උණුසුම් පුවත්

Search

ප්‍රධාන පුවත

Advertisement

Melbourne ඇතුළු Victoria ප්‍රාන්තයේ පැවැත්වූ ප්‍රධාන ක්‍රීඩා සහ විනෝදාස්වාද උත්සව මගින් 2026 වසරේ ප්‍රාන්ත ආර්ථිකයට ඩොලර් බිලියන 3.64ක පමණ ආර්ථික බලපෑමක් ඇතිවී තිබෙන බව නව වාර්තාවකින් අනාවරණය වී තිබෙනවා.

එම උත්සව සඳහා සහභාගී වූ සමස්ත පිරිස මිලියන 7.9ක් වන අතර, ඉන් 848,000කට වැඩි පිරිසක් වෙනත් ප්‍රාන්ත සහ විදේශයන්හි සිට Victoria වෙත පැමිණි අය බව සඳහන්.

මෙය 2022 වසරේ වාර්තා වූ ඩොලර් බිලියන 3.3ක ආර්ථික බලපෑම හා සසඳන විට සැලකිය යුතු වර්ධනයක් වන අතර, එම කාලයේ උත්සව සඳහා සහභාගී වූ පිරිසද මිලියන 7.2ක් පමණ වී තිබෙනවා.

Advertisement

ඉදිරි මාස කිහිපය තුළ Melbourne හි ප්‍රධාන ක්‍රීඩා උත්සව රැසක් පැවැත්වීමට නියමිත බැවින්, ඒ හරහා තවත් විශාල සංචාරක පිරිසක් Victoria වෙත පැමිණෙනු ඇතැයි අපේක්ෂා කෙරෙන බවටයි වාර්තා වන්නේ.

ඒ අතර AFL අවසන් තරග, Melbourne Cup, Australian Open සහ Formula One තරගාවලිය මෙන්ම සැප්තැම්බර් 11 වැනිදා පැවැත්වෙන ඇමරිකානු පාපන්දු තරගයක්ද ප්‍රධාන උත්සව අතරට ඇතුළත්.

Banner 01

මෙම උත්සව හරහා සංචාරක, හෝටල් සහ ආහාරපාන ඇතුළු ක්ෂේත්‍රවලට විශාල ආදායමක් ලැබෙන අතර, ඉදිරි මාස කිහිපය තුළ හෝටල්වල කාමර වෙන්කරවා ගැනීම්ද ඉහළ යමින් පවතින බව වාර්තා වනවා.

මේ හේතුවෙන් Melbourne ඕස්ට්‍රේලියාවේ ප්‍රධාන ක්‍රීඩා නගරය ලෙස තවදුරටත් ප්‍රවර්ධනය කරමින් වැඩි සංචාරකයන් පිරිසක් ආකර්ෂණය කර ගැනීමට Victoria සංචාරක බලධාරීන් නව ප්‍රචාරණ වැඩසටහනක්ද ආරම්භ කර තිබෙනවා.


උණුසුම් පුවත්

ICC ටෙස්ට් පන්දු යවන්නන්ගේ නවතම ශ්‍රේණිගත කිරීම්වල ලොව අංක එකේ ටෙස්ට් පන්දු යවන්නා බවට ඕස්ට්‍රේලියානු වේග පන්දු යවන ක්‍රීඩක මිචෙල්...

ඔස්ට්‍රේලියාව තුළ අලුතින් ඉදිකරන Data Centres සඳහා 100%ක් පුනර්ජනනීය බලශක්තිය භාවිත කිරීමේ ජාතික නීති රීතිවලින් කිසිදු ප්‍රාන්තයකට නිදහස් වීමට ඉඩ...

මෙල්බන් නගරයේ විශාල සංගීත සහ ක්‍රීඩා ඉසව් සඳහා ආසන 20,000ක නව බහුකාර්ය Arena එකක් ඉදිකළ යුතු බවට ක්ෂේත්‍රයේ ප්‍රධානීන් ඉල්ලීමක්...

Victoriaහි වංගු සහිත මාර්ගවල මැද ඉර අසල කුඩා සුදු රවුම් සලකුණු දක්නට ලැබෙනවා. බැලූ බැල්මට අමුතු පෙනුමක් ඇති මෙම සලකුණු...

ඔස්ට්‍රේලියානු කොටස් වෙළඳපොළේ පාරිභෝගික අත්‍යවශ්‍ය භාණ්ඩ (Consumer Staples) ක්ෂේත්‍රයේ පෙරමුණට ගනිමින් Woolworths සමාගමේ කොටස් මිල අද දිනයේ 4.7%ක වර්ධනයක් වාර්තා...

2024 වසරේදී සිදුවූ Luke Briggsගේ මරණය සම්බන්ධයෙන් චෝදනා ලබා සිටි වික්ටෝරියා පොලිස් නිලධාරීන් දෙදෙනා නිදහස් කිරීමට මෙල්බන් මහේස්ත්‍රාත් අධිකරණය තීරණය...

KPMG Australia ආයතනය තම සේවක සංඛ්‍යාවෙන් සියයට 5කට ආසන්න ප්‍රමාණයක් අඩු කිරීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව හවුල්කරුවන් 27 දෙනෙකු...

මෙල්බන් ගුවන්තොටුපොළ වෙත පැමිණීමට නියමිතව තිබූ සියලුම ගුවන්ගමන් තාවකාලිකව අත්හිටුවීමට පියවර ගැනීමත් සමඟ මගීන් දහස් ගණනක් දැඩි අපහසුතාවයට පත්ව තිබෙනවා....

  මෙල්බන් නගරයේ ඊසානදිග ප්‍රදේශවල සිදුවූ බව කියන නිවාස බිඳීම් සහ සොරකම් රැල්ලක් සම්බන්ධයෙන් යෞවනයන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. Greater...

පුවත් විකාශය

Main Box banner
[radio_player id="1"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom

ප්‍රධාන උත්සවවලින් වික්ටෝරියා ආර්ථිකයට $ බිලියන ගණනක වාසියක්

Passport සහ Licence තොරතුරු ආරක්ෂා කරන්න ඔස්ට්‍රේලියාවෙන් අලුත්ම වැඩක්

ඔස්ට්‍රේලියානුවන්ගේ පෞද්ගලික තොරතුරු සොරකම් කිරීම වැළැක්වීමට IDLock නමින් නව සේවාවක් හඳුන්වාදීමට රජය සූදානම් වෙනවා. මෙම සේවාව myGov ගිණුම හරහා භාවිත කිරීමට හැකිවනු ඇති. Passport සහ

Read More »
albanese

ඔස්ට්‍රේලියානු දේශපාලනය උඩුයටිකුරු කරමින් ලේබර් පක්ෂයට සිදුවූ දේ

නවතම Newspoll සමීක්ෂණයෙන් One Nation පක්ෂයට 30%ක ප්‍රාථමික ඡන්ද ප්‍රතිශතයක් හිමිව තිබෙනවා. Labor පක්ෂයට හිමිව ඇත්තේ 29%ක ඡන්ද ප්‍රතිශතයක්. Coalition පක්ෂයේ ප්‍රතිශතය 19% දක්වා පහළ

Read More »

Kmart සාර්ථක කළ Anko ක්‍රමය Officeworks සහ Bunnings වෙතත්

ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන වෙළඳ ජාලයක් වන Kmartහි අතිදැවැන්ත ලාභයට සහ සාර්ථකත්වයට මඟ පෑදූ Anko සපයනු ලබන නිෂ්පාදන මාදිලිය Officeworks සහ Bunnings යන ආයතන වෙත ද ව්‍යාප්ත

Read More »

වසර 50කට පසු ඔස්ට්‍රේලියාවට උණුසුම්ම Spring එකක්

වසර 50කට අධික කාලයකින් පසු ඔස්ට්‍රේලියානුවන් මුහුණ දෙන උණුසුම්ම Spring එකේ ආරම්භය ඉදිරි දින කිහිපය තුළදී වාර්තා වීමට නියමිත බව කාලගුණ විද්‍යා අංශ පවසනවා. Weatherzone

Read More »

ඔස්ට්‍රේලියාවේ නිවාස ඉලක්ක සපිරීම අර්බුදයක

ඔස්ට්‍රේලියානු රජයේ නව නිවාස ප්‍රතිපත්ති සාර්ථක වෙමින් පවතින බව අග්‍රාමාත්‍ය ඇන්තනි ඇල්බනීසි ප්‍රකාශ කළද, ඉදිකිරීම් ක්ෂේත්‍රයේ සැබෑ තත්ත්වය ඉතා අර්බුදකාරී මුහුණුවරක් ගෙන ඇති බව අලුත්ම

Read More »

මෙල්බන්හි සංක්‍රමණික විරෝධී රැළියකදී පෝලීන් හැන්සන්ට දැඩි විවේචන

ඔස්ට්‍රේලියාවේ පවතින සංක්‍රමණික ප්‍රතිපත්තිවලට එරෙහිව මෙල්බන්හි පැවැති “March for Australia” දැවැන්ත විරෝධතා පාගමන අතරතුර, One Nation නායිකා පෝලීන් හැන්සන්ට විරෝධතාකරුවන්ගෙන් හූ හඩ සහ දැඩි විවේචන

Read More »
[sc_embed_player fileurl="https://listen.radioking.com/radio/538304/stream/596909"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom