Join on WhatsApp channel
Auslanka tv Tickets

උණුසුම් පුවත්

Search

ප්‍රධාන පුවත

Advertisement

බටහිර සිඩ්නිහි ජීවත් වන 34 හැවිරිදි Farhana Laffernis මවක් වීමේ සිහිනය සැබෑ කරගැනීමට ගත් උත්සාහයන් අතරතුර ගබ්සා පහකට මුහුණදීමෙන් තම ජීවිතය සම්පූර්ණයෙන්ම බිඳවැටුණු බව පවසනවා.

ඇයගේ පළමු ගබ්සාව ගැබ්ගෙන සති අටක් පමණ ගතවූ අවස්ථාවේ කොවිඩ් වසංගත සීමාවන් අතර සිදුවූ අතර, වෛද්‍ය හමුවීම් සහ ස්කෑන් පරීක්ෂණ සඳහා තම සැමියාද කැඳවාගෙන යාමට නොහැකිවීම නිසා එම වේදනාව තනිවම විඳදරා ගැනීමට ඇයට සිදුව තිබුණා.

පළමු ගබ්සා දෙකෙන් පසුව IVF ප්‍රතිකාර මගින් දියණියක බිහිකිරීමට ඇය සමත් වුවත්, පසුව සිදුවූ තවත් ගබ්සා තුනක් හේතුවෙන් දෙවැනි දරුවෙකු පිළිබඳව තිබූ බලාපොරොත්තුව අත්හැරීමට පවුලට සිදුවුණා.

Advertisement

ඉන්දියානු සංක්‍රමණික පවුලකින් පැවත එන Farhana පවසන්නේ ගබ්සාව පිළිබඳව විවෘතව කතා කිරීමට තම පවුල තුළ තිබූ අකමැත්ත සහ සංස්කෘතික නිහඬතාව හේතුවෙන් තම මානසික වේදනාව තවත් දරුණු වූ බවයි.

ගබ්සාව සාමාන්‍ය සිදුවීමක් ලෙස ඇතැම් පුද්ගලයන් සැලකුවද, එය තම ජීවිතයේ මුහුණදුන් බරපතළම අහිමිවීම බව පවසන ඇය, අවශ්‍ය සහයෝගය ලබාගැනීම සඳහා අවසානයේ තම පවුලේ සාමාජිකයන් සමඟ අපහසු සංවාදවලටද මුහුණදී තිබෙනවා.

Banner 01

නව ඔස්ට්‍රේලියානු අධ්‍යයනයකට අනුව 2022 වසරේ දරුවෙකු බිහිකළ කාන්තාවන් දසදෙනෙකුගෙන් තිදෙනෙකු මීට පෙර අවම වශයෙන් එක් ගබ්සාවකට මුහුණදී ඇති අතර, දසදෙනෙකුගෙන් එක් අයෙකු ගබ්සා දෙකකට හෝ ඊට වැඩි සංඛ්‍යාවකට මුහුණදී තිබෙනවා.

විවිධ සංස්කෘතික හා භාෂා පසුබිම්වල කාන්තාවන්ගේ අත්දැකීම් නිසි ලෙස දත්තවලට ඇතුළත් නොවන බවට විශේෂඥයන් අනතුරු අඟවන අතර, ගබ්සාවෙන් පසු සියලුම කාන්තාවන්ට මානසික සෞඛ්‍ය සහාය ඇතුළු විධිමත් සේවා ලබාදිය යුතු බවයි Farhana ඉල්ලා සිටින්නේ.

 

Join on WhatsApp channel

උණුසුම් පුවත්

නේපාලයට බලපෑ දරුණු ගංවතුරෙන් අතුරුදන්ව සිටි තවත් ඔස්ට්‍රේලියානුවන් 4 දෙනෙකු සුරක්ෂිතව සිටින බව තහවුරු වී තිබෙනවා. ඒ අනුව මේ දක්වා...

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ලබන 18 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර...

ඔස්ට්‍රේලියාවේ ආන්දෝලනාත්මක වෘත්තීය සමිතියක් වන CFMEUහි හිටපු ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු වන John Perkovicගේ මෙල්බන්හි පිහිටි නිවස, ඔස්ට්‍රේලියානු ෆෙඩරල් පොලිසිය (AFP) විසින්...

Casey Council විසින් නිකුත් කළ සිංහල ඇතුළු භාෂා කිහිපයකින් සකස් කළ දැනුවත් කිරීම පහතින්. මෙල්බර්න්හි Casey නගර සභාව විසින් ප්‍රදේශයේ...

ඔස්ට්‍රේලියානු ජාතික කොඩිය ප්‍රසිද්ධියේ ගිනි තැබීම හෝ හිතාමතා අපවිත්‍ර කිරීම අපරාධයක් බවට පත්කර, එවැනි ක්‍රියාවකට උපරිම වසරක සිරදඬුවමක් නියම කිරීමට...

AI තාක්ෂණයේ සීඝ්‍ර වර්ධනයත් සමග ලෝක ආර්ථිකය අලුත් මගකට යොමු වෙමින් පැවතුණද, ඒ සඳහා අවශ්‍ය පූර්ණ බලශක්ති සැපයුම නොමැති වීම...

නව සමීක්ෂණයකට අනුව ඔස්ට්‍රේලියානුවන් 10 දෙනෙකුගෙන් එක් අයෙකු පමණ මත්පැන් පානය කිරීම හෝ මත්පැන් පානයෙන් පසු ඇතිවන අපහසුතාව හේතුවෙන් ගුවන්...

ඔස්ට්‍රේලියාවේ පළමු මුහුදු සුළං බලශක්ති වෙන්දේසිය Victoria ප්‍රාන්තයේ නිල වශයෙන් ආරම්භ කර තිබෙනවා. Gippsland වෙරළට ඔබ්බෙන් සුළං විදුලි බලාගාර ඉදිකිරීම...

නිව් සවුත් වේල්ස් (NSW) ප්‍රාන්ත අග්‍රාමාත්‍ය Chris Minns, ඉන්දියානු ගුවන් සේවා Western Sydney International Airport වෙත ආකර්ෂණය කර ගැනීම සඳහා...

පුවත් විකාශය

Main Box banner
Live
Click Play to Listen

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom

ගබ්සා පහකට මුහුණදුන් සිඩ්නි සංක්‍රමණික මවකගේ නිහඬ වේදනාව

ඔස්ට්‍රේලියානු කොඩිය ගිනි තැබුවොත් ලැබෙන දඬුවම?

ඔස්ට්‍රේලියානු ජාතික කොඩිය ප්‍රසිද්ධියේ ගිනි තැබීම හෝ හිතාමතා අපවිත්‍ර කිරීම අපරාධයක් බවට පත්කර, එවැනි ක්‍රියාවකට උපරිම වසරක සිරදඬුවමක් නියම කිරීමට කෝලීෂන් විපක්ෂය යෝජනා කර තිබෙනවා.

Read More »

ගබ්සා පහකට මුහුණදුන් සිඩ්නි සංක්‍රමණික මවකගේ නිහඬ වේදනාව

බටහිර සිඩ්නිහි ජීවත් වන 34 හැවිරිදි Farhana Laffernis මවක් වීමේ සිහිනය සැබෑ කරගැනීමට ගත් උත්සාහයන් අතරතුර ගබ්සා පහකට මුහුණදීමෙන් තම ජීවිතය සම්පූර්ණයෙන්ම බිඳවැටුණු බව පවසනවා.

Read More »
angus taylor

සිගරට් පැකට්ටුවක මිල $25කින් අඩු කිරීමට විපක්ෂයෙන් යෝජනාවක්

ඔස්ට්‍රේලියාවේ දුම්කොළ සඳහා දැනට අය කරන බද්ද 80%කින් අඩු කර, නීත්‍යනුකූල සිගරට් මිල විශාල ලෙස පහළ දැමීමට Coalition විපක්ෂය යෝජනා කර තිබෙනවා. මෙම යෝජනාව ක්‍රියාත්මක

Read More »

මෙල්බන්හි පුංචි Emilyගේ මොළයෙන් අලිගැටපේරයක් තරම් ගෙඩියක් හමුවෙයි

මෙල්බන්හි දෙහැවිරිදි Emily Peterson නින්දෙන් අවදිවීමෙන් පසු සිරුර වෙව්ලීමට පටන්ගෙන තිබුණා. දින කිහිපයක් ඇතුළත ඇයට වමනය, අධික නිදිමත සහ ඇවිදීමේදී බිත්තිවල හැපීම වැනි රෝග ලක්ෂණද

Read More »

Royal Adelaide Showහිදී ශ්‍රී ලංකාවට අභිමානයක් ගෙනආ කේක් නිර්මාණ ශිල්පිනිය

ඇඩිලේඩ් නුවර ජීවත්වන ශ්‍රී ලාංකික කේක් නිර්මාණ ශිල්පිනී මලීෂා ඔකඳපොළ, මෙවර Royal Adelaide Show තරගාවලියේ ප්‍රධාන ජයග්‍රහණ දෙකක් හිමිකරගෙන තිබෙනවා. ඇය Master මට්ටමේ Wedding Cake

Read More »
[the_ad id="38840"]
[the_ad id="40137"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom