Join on WhatsApp channel
Auslanka tv Tickets

උණුසුම් පුවත්

Search

ප්‍රධාන පුවත

Advertisement

මෙල්බන්හි කනිෂ්ඨ බාලිකා පාපන්දු තරගයක් අතරමැදදී නවත්වා, පිරිමි ළමයින්ගේ කණ්ඩායමකට අදාළ ක්‍රීඩා පිටිය ලබාදීම සඳහා බාලිකා කණ්ඩායම වෙනත් බාල මට්ටමේ පිටියකට යොමු කිරීමට එරෙහිව Boroondara Eagles පාපන්දු සමාජය දැඩි විරෝධය පළ කර තිබෙනවා.

Oakleighහි Caloola Reserveහි පැවැති වයස අවුරුදු 12න් පහළ බාලිකා පාපන්දු තරගයක් අතරතුරදී මෙය සිදුවී ඇත්තේ වයස අවුරුදු 11න් පහළ පිරිමි කණ්ඩායමකට එම පිටිය ලබාදීමේ අරමුණින්.

විනාඩි 40ක ප්‍රමාදයකින් පසුව බාලිකා කණ්ඩායමට ලබාදී ඇත්තේ ජලයෙන් යටවූ, ආරක්ෂිත නොවන වෙනත් පිටියක් වන අතර, ඒ හේතුවෙන් තරගය අතහැර දැමීමට සිදුවී තිබෙනවා.

Advertisement

මෙම සිද්ධිය නිසා තරුණ කාන්තා පුහුණුකාරිනියක් කඳුළු සලමින් පිටියෙන් ඉවත්ව ගිය බවත්, ක්‍රීඩිකාවන් සහ දෙමාපියන් දැඩි කලකිරීමට පත්වූ බවත් Boroondara Eagles සමාජය සඳහන් කරනවා.

මෙම ලිංගික වෙනස්කම් කිරීමට විරෝධය පාමින් අදාළ කණ්ඩායම සමග පැවැත්වීමට තිබූ නැවත සංවිධානය කළ තරගයට සහභාගී වීම ද එම ක්‍රීඩා සමාජය ප්‍රතික්ෂේප කර තිබෙනවා.

Banner 01

සිද්ධිය සම්බන්ධයෙන් Football Victoria ආයතනය වෙත සහ Football Australiaහි core integrity team වෙත නිල පැමිණිලි ඉදිරිපත් කර ඇති අතර, මෙය ලිංගික වෙනස්කමක් (Gender Discrimination) ලෙස සලකා විමර්ශනය කරන ලෙස ඉල්ලා සිටිනවා.

කෙසේ වෙතත් Football Victoria ආයතනය ප්‍රකාශ කළේ අදාළ සිදුවීම පිළිබඳව තම කණගාටුව පළකරන අතර, සාමාජික ආරක්ෂණ ක්‍රියාවලිය (Member Protection Process) යටතේ මේ පිළිබඳව පූර්ණ පරීක්ෂණයක් දැනටමත් ආරම්භ කර ඇති බවයි.

Join on WhatsApp channel

උණුසුම් පුවත්

නව සමීක්ෂණයකට අනුව ඔස්ට්‍රේලියානුවන් 10 දෙනෙකුගෙන් එක් අයෙකු පමණ මත්පැන් පානය කිරීම හෝ මත්පැන් පානයෙන් පසු ඇතිවන අපහසුතාව හේතුවෙන් ගුවන්...

ඔස්ට්‍රේලියාවේ අනෙකුත් ප්‍රාන්ත සමඟ සසඳන විට නිවාස මිලදී ගැනීම සඳහා සාපේක්ෂව පහසුම ප්‍රාන්තය ලෙස වික්ටෝරියා ප්‍රාන්තය නම් කර තිබෙනවා. කෙසේ...

2026 වසර සඳහා ඔස්ට්‍රේලියාව සහ පැසිෆික් කලාපයේ ජනප්‍රියතම ගුවන් සේවය ලෙස Qantas තේරී පත්ව තිබෙනවා. මෙම ශ්‍රේණිගත කිරීම සිදුකර ඇත්තේ...

ක්වීන්ස්ලන්තයේ E-Bike සහ E-Scooter පදවන අයට අදාළ නව රියදුරු බලපත්‍ර නීතිය අද සිට ක්‍රියාත්මකයි. වයස අවුරුදු 16ට වැඩි පුද්ගලයන්ට මහජන...

ඉරානය සමඟ මාස හයකට වැඩි කාලයක් පුරා ගැටුම් පැවතියද, එය යුද්ධයක් ලෙස තමන් නොසලකන බව ඇමෙරිකානු උප ජනාධිපති JD වැන්ස්...

සිඩ්නි ඇතුළු ප්‍රධාන ප්‍රදේශ කිහිපයකට බලපා ඇති අසාමාන්‍ය අධික උණුසුම් කාලගුණ තත්ත්වය හේතුවෙන් අද සිට ක්‍රියාත්මක වන පරිදි Total Fire...

නේපාලයේ ඇතිවූ දරුණු ගංවතුර සහ නායයෑම් තත්ත්වය හේතුවෙන් පීඩාවට පත්ව සිටින ජනතාවට සහන සැලසීම සඳහා Australia රජය තවත් ඩොලර් මිලියන...

Sydney හි බටහිර ප්‍රදේශයේ ඇති වූ ගැටුමක් අතරතුර 17 හැවිරිදි දැරියකට බරපතළ තුවාල සිදුව තිබෙනවා. Blacktown ප්‍රදේශයේ වීදියකදී තරුණයන් පිරිසක්...

ඔස්ට්‍රේලියානුවන්ගේ පෞද්ගලික තොරතුරු සොරකම් කිරීම වැළැක්වීමට IDLock නමින් නව සේවාවක් හඳුන්වාදීමට රජය සූදානම් වෙනවා. මෙම සේවාව myGov ගිණුම හරහා භාවිත...

පුවත් විකාශය

Main Box banner
Live
Click Play to Listen

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom

පිරිමි කණ්ඩායමකට තැන දීමට බාලිකා පාපන්දු තරගයක් අතරමැද නවතයි – මෙල්බන් ක්‍රීඩා සමාජයකින් දැඩි විරෝධයක්

ඉන්දුනීසියාවේ ගිනි කන්දක් සක්‍රීය වීමෙන් ගුවන් ගමන්වලට දැඩි බාධා

ඉන්දුනීසියාවේ Anak Krakatau ගිනි කන්ද සක්‍රීය වීමත් සමඟ නිකුත් වන අළු හේතුවෙන් ප්‍රධාන ජාත්‍යන්තර ගුවන්තොටුපොළක ගුවන් ගමන් අත්හිටුවීමට බලධාරීන් පියවර ගෙන තිබෙනවා. ඉන්දුනීසියාවේ Soekarno-Hatta International

Read More »

ඔස්ට්‍රේලියානු කොඩිය ගිනි තැබුවොත් ලැබෙන දඬුවම?

ඔස්ට්‍රේලියානු ජාතික කොඩිය ප්‍රසිද්ධියේ ගිනි තැබීම හෝ හිතාමතා අපවිත්‍ර කිරීම අපරාධයක් බවට පත්කර, එවැනි ක්‍රියාවකට උපරිම වසරක සිරදඬුවමක් නියම කිරීමට කෝලීෂන් විපක්ෂය යෝජනා කර තිබෙනවා.

Read More »

ගබ්සා පහකට මුහුණදුන් සිඩ්නි සංක්‍රමණික මවකගේ නිහඬ වේදනාව

බටහිර සිඩ්නිහි ජීවත් වන 34 හැවිරිදි Farhana Laffernis මවක් වීමේ සිහිනය සැබෑ කරගැනීමට ගත් උත්සාහයන් අතරතුර ගබ්සා පහකට මුහුණදීමෙන් තම ජීවිතය සම්පූර්ණයෙන්ම බිඳවැටුණු බව පවසනවා.

Read More »
angus taylor

සිගරට් පැකට්ටුවක මිල $25කින් අඩු කිරීමට විපක්ෂයෙන් යෝජනාවක්

ඔස්ට්‍රේලියාවේ දුම්කොළ සඳහා දැනට අය කරන බද්ද 80%කින් අඩු කර, නීත්‍යනුකූල සිගරට් මිල විශාල ලෙස පහළ දැමීමට Coalition විපක්ෂය යෝජනා කර තිබෙනවා. මෙම යෝජනාව ක්‍රියාත්මක

Read More »

මෙල්බන්හි පුංචි Emilyගේ මොළයෙන් අලිගැටපේරයක් තරම් ගෙඩියක් හමුවෙයි

මෙල්බන්හි දෙහැවිරිදි Emily Peterson නින්දෙන් අවදිවීමෙන් පසු සිරුර වෙව්ලීමට පටන්ගෙන තිබුණා. දින කිහිපයක් ඇතුළත ඇයට වමනය, අධික නිදිමත සහ ඇවිදීමේදී බිත්තිවල හැපීම වැනි රෝග ලක්ෂණද

Read More »
[the_ad id="38840"]
[the_ad id="40137"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom