උණුසුම් පුවත්

Search

ප්‍රධාන පුවත

Advertisement

ඇමරිකාව සහ ඉරානය අතර යළි උත්සන්න වූ ප්‍රහාර හේතුවෙන් ලෝක තෙල් සැපයුමට බාධා ඇතිවිය හැකි බවට බිය පළවීමත් සමඟ ජාත්‍යන්තර තෙල් මිල සියයට 3කට ආසන්න ප්‍රමාණයකින් ඉහළ ගොස් තිබෙනවා.

Brent බොරතෙල් බැරලයක මිල ඇමෙරිකානු ඩොලර් 91 ඉක්මවා ගොස් ඇති බවයි වාර්තා වන්නේ. 

විශේෂයෙන් ගල්ෆ් කලාපයේ බලශක්ති පහසුකම්වලට හානි සිදුවීම සහ ලෝක තෙල් ප්‍රවාහනයේ වැදගත් මාර්ගයක් වන Strait of Hormuz හරහා නෞකා ගමනාගමනයට බාධා ඇතිවීම සම්බන්ධයෙන් වෙළෙඳපොළේ දැඩි අවධානය යොමුව තිබෙනවා.

Advertisement

මේ අතර ඔස්ට්‍රේලියාව තුළ පිරිපහදු කළ පෙට්‍රල් ලීටරයක ජාතික සාමාන්‍ය මිල සතියක් තුළ සෙන්ට් 3.2කින් ඉහළ ගොස් සෙන්ට් 204.8ක් වී ඇති අතර, තෙල් මිල දිගටම ඉහළ ගියහොත් රියැදුරන්ට තවත් මිල වැඩිවීම්වලට මුහුණදීමට සිදුවිය හැකියි.

අවිනිශ්චිතතාව මධ්‍යයේ ඔස්ට්‍රේලියා කොටස් වෙළඳ පොළද පහළ ගොස් ඇති අතර, ASX 200 දර්ශකය සියයට 0.4කින් පහළ ගොස් ඒකක 9,035ක් ලෙස වාර්තා වුණා.

Banner 01

එමෙන්ම ප්‍රධාන නගරවල නිවාස මිල අගෝස්තු මාසයේදී සියයට 1.1කින් පහළ ගොස් වසරක අඩුම මට්ටමට පැමිණ ඇති අතර, Sydney සහ Melbourne හි නිවාස මිල පහළ යාම මෙම තත්ත්වයට ප්‍රධාන වශයෙන් බලපා තිබෙනවා.

ජූලි මාසයේ අනුමත කළ නව නිවාස සංඛ්‍යාවද සියයට 3.6කින් පහළ ගොස් 17,687ක් වී ඇති නිසා, ඉදිරියේදී Australia තුළ නිවාස සැපයුම් හිඟය තවදුරටත් පැවතිය හැකි බවට ආර්ථික විශ්ලේෂකයින් අනතුරු අඟවනවා.


උණුසුම් පුවත්

මෙල්බන්හි Darebin නගර සභාව විසින් මාස හයක් පුරා පවත්වන ලද Lime e-bike සහ e-scooter පරීක්ෂණ ව්‍යාපෘතිය අහෝසි කිරීමට ඒකමතිකව තීරණය...

ඔස්ට්‍රේලියානු අගමැති Anthony Albanese Pacific Islands Forum සමුළුවට සහභාගී වීම සඳහා Palau රාජ්‍යය බලා පිටත්ව ගොස් තිබෙනවා. මෙය ඔහු Palau...

ඔස්ට්‍රේලියාවේ තරුණයන් අතර ලිංගික හිංසනය ඉහළ යමින් පවතින බව විශේෂඥයන් අනතුරු අඟවනවා. රටේ ලිංගික අතවරවලට ලක්වන පුද්ගලයන්ගෙන් සියයට 40කට ආසන්න...

වෘත්තීය අධ්‍යාපනය සහ පුහුණුව ලබන සිසුන්ගේ ප්‍රතිඵල රට පුරා එකම ක්‍රමයකට මැනීම සඳහා නව ජාතික පදනම් වාර්තාවක් නිකුත් කර තිබෙනවා....

Melton හි ඉදිකළ නව උස් දුම්රිය ස්ථානය අද මගීන් සඳහා විවෘත කර තිබෙනවා. එය වේදිකා හතරකින් සහ විදුලි සෝපාන ඇතුළු...

H5 කුරුලු උණ පැතිරීමේ බිය මැද Victoriaහි කිලෝමීටර් 320ක පරෙවි තරගයක් පැවැත්වීමට සූදානම් වනවා. Warrnambool Racing Pigeon Club සංවිධානය කරන...

ඔස්ට්‍රේලියාවේ වයස අවුරුදු 25ත් 34ත් අතර තරුණයන්ගේ නිවාස හිමිකාරීත්වය වසර 80කින් වාර්තා වූ පහළම මට්ටමට වැටී තිබෙනවා. Anglicare Australia නිකුත්...

පසුගිය ජූලි 24 වනදා සිදුකළ අභ්‍යවකාශ චාරිකාවෙන් පසු ඉන්දියන් සාගරයට කඩා වැටුණු SpaceX සමාගමේ Starship 40 රොකට්ටුව, Christmas Islandහි සිට...

වික්ටෝරියා ප්‍රාන්තයේ රැකවරණය අවශ්‍ය දරුවන් රැකබලා ගන්නා පවුල්වලට ලබාදෙන සතිපතා දීමනාව ඕස්ට්‍රේලියාවේ අනෙකුත් ප්‍රාන්ත හා සසඳන විට අඩුම මට්ටමක පවතින...

පුවත් විකාශය

Main Box banner
[radio_player id="1"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom

ඔස්ට්‍රේලියාවේ පෙට්‍රල් මිලට තවත් පීඩනයක්

නේපාල ගංවතුරෙන් අතුරුදන් වූ තවත් ඔස්ට්‍රේලියානුවන් 4 දෙනෙකු සොයාගැනේ

නේපාලයට බලපෑ දරුණු ගංවතුරෙන් අතුරුදන්ව සිටි තවත් ඔස්ට්‍රේලියානුවන් 4 දෙනෙකු සුරක්ෂිතව සිටින බව තහවුරු වී තිබෙනවා. ඒ අනුව මේ දක්වා ආරක්ෂිතව සොයාගත් මුළු ඔස්ට්‍රේලියානුවන් සංඛ්‍යාව

Read More »

CFMEUහි හිටපු නිලධාරියෙකුගේ මෙල්බන් නිවස වටලයි

ඔස්ට්‍රේලියාවේ ආන්දෝලනාත්මක වෘත්තීය සමිතියක් වන CFMEUහි හිටපු ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු වන John Perkovicගේ මෙල්බන්හි පිහිටි නිවස, ඔස්ට්‍රේලියානු ෆෙඩරල් පොලිසිය (AFP) විසින් හදිසි පරීක්ෂාවකට ලක් කර තිබෙනවා.

Read More »

Casey Council එකෙන් එවපු Note එකේ අමුතු සිංහල

Casey Council විසින් නිකුත් කළ සිංහල ඇතුළු භාෂා කිහිපයකින් සකස් කළ දැනුවත් කිරීම පහතින්. මෙල්බර්න්හි Casey නගර සභාව විසින් ප්‍රදේශයේ නව වීදුරු ප්‍රතිචක්‍රීකරණ වැඩසටහන සම්බන්ධයෙන්

Read More »

Driverless Car එකක් පොලිස් රථයක ගැටෙයි

Driverless Car එකක් ප්‍රදර්ශනය කිරීමේ සජීවී රූගත කිරීමක් අතරතුරදී සිදුවූ අනතුරක් පිළිබඳ පාකිස්තානයෙන් වාර්තා වනවා. ඉස්ලාමාබාද්හි ආරක්ෂිත D-Chowk ප්‍රදේශයේදී මාධ්‍යවේදී Muhammad Aalijah විසින් මෙම විශේෂ

Read More »

වාහන සහ ඉන්ධන ආනයනය ඉහළ යාමෙන් ඔස්ට්‍රේලියා ආර්ථිකයට බලපෑම්

ඔස්ට්‍රේලියාවේ වෙළෙඳ හිඟය June කාර්තුවේදී ඩොලර් බිලියන 5.1ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, March කාර්තුවේදී එය ඩොලර් බිලියන 2.4ක් ලෙස වාර්තා වී තිබුණා. ඒ අනුව

Read More »

ඔස්ට්‍රේලියාවේ පාර්ලිමේන්තුවටත් AIවලින් වැරදි තොරතුරු

ඔස්ට්‍රේලියා පාර්ලිමේන්තුවේ කමිටුවලට ඉදිරිපත් කරන ලේඛනවල AI භාවිත කරමින් සකස් කළ වැරදි තොරතුරු ඇතුළත් වීම සම්බන්ධයෙන් මේ වනවිට අවධානය යොමුව තිබෙනවා. නව විමර්ශනයකදී පාර්ලිමේන්තු කමිටුවලට

Read More »
[sc_embed_player fileurl="https://listen.radioking.com/radio/538304/stream/596909"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom