා වනවා. සෞඛ්‍යමය වශයෙන් සුවය ලබා රෝහලෙන් පිටවීමට

Adelaide නගරයේදී Uber රථයක ගමන් කළ කාන්තාවකට අතවර කිරීමේ චෝදනාවට වරදකරු වූ හිටපු Uber රියදුරෙකුට මාස 12ක සිරදඬුවමක් නියම වී තිබෙනවා. 35 හැවිරිදි Muhammad Uzair