උණුසුම් පුවත්

Search

ප්‍රධාන පුවත

Advertisement

ඔස්ට්‍රේලියාවේ ශීඝ්‍රයෙන් වර්ධනය වන නීති විරෝධී දුම්කොළ හා Vape වෙළඳපොළ සහ සංවිධානාත්මක අපරාධ මර්ධනය කිරීම සඳහා විපක්ෂ නායක Angus Taylor විසින් ආන්දෝලනාත්මක යෝජනාවලියක් ඉදිරිපත් කර තිබෙනවා.

ඔස්ට්‍රේලියාවේ වත්මන් දුම්කොළ ප්‍රතිපත්තිය සම්පූර්ණයෙන්ම අසාර්ථක වී ඇති අතර එය සංවිධානාත්මක අපරාධකරුවන්ට විශාල ලෙස ආදායම් උපයා ගැනීමට මග පාදා දී ඇති බවයි විපක්ෂ නායකවරයා පවසන්නේ.

මේ වන විට ඔස්ට්‍රේලියාව තුළ $10ත් $15ත් අතර වැනි ඉතා අඩු මුදලකට නීති විරෝධී සිගරට් පැකට්ටුවක් ලබා ගැනීමට හැකි වී තිබීම නිසා රජයේ පාලන මිල ගණන් අභියෝගයට ලක්වී ඇති බව ස ඔහු පෙන්වා දෙනවා.

Advertisement

මෙමගින් උපයන මුදල් නීති විරෝධී ගිනි තැබීම්, පහරදීම් සහ විවිධ අපරාධ සඳහා යොදවන බව පෙන්වා දෙන විපක්ෂය, එම අපරාධ රැල්ල මැඩපැවැත්වීම සඳහා ප්‍රධාන යෝජනා කිහිපයක් ඉදිරිපත් කර තිබෙනවා.

දුම්කොළ නිෂ්පාදන සඳහා අයකරන බද්ද (Tobacco Excise) 80% කින් පහත හෙලීම, Vape සහ Nicotine Pouches නීතිගත කිරීම සහ නියාමනය කිරීම ඉන් කිහිපයක්.

Banner 01

නීති විරෝධී ජාවාරම්කරුවන් වැටලීමට ඩොලර් මිලියන 200ක විශේෂ ප්‍රතිපාදන වෙන්කිරීම ද යෝජනා කර තිබෙනවා.

කෙසේ වෙතත්, සෞඛ්‍ය ක්ෂේත්‍රයේ විශේෂඥයින් මෙම යෝජනාවලියට දැඩි ලෙස විරෝධය පළ කරනවා.

වේප් නීතිගත කිරීම සහ සිගරට් මිල අඩු කිරීම මගින් ඔස්ට්‍රේලියාව තුළ දුම්පානය අවම කිරීමට වසර ගණනාවක් පුරා ගෙන ගිය වැඩපිළිවෙල ආපසු හැරවිය හැකි බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

 


උණුසුම් පුවත්

ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර ඔබර්න් (Auburn) ප්‍රදේශයේ කුණු බඳුනක තිබී අලුත උපන් පිරිමි බිළිඳෙකුගේ මළසිරුරක් අද පෙරවරුවේ සොයාගෙන තිබෙනවා. ප්‍රදේශවාසී කාන්තාවක...

ඔස්ට්‍රේලියානුවන්ගේ පෞද්ගලික තොරතුරු සොරකම් කිරීම වැළැක්වීමට IDLock නමින් නව සේවාවක් හඳුන්වාදීමට රජය සූදානම් වෙනවා. මෙම සේවාව myGov ගිණුම හරහා භාවිත...

ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය Anthony Albaneseගේ ජනප්‍රියත්වය නව මත විමසුමකින් ඔහු අග්‍රාමාත්‍ය ධුරයට පත්වූ දා සිට වාර්තා වූ අඩුම මට්ටමට පහළ ගොස්...

2026 වසර සඳහා ඔස්ට්‍රේලියාව සහ පැසිෆික් කලාපයේ ජනප්‍රියතම ගුවන් සේවය ලෙස Qantas තේරී පත්ව තිබෙනවා. මෙම ශ්‍රේණිගත කිරීම සිදුකර ඇත්තේ...

dssd

...

ජානමය වශයෙන් කිසිදු ඥාති සබඳතාවයක් නැති දරුවන් දෙදෙනෙකු එකම කුසකින් නිවුන් දරුවන් ලෙස බිහි කිරීමේ අසාමාන්‍ය පුවතක් ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයෙන් වාර්තා...

ඔස්ට්‍රේලියානුවන්ගේ පෞද්ගලික තොරතුරු සොරකම් කිරීම වැළැක්වීමට IDLock නමින් නව සේවාවක් හඳුන්වාදීමට රජය සූදානම් වෙනවා. මෙම සේවාව myGov ගිණුම හරහා භාවිත...

ඔස්ට්‍රේලියාවේ ආන්දෝලනාත්මක වෘත්තීය සමිතියක් වන CFMEUහි හිටපු ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු වන John Perkovicගේ මෙල්බන්හි පිහිටි නිවස, ඔස්ට්‍රේලියානු ෆෙඩරල් පොලිසිය (AFP) විසින්...

නිව් සවුත් වේල්ස් (NSW) ප්‍රාන්ත අග්‍රාමාත්‍ය Chris Minns, ඉන්දියානු ගුවන් සේවා Western Sydney International Airport වෙත ආකර්ෂණය කර ගැනීම සඳහා...

පුවත් විකාශය

Main Box banner
Live
Click Play to Listen

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom

දුම්කොළ බද්ද අඩු කරන්න විපක්ෂ නායකවරයාගෙන් යෝජනාවක්

ඔස්ට්‍රේලියාවේ රැකියා දෙකක් කරන පිරිස මිලියනය ඉක්මවයි

ඔස්ට්‍රේලියාවේ පුරවා ඇති සමස්ත රැකියා සංඛ්‍යාව 2026 ජූනි කාර්තුවේදී සියයට 0.7කින් ඉහළ ගොස් මිලියන 16.3ක් වූ බව නවතම Australian Bureau of Statistics දත්තවලින් හෙළි වී

Read More »

සිසුන් 40,000ක් හදාරන පාඨමාලාවට ඔස්ට්‍රේලියානු රජයෙන් හදිසි තහනමක්

ඔස්ට්‍රේලියාවේ ජාත්‍යන්තර සිසුන් අතර ජනප්‍රිය Graduate Diploma of Management (Learning) පාඨමාලාව, ශිෂ්‍ය වීසා ක්‍රමය අනිසි ලෙස භාවිත කිරීම සඳහා යොදාගන්නා බවට ලැබුණු බරපතළ සාක්ෂි මත

Read More »
home

මිල අඩුවුණත් නිවසක් ගන්න තවමත් අමාරු ඇයි?

ඔස්ට්‍රේලියාවේ දිගුකාලීන නිවාස අර්බුදය සම්පූර්ණයෙන් විසඳීමට පරම්පරාවකට ආසන්න කාලයක් ගතවිය හැකි බව NAB බැංකුවේ ප්‍රධාන ආර්ථික විද්‍යාඥ Sally Auld අනතුරු අඟවනවා. NAB අනාවැකිය අනුව ප්‍රධාන

Read More »

වැඩිහිටියන්ගේ සෞඛ්‍ය රක්ෂණ සහනය කප්පාදු කිරීමට ප්‍රාන්තවලින් දැඩි විරෝධයක්

වයස අවුරුදු 65ට වැඩි ඔස්ට්‍රේලියානුවන්ට පුද්ගලික සෞඛ්‍ය රක්ෂණ වාරික සඳහා ලබාදෙන වැඩි rebate සහනය ඉවත් කිරීමට ෆෙඩරල් රජය සලකා බලමින් සිටිනවා. මෙම යෝජනාවට ප්‍රාන්ත සහ

Read More »

නිදා සිටි පෙම්වතාට සහකරු කළ මාරාන්තික ප්‍රහාරය

සිඩ්නි නුවර පදිංචි 36 හැවිරිදි Callum Forbes ප්‍රංශයේ සංචාරයක නිරතව සිටියදී, ඔහුගේ සහකරු විසින් උණු වතුරෙන් පුළුස්සා සාස්පානකින් පහරදුන් බව කියන බිහිසුණු සිදුවීමක් පිළිබඳ තොරතුරු

Read More »

Lectures වෙනුවට AI Chatbot? – සරසවි සිසුන්ගෙන් දැඩි විරෝධයක්

ඔස්ට්‍රේලියාවේ Macquarie University විසින් සිය මනෝවිද්‍යා පාඨමාලාවේ සජීවී දේශන වෙනුවට AI chatbot එකක් හඳුන්වා දීම හේතුවෙන් සිසුන් සහ කථිකාචාර්යවරුන් අතර දැඩි නොසන්සුන්තාවයක් හටගෙන තිබෙනවා. විශ්වවිද්‍යාලයේ

Read More »

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom