

නව Melton දුම්රිය ස්ථානය අද ජනතා අයිතියට
Melton හි ඉදිකළ නව උස් දුම්රිය ස්ථානය අද මගීන් සඳහා විවෘත කර තිබෙනවා. එය වේදිකා හතරකින් සහ විදුලි සෝපාන ඇතුළු පහසුකම් රැසකින් සමන්විතයි. Exford Road

වයස අවුරුදු 18ට අඩු තරුණ සේවකයන්ට විශ්‍රාම වැටුප් දායක මුදල් නොලැබීම හේතුවෙන් ඔස්ට්‍රේලියානුවන්ට මේ වසරේ ඩොලර් මිලියන 411ක පමණ පාඩුවක් සිදුවන බව නව ගණනයකින් හෙළිවී තිබෙනවා.
ඉන් වැඩිම බලපෑමක් එල්ල වී ඇත්තේ වික්ටෝරියා ප්‍රාන්තයේ තරුණයන්ට වන අතර, ඔවුන්ට පමණක් අහිමිවන මුදල ඩොලර් මිලියන 115ක් ලෙස ගණන් බලා තිබෙනවා.
දැනට වයස අවුරුදු 18ට අඩු සේවකයන්ට එක් සේවා ස්ථානයක සතියකට පැය 30කට වැඩි කාලයක් සේවය කළහොත් පමණක් විශ්‍රාම වැටුප් දායක මුදල් අනිවාර්යයෙන් ලැබෙනු ඇති.

නමුත් රැකියාවල නිරත තරුණයන්ගෙන් සියයට 89ක්ම සතියකට පැය 30කට අඩුවෙන් සේවය කරන බවයි නව දත්ත පෙන්වා දෙන්නේ.
විශේෂයෙන් වෙළෙඳසැල්, ආහාරපාන සහ සත්කාරක සේවා වැනි ක්ෂේත්‍රවල අර්ධකාලීන රැකියාවල නිරත තරුණයන්ට මෙය දැඩි බලපෑමක් එල්ල කරන බව සඳහන්.
සාමාන්‍ය තරුණ සේවකයෙකුට වසර දෙකක් තුළ ඩොලර් 2,500ක පමණ විශ්‍රාම වැටුප් මුදලක් අහිමි විය හැකි අතර, එය විශ්‍රාම යන විට ඩොලර් 11,000ක් පමණ දක්වා වර්ධනය විය හැකි බව ගණනය කර තිබෙනවා.
එම නිසා වයස හෝ සේවා පැය ගණන නොසලකා සියලුම තරුණ සේවකයන්ට විශ්‍රාම වැටුප් දායක මුදල් ලබාදෙන ලෙස නීති වෙනස් කළ යුතු බවට ඉල්ලීම් ඉදිරිපත් වී තිබෙනවා.
ඔස්ට්‍රේලියාවේ බහුසංස්කෘතික සමාජය තුළ ශ්‍රී ලාංකික ප්‍රජාව ඉතා සක්‍රීය සහ කැපී පෙනෙන භූමිකාවක් නිරූපණය කරමින් සිටින බව නවතම සංගණන දත්ත...
බටහිර ඔස්ට්‍රේලියාවේ Secret Harbour අතුරු මැතිවරණය අද, අගෝස්තු 29 පැවැත්වෙනවා. Labor පක්ෂයේ හිටපු අමාත්‍ය පෝල් පැපේලියා පවුලේ හේතුවක් මත ඉල්ලා...
ඔස්ට්‍රේලියාව තුළ අලුතින් ඉදිකරන Data Centres සඳහා 100%ක් පුනර්ජනනීය බලශක්තිය භාවිත කිරීමේ ජාතික නීති රීතිවලින් කිසිදු ප්‍රාන්තයකට නිදහස් වීමට ඉඩ...
ඔස්ට්‍රේලියානු කොටස් වෙළඳපොළේ පාරිභෝගික අත්‍යවශ්‍ය භාණ්ඩ (Consumer Staples) ක්ෂේත්‍රයේ පෙරමුණට ගනිමින් Woolworths සමාගමේ කොටස් මිල අද දිනයේ 4.7%ක වර්ධනයක් වාර්තා...
හිටපු අමාත්‍ය රවී කරුණානායක මහතා අද අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබාදීම...
බටහිර ඔස්ට්‍රේලියාවේ පැවැති Secret Harbour ප්‍රාන්ත අතුරු මැතිවරණයෙන් දැවැන්ත ජයග්‍රහණයක් අත්කර ගැනීමට One Nation පක්ෂය සමත්ව තිබෙනවා. වසර 50කට ආසන්න...
මෙවර Palauහි පැවැත්වෙන 55 වන පැසිෆික් දූපත් රාජ්‍යයන්ගේ නායක සමුළුව (Pacific Islands Forum) ආරම්භ වීමටත් පෙර, කලාපීය දේශපාලන ක්ෂේත්‍රය තුළ...
ඔස්ට්‍රේලියාවේ පෞද්ගලික සෞඛ්‍ය රක්ෂණ ආවරණ ලබා නොගන්නා ඉහළ ආදායම් ලබන්නන් සඳහා වන මෙඩිකෙයා අතිරේක බද්ද (Medicare Levy Surcharge) 3% දක්වා...
Woolworths සුපිරි වෙළඳසැල් ජාලය විසින් සංවිධානය කළ ජනප්‍රිය “Ooshies” එකතු කිරීමේ ප්‍රවර්ධන වැඩසටහන ඊයේ අවසන් වුණා. ඩොලර් 30ක් වැය කරන...

Melton හි ඉදිකළ නව උස් දුම්රිය ස්ථානය අද මගීන් සඳහා විවෘත කර තිබෙනවා. එය වේදිකා හතරකින් සහ විදුලි සෝපාන ඇතුළු පහසුකම් රැසකින් සමන්විතයි. Exford Road

Melbourne වයඹ ප්‍රදේශයේ අතුරුදන්ව සිටි 37 හැවිරිදි Khaled Malasගේ සිරුර සොයාගෙන තිබෙනවා. අගෝස්තු 19 වැනිදා Wildwood නිවසක ඇතිවූ ආරවුලකදී ඔහුට වෙඩි තබා ඇති බවටයි පොලීසිය

Australia රජය Student Visa සහ onshore visa මාරු කිරීම් සඳහා තවත් දැඩි සීමා හඳුන්වාදීමට සලකා බලමින් සිටිනවා. නවතම දත්ත අනුව 2026 ජූලි මාසයේ higher education

ස්මාර්ට් කණ්ණාඩි තහනම් කිරීමට ඔස්ට්‍රේලියානු රජයට මේ වනවිට කිසිදු සැලසුමක් නොමැති බව නීතිපති මිෂෙල් රෝව්ලන්ඩ් පවසනවා. කෙසේ වෙතත්, එම කණ්ණාඩි භාවිත කරමින් පුද්ගලයන්ගේ අවසරයකින් තොරව

වයස අවුරුදු 18ට අඩු තරුණ සේවකයන්ට විශ්‍රාම වැටුප් දායක මුදල් නොලැබීම හේතුවෙන් ඔස්ට්‍රේලියානුවන්ට මේ වසරේ ඩොලර් මිලියන 411ක පමණ පාඩුවක් සිදුවන බව නව ගණනයකින් හෙළිවී

ඔස්ට්‍රේලියාවේ Social Media භාවිතය සීමා කිරීම සඳහා නව යෝජනාවක් ඉදිරිපත් වී තිබෙනවා. මෙම යෝජනාව යටතේ Facebook සහ Instagram වැනි Social Media Platformවල Algorithms මගින් තෝරාදෙන