

වසර 450ක් පැරණි ලෝක සිතියම වෙනස් කිරීමට එක්සත් ජාතීන්ගෙන් තීරණයක්
ලෝකයේ රටවල් සහ මහද්වීපවල සැබෑ විශාලත්වය වඩාත් නිවැරදිව පෙන්වන නව ලෝක සිතියමක් භාවිත කිරීමට එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය සහාය පළකර තිබෙනවා. මෙතෙක් බහුලව භාවිත කළ

ගෘහ නිර්මාණ ශිල්පියෙකු වීමට පැමිණි තරුණයා අද ඔස්ට්‍රේලියාවේ සාර්ථක ශ්‍රී ලාංකික Chef කෙනෙක්
ඔස්ට්‍රේලියාවේ ශ්‍රී ලාංකික ප්‍රජාව අතර තමන්ගේම නමක් ගොඩනගාගත් Chef සහ ව්‍යාපාරිකයෙකු ලෙස යසිරු දැසමන් අද බොහෝ දෙනෙකුගේ අවධානය දිනාගෙන සිටිනවා.
ගෘහ නිර්මාණ ශිල්පියෙකු (Architect) වීමේ සිහිනයක් සමඟ 2008 වසරේදී ඔස්ට්‍රේලියාවට පැමිණි යසිරුගේ ජීවිත ගමන, අනපේක්ෂිත ලෙස ආහාර කලාව දෙසට හැරුණත්, අද වන විට එය සාර්ථක ව්‍යාපාරික ගමනක් බවට පත්ව තිබෙනවා.

නුගේගොඩින් ආරම්භ වූ ඔහුගේ අධ්‍යාපනික ගමන ශාන්ත ජෝන් විද්‍යාලයෙන් සහ පසුව කොළඹ අශෝක විද්‍යාලයෙන් ඉදිරියට ගියා. උසස් පෙළෙන් පසුව Draftsman කෙනෙකු ලෙස වෘත්තීය ජීවිතය ආරම්භ කළ යසිරු, Quantity Surveying සහ Civil Engineering ක්ෂේත්‍රයන්හිද අධ්‍යාපනය හදාරමින් ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඉදිකිරීම් සමාගමක් වන ICC සමාගම සමඟ වසර අටකට ආසන්න කාලයක් සේවය කළා.
ඒත් ඔහුගේ සිහිනය වූයේ Architecture ක්ෂේත්‍රයේ ඉදිරියට යාමයි. ඒ අරමුණින් ඔස්ට්‍රේලියාවට පැමිණ Swinburne University හි Architecture අධ්‍යාපනය ආරම්භ කළත්, අධ්‍යාපන වියදම් පියවා ගැනීම සඳහා Glen Waverley හි Shine Cafe Bar & Lounge හි Kitchen Hand කෙනෙකු ලෙස අර්ධකාලීන රැකියාවක් ආරම්භ කළා.
එම රැකියාව ඔහුගේ ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යය බවට පත්වුණා.
එහිදී ප්‍රවීණ Chefවරුන් සමඟ වැඩ කිරීමෙන් ලැබුණු අත්දැකීම් සහ ආහාර සකස් කිරීමේ කලාව පිළිබඳ ඇති වූ ආශාව හේතුවෙන්, යසිරු තම වෘත්තීය දිශාව සම්පූර්ණයෙන්ම වෙනස් කිරීමට තීරණය කළා.
ඉන් අනතුරුව Holmesglen Institute හි waverley campus එකට පුර්ණ කාලිනව Diploma in Hospitality Management (Culinary )අධ්‍යාපනය හැදෑරූ ඔහු, විශේෂයෙන් French Cuisine පිළිබඳ දැනුම වර්ධනය කරගත්තා. පසුව Charles Sturt University හරහා Hotel Management සහ Business Management උපාධියද සම්පූර්ණ කරමින්, අධ්‍යාපනය සහ වෘත්තීය අත්දැකීම් එකට ගොඩනගා ගත්තා.
අධ්‍යාපනය අවසන්ව Shine Cafe සේවා ස්ථානයේම Chef කෙනෙකු ලෙස මුලික අඩිතාලම ගෙන වසර 5 සේවයෙන් පසුව එම හොටල් සමුහයේම Glen Waverley හි ප්‍රසිද්ධ ශ්‍රී ලාංකික අවන්හලක් වන Elephant Corridor සමඟ එක්වූ යසිරු, ඔවුන් සමග වසර දහයකට ආසන්න කාලයක් සේවය කරමින් තම කුසලතා තවදුරටත් වර්ධනය කරගත්තා.
French, Indian, Sri Lankan සහ Middle Eastern ආහාර සම්ප්‍රදායන් පිළිබඳ විශේෂ දැනුමක් ඇති ඔහු, Italian, Japanese, Mexican, Chinese සහ Indo-Chinese Cuisine පිළිබඳද පුළුල් අත්දැකීම් ලබාගෙන තිබෙනවා.
2018 වසරේදී තමන්ගේම ව්‍යාපාරික ගමන ආරම්භ කළ යසිරු, Dandenong Workers Club හි විශාල Restaurant එකක් ආරම්භ කළා. එකවර පුද්ගලයින් 300කට පමණ සේවා සැපයිය හැකි එම ස්ථානය වසර පහකට ආසන්න කාලයක් සාර්ථකව පවත්වාගෙන ගියා.
මේ වන විට Noble Park ප්‍රදේශයේ Takeaway ආහාර ව්‍යාපාරයක් සාර්ථකව පවත්වාගෙන යන අතර, ඉදිරියේදී නොබෝ දිනකින් Pakenham ප්‍රදේශයේ නව ව්‍යාපාරික ස්ථානයක් විවෘත කිරීමටද සූදානම් වෙමින් සිටිනවා.
වසර 18කට ආසන්න කාලයක් ඔස්ට්‍රේලියාවේ Chef කෙනෙකු ලෙස කටයුතු කළ යසිරු දැසමන්ගේ ජීවිත ගමන, සිහින වෙනස් වුවත් උත්සාහය, කැපවීම සහ අඛණ්ඩ ඉගෙනීම තුළින් සාර්ථකත්වය ගොඩනගා ගත හැකි බව පෙන්වා දෙන ප්‍රබල උදාහරණයක්.
ඔහුගේ ජීවිතයෙන් ලැබෙන වැදගත්ම පණිවිඩය වන්නේ,
“තමන් කැමති දේ හඳුනාගෙන ඒ වෙනුවෙන් කැපවීමෙන් වැඩ කරන්න. ජීවිතයේ සැලසුම් වෙනස් වුණත්, උත්සාහය කිසිදා අත්හරින්න එපා.”
ඔස්ට්‍රේලියාවේ නව ජීවිතයක් ආරම්භ කරන ශ්‍රී ලාංකිකයන්ට, යසිරු දැසමන්ගේ කතාව සාර්ථකත්වය කරා යා හැකි බව පෙන්වන ආශ්වාදජනක ජීවිත ගමනක් ලෙස සැලකිය හැකිය.
වයස අවුරුදු 65ට වැඩි ඔස්ට්‍රේලියානුවන්ට පුද්ගලික සෞඛ්‍ය රක්ෂණ වාරික සඳහා ලබාදෙන වැඩි rebate සහනය ඉවත් කිරීමට ෆෙඩරල් රජය සලකා බලමින්...
ඔස්ට්‍රේලියානු නියෝජ්‍ය අගමැති සහ ආරක්ෂක අමාත්‍ය Richard Marles ඉහළ පෙළේ සාකච්ඡා සඳහා මෙම සතියේ ඇමෙරිකාවට සහ බ්‍රිතාන්‍යයට යාමට නියමිතයි. Australia–US...
ඔස්ට්‍රේලියාවට අයත් ඉන්දියන් සාගරයේ පිහිටි Christmas Island සහ Cocos Islands දූපත් වැසියන් වෙත Qantas ගුවන් සේවය පනවා ඇති අලුත් ගමන්...
සංවිධානාත්මක අපරාධ කණ්ඩායම් විසින් සමාජ මාධ්‍ය සහ සංකේතාත්මක මැසේජ් ඇප් හරහා තරුණයින් සම්බන්ධ කරගන්නා බවට පොලීසිය අනතුරු අඟවනවා. මුදල් ලබාදෙන...
ඔස්ට්‍රේලියා රජය සංක්‍රමණය පාලනය කිරීමේ පියවරක් ලෙස Working Holiday වීසා අනුමත කිරීම මන්දගාමී කර තිබෙනවා. ගොවිපළවල අස්වැන්න නෙළීම සඳහා backpackersලා...
ඔස්ට්‍රේලියාවේ ඉතා උසස් තත්ත්වයේ ව්‍යාජ මුදල් නෝට්ටු සංසරණය වීම සීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති අතර, එමගින් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයින්...
ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර ඔබර්න් (Auburn) ප්‍රදේශයේ කුණු බඳුනක තිබී අලුත උපන් පිරිමි බිළිඳෙකුගේ මළසිරුරක් අද පෙරවරුවේ සොයාගෙන තිබෙනවා. ප්‍රදේශවාසී කාන්තාවක...
ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන වෙළඳ ජාලයක් වන Kmartහි අතිදැවැන්ත ලාභයට සහ සාර්ථකත්වයට මඟ පෑදූ Anko සපයනු ලබන නිෂ්පාදන මාදිලිය Officeworks සහ Bunnings...
නවතම Newspoll සමීක්ෂණයෙන් One Nation පක්ෂයට 30%ක ප්‍රාථමික ඡන්ද ප්‍රතිශතයක් හිමිව තිබෙනවා. Labor පක්ෂයට හිමිව ඇත්තේ 29%ක ඡන්ද ප්‍රතිශතයක්. Coalition...

ලෝකයේ රටවල් සහ මහද්වීපවල සැබෑ විශාලත්වය වඩාත් නිවැරදිව පෙන්වන නව ලෝක සිතියමක් භාවිත කිරීමට එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය සහාය පළකර තිබෙනවා. මෙතෙක් බහුලව භාවිත කළ

2026 වසරේ මුල් මාස හය තුළ Novated Lease ක්‍රමය සහ බදු සහනය යටතේ විදුලි මෝටර් රථ මිලදීගත් ඔස්ට්‍රේලියානුවන්ට වසර අවසානය වනවිට පෙට්‍රල් වියදමෙන් ඩොලර් මිලියන

ඔස්ට්‍රේලියාවේ නැගෙනහිර ප්‍රදේශවලට මෙම සති අන්තයේ අසාමාන්‍ය උණුසුමක් සමඟ දැඩි සුළං, ගිගුරුම් සහිත වැසි, ගංවතුර සහ හිම පතනයද බලපානු ඇතැයි අනතුරු අඟවා තිබෙනවා. සිඩ්නි නගරයේ

ඔස්ට්‍රේලියානු රෝහල් පද්ධතිය තුළ පවතින “Bed Block” හෙවත් රෝහල් ඇඳන් හිඟතාවයේ අර්බුදය තවදුරටත් උග්‍ර වෙමින් පවතින බව වාර්තා වනවා. සෞඛ්‍යමය වශයෙන් සුවය ලබා රෝහලෙන් පිටවීමට

Adelaide නගරයේදී Uber රථයක ගමන් කළ කාන්තාවකට අතවර කිරීමේ චෝදනාවට වරදකරු වූ හිටපු Uber රියදුරෙකුට මාස 12ක සිරදඬුවමක් නියම වී තිබෙනවා. 35 හැවිරිදි Muhammad Uzair

වික්ටෝරියා ප්‍රාන්තයේ ක්ෂීරපායි සතුන් අතර පළමු වරට H5 කුරුළු උණ වෛරසය (H5 bird flu) පැතිරගොස් ඇති බවට බලධාරීන් තහවුරු කර තිබෙනවා. මෙල්බන්හි නිරිතදෙසින් පිහිටි Torquay