Join on WhatsApp channel
Auslanka tv Tickets

උණුසුම් පුවත්

Search

ප්‍රධාන පුවත

Advertisement

Sydney Opera House හි ශ්‍රී ලාංකික සංගීතයේ රිද්මයෙන් ආරම්භ වූ Home Lands Groupගේ ඔස්ට්‍රේලියානු ගමන, දින කිහිපයකට පසුව Melbourne හි දැවැන්ත දේපළ ව්‍යාපෘති එළිදැක්වීමක් දක්වා පැමිණ තිබෙනවා.

ශ්‍රී ලංකාවේ දේපළ සංවර්ධන ක්ෂේත්‍රයේ ප්‍රමුඛ සමාගමක් වන Home Lands Group, මේ වනවිට ඔස්ට්‍රේලියානු වෙළඳපොළ තුළ සිය ජාත්‍යන්තර ව්‍යාප්තිය තවදුරටත් ශක්තිමත් කරමින් සිටිනවා.

මෙම ගමනේ පළමු ප්‍රධාන අවස්ථාව සනිටුහන් වුණේ අගෝස්තු 23 වනදා Sydney Opera House හිදී පැවති ‘Rhythms of Lanka’ සංගීත ප්‍රසංගය හරහායි.

Advertisement

මෙම සුවිශේෂී වැඩසටහනේ ප්‍රධාන අනුග්‍රාහකයා ලෙස Home Lands Group එක්ව සිටි අතර, දශක දෙකකට ආසන්න කාලයකට පසු Sydney Opera House තුළ විශාල පරිමාණයේ ශ්‍රී ලාංකික සංගීත වැඩසටහනක් පැවැත්වීමත් මෙහි විශේෂත්වයක්.

ප්‍රසංගය නැරඹීමට 2,500කට අධික පිරිසක් එක්ව සිටි අතර, එම අවස්ථාව Home Lands Groupට ඔස්ට්‍රේලියාවේ ශ්‍රී ලාංකික ප්‍රජාව සමඟ සම්බන්ධ වීමටද වැදගත් අවස්ථාවක් වී තිබුණා.

Banner 01

කෙසේ වෙතත්, Sydney සංචාරය සංගීත වැඩසටහනකට පමණක් සීමා වුණේ නැහැ.

එහිදී Home Lands විසින් විශේෂ ආයෝජන සංසදයක්ද පවත්වා තිබූ අතර, ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳපොළ සහ පවතින ආයෝජන අවස්ථා පිළිබඳව දැනට සිටින සහ නව ආයෝජකයින් සමඟ අදහස් හුවමාරු කරගෙන තිබෙනවා.

Sydney හි වැඩසටහන්වලින් අනතුරුව අවධානය යොමුවුණේ Melbourne වෙතයි.

සැප්තැම්බර් 4 වනදා Melbourne හි Crown Palladium හිදී Central Park Boulevard Port City Colombo ව්‍යාපෘතියේ Grand Launch උත්සවය පැවැත්වුණා.

ඒ සඳහා 550කට අධික පිරිසක් සහභාගී වී ඇති අතර, ශ්‍රී ලාංකික දේපළ සංවර්ධකයෙකු විසින් ඔස්ට්‍රේලියාවේදී පවත්වන ලද විශාලතම real estate launch එක ලෙස මෙම අවස්ථාව හඳුන්වා දී තිබෙනවා.

මෙම උත්සවයට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක Mahela Jayawardene, ප්‍රකට සූපවේදී Peter Kuruvita, Home Lands හි ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වය සහ ආයෝජකයින් ඇතුළු පිරිසක් එක්ව සිටියා.

එහිදී Central Park Boulevard Port City Colombo ව්‍යාපෘතිය පිළිබඳව වැඩිදුර තොරතුරු ඉදිරිපත් කිරීමත් සමඟම, තවත් නව ව්‍යාපෘතියක් පිළිබඳවද පළමු වරට හෙළිදරව් කර තිබෙනවා.

ඒ Central Park Promenade Port City Colombo ව්‍යාපෘතියයි.

Central Park Boulevard ව්‍යාපෘතියට යාබදව සංවර්ධනය කෙරෙන මෙම නව ව්‍යාපෘතිය පිළිබඳව ආයෝජකයින්ට පළමු වරට තොරතුරු ඉදිරිපත් කර ඇත්තේ Central Park Boulevard එළිදැක්වීමෙන් මාස තුනක් වැනි කෙටි කාලයකට පසුව වීමත් විශේෂත්වයක්.

මෙම ව්‍යාපෘති දෙකම Port City Colombo හි කොටසක් වන අතර, කොළඹ වරාය ආශ්‍රිත හෙක්ටයාර් 269ක භූමි ප්‍රමාණයක සංවර්ධනය වන Port City Colombo, ජාත්‍යන්තර ව්‍යාපාරික සහ ජීවන රටා මධ්‍යස්ථානයක් ලෙස සැලසුම් කර තිබෙනවා.

විශේෂ ආර්ථික කලාපයක් සමඟ නේවාසික, වාණිජ, හෝටල් සහ විනෝදාස්වාද ව්‍යාපෘති ඇතුළත් පරිසරයක් Port City Colombo තුළ සංවර්ධනය වෙමින් පවතින අතර, එය ශ්‍රී ලංකාවේ අනාගත නාගරික සංවර්ධනයේ වැදගත් ව්‍යාපෘතියක් ලෙස සැලකෙනවා.

මේ අතර Home Lands Group පවසන පරිදි, මේ වනවිට සමාගම විසින් ව්‍යාපෘති 24ක් හරහා ඒකක 5,000කට වැඩි ප්‍රමාණයක් අලෙවි කර තිබෙන අතර, ඒ අතරින් ඒකක 3,750කට වැඩි ප්‍රමාණයක් පාරිභෝගිකයින් වෙත ලබාදී තිබෙනවා.

Sydney Opera House හි පැවති ශ්‍රී ලාංකික සංගීත වැඩසටහනක සිට Melbourne හි දැවැන්ත දේපළ ව්‍යාපෘති එළිදැක්වීමක් දක්වා පැමිණි මෙම ගමනත් සමඟ, Home Lands Group ඔස්ට්‍රේලියානු වෙළඳපොළ තුළ සිය ව්‍යාපාරික සහ සන්නාම පැවැත්ම තවදුරටත් පුළුල් කරමින් සිටින බව පෙනී යනවා.

ශ්‍රී ලංකාවේ දේපළ ආයෝජන අවස්ථා පිළිබඳව ඔස්ට්‍රේලියාවේ සිටින ආයෝජකයින් අතර අවධානයක් ඇති කරමින් සිදුකෙරෙන මෙම වැඩසටහන් මාලාව, Home Lands Groupගේ ජාත්‍යන්තර ව්‍යාප්ති සැලසුම්වල තවත් වැදගත් අදියරක් ලෙස සැලකිය හැකියි.

Sydney සිට Melbourne දක්වා පැමිණි මේ ගමනත් සමඟ, Home Landsගේ ඔස්ට්‍රේලියානු මෙහෙයුම් දැන් නව අදියරකට පිවිස ඇති අතර, ඉදිරියේදී එහි ව්‍යාප්තිය කෙසේ ඉදිරියට යනු ඇත්ද යන්න පිළිබඳව අවධානය යොමුවී තිබෙනවා.

Join on WhatsApp channel

උණුසුම් පුවත්

Apple සමාගමේ නව ප්‍රධාන විධායක නිලධාරීවරයා ලෙස පත්වූ John Ternusට 2027 මූල්‍ය වර්ෂය සඳහා වැටුප සහ කොටස් ප්‍රතිලාභ ඇතුළුව ඇමරිකානු...

සිඩ්නි නගරයට බලපෑ දැඩි සුළං සහ අධික උෂ්ණත්වය හේතුවෙන් දහස් ගණනක් තවමත් විදුලිය නොමැතිව සිටිනවා. සෙනසුරාදා දිනයේ පුද්ගලයන් 100,000කට පමණ...

මෙල්බන්හි Point Cook ප්‍රදේශයේ සිය නිවස තුළ වයස අවුරුදු 60 ගණන්වල Indonesian කාන්තාවක් වහලියක ලෙස රඳවාගෙන සිටි Chee Kit Chongට...

කෘත්‍රිම බුද්ධිය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ ඔස්ට්‍රේලියාවේ ඇතැම් රැකියා ක්ෂේත්‍රවල සේවකයන් දැඩි වෙනසකට මුහුණදෙමින් සිටිනවා. ෆෙඩරල් රජයේ ප්‍රධාන ආර්ථික විද්‍යාඥ...

ඉන්දුනීසියාවේ බාලි දූපතේ පිහිටි අවන්හලක පැවැති උපන්දින සාදයක් අතරතුර, ගෑස් බැලූන කිහිපයක් හදිසියේ පිපිරී යාමෙන් හටගත් විශාල ගින්නක් හේතුවෙන් ඔස්ට්‍රේලියානු...

Melbourne Airport හි වසර 56ක් පුරා භාවිත කළ පැරණි Pick-up සහ Drop-off ප්‍රදේශය වෙනස් කිරීමට ගුවන් තොටුපළ බලධාරීන් තීරණය කර...

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සමාජ මාධ්‍ය ඔස්සේ “හඳ අපේ” යන අදහස පළ කිරීමත් සමඟ එය ජාත්‍යන්තරව දැඩි අවධානයකට ලක්වී තිබෙනවා....

සිඩ්නි ඇතුළු ප්‍රධාන ප්‍රදේශ කිහිපයකට බලපා ඇති අසාමාන්‍ය අධික උණුසුම් කාලගුණ තත්ත්වය හේතුවෙන් අද සිට ක්‍රියාත්මක වන පරිදි Total Fire...

ඔස්ට්‍රේලියාවේ Macquarie University විසින් සිය මනෝවිද්‍යා පාඨමාලාවේ සජීවී දේශන වෙනුවට AI chatbot එකක් හඳුන්වා දීම හේතුවෙන් සිසුන් සහ කථිකාචාර්යවරුන් අතර...

පුවත් විකාශය

Main Box banner
Live
Click Play to Listen

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom

Opera House සිට Crown Palladium දක්වා – ශ්‍රී ලංකාවේ දේපළ දැවැන්තයෙකුගේ අද්විතීය සලකුණ

Opera House සිට Crown Palladium දක්වා – ශ්‍රී ලංකාවේ දේපළ දැවැන්තයෙකුගේ අද්විතීය සලකුණ

Sydney Opera House හි ශ්‍රී ලාංකික සංගීතයේ රිද්මයෙන් ආරම්භ වූ Home Lands Groupගේ ඔස්ට්‍රේලියානු ගමන, දින කිහිපයකට පසුව Melbourne හි දැවැන්ත දේපළ ව්‍යාපෘති එළිදැක්වීමක් දක්වා

Read More »

“මම ජේසුස් ක්‍රිස්තුස් නෙවෙයි”—Barnaby Joyceගෙන් සැර පිළිතුරක්

ඔස්ට්‍රේලියානුවන්ට තම Superannuation දායකත්වයෙන් කොටසක් කලින් ලබාගැනීමට ඉදිරිපත් කළ යෝජනාව සම්බන්ධයෙන් බානබි ජොයිස් දැඩි ප්‍රශ්න කිරීම්වලට ලක්ව තිබෙනවා. කුලී හෝ නිවාස ණය ගෙවන සේවකයන්ට සේවායෝජකයා

Read More »

වික්ටෝරියාවේ Work From Home නීතිය මේ සතියේ සම්මත කිරීමට සූදානම්

වික්ටෝරියා ප්‍රාන්තයේ සේවකයින්ට Work From Home කිරීම සඳහා නීතිමය අයිතියක් ලබාදෙන නව නීතිය මේ සතියේ පාර්ලිමේන්තුවෙන් සම්මත කිරීමට නියමිත බව ප්‍රාන්ත අගමැති Ben Carroll පවසනවා.

Read More »

බිග් බෑෂ් ලීග් ඉතිහාසයේ දැවැන්ත වෙනසක්

ලොව ප්‍රමුඛ පෙළේ විස්සයි විස්ස ලීග් තරගාවලියක් වන බිග් බෑෂ් ලීග් තරගාවලියට පෞද්ගලික ආයෝජකයන් ඇතුළත් කර ගැනීමට ක්‍රිකට් ඔස්ට්‍රේලියා ආයතනය නිල වශයෙන් අනුමැතිය ලබාදී තිබෙනවා.

Read More »

ජීවන වියදමෙන් කෑමත් වෙනස් වෙයි – පලතුරු එළවළු නොකන ඔස්ට්‍රේලියානුවන් වැඩිවෙයි

ජීවන වියදම ඉහළ යාමත් සමඟ ඔස්ට්‍රේලියානුවන් පලතුරු සහ එළවළු මිලදී ගැනීම විශාල ලෙස අඩුකර තිබෙනවා. Canstar සමීක්ෂණය අනුව සතියකට වැය කරන සාමාන්‍ය මුදල 2025දී ඩොලර්

Read More »
visa

ඔස්ට්‍රේලියානු වීසා තීරණ ලැබීමට ගතවන අලුත්ම කාලය මෙන්න

ඔස්ට්‍රේලියානු ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව ප්‍රධාන වීසා කාණ්ඩ සඳහා දැනට ගතවන සැකසුම් කාලයන් අනාවරණය කර තිබෙනවා. එහි වැඩිම ප්‍රමාදය වාර්තා වන්නේ Partner තාවකාලික සහ provisional වීසා

Read More »
[the_ad id="38840"]
[the_ad id="40137"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom