

CFMEUහි හිටපු නිලධාරියෙකුගේ මෙල්බන් නිවස වටලයි
ඔස්ට්‍රේලියාවේ ආන්දෝලනාත්මක වෘත්තීය සමිතියක් වන CFMEUහි හිටපු ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු වන John Perkovicගේ මෙල්බන්හි පිහිටි නිවස, ඔස්ට්‍රේලියානු ෆෙඩරල් පොලිසිය (AFP) විසින් හදිසි පරීක්ෂාවකට ලක් කර තිබෙනවා.

ඔස්ට්‍රේලියාවේ ආන්දෝලනාත්මක වෘත්තීය සමිතියක් වන CFMEUහි හිටපු ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු වන John Perkovicගේ මෙල්බන්හි පිහිටි නිවස, ඔස්ට්‍රේලියානු ෆෙඩරල් පොලිසිය (AFP) විසින් හදිසි පරීක්ෂාවකට ලක් කර තිබෙනවා.
ඒ, වික්ටෝරියානු ඉදිකිරීම් ක්ෂේත්‍රයේ සිදුවූ දැවැන්ත දූෂණ සහ අල්ලස් චෝදනා සම්බන්ධයෙන් කෙරෙන විමර්ශනවලට අදාළවයි.
මෙල්බන්හි Keilor ප්‍රදේශයේ පිහිටි Perkovicගේ නිවස වෙත පැමිණි ෆෙඩරල් පොලිස් නිලධාරීන් සහ නිල සුනඛයන්, නිවසේ පිටුපස අංගනය මෙන්ම එහි නවතා තිබූ සුඛෝපභෝගී මෝටර් රථය යට පවා සෝදිසි කිරීමකට ලක් කළා.

John Setkaගේ නායකත්වය යටතේ වසර 10කට වැඩි කාලයක් සංවිධායකවරයෙකු ලෙස කටයුතු කළ Perkovic, 2024 වසරේදී සමිතිය පරිපාලන භාරයට ගැනීමෙන් පසුව එහි දෙවැනි ප්‍රධානියා ලෙස උසස්වීම් ලැබුවා.
එහෙත් ඔහුට එරෙහිව එල්ල වූ බරපතල දූෂණ චෝදනා හෙළිදරව් වීමත් සමඟ 2025 ඔක්තෝබර් මාසයේදී ඔහු තනතුරෙන් නෙරපා හරිනු ලැබුවා.
ක්වීන්ස්ලන්ඩ් කොමිෂන් සභාව වෙත ඉදිරිපත් කළ වොට්සන් වාර්තාවට අනුව, Perkovic වෘත්තීය සමිතියේ සේවය කරන අතරතුර දූෂිත ඉඩම් ගනුදෙනු හරහා ඩොලර් මිලියනයක අනිසි ලාභයක් ලබාගෙන ඇති බවට චෝදනා එල්ල වනවා.
ඊට අමතරව, ඔහුගෙන් වාසි ලබාගත් ව්‍යාපාරිකයන් ලවා තම සුඛෝපභෝගී නිවස ඉදිකරවා ගැනීම, තමන් සතු ඉඩමක් නොමිලේ දියණියගේ නමට පැවරීමට කටයුතු කිරීම මෙන්ම, කොන්ත්‍රාත් සමාගම් ලවා රථ වාහන 3ක් සහ නිවසේ රක්ෂණ වාරික ගෙවාගෙන ඇති බවටයි කරුණු හෙළි වී ඇත්තේ.
නේපාල–ටිබෙට් දේශසීමාවේ ඇතිවූ දරුණු ගංවතුරෙන් අතුරුදන් ඔස්ට්‍රේලියානුවන් සංඛ්‍යාව 39 දක්වා ඉහළ ගොස් තිබෙනවා. අතුරුදන් පිරිස අතර Aarush සහ Ashwin Muralitharan...
ඔස්ට්‍රේලියානුවන් දිනපතා භාවිත කරන Takeaway Coffee Cups සම්බන්ධයෙන් නව සෞඛ්‍ය අනතුරු ඇඟවීමක් මතුව තිබෙනවා. නව පර්යේෂණයකින් හෙළි වී ඇත්තේ, උණුසුම්...
නව Jobs and Skills Australia අධ්‍යයනයකට අනුව ජාත්‍යන්තර සිසුන්ගෙන් සියයට 35ත් 40ත් අතර පිරිසක් වසර දහයක් ඇතුළත ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය...
පසුගිය ජූලි 24 වනදා සිදුකළ අභ්‍යවකාශ චාරිකාවෙන් පසු ඉන්දියන් සාගරයට කඩා වැටුණු SpaceX සමාගමේ Starship 40 රොකට්ටුව, Christmas Islandහි සිට...
මෙල්බන් නගරයේ ජනප්‍රිය City Library නව ස්ථානයකට ගෙන යාමට සැලසුම් කර තිබෙනවා. දැනට Flinders Lane හි පවත්වාගෙන යන පුස්තකාලය, Bourke...
දිගු ගුවන් ගමනකදී සිදුවූ සංවේදී අත්දැකීමක් Nine Travel මාධ්‍යවේදිනියක වන Sarah Swain හෙළිකර තිබෙනවා. Economy පන්තියේ ඇය අසල සිටි කුඩා...
ඔස්ට්‍රේලියානු අගමැති Anthony Albanese Pacific Islands Forum සමුළුවට සහභාගී වීම සඳහා Palau රාජ්‍යය බලා පිටත්ව ගොස් තිබෙනවා. මෙය ඔහු Palau...
ඔස්ට්‍රේලියාව තුළ අලුතින් ඉදිකරන Data Centres සඳහා 100%ක් පුනර්ජනනීය බලශක්තිය භාවිත කිරීමේ ජාතික නීති රීතිවලින් කිසිදු ප්‍රාන්තයකට නිදහස් වීමට ඉඩ...
නේපාලය සහ චීනයේ ටිබෙට් ප්‍රදේශයන්හි ඇති වූ හදිසි සහ දරුණු ගංවතුර තත්ත්වය හේතුවෙන් ගම්මාන රැසක් විනාශ වී, 150කට අධික පිරිසක්...

ඔස්ට්‍රේලියාවේ ආන්දෝලනාත්මක වෘත්තීය සමිතියක් වන CFMEUහි හිටපු ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු වන John Perkovicගේ මෙල්බන්හි පිහිටි නිවස, ඔස්ට්‍රේලියානු ෆෙඩරල් පොලිසිය (AFP) විසින් හදිසි පරීක්ෂාවකට ලක් කර තිබෙනවා.

Casey Council විසින් නිකුත් කළ සිංහල ඇතුළු භාෂා කිහිපයකින් සකස් කළ දැනුවත් කිරීම පහතින්. මෙල්බර්න්හි Casey නගර සභාව විසින් ප්‍රදේශයේ නව වීදුරු ප්‍රතිචක්‍රීකරණ වැඩසටහන සම්බන්ධයෙන්

Driverless Car එකක් ප්‍රදර්ශනය කිරීමේ සජීවී රූගත කිරීමක් අතරතුරදී සිදුවූ අනතුරක් පිළිබඳ පාකිස්තානයෙන් වාර්තා වනවා. ඉස්ලාමාබාද්හි ආරක්ෂිත D-Chowk ප්‍රදේශයේදී මාධ්‍යවේදී Muhammad Aalijah විසින් මෙම විශේෂ

ඔස්ට්‍රේලියාවේ වෙළෙඳ හිඟය June කාර්තුවේදී ඩොලර් බිලියන 5.1ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, March කාර්තුවේදී එය ඩොලර් බිලියන 2.4ක් ලෙස වාර්තා වී තිබුණා. ඒ අනුව

ඔස්ට්‍රේලියා පාර්ලිමේන්තුවේ කමිටුවලට ඉදිරිපත් කරන ලේඛනවල AI භාවිත කරමින් සකස් කළ වැරදි තොරතුරු ඇතුළත් වීම සම්බන්ධයෙන් මේ වනවිට අවධානය යොමුව තිබෙනවා. නව විමර්ශනයකදී පාර්ලිමේන්තු කමිටුවලට

නිව් සවුත් වේල්ස් (NSW) ප්‍රාන්ත අගමැති Chris Minns සිය ප්‍රථම නිල ඉන්දීය වෙළඳ චාරිකාව ආරම්භ කර තිබෙනවා. එහි පළමු පියවර ලෙස අගමැතිවරයා නවදිල්ලියේ පිහිටි Asha