

ඔස්ට්‍රේලියාවේ රැකියා දෙකක් කරන පිරිස මිලියනය ඉක්මවයි
ඔස්ට්‍රේලියාවේ පුරවා ඇති සමස්ත රැකියා සංඛ්‍යාව 2026 ජූනි කාර්තුවේදී සියයට 0.7කින් ඉහළ ගොස් මිලියන 16.3ක් වූ බව නවතම Australian Bureau of Statistics දත්තවලින් හෙළි වී

ඔස්ට්‍රේලියාවේ පුරවා ඇති සමස්ත රැකියා සංඛ්‍යාව 2026 ජූනි කාර්තුවේදී සියයට 0.7කින් ඉහළ ගොස් මිලියන 16.3ක් වූ බව නවතම Australian Bureau of Statistics දත්තවලින් හෙළි වී තිබෙනවා.
එම කාර්තුවේදී රැකියාවල නිරත පුද්ගලයන්ගේ සංඛ්‍යාව සියයට 0.4කින් ඉහළ ගොස් මිලියන 15.17කට ආසන්න වී ඇති අතර, රටේ සමස්ත රැකියා සංඛ්‍යාව මිලියන 16.7කට ළඟා වී ඇති බවයි දත්තවල දැක්වෙන්නේ.
මෙහි වඩාත් අවධානයට ලක්වන කරුණ වන්නේ ප්‍රධාන රැකියාවට අමතරව කරන දෙවැනි රැකියා සංඛ්‍යාව එක් කාර්තුවක් තුළ සියයට 4.6කින් ඉහළ ගොස් මිලියන 1.16ක් දක්වා වර්ධනය වීමයි.

රැකියා එකකට වඩා කරන පුද්ගලයන්ගේ සංඛ්‍යාවද සියයට 6.6කින් ඉහළ ගොස් මිලියනය ඉක්මවා ඇති අතර, මෙය රැකියා අවස්ථා වර්ධනය වීමක් මෙන්ම ජීවන වියදම් පියවා ගැනීම සඳහා අමතර ආදායමක් සොයන පිරිස වැඩිවීමක්ද විය හැකියි.
මේ අතර ඔස්ට්‍රේලියානුවන් විසින් කාර්තුව තුළ වැඩකර ඇති සමස්ත පැය ප්‍රමාණය සියයට 0.4කින් ඉහළ ගොස් පැය බිලියන 6.1ක් දක්වා වර්ධනය වී තිබෙනවා.
කෙසේ වෙතත් රට පුරා රැකියා පුරප්පාඩු සංඛ්‍යාව සියයට 2.6කින් පහළ ගොස් 333,500ක් වී ඇති අතර, පුරප්පාඩු ප්‍රතිශතය සමස්ත රැකියාවලින් සියයට 2ක් ලෙස සටහන් වී තිබෙනවා.
ඒ අනුව රැකියාවල නිරත පිරිස සහ පුරවා ඇති රැකියා සංඛ්‍යාව ඉහළ ගියද, පුරප්පාඩු අඩුවීම නිසා අලුතින් රැකියාවක් සොයන පුද්ගලයන්ට වෙළෙඳපොළේ තරගය තවත් වැඩිවිය හැකි බවයි මෙම සංඛ්‍යාලේඛන පෙන්වා දෙන්නේ.
#AustralianJobs #EmploymentAustralia #JobMarket #CostOfLiving #ABSData #AustraliaNews #AusLankaTV
ඔස්ට්‍රේලියාවේ වයස අවුරුදු 18ට අඩු තරුණ සේවකයින්ට වසරකට ඩොලර් මිලියන 411ක Superannuation මුදල් අහිමි වන බව නව ගණනයකින් හෙළිවී තිබෙනවා....
ජනප්‍රිය රූපවාහිනී වැඩසටහනක් වන Bondi Rescue ඔස්සේ ප්‍රේක්ෂක ආදරය දිනාගත් හිටපු ජීවිතාරක්ෂක Matt Dee වයස අවුරුදු 47දී මියගොස් තිබෙනවා. ඔහුගේ...
ගැබ්ගෙල පිළිකාව වැළැක්වීමට භාවිත කරන Gardasil එන්නත ඔස්ට්‍රේලියාවේ හඳුන්වාදී මේ වනවිට වසර 20ක් සම්පූර්ණ වී තිබෙනවා. මෙම එන්නත ගැබ්ගෙල පිළිකාවට...
මෙවර Palauහි පැවැත්වෙන 55 වන පැසිෆික් දූපත් රාජ්‍යයන්ගේ නායක සමුළුව (Pacific Islands Forum) ආරම්භ වීමටත් පෙර, කලාපීය දේශපාලන ක්ෂේත්‍රය තුළ...
Victoriaහි වංගු සහිත මාර්ගවල මැද ඉර අසල කුඩා සුදු රවුම් සලකුණු දක්නට ලැබෙනවා. බැලූ බැල්මට අමුතු පෙනුමක් ඇති මෙම සලකුණු...
Melbourne සහ Sydney මෙවර වාර්තාගත උණුසුම්ම ශීත සම අත්විඳ ඇති අතර, ඉදිරියේදී එළඹෙන වසන්ත සමයත් ඉහළ උෂ්ණත්වයක් සහිත විය හැකි...
ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන වෙළඳ ජාලයක් වන Kmartහි අතිදැවැන්ත ලාභයට සහ සාර්ථකත්වයට මඟ පෑදූ Anko සපයනු ලබන නිෂ්පාදන මාදිලිය Officeworks සහ Bunnings...
ඔස්ට්‍රේලියානු රජය සමාජ මාධ්‍යවල algorithm මඟින් පරිශීලකයින්ට නිර්දේශ කරන අන්තර්ගතය පාලනය කිරීම සඳහා නව නීති සලකා බලමින් සිටිනවා. Algorithm යනු...
ලෝක ආර්ථිකයේ පවතින අභියෝගාත්මක තත්ත්වයන් මධ්‍යයේ වුවද, ඔස්ට්‍රේලියානු ආර්ථිකය අපේක්ෂා කළ මට්ටමට වඩා වේගවත් වර්ධනයක් අත්කර ගැනීමට සමත්ව තිබෙනවා. ඔස්ට්‍රේලියානු...

ඔස්ට්‍රේලියාවේ පුරවා ඇති සමස්ත රැකියා සංඛ්‍යාව 2026 ජූනි කාර්තුවේදී සියයට 0.7කින් ඉහළ ගොස් මිලියන 16.3ක් වූ බව නවතම Australian Bureau of Statistics දත්තවලින් හෙළි වී

ඔස්ට්‍රේලියාවේ ජාත්‍යන්තර සිසුන් අතර ජනප්‍රිය Graduate Diploma of Management (Learning) පාඨමාලාව, ශිෂ්‍ය වීසා ක්‍රමය අනිසි ලෙස භාවිත කිරීම සඳහා යොදාගන්නා බවට ලැබුණු බරපතළ සාක්ෂි මත

ඔස්ට්‍රේලියාවේ දිගුකාලීන නිවාස අර්බුදය සම්පූර්ණයෙන් විසඳීමට පරම්පරාවකට ආසන්න කාලයක් ගතවිය හැකි බව NAB බැංකුවේ ප්‍රධාන ආර්ථික විද්‍යාඥ Sally Auld අනතුරු අඟවනවා. NAB අනාවැකිය අනුව ප්‍රධාන

වයස අවුරුදු 65ට වැඩි ඔස්ට්‍රේලියානුවන්ට පුද්ගලික සෞඛ්‍ය රක්ෂණ වාරික සඳහා ලබාදෙන වැඩි rebate සහනය ඉවත් කිරීමට ෆෙඩරල් රජය සලකා බලමින් සිටිනවා. මෙම යෝජනාවට ප්‍රාන්ත සහ

සිඩ්නි නුවර පදිංචි 36 හැවිරිදි Callum Forbes ප්‍රංශයේ සංචාරයක නිරතව සිටියදී, ඔහුගේ සහකරු විසින් උණු වතුරෙන් පුළුස්සා සාස්පානකින් පහරදුන් බව කියන බිහිසුණු සිදුවීමක් පිළිබඳ තොරතුරු

ඔස්ට්‍රේලියාවේ Macquarie University විසින් සිය මනෝවිද්‍යා පාඨමාලාවේ සජීවී දේශන වෙනුවට AI chatbot එකක් හඳුන්වා දීම හේතුවෙන් සිසුන් සහ කථිකාචාර්යවරුන් අතර දැඩි නොසන්සුන්තාවයක් හටගෙන තිබෙනවා. විශ්වවිද්‍යාලයේ