උණුසුම් පුවත්

Search

ප්‍රධාන පුවත

Advertisement

Apple සමාගමේ නව ප්‍රධාන විධායක නිලධාරීවරයා ලෙස පත්වූ John Ternusට 2027 මූල්‍ය වර්ෂය සඳහා වැටුප සහ කොටස් ප්‍රතිලාභ ඇතුළුව ඇමරිකානු ඩොලර් මිලියන 58කට ආසන්න ඉලක්කගත ආදායමක් හිමිවීමට නියමිත බව වාර්තා වනවා.

Apple සමාගම විසින් ඉදිරිපත් කළ නිල වාර්තාවකට අනුව, John Ternusගේ වාර්ෂික මූලික වැටුප ඇමරිකානු ඩොලර් මිලියන 3ක් ලෙස නියම කර තිබෙනවා.

ඊට අමතරව 2027 මූල්‍ය වර්ෂය සඳහා ඔහුට ඇමරිකානු ඩොලර් මිලියන 55ක ඉලක්කගත වටිනාකමකින් යුත් කොටස් ප්‍රතිලාභයක් ලබාදීමටයි Apple සමාගම තීරණය කර ඇත්තේ.

Advertisement

එම කොටස් ප්‍රතිලාභයෙන් 75%ක් Apple සමාගමේ කොටස් කාර්යසාධනය මත තීරණය වන අතර, ඉතිරි 25%ක කොටස වසර හතරක් පුරා අදියරෙන් අදියර ඔහුට හිමිවන ආකාරයට සකස් කර තිබෙනවා.

ඒ අනුව ඩොලර් මිලියන 58ක පමණ මුදල සම්පූර්ණයෙන්ම මාසිකව ලැබෙන වැටුපක් නොවන අතර, එහි විශාල කොටසක් කොටස් ප්‍රතිලාභ ලෙස ලබාදෙන ඉලක්කගත වටිනාකමක් බවයි Apple සමාගමේ වාර්තාව පැහැදිලි කරන්නේ.

Banner 01

John Ternus සැප්තැම්බර් 1වැනිදා සිට Apple සමාගමේ CEO ධුරයට පත්වූ අතර, වසර ගණනාවක් සමාගමේ Hardware Engineering අංශයේ ප්‍රධානත්වය දැරීමෙන් පසුව ඔහු මෙම තනතුරට පත්ව තිබෙනවා.

මේ අතර හිටපු CEO Tim Cook Apple සමාගමේ Board of Directors හි Executive Chairman ලෙස කටයුතු කිරීමට පත්ව ඇති අතර, ඔහුටද 2027 මූල්‍ය වර්ෂය සඳහා ඩොලර් මිලියන 2ක වාර්ෂික වැටුපක් සහ ඩොලර් මිලියන 45ක ඉලක්කගත කොටස් ප්‍රතිලාභයක් ලබාදීමටද නියමිතයි.


උණුසුම් පුවත්

ඔස්ට්‍රේලියාවේ රැඳී සිටීමට ඉන්දියානු ජාතික Gurbaj Singh කළ අවසන් අධිකරණ අභියාචනය ප්‍රතික්ෂේප කර තිබෙනවා. 2014 වසරේ ඔස්ට්‍රේලියාවට පැමිණි ඔහු වසර...

බටහිර ඔස්ට්‍රේලියාවේ පැවැති Secret Harbour ප්‍රාන්ත අතුරු මැතිවරණයෙන් දැවැන්ත ජයග්‍රහණයක් අත්කර ගැනීමට One Nation පක්ෂය සමත්ව තිබෙනවා. වසර 50කට ආසන්න...

කැමරා සහිත නවීන කණ්ණාඩි මගින් පුද්ගලයන්ගේ අවසරයකින් තොරව ඔවුන් රහසිගතව රූගත කිරීමට හැකිවීම සම්බන්ධයෙන් රජයේ දැඩි අවධානය යොමුවී තිබෙනවා. සමාජ...

හිටපු අමාත්‍ය රවී කරුණානායක මහතා අද අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබාදීම...

ඔස්ට්‍රේලියාව තුළ අලුතින් ඉදිකරන Data Centres සඳහා 100%ක් පුනර්ජනනීය බලශක්තිය භාවිත කිරීමේ ජාතික නීති රීතිවලින් කිසිදු ප්‍රාන්තයකට නිදහස් වීමට ඉඩ...

Melbourne ඇතුළු Victoria ප්‍රාන්තයේ පැවැත්වූ ප්‍රධාන ක්‍රීඩා සහ විනෝදාස්වාද උත්සව මගින් 2026 වසරේ ප්‍රාන්ත ආර්ථිකයට ඩොලර් බිලියන 3.64ක පමණ ආර්ථික...

වික්ටෝරියා ප්‍රාන්තයේ එකම ඉඩමක නිවාස හතරක් දක්වා ඉදිකිරීමට අවසර ඉල්ලා ඉදිරිපත් කරන අයදුම්පත්, වැඩකරන දින 10ක් ඇතුළත සලකා බැලීමේ නව...

නවතම Newspoll සමීක්ෂණයෙන් One Nation පක්ෂයට 30%ක ප්‍රාථමික ඡන්ද ප්‍රතිශතයක් හිමිව තිබෙනවා. Labor පක්ෂයට හිමිව ඇත්තේ 29%ක ඡන්ද ප්‍රතිශතයක්. Coalition...

ඔස්ට්‍රේලියානු රජය සමාජ මාධ්‍යවල algorithm මඟින් පරිශීලකයින්ට නිර්දේශ කරන අන්තර්ගතය පාලනය කිරීම සඳහා නව නීති සලකා බලමින් සිටිනවා. Algorithm යනු...

පුවත් විකාශය

Main Box banner
Live
Click Play to Listen

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom

Apple එකේ ලොකු පුටුවට ගිය John Ternusගේ ආදායම මෙන්න

ඔස්ට්‍රේලියාවේ රැකියා දෙකක් කරන පිරිස මිලියනය ඉක්මවයි

ඔස්ට්‍රේලියාවේ පුරවා ඇති සමස්ත රැකියා සංඛ්‍යාව 2026 ජූනි කාර්තුවේදී සියයට 0.7කින් ඉහළ ගොස් මිලියන 16.3ක් වූ බව නවතම Australian Bureau of Statistics දත්තවලින් හෙළි වී

Read More »

සිසුන් 40,000ක් හදාරන පාඨමාලාවට ඔස්ට්‍රේලියානු රජයෙන් හදිසි තහනමක්

ඔස්ට්‍රේලියාවේ ජාත්‍යන්තර සිසුන් අතර ජනප්‍රිය Graduate Diploma of Management (Learning) පාඨමාලාව, ශිෂ්‍ය වීසා ක්‍රමය අනිසි ලෙස භාවිත කිරීම සඳහා යොදාගන්නා බවට ලැබුණු බරපතළ සාක්ෂි මත

Read More »
home

මිල අඩුවුණත් නිවසක් ගන්න තවමත් අමාරු ඇයි?

ඔස්ට්‍රේලියාවේ දිගුකාලීන නිවාස අර්බුදය සම්පූර්ණයෙන් විසඳීමට පරම්පරාවකට ආසන්න කාලයක් ගතවිය හැකි බව NAB බැංකුවේ ප්‍රධාන ආර්ථික විද්‍යාඥ Sally Auld අනතුරු අඟවනවා. NAB අනාවැකිය අනුව ප්‍රධාන

Read More »

වැඩිහිටියන්ගේ සෞඛ්‍ය රක්ෂණ සහනය කප්පාදු කිරීමට ප්‍රාන්තවලින් දැඩි විරෝධයක්

වයස අවුරුදු 65ට වැඩි ඔස්ට්‍රේලියානුවන්ට පුද්ගලික සෞඛ්‍ය රක්ෂණ වාරික සඳහා ලබාදෙන වැඩි rebate සහනය ඉවත් කිරීමට ෆෙඩරල් රජය සලකා බලමින් සිටිනවා. මෙම යෝජනාවට ප්‍රාන්ත සහ

Read More »

නිදා සිටි පෙම්වතාට සහකරු කළ මාරාන්තික ප්‍රහාරය

සිඩ්නි නුවර පදිංචි 36 හැවිරිදි Callum Forbes ප්‍රංශයේ සංචාරයක නිරතව සිටියදී, ඔහුගේ සහකරු විසින් උණු වතුරෙන් පුළුස්සා සාස්පානකින් පහරදුන් බව කියන බිහිසුණු සිදුවීමක් පිළිබඳ තොරතුරු

Read More »

Lectures වෙනුවට AI Chatbot? – සරසවි සිසුන්ගෙන් දැඩි විරෝධයක්

ඔස්ට්‍රේලියාවේ Macquarie University විසින් සිය මනෝවිද්‍යා පාඨමාලාවේ සජීවී දේශන වෙනුවට AI chatbot එකක් හඳුන්වා දීම හේතුවෙන් සිසුන් සහ කථිකාචාර්යවරුන් අතර දැඩි නොසන්සුන්තාවයක් හටගෙන තිබෙනවා. විශ්වවිද්‍යාලයේ

Read More »

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom