Join on WhatsApp channel
Auslanka tv Tickets

උණුසුම් පුවත්

Search

ප්‍රධාන පුවත

Advertisement

Melbourne Airport හි වසර 56ක් පුරා භාවිත කළ පැරණි Pick-up සහ Drop-off ප්රදේශය වෙනස් කිරීමට ගුවන් තොටුපළ බලධාරීන් තීරණය කර තිබෙනවා.

ඒ අනුව ලබන ඔක්තෝබර් 6 වැනිදා සිට නව Pick-up සහ Drop-off ප්‍රදේශ විවෘත කිරීමට නියමිත අතර, දැනට භාවිත කරන Departures ramp එක එදින සිට මගීන් රැගෙන යාම සහ රැගෙන ඒම සඳහා භාවිත කළ නොහැකි වනු ඇති.

නව ක්‍රමය යටතේ Melbourne Airport වෙත මගීන් රැගෙන යන හෝ රැගෙන එන රියදුරන්ට Tullamarine Freeway හි Exit 19 හරහා කලින් පිටවී, ඉහළ මාර්ගය ඔස්සේ ගුවන් තොටුපළේ පර්යන්ත වෙත ළඟා වීමට සිදුවනවා.

Advertisement

මෙම වෙනස සිදුකරන්නේ Melbourne Airport හි ජාත්‍යන්තර පර්යන්තය තවදුරටත් පුළුල් කිරීම සඳහා අවශ්‍ය ඉඩ ලබාගැනීමේ අරමුණින් බවයි බලධාරීන් පවසන්නේ.

Melbourne Airport ප්‍රධාන විධායක නිලධාරිනී Lorie Argus සඳහන් කරන්නේ දිනකට 100,000කට වැඩි පිරිසක් ගුවන් තොටුපළ භාවිත කරන අතර, 2047 වන විට වාර්ෂික මගී සංඛ්‍යාව මිලියන 75ක් දක්වා ඉහළ යනු ඇතැයි අපේක්ෂා කරන බවයි.

Banner 01

නව Pick-up සහ Drop-off ප්‍රදේශය ආවරණය සහිත රථගාලක් තුළ ස්ථාපිත කර ඇති අතර, පෞද්ගලික සහ වාණිජ වාහන සඳහා වෙනම ප්‍රදේශද ලබාදීමට නියමිතයි.

එමෙන්ම මගීන්ට තමන්ව රැගෙන යාමට පැමිණෙන වාහනය එනතුරු ආවරණය සහිත ස්ථානයක රැඳී සිටීමටත්, වැසිකිළි පහසුකම් ආසන්නයේ සිටීමටත් නව සැලසුම මගින් අවස්ථාව ලැබෙන බව Melbourne Airport පවසනවා.

මේ අතර Mercer Drive ආසන්නයේ පවතින විනාඩි 60ක නොමිලේ රැඳී සිටීමේ ප්‍රදේශය තවදුරටත් ක්‍රියාත්මක වනු ඇති.

Melbourne Airport 1970 වසරේ විවෘත කළ දින සිට වසර 56ක් පුරා මගීන් Departures ramp එකෙන් බැසීමට සහ එහිදී රැගෙන යාමට හුරු වී සිටි බැවින්, නව ක්‍රමයට හුරුවීමට ජනතාවට යම් කාලයක් ගතවනු ඇති බව බලධාරීන් පවසනවා.

නව ක්‍රමය ආරම්භ වන ඔක්තෝබර් 6 වැනිදා සිට රියදුරන්ට සහ මගීන්ට සහය වීම සඳහා අමතර කාර්ය මණ්ඩලයක්ද යෙදවීමට Melbourne Airport කටයුතු කර තිබෙනවා.

ඒ අනුව ඔක්තෝබර් 6 වැනිදා සිට Melbourne Airport වෙත මගීන් රැගෙන යාමට හෝ රැගෙන ඒමට බලාපොරොත්තු වන රියදුරන් නව මාර්ග සහ Pick-up/Drop-off ප්‍රදේශ පිළිබඳව කලින් දැනුවත් වී ගමන් කිරීම වැදගත් වනු ඇති.

Join on WhatsApp channel

උණුසුම් පුවත්

සිඩ්නි ඇතුළු ප්‍රධාන ප්‍රදේශ කිහිපයකට බලපා ඇති අසාමාන්‍ය අධික උණුසුම් කාලගුණ තත්ත්වය හේතුවෙන් අද සිට ක්‍රියාත්මක වන පරිදි Total Fire...

ඔස්ට්‍රේලියානු ජාතික කොඩිය ප්‍රසිද්ධියේ ගිනි තැබීම හෝ හිතාමතා අපවිත්‍ර කිරීම අපරාධයක් බවට පත්කර, එවැනි ක්‍රියාවකට උපරිම වසරක සිරදඬුවමක් නියම කිරීමට...

ඔස්ට්‍රේලියාවේ දුම්කොළ සඳහා දැනට අය කරන බද්ද 80%කින් අඩු කර, නීත්‍යනුකූල සිගරට් මිල විශාල ලෙස පහළ දැමීමට Coalition විපක්ෂය යෝජනා...

AI තාක්ෂණයේ සීඝ්‍ර වර්ධනයත් සමග ලෝක ආර්ථිකය අලුත් මගකට යොමු වෙමින් පැවතුණද, ඒ සඳහා අවශ්‍ය පූර්ණ බලශක්ති සැපයුම නොමැති වීම...

වික්ටෝරියා ප්‍රාන්තයේ මිල්ඩියුරා නගරයේ සම්බාහන චිකිත්සක පුහුණුව ලබමින් සිටි 33 හැවිරිදි ටෝමි මැතිව්ට කාන්තාවන් දෙදෙනෙකුට ලිංගික අතවර කිරීම සම්බන්ධයෙන් මාස...

ඔස්ට්‍රේලියානු රෝහල් පද්ධතිය තුළ පවතින “Bed Block” හෙවත් රෝහල් ඇඳන් හිඟතාවයේ අර්බුදය තවදුරටත් උග්‍ර වෙමින් පවතින බව වාර්තා වනවා. සෞඛ්‍යමය...

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව (CIABOC) විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ආන්දෝලනාත්මක Airbus ගනුදෙනුව සම්බන්ධයෙන්...

සංවිධානාත්මක අපරාධ කණ්ඩායම් විසින් සමාජ මාධ්‍ය සහ සංකේතාත්මක මැසේජ් ඇප් හරහා තරුණයින් සම්බන්ධ කරගන්නා බවට පොලීසිය අනතුරු අඟවනවා. මුදල් ලබාදෙන...

ඉලෙක්ට්‍රික් වාහනවල බැටරි භාවිත කරමින් නිවසට සහ විදුලිබල පද්ධතියට විදුලිය ලබාදිය හැකි Vehicle-to-Grid හෙවත් V2G තාක්ෂණය ඔස්ට්‍රේලියාව තුළ වේගයෙන් අවධානයට...

පුවත් විකාශය

Main Box banner
Live
Click Play to Listen

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom

මෙල්බන් ගුවන් තොටුපළේ Pick-up සහ Drop-off ක්‍රමයේ දැවැන්ත වෙනසක්

වයස 45න් පසු ඔස්ට්‍රේලියාවේ රැකියා සොයන්නන්ට අලුත් අභියෝගයක්

ඔස්ට්‍රේලියාවේ වයස අවුරුදු 45 ඉක්මවූ අත්දැකීම් සහිත රැකියා අපේක්ෂකයින්, රැකියා සඳහා අයදුම් කිරීමේදී වයස් පක්ෂපාතීත්වයට මුහුණදෙන බව නව වාර්තාවක් පෙන්වා දෙනවා. විශේෂයෙන්ම සුදුසුකම් සහ වසර

Read More »

ඔස්ට්‍රේලියාවේ රැකියා දැන්වීම් ඉහළට

ඔස්ට්‍රේලියාවේ රැකියා වෙළඳපොළ සම්බන්ධයෙන් සුබදායක ලකුණක් පෙන්නුම් කරමින් අගෝස්තු මාසයේ රැකියා දැන්වීම් සංඛ්‍යාව සියයට 2.5කින් ඉහළ ගොස් තිබෙනවා. ANZ සහ Indeed ආයතන නිකුත් කළ නවතම

Read More »

ශ්‍රී ලාංකිකයින්ට තායිලන්තයට යාමේදී වීසා නීති වෙනස් වෙයි

තායිලන්තයට ඇතුළුවීමේදී ශ්‍රී ලාංකිකයින්ට මෙතෙක් ලබාදී තිබූ වීසා රහිතව ඇතුළුවීමේ පහසුකම අහෝසි කිරීමට තායිලන්ත තානාපති කාර්යාලය තීරණය කර තිබෙනවා. ඒ අනුව සැප්තැම්බර් 15 වැනිදායින් පසුව

Read More »

ඔස්ට්‍රේලියාවේ ප්‍රවාහන ක්ෂේත්‍රය උණුසුම් – සේවකයින් වැඩවර්ජනයකට

ඔස්ට්‍රේලියාව පුරා ප්‍රවාහන සේවකයින් දහස් ගණනක් වැටුප් සහ රැකියා සුරක්ෂිතභාවය සම්බන්ධයෙන් වැඩවර්ජනයකට සූදානම් වන බව වාර්තා වනවා. Transport Workers Union සාමාජිකයින් වන FedEx, Qube, K&S,

Read More »

“හඳේ අයිතියත් අපටයි” – ට්‍රම්ප් කියයි

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සමාජ මාධ්‍ය ඔස්සේ “හඳ අපේ” යන අදහස පළ කිරීමත් සමඟ එය ජාත්‍යන්තරව දැඩි අවධානයකට ලක්වී තිබෙනවා. ට්‍රම්ප් විසින් ඇමරිකානු ධජයක් සමඟ

Read More »

ඔස්ට්‍රේලියානුවන් නොමිලේ වැඩ කරන පැය ගණන ඇසුවොත් පුදුම වෙයි

ඔස්ට්‍රේලියානුවන් වසරකට පැය බිලියන 31කට ආසන්න කාලයක් වැටුප් නොමැතිව සේවයේ යෙදී සිටින බවට නව විශ්ලේෂණයකින් හෙළිවී තිබෙනවා. ඒ අතර ආහාර පිළියෙල කිරීම, නිවස පිරිසිදු කිරීම,

Read More »
[the_ad id="38840"]
[the_ad id="40137"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom