Join on WhatsApp channel
Auslanka tv Tickets

උණුසුම් පුවත්

Search

ප්‍රධාන පුවත

Advertisement

ඔස්ට්‍රේලියාවේ සංක්‍රමණික සේවකයන් සූරාකෑම සඳහා ඇතැම් සේවායෝජකයන් ABN හෙවත් ඔස්ට්‍රේලියානු ව්‍යාපාර අංකය (Australian Business Number) භාවිත කරන බව නව අධ්‍යයනයකින් හෙළිවී තිබෙනවා.

සේවකයන් ලෙස සේවයට ගත්තද, ඔවුන්ට ABN ලබාගෙන කොන්ත්‍රාත්කරුවන් ලෙස වැඩ කරන ලෙස දැනුම් දෙන බවයි පැවසෙන්නේ.

එමගින් අවම වැටුප, නිවාඩු දීමනා සහ අනෙකුත් සේවක අයිතිවාසිකම් ලබාදීමෙන් වැළකී සිටීමට ඇතැම් ව්‍යාපාර උත්සාහ කරනවා.

Advertisement

සංක්‍රමණික සේවකයන්ගෙන් තුනෙන් එකකට වැඩි පිරිසක් ABN යටතේ වැඩ කරන අතර, එය සාමාන්‍ය සේවකයන් අතර පවතින ප්‍රමාණය මෙන් සිව් ගුණයකටත් වැඩියි.

සමීක්ෂණයට එක්වූ සංක්‍රමණික සේවකයන්ගෙන් තුනෙන් දෙකකට නීතියෙන් හිමි වැටුපට වඩා අඩු මුදලක් ලැබෙන බවද වාර්තා වී තිබෙනවා.

Banner 01

ජාත්‍යන්තර සිසුන්ට පමණක් මෙලෙස වසරකට අහිමිවන වැටුප් ප්‍රමාණය ඩොලර් බිලියන 3.18ක් පමණ බවයි පර්යේෂකයන් ගණන් බලා තිබෙන්නේ.

වීසා අවලංගු කරනු ඇතැයි ඇති බිය නිසා බොහෝ සංක්‍රමණික සේවකයන් මේ පිළිබඳ පැමිණිලි නොකරන බවද මාධ්‍ය වාර්තාවල සඳහන්.

 

Join on WhatsApp channel

උණුසුම් පුවත්

නිව් සවුත් වේල්ස් (NSW) ප්‍රාන්ත අග්‍රාමාත්‍ය Chris Minns, ඉන්දියානු ගුවන් සේවා Western Sydney International Airport වෙත ආකර්ෂණය කර ගැනීම සඳහා...

වික්ටෝරියා ප්‍රාන්තයේ Mount Duneed ප්‍රදේශයේ ළමා සාදයකදී Jumping Castle එකක් දැඩි සුළඟට හසුවී ඉහළට එසවී තිබෙනවා. Lower Duneed Roadහි නිවසක...

ඔස්ට්‍රේලියාවේ ගුවන් ගමන් පාලන සේවාවල බරපතළ කාර්ය මණ්ඩල හිඟයක් හේතුවෙන්, කොවිඩ් වසංගතයෙන් පසු නගර ආශ්‍රිත ගුවන් කලාපවල දක්නට නොලැබුණු විශේෂ...

Casey Council විසින් නිකුත් කළ සිංහල ඇතුළු භාෂා කිහිපයකින් සකස් කළ දැනුවත් කිරීම පහතින්. මෙල්බර්න්හි Casey නගර සභාව විසින් ප්‍රදේශයේ...

ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන වෙළෙඳ සමාගම් පාරිභෝගිකයින්ට භාණ්ඩ තෝරාදීම සඳහා AI තාක්ෂණයෙන් ක්‍රියාත්මක වන Shopping Assistants හඳුන්වාදීමට පටන්ගෙන තිබෙනවා. Bunnings සමාගම හඳුන්වාදුන්...

ඔස්ට්‍රේලියාව පුරා ප්‍රවාහන සේවකයින් දහස් ගණනක් වැටුප් සහ රැකියා සුරක්ෂිතභාවය සම්බන්ධයෙන් වැඩවර්ජනයකට සූදානම් වන බව වාර්තා වනවා. Transport Workers Union...

ඔස්ට්‍රේලියාවේ ඉතා උසස් තත්ත්වයේ ව්‍යාජ මුදල් නෝට්ටු සංසරණය වීම සීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති අතර, එමගින් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයින්...

ජීවන වියදම ඉහළ යාමත් සමඟ ඔස්ට්‍රේලියානුවන් පලතුරු සහ එළවළු මිලදී ගැනීම විශාල ලෙස අඩුකර තිබෙනවා. Canstar සමීක්ෂණය අනුව සතියකට වැය...

නව සමීක්ෂණයකට අනුව ඔස්ට්‍රේලියානුවන් 10 දෙනෙකුගෙන් එක් අයෙකු පමණ මත්පැන් පානය කිරීම හෝ මත්පැන් පානයෙන් පසු ඇතිවන අපහසුතාව හේතුවෙන් ගුවන්...

පුවත් විකාශය

Main Box banner
Live
Click Play to Listen

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom

ජාත්‍යන්තර සිසුන්ට $ බිලියන ගණනක වැටුප් අහිමිවන අලුත් සූරාකෑමක්

මෙල්බන්හි ශෝකජනක අනතුරක් – පාසල් දරුවෙකුගේ ජීවිතය අහිමි වෙයි

මෙල්බන්හි බටහිරින් පිහිටි Parwan ප්‍රදේශයේ සිදු වූ දරුණු රිය අනතුරකින් පාසල් දරුවෙකු ජීවිතක්ෂයට පත්ව තවත් දරුවන් 5 දෙනෙකු ඇතුළු පිරිසක් තුවාල ලබා තිබෙනවා. අද පස්වරු

Read More »

Opera House සිට Crown Palladium දක්වා – ශ්‍රී ලංකාවේ දේපළ දැවැන්තයෙකුගේ අද්විතීය සලකුණ

Sydney Opera House හි ශ්‍රී ලාංකික සංගීතයේ රිද්මයෙන් ආරම්භ වූ Home Lands Groupගේ ඔස්ට්‍රේලියානු ගමන, දින කිහිපයකට පසුව Melbourne හි දැවැන්ත දේපළ ව්‍යාපෘති එළිදැක්වීමක් දක්වා

Read More »

“මම ජේසුස් ක්‍රිස්තුස් නෙවෙයි”—Barnaby Joyceගෙන් සැර පිළිතුරක්

ඔස්ට්‍රේලියානුවන්ට තම Superannuation දායකත්වයෙන් කොටසක් කලින් ලබාගැනීමට ඉදිරිපත් කළ යෝජනාව සම්බන්ධයෙන් බානබි ජොයිස් දැඩි ප්‍රශ්න කිරීම්වලට ලක්ව තිබෙනවා. කුලී හෝ නිවාස ණය ගෙවන සේවකයන්ට සේවායෝජකයා

Read More »

වික්ටෝරියාවේ Work From Home නීතිය මේ සතියේ සම්මත කිරීමට සූදානම්

වික්ටෝරියා ප්‍රාන්තයේ සේවකයින්ට Work From Home කිරීම සඳහා නීතිමය අයිතියක් ලබාදෙන නව නීතිය මේ සතියේ පාර්ලිමේන්තුවෙන් සම්මත කිරීමට නියමිත බව ප්‍රාන්ත අගමැති Ben Carroll පවසනවා.

Read More »

බිග් බෑෂ් ලීග් ඉතිහාසයේ දැවැන්ත වෙනසක්

ලොව ප්‍රමුඛ පෙළේ විස්සයි විස්ස ලීග් තරගාවලියක් වන බිග් බෑෂ් ලීග් තරගාවලියට පෞද්ගලික ආයෝජකයන් ඇතුළත් කර ගැනීමට ක්‍රිකට් ඔස්ට්‍රේලියා ආයතනය නිල වශයෙන් අනුමැතිය ලබාදී තිබෙනවා.

Read More »

ජීවන වියදමෙන් කෑමත් වෙනස් වෙයි – පලතුරු එළවළු නොකන ඔස්ට්‍රේලියානුවන් වැඩිවෙයි

ජීවන වියදම ඉහළ යාමත් සමඟ ඔස්ට්‍රේලියානුවන් පලතුරු සහ එළවළු මිලදී ගැනීම විශාල ලෙස අඩුකර තිබෙනවා. Canstar සමීක්ෂණය අනුව සතියකට වැය කරන සාමාන්‍ය මුදල 2025දී ඩොලර්

Read More »
[the_ad id="38840"]
[the_ad id="40137"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom