

නේපාල ගංවතුරෙන් අතුරුදන් වූ තවත් ඔස්ට්‍රේලියානුවන් 4 දෙනෙකු සොයාගැනේ
නේපාලයට බලපෑ දරුණු ගංවතුරෙන් අතුරුදන්ව සිටි තවත් ඔස්ට්‍රේලියානුවන් 4 දෙනෙකු සුරක්ෂිතව සිටින බව තහවුරු වී තිබෙනවා. ඒ අනුව මේ දක්වා ආරක්ෂිතව සොයාගත් මුළු ඔස්ට්‍රේලියානුවන් සංඛ්‍යාව

නිව් සවුත් වේල්ස් (NSW) ප්‍රාන්ත අගමැති Chris Minns සිය ප්‍රථම නිල ඉන්දීය වෙළඳ චාරිකාව ආරම්භ කර තිබෙනවා.
එහි පළමු පියවර ලෙස අගමැතිවරයා නවදිල්ලියේ පිහිටි Asha ප්‍රජා මධ්‍යස්ථානයේ නිරීක්ෂණයක නිරත වුණා.
එහිදී අතිශය දුෂ්කර ජීවන තත්ත්වයන් යටතේ හැදී වැඩෙන දරුවන් හමුවූ අගමැතිවරයා, ඔවුන් සමඟ වීදි ක්‍රිකට් ක්‍රීඩාවේ ද යෙදුණු බවයි වාර්තා වන්නේ.

මෙම අවස්ථාවේදී Asha සංවිධානයේ සහයෙන් ලබන වසරේදී සිඩ්නි විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍රපති උපාධිය හැදෑරීමට වරම් ලැබූ 22 හැවිරිදි Madhu නමැති තරුණිය ද අගමැතිවරයා හමුවුණා.
ඇය සඳහන් කළේ ඔස්ට්‍රේලියාවේ උසස් අධ්‍යාපනය ලැබීමට ලැබෙන මෙම අවස්ථාව තමාගේ සහ තම පවුලේ අනාගතය සම්පූර්ණයෙන්ම වෙනස් කරන බවයි.
මේ අතර, නිව් සවුත් වේල්ස් අගමැතිවරයා සහ භාණ්ඩාගාරික Daniel Mookhey විසින් Western Sydney Universityහි නවතම ඉන්දීය මණ්ඩපය උත්තර ප්‍රදේශ්හිදී නිල වශයෙන් විවෘත කරනු ලැබුවා.
ලබන වසරේ පෙබරවාරි මාසයේ සිට සිසුන් ඇතුළත් කරගැනීමට නියමිත මෙම විශ්වවිද්‍යාලය හරහා කෘෂිකාර්මික තාක්ෂණය, තිරසාරභාවය සහ ව්‍යාපාර කළමනාකරණය වැනි ක්ෂේත්‍ර කෙරෙහි වැඩි අවධානයක් යොමු කිරීමට නියමිතයි.
කෙසේ වෙතත්, ඔස්ට්‍රේලියානු රජය මඟින් හඳුන්වා දීමට නියමිත නව ආගමන විගමන සීමා කිරීම් හේතුවෙන් විදේශීය සිසුන් ඇතුළත් කරගැනීමට බාධා එල්ල විය හැකි බවට Western Sydney Universityහි උපකුලපති George Williams අනතුරු අඟවා සිටිනවා.
විදේශීය සිසුන් සංඛ්‍යාව අඩු කිරීම මඟින් ඔස්ට්‍රේලියාවේ සෞඛ්‍ය, වැඩිහිටි සත්කාර සහ ඉදි කිරීම් ක්ෂේත්‍රවලට මෙන්ම ප්‍රාන්ත ආර්ථිකයට ද දැඩි බලපෑමක් එල්ල වන බවයි ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නේ.
නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ දෙවන විශාලතම අපනයන කර්මාන්තය වන්නේ ජාත්‍යන්තර අධ්‍යාපනයයි.
එබැවින් ඔස්ට්‍රේලියාව සැමවිටම විදේශීය සිසුන්ට විවෘත සහ සුහදශීලී රටක් ලෙස පවත්වාගෙන යා යුතු බවයි අගමැති Chris Minns මෙහිදී අවධාරණය කළේ.
දිගු ගුවන් ගමනකදී සිදුවූ සංවේදී අත්දැකීමක් Nine Travel මාධ්‍යවේදිනියක වන Sarah Swain හෙළිකර තිබෙනවා. Economy පන්තියේ ඇය අසල සිටි කුඩා...
නේපාලයට බලපෑ දරුණු ගංවතුර සහ නායයෑම් හේතුවෙන් විශාල පිරිසක් පීඩාවට පත්ව තිබෙනවා. විපතට පත් ජනතාවට සහන සැලසීම සඳහා ශ්‍රී ලංකාව...
ඔස්ට්‍රේලියානුවන් දිනපතා භාවිත කරන Takeaway Coffee Cups සම්බන්ධයෙන් නව සෞඛ්‍ය අනතුරු ඇඟවීමක් මතුව තිබෙනවා. නව පර්යේෂණයකින් හෙළි වී ඇත්තේ, උණුසුම්...
Murray-Darling ද්‍රෝණියේ ජල කළමනාකරණ වැඩසටහන් හේතුවෙන් බලපෑමට ලක්වූවන්ට සහනයක් සැලසීම සඳහා ඩොලර් මිලියන 140ක මුදලක් ලබාගැනීමට වික්ටෝරියා ප්‍රාන්ත රජය පියවර...
ඔස්ට්‍රේලියා පාර්ලිමේන්තුවේ කමිටුවලට ඉදිරිපත් කරන ලේඛනවල AI භාවිත කරමින් සකස් කළ වැරදි තොරතුරු ඇතුළත් වීම සම්බන්ධයෙන් මේ වනවිට අවධානය යොමුව...
ජානමය වශයෙන් කිසිදු ඥාති සබඳතාවයක් නැති දරුවන් දෙදෙනෙකු එකම කුසකින් නිවුන් දරුවන් ලෙස බිහි කිරීමේ අසාමාන්‍ය පුවතක් ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයෙන් වාර්තා...
ශ්‍රී ලංකාවේ උපන් 26 හැවිරිදි රොෂේන් මෙන්ඩිස් නවසීලන්ත රාජකීය ගුවන් හමුදාවේ නියමු පුහුණුව ලබමින් සිටිනවා. වයස අවුරුදු හයේදී දැවැන්ත ගුවන්...
ඔස්ට්‍රේලියාවේ ජාතික ගුවන් සේවය වන Qantas සමාගම, මැදපෙරදිග ගැටුම් හේතුවෙන් ඉන්ධන මිල ඉහළ යාමත් සමඟ වාර්ෂික ලාභයේ සැලකිය යුතු පහළ...
ඔස්ට්‍රේලියාවේ Social Media භාවිතය සීමා කිරීම සඳහා නව යෝජනාවක් ඉදිරිපත් වී තිබෙනවා. මෙම යෝජනාව යටතේ Facebook සහ Instagram වැනි Social...

නේපාලයට බලපෑ දරුණු ගංවතුරෙන් අතුරුදන්ව සිටි තවත් ඔස්ට්‍රේලියානුවන් 4 දෙනෙකු සුරක්ෂිතව සිටින බව තහවුරු වී තිබෙනවා. ඒ අනුව මේ දක්වා ආරක්ෂිතව සොයාගත් මුළු ඔස්ට්‍රේලියානුවන් සංඛ්‍යාව

ඔස්ට්‍රේලියාවේ ආන්දෝලනාත්මක වෘත්තීය සමිතියක් වන CFMEUහි හිටපු ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු වන John Perkovicගේ මෙල්බන්හි පිහිටි නිවස, ඔස්ට්‍රේලියානු ෆෙඩරල් පොලිසිය (AFP) විසින් හදිසි පරීක්ෂාවකට ලක් කර තිබෙනවා.

Casey Council විසින් නිකුත් කළ සිංහල ඇතුළු භාෂා කිහිපයකින් සකස් කළ දැනුවත් කිරීම පහතින්. මෙල්බර්න්හි Casey නගර සභාව විසින් ප්‍රදේශයේ නව වීදුරු ප්‍රතිචක්‍රීකරණ වැඩසටහන සම්බන්ධයෙන්

Driverless Car එකක් ප්‍රදර්ශනය කිරීමේ සජීවී රූගත කිරීමක් අතරතුරදී සිදුවූ අනතුරක් පිළිබඳ පාකිස්තානයෙන් වාර්තා වනවා. ඉස්ලාමාබාද්හි ආරක්ෂිත D-Chowk ප්‍රදේශයේදී මාධ්‍යවේදී Muhammad Aalijah විසින් මෙම විශේෂ

ඔස්ට්‍රේලියාවේ වෙළෙඳ හිඟය June කාර්තුවේදී ඩොලර් බිලියන 5.1ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, March කාර්තුවේදී එය ඩොලර් බිලියන 2.4ක් ලෙස වාර්තා වී තිබුණා. ඒ අනුව

ඔස්ට්‍රේලියා පාර්ලිමේන්තුවේ කමිටුවලට ඉදිරිපත් කරන ලේඛනවල AI භාවිත කරමින් සකස් කළ වැරදි තොරතුරු ඇතුළත් වීම සම්බන්ධයෙන් මේ වනවිට අවධානය යොමුව තිබෙනවා. නව විමර්ශනයකදී පාර්ලිමේන්තු කමිටුවලට