

Casey Council එකෙන් එවපු Note එකේ අමුතු සිංහල
Casey Council විසින් නිකුත් කළ සිංහල ඇතුළු භාෂා කිහිපයකින් සකස් කළ දැනුවත් කිරීම පහතින්. මෙල්බර්න්හි Casey නගර සභාව විසින් ප්‍රදේශයේ නව වීදුරු ප්‍රතිචක්‍රීකරණ වැඩසටහන සම්බන්ධයෙන්

Casey Council විසින් නිකුත් කළ සිංහල ඇතුළු භාෂා කිහිපයකින් සකස් කළ දැනුවත් කිරීම පහතින්.

මෙල්බර්න්හි Casey නගර සභාව විසින් ප්‍රදේශයේ නව වීදුරු ප්‍රතිචක්‍රීකරණ වැඩසටහන සම්බන්ධයෙන් නිකුත් කළ දැනුවත් කිරීමකට සිංහල භාෂාවද ඇතුළත් කර තිබෙනවා.

2026 සැප්තැම්බර් 7 සිට නොවැම්බර් 20 දක්වා Casey ප්‍රදේශයේ සියලුම නිවාස වෙත දම් පැහැති පියනක් සහිත නව වීදුරු ප්‍රතිචක්‍රීකරණ බඳුනක් ලබාදීමට නියමිතයි.
මෙම බඳුන් එකතු කිරීම නොවැම්බර් මාසයේ සිට ආරම්භ වන අතර, සති හතරකට වරක් එම සේවාව ක්‍රියාත්මක කිරීමට නියමිත බව නගර සභාව සඳහන් කරනවා.
මෙම දැනුවත් කිරීම චීන, පර්සියානු, පන්ජාබි සහ සිංහල ඇතුළු භාෂා කිහිපයකින් නිකුත් කර තිබීම විශේෂත්වයක්.
විවිධ භාෂා කතා කරන විශාල ප්‍රජාවක් ජීවත් වන Casey ප්‍රදේශයේ, වැදගත් නගර සේවා පිළිබඳ තොරතුරු ජනතාවගේම භාෂාවෙන් ලබාදීමට ගෙන ඇති මෙම පියවර අගය කළ යුතු එකක්.
විශේෂයෙන්ම සිංහල භාෂාවද මෙම දැනුවත් කිරීම සඳහා භාවිත කර තිබීම, මෙල්බන්හි ශ්‍රී ලාංකික ප්‍රජාවට ද වැදගත් අවධානයක් ලබාදී ඇති බව පෙන්වනවා.
කෙසේ වෙතත්, සිංහල පරිවර්තනයේ ඇතැම් වචන සහ වාක්‍ය රටාවන් සාමාන්‍ය සිංහල භාවිතයට වඩා ටිකක් වෙනස් ආකාරයකින් පෙනී යන නිසා, එය කියවන අයට පොඩි සිනහවක් ඇති කරන තැන් ද තිබෙනවා.
නමුත් මූලික පණිවිඩය පැහැදිලියි. නව බඳුනට දැමිය යුත්තේ වීදුරු බෝතල් සහ වීදුරු භාජන පමණක් වන අතර, ඒවා දැමීමට පෙර සෝදා පියන් ඉවත් කළ යුතු බව නගර සභාව දැනුම් දෙනවා.
පරිවර්තනයේ පොඩි අඩුපාඩු තිබුණත්, අපේ සිංහල භාෂාවටත් නගර සභා දැනුවත් කිරීම් අතර තැනක් ලැබීම නම් අගය කළ යුතු කරුණක්.
ඔස්ට්‍රේලියාවේ සීනි අඩංගු සිසිල් බීම සඳහා සියයට 20ක බද්දක් පැනවිය යුතු බවට නැවත යෝජනාවක් ඉදිරිපත් වී තිබෙනවා. Griffith විශ්වවිද්‍යාලයේ නව...
ඔස්ට්‍රේලියානුවන් දිනපතා භාවිත කරන Takeaway Coffee Cups සම්බන්ධයෙන් නව සෞඛ්‍ය අනතුරු ඇඟවීමක් මතුව තිබෙනවා. නව පර්යේෂණයකින් හෙළි වී ඇත්තේ, උණුසුම්...
ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන සුපිරි වෙළඳසැල් ජාලයක් වන Woolworths, තම shopping basketsවල සැලසුම නැවතත් වෙනස් කිරීමට පියවර ගෙන තිබෙනවා. මීට පෙර පැවැති...
නවසීලන්තයේ සිට Sydney වෙත පැමිණි 35 හැවිරිදි පුද්ගලයෙකුගේ ගමන් මලු පරීක්ෂා කිරීමේදී හමුවූ ඉලෙක්ට්‍රොනික උපකරණ දෙකකින් child abuse materials සොයා...
2024 වසරේදී ඔස්ට්‍රේලියාව තුළ මත්ද්‍රව්‍ය හේතුවෙන් සිදුවූ මරණ 2,596ක් වාර්තා වී තිබෙනවා. ඉන් 80.5%ක් හිතාමතා නොකළ අධිමාත්‍රා භාවිතය හේතුවෙන් සිදුවූ...
මෙල්බන්හි Darebin නගර සභාව විසින් මාස හයක් පුරා පවත්වන ලද Lime e-bike සහ e-scooter පරීක්ෂණ ව්‍යාපෘතිය අහෝසි කිරීමට ඒකමතිකව තීරණය...
ගැබ්ගෙල පිළිකාව වැළැක්වීමට භාවිත කරන Gardasil එන්නත ඔස්ට්‍රේලියාවේ හඳුන්වාදී මේ වනවිට වසර 20ක් සම්පූර්ණ වී තිබෙනවා. මෙම එන්නත ගැබ්ගෙල පිළිකාවට...
කෘතිම බුද්ධිය භාවිතයෙන් සම්පූර්ණයෙන්ම හෝ බොහෝ දුරට නිර්මාණය කළ ගීත ඔස්ට්‍රේලියාවේ නිල සංගීත දර්ශකවලට ඇතුළත් කිරීම තහනම් කර තිබෙනවා. Australian...
ඔස්ට්‍රේලියාවේ උද්ධමනය ජූලි මාසයේදී සියයට 3.5 දක්වා පහළ ගොස් ඇති බව ඔස්ට්‍රේලියානු සංඛ්‍යාලේඛන කාර්යාංශය (ABS) නිකුත් කළ නවතම දත්ත පෙන්වා...

Casey Council විසින් නිකුත් කළ සිංහල ඇතුළු භාෂා කිහිපයකින් සකස් කළ දැනුවත් කිරීම පහතින්. මෙල්බර්න්හි Casey නගර සභාව විසින් ප්‍රදේශයේ නව වීදුරු ප්‍රතිචක්‍රීකරණ වැඩසටහන සම්බන්ධයෙන්

Driverless Car එකක් ප්‍රදර්ශනය කිරීමේ සජීවී රූගත කිරීමක් අතරතුරදී සිදුවූ අනතුරක් පිළිබඳ පාකිස්තානයෙන් වාර්තා වනවා. ඉස්ලාමාබාද්හි ආරක්ෂිත D-Chowk ප්‍රදේශයේදී මාධ්‍යවේදී Muhammad Aalijah විසින් මෙම විශේෂ

ඔස්ට්‍රේලියාවේ වෙළෙඳ හිඟය June කාර්තුවේදී ඩොලර් බිලියන 5.1ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, March කාර්තුවේදී එය ඩොලර් බිලියන 2.4ක් ලෙස වාර්තා වී තිබුණා. ඒ අනුව

ඔස්ට්‍රේලියා පාර්ලිමේන්තුවේ කමිටුවලට ඉදිරිපත් කරන ලේඛනවල AI භාවිත කරමින් සකස් කළ වැරදි තොරතුරු ඇතුළත් වීම සම්බන්ධයෙන් මේ වනවිට අවධානය යොමුව තිබෙනවා. නව විමර්ශනයකදී පාර්ලිමේන්තු කමිටුවලට

නිව් සවුත් වේල්ස් (NSW) ප්‍රාන්ත අගමැති Chris Minns සිය ප්‍රථම නිල ඉන්දීය වෙළඳ චාරිකාව ආරම්භ කර තිබෙනවා. එහි පළමු පියවර ලෙස අගමැතිවරයා නවදිල්ලියේ පිහිටි Asha

ඔස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව අතර පවතින ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම කෙරෙහි ඔස්ට්‍රේලියානු පාර්ලිමේන්තුවේ විශේෂ අවධානය යොමුව තිබෙනවා. ඔස්ට්‍රේලියාවේ වෙසෙන ශ්‍රී ලාංකික ව්‍යවසායකයින් ඉටුකරන විශිෂ්ට