උණුසුම් පුවත්

Search

ප්‍රධාන පුවත

Advertisement

නිව් සවුත් වේල්ස් (NSW) ප්‍රාන්ත අග්‍රාමාත්‍ය Chris Minns, ඉන්දියානු ගුවන් සේවා Western Sydney International Airport වෙත ආකර්ෂණය කර ගැනීම සඳහා විශේෂ සාකච්ඡා වටයක් ආරම්භ කර තිබෙනවා.

සිය මංගල නිල විදේශ සංචාරය ලෙස ඉන්දියාවේ සිව්දින සංචාරයක නිරත වන අග්‍රාමාත්‍යවරයා, නවදිල්ලි නුවරදී Air India නියෝජිතයින් හමු වී සාකච්ඡා පවත්වා ඇති බවයි වාර්තා වන්නේ.

මෙම හමුවේදී තවමත් නිල ගිවිසුමකට එළඹීමට හැකි වී නැතත්, සෘජු ගුවන් ගමන් ආරම්භ කිරීම සම්බන්ධයෙන් රජය දැඩි උනන්දුවකින් පසුවන බව අග්‍රාමාත්‍යවරයා සඳහන් කළා.

Advertisement

ඉන්දියාවේ වේගයෙන් වර්ධනය වන මධ්‍යම පන්තිය සිඩ්නි නුවර වෙත ආකර්ෂණය කර ගැනීම මෙහි ප්‍රධාන අරමුණයි.

ගෝලීය වශයෙන් ඉන්ධන මිල ඉහළ යාම හමුවේ ගුවන් සේවා ක්ෂේත්‍රය අභියෝග රැසකට මුහුණ දී සිටින පසුබිමක, ඉන්දියානු ගුවන් සේවා Western Sydney වෙත ආකර්ෂණය කර ගැනීම සඳහා විශේෂ මූල්‍ය දිරිගැන්වීම් (Financial Incentives) ලබා දීමට ද ප්‍රාන්ත රජයේ අවධානය යොමුව තිබෙනවා.

Banner 01

Western Sydney International Airport විවෘත කිරීමෙන් පසු Jetstar, Air New Zealand, Singapore Airlines, VietJet සහ Qantas යන ප්‍රමුඛ පෙළේ ගුවන් සමාගම් රැසක් එහි මෙහෙයුම් ආරම්භ කිරීමට නියමිතයි.

එම ලැයිස්තුවට Air India සමාගම ද එකතු කර ගැනීම තුළින් දෙරට අතර සංචාරක සහ ආර්ථික සබඳතා තවදුරටත් ශක්තිමත් වනු ඇති බවට විශ්වාස කෙරෙනවා.


උණුසුම් පුවත්

Victoriaහි petting farm එකකට ගිය පසු දරුණු බැක්ටීරියා ආසාදනයකට ලක්වූ තුන් හැවිරිදි දැරියක් මියගොස් තිබෙනවා. ඇයට Shiga toxin-producing E. coli...

බටහිර ඔස්ට්‍රේලියාවේ Secret Harbour අතුරු මැතිවරණය අද, අගෝස්තු 29 පැවැත්වෙනවා. Labor පක්ෂයේ හිටපු අමාත්‍ය පෝල් පැපේලියා පවුලේ හේතුවක් මත ඉල්ලා...

Sydney නගරයේ නිරිතදිග ප්‍රදේශයේ නිවසකට කඩා වැදුණු පිරිසක් සිදුකළ වෙඩි ප්‍රහාරයකින් 23 හැවිරිදි සරසවි සිසුවෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මියගොස් ඇත්තේ...

දිගු ගුවන් ගමනකදී සිදුවූ සංවේදී අත්දැකීමක් Nine Travel මාධ්‍යවේදිනියක වන Sarah Swain හෙළිකර තිබෙනවා. Economy පන්තියේ ඇය අසල සිටි කුඩා...

2026 වසර සඳහා ඔස්ට්‍රේලියාව සහ පැසිෆික් කලාපයේ ජනප්‍රියතම ගුවන් සේවය ලෙස Qantas තේරී පත්ව තිබෙනවා. මෙම ශ්‍රේණිගත කිරීම සිදුකර ඇත්තේ...

නව සමීක්ෂණයකට අනුව ඔස්ට්‍රේලියානුවන් 10 දෙනෙකුගෙන් එක් අයෙකු පමණ මත්පැන් පානය කිරීම හෝ මත්පැන් පානයෙන් පසු ඇතිවන අපහසුතාව හේතුවෙන් ගුවන්...

ඔස්ට්‍රේලියානු ලේබර් රජය මගින් ලබාගන්නා වාර්ෂික සරණාගත සංඛ්‍යාව තුනෙන් එකකින් අඩු කිරීමට (20,000 සිට 13,750 දක්වා) සැලසුම් කර ඇති බවට...

ක්වීන්ස්ලන්තයේ E-Bike සහ E-Scooter පදවන අයට අදාළ නව රියදුරු බලපත්‍ර නීතිය අද සිට ක්‍රියාත්මකයි. වයස අවුරුදු 16ට වැඩි පුද්ගලයන්ට මහජන...

වික්ටෝරියා ප්‍රාන්තයේ එකම ඉඩමක නිවාස හතරක් දක්වා ඉදිකිරීමට අවසර ඉල්ලා ඉදිරිපත් කරන අයදුම්පත්, වැඩකරන දින 10ක් ඇතුළත සලකා බැලීමේ නව...

පුවත් විකාශය

Main Box banner
Live
Click Play to Listen

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom

Western Sydney Airport එකට Air India ගුවන් සේවා ?

ඔස්ට්‍රේලියානුවන්ට Flight miss වෙන්න හේතුව මෙන්න

නව සමීක්ෂණයකට අනුව ඔස්ට්‍රේලියානුවන් 10 දෙනෙකුගෙන් එක් අයෙකු පමණ මත්පැන් පානය කිරීම හෝ මත්පැන් පානයෙන් පසු ඇතිවන අපහසුතාව හේතුවෙන් ගුවන් ගමනක් මඟහැර තිබෙනවා. මෙම සමීක්ෂණය

Read More »

ඔස්ට්‍රේලියාවේ ජනගහනය ගැන අලුත්ම වාර්තාවෙන් හෙළිවූ දේ

ඔස්ට්‍රේලියාවේ ජනගහනය මිලියන 28 සීමාවට පැමිණ ඇති බව Australian Bureau of Statistics හෙවත් ABS ඇස්තමේන්තු පෙන්වා දෙනවා. ABS ජනගහන ඔරලෝසුවට අනුව සෑම විනාඩියයි තත්පර 15කටම

Read More »

AI කැමරා දඩ ලැබුණු රියදුරන්ට බලාපොරොත්තු නොවූ සහනයක්

Western Australia හි AI තාක්ෂණය සහිත මාර්ග ආරක්ෂණ කැමරා මගින් නිකුත් කළ ආසන පටි දඩ 2,000කට වැඩි ප්‍රමාණයක් බලධාරීන් විසින් ඉවත් කර තිබෙනවා. 2025 ඔක්තෝබර්

Read More »

කාන්තාවන් දූෂණය කළ ඔස්ට්‍රේලියා විදෙස් වෛද්‍ය සිසුවාට අත්වූ ඉරණම

බ්‍රිතාන්‍යයෙන් ඔස්ට්‍රේලියාවට පැමිණ වෛද්‍ය අධ්‍යාපනය ලබමින් සිටි 32 හැවිරිදි Faraz Mahboob, ලිංගික සේවිකාවන් දෙදෙනකු දූෂණය කිරීමේ චෝදනාවලට වරද පිළිගැනීමෙන් පසු රටින් පිටුවහල් කර තිබෙනවා. ඔහු

Read More »

නත්තල ළංවෙද්දී ඔස්ට්‍රේලියානු පාරිභෝගිකයින්ට වැදගත් දැනුම්දීමක්

නත්තල් සමය සඳහා පවුල් සාමාන්‍යයෙන් මිලදී ගන්නා මස්, පාන් සහ බේකරි නිෂ්පාදන ඇතුළු ආහාර ද්‍රව්‍ය රැසක මිල ඉදිරි මාසවලදී ඉහළ යා හැකි බවට ඔස්ට්‍රේලියානු පාරිභෝගිකයින්ට

Read More »

විදෙස් ශිෂ්‍ය වීසා අඩු කළොත් ඔස්ට්‍රේලියා හෝටල්වලට සේවක හිඟයක්

ඔස්ට්‍රේලියාවට පැමිණෙන සංක්‍රමණිකයින් සංඛ්‍යාව දැඩි ලෙස අඩු කළහොත් hospitality සහ සංචාරක ක්ෂේත්‍රවල බරපතළ සේවක හිඟයක් ඇතිවිය හැකි බවට අනතුරු අඟවා තිබෙනවා. හෝටල්, අවන්හල් සහ සංචාරක

Read More »

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom