උණුසුම් පුවත්

Search

ප්‍රධාන පුවත

Advertisement

මෙල්බන්හි Point Cook ප්‍රදේශයේ සිය නිවස තුළ වයස අවුරුදු 60 ගණන්වල Indonesian කාන්තාවක් වහලියක ලෙස රඳවාගෙන සිටි Chee Kit Chongට වසර හයක සිරදඬුවමක් නියම කර තිබෙනවා.

47 හැවිරිදි Malaysian ජාතික Chee Kit Chongට වසර හතරක් සම්පූර්ණ වනතුරු නිදහස් වීමට අවස්ථාවක් නොලැබෙන අතර, ඔහු 2030දී නිදහස ලබාගැනීම සඳහා සුදුසුකම් ලබනු ඇති.

2022 පෙබරවාරි සහ ඔක්තෝබර් අතර කාලයේදී අදාළ කාන්තාවට වැටුප් නොගෙවා ගෘහ සේවයේ යොදවා, ඇයගේ ගමන් බිමන් පාලනය කරමින් ආහාර, නින්ද සහ නිසි වෛද්‍ය ප්‍රතිකාර අහිමි කළ බවයි අධිකරණයේදී හෙළිව ඇත්තේ.

Advertisement

නිවසේ වැඩ තමන් අපේක්ෂා කළ මට්ටමට සිදු නොකළ බව පවසමින් Chong ඇයට පහරදී ඇති අතර, ඇයගේ හිස බිත්තියකට තල්ලු කර මුහුණට පා පහර දී තිබූ බවද නඩු විභාගයේදී අනාවරණය වුණා.

ආහාර නොමැතිවීම හේතුවෙන් ප්‍රදේශයේ පුණ්‍යායතනයකින් පහසුවෙන් සඟවාගත හැකි ක්‍රැකර්ස් ඇතුළු සුළු ආහාර ඉල්ලා ගැනීමට පවා ඇයට සිදුව තිබූ බව අධිකරණයට දැනුම් දී තිබෙනවා.

Banner 01

2022 ඔක්තෝබර් මාසයේදී එම නිවසෙන් පිටවූ ඇය Victoria Police නිලධාරීන්ට හමුවන විට මන්දපෝෂණයෙන් පෙළෙමින්, ශරීරයේ ඉදිමීම්, කැපුම් සහ තැලීම් සහිතව සිටි බැවින් රෝහල්ගත කර තිබුණා.

වින්දිත කාන්තාව දේපළක් ලෙස සලකා ඇයගේ දුර්වලතා අමානුෂික ලෙස ප්‍රයෝජනයට ගත් බව විනිසුරුවරයා ප්‍රකාශ කර ඇති අතර, සිරදඬුවම අවසන් කිරීමෙන් පසු Chong මැලේසියාවට පිටුවහල් කිරීමට ඉඩ ඇති බවද වාර්තා වනවා.

 


උණුසුම් පුවත්

ඔස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව අතර පවතින ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම කෙරෙහි ඔස්ට්‍රේලියානු පාර්ලිමේන්තුවේ විශේෂ අවධානය යොමුව තිබෙනවා. ඔස්ට්‍රේලියාවේ වෙසෙන...

Australia රජය Student Visa සහ onshore visa මාරු කිරීම් සඳහා තවත් දැඩි සීමා හඳුන්වාදීමට සලකා බලමින් සිටිනවා. නවතම දත්ත අනුව...

නේපාලයට බලපෑ දරුණු ගංවතුරෙන් දින 9කට පසුව hydropower tunnel එකක් තුළ සිරවී සිටි පුද්ගලයින් දෙදෙනෙකු බේරාගැනීමට මුදාගැනීමේ කණ්ඩායම් සමත්ව තිබෙනවා....

නිවාස නොමැතිවීමේ අවදානමට මුහුණදෙන තරුණයින් සහ ගෘහස්ථ හිංසනයෙන් පලායන කාන්තාවන්ට ආරක්ෂිත නවාතැන් සැපයීම සඳහා Albanese රජය ඩොලර් මිලියන 145ක් වෙන්කර...

වික්ටෝරියා ප්‍රාන්තයේ මාර්ගවල පවතින වළවල් 500,000ක් පමණ ඉදිරි කාලය තුළ පිළිසකර කිරීමට ප්‍රාන්ත රජය විශේෂ වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා. මෙතෙක්...

නේපාලයට බලපෑ දරුණු ගංවතුරෙන් අතුරුදන්ව සිටි තවත් ඔස්ට්‍රේලියානුවන් 4 දෙනෙකු සුරක්ෂිතව සිටින බව තහවුරු වී තිබෙනවා. ඒ අනුව මේ දක්වා...

ඔස්ට්‍රේලියාවේ දුම්පානය අඩු කිරීම සඳහා වසර ගණනාවක් තිස්සේ දුම්කොළ බදු ඉහළ දැමීමේ ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කර ඇති අතර, එහි ප්‍රතිඵලයක් ලෙස...

වික්ටෝරියා ප්‍රාන්තයේ ක්ෂීරපායි සතුන් අතර පළමු වරට H5 කුරුළු උණ වෛරසය (H5 bird flu) පැතිරගොස් ඇති බවට බලධාරීන් තහවුරු කර...

ඉන්ධන මිල ඉහළ යාම සහ මැදපෙරදිග පවතින ගැටුම්කාරී තත්ත්වය හේතුවෙන් ඔස්ට්‍රේලියානුවන්ගේ විදේශ සහ දේශීය ගමන් බිමන් පසුගිය කාලයේදී අඩුවී තිබෙන...

පුවත් විකාශය

Main Box banner
Live
Click Play to Listen

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom

මෙල්බන් නිවසක කාන්තාවක් වහලියක කළ පුද්ගලයාට වසර හයක සිරදඬුවමක්

ඩොලර් මිලියන 5ක ලොතරැයි ජය ඇසූ කාන්තාව බිම ඇදවැටෙයි

ඔස්ට්‍රේලියාවේ නවතම Powerball දිනුම් ඇදීමේ ඩොලර් මිලියන 20ක ජැක්පොට් ත්‍යාගය ජයග්‍රාහකයන් සිව්දෙනෙකු අතර බෙදී ගොස් තිබෙනවා. එක් ජයග්‍රාහකයෙකුට ඩොලර් මිලියන 5 බැගින් හිමිවන අතර, දශකයක්

Read More »

වසර 450ක් පැරණි ලෝක සිතියම වෙනස් කිරීමට එක්සත් ජාතීන්ගෙන් තීරණයක්

ලෝකයේ රටවල් සහ මහද්වීපවල සැබෑ විශාලත්වය වඩාත් නිවැරදිව පෙන්වන නව ලෝක සිතියමක් භාවිත කිරීමට එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය සහාය පළකර තිබෙනවා. මෙතෙක් බහුලව භාවිත කළ

Read More »

පෙට්‍රල් වාහනයෙන් EV එකකට මාරුවුණොත් ඇත්තටම ලාභද?

2026 වසරේ මුල් මාස හය තුළ Novated Lease ක්‍රමය සහ බදු සහනය යටතේ විදුලි මෝටර් රථ මිලදීගත් ඔස්ට්‍රේලියානුවන්ට වසර අවසානය වනවිට පෙට්‍රල් වියදමෙන් ඩොලර් මිලියන

Read More »

සති අන්තයේ වික්ටෝරියාව ඇතුළු ප්‍රාන්ත රැසකට කාලගුණ අනතුරු ඇඟවීම්

ඔස්ට්‍රේලියාවේ නැගෙනහිර ප්‍රදේශවලට මෙම සති අන්තයේ අසාමාන්‍ය උණුසුමක් සමඟ දැඩි සුළං, ගිගුරුම් සහිත වැසි, ගංවතුර සහ හිම පතනයද බලපානු ඇතැයි අනතුරු අඟවා තිබෙනවා. සිඩ්නි නගරයේ

Read More »

ඔස්ට්‍රේලියාව පුරා රෝගීන් දහස් ගණනක් රෝහල් ඇඳන්වල සිරවෙයි

ඔස්ට්‍රේලියානු රෝහල් පද්ධතිය තුළ පවතින “Bed Block” හෙවත් රෝහල් ඇඳන් හිඟතාවයේ අර්බුදය තවදුරටත් උග්‍ර වෙමින් පවතින බව වාර්තා වනවා. සෞඛ්‍යමය වශයෙන් සුවය ලබා රෝහලෙන් පිටවීමට

Read More »

Uber රථයක ගමන් කළ කාන්තාවකට අතවර කළ හිටපු රියදුරෙකුට ලැබුණු දඬුවම

Adelaide නගරයේදී Uber රථයක ගමන් කළ කාන්තාවකට අතවර කිරීමේ චෝදනාවට වරදකරු වූ හිටපු Uber රියදුරෙකුට මාස 12ක සිරදඬුවමක් නියම වී තිබෙනවා. 35 හැවිරිදි Muhammad Uzair

Read More »

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom