

මුහුදු මට්ටම ඉහළ යද්දී ඔස්ට්‍රේලියාවට සිදුවන දේ ගැන අලුත් හෙළිදරව්වක්
මුහුදු මට්ටම ඉහළ යාම හේතුවෙන් 2100 වන විට ඔස්ට්‍රේලියාවට ඩොලර් බිලියන 855කට වැඩි ආර්ථික හානියක් සිදුවිය හැකි බව නව පර්යේෂණයකින් අනාවරණ වී තිබෙනවා. Climate Council

වික්ටෝරියා ප්‍රාන්තයේ Property market එක තුළ බහුලව සිදුවන අවම මිල අඩු කොට දැක්වීමේ (Underquoting) නීති විරෝධී භාවිතය ඉවත් කිරීමේ අරමුණින් දැවැන්ත නව නීති මාලාවක් සම්මත කර තිබෙනවා.
මෙම නව පනත යටතේ නිවසක් වෙන්දේසි කිරීමට හෝ ස්ථිර විකුණුම් දිනයකට දින 7කට පෙර එහි අවම මිල (Reserve price) ප්‍රසිද්ධ කිරීමට දේපළ නියෝජිතයන්ට සහ විකුණුම්කරුවන්ට සිදුවනු ඇති.
පාරිභෝගික නීති සංශෝධන පනත (Consumer Legislation Amendment Bill) යටතේ ගෙන එන ලද මෙම නව නීතිය ලබන ඔක්තෝබර් 1 වනදා සිට ක්‍රියාත්මක වීමට නියමිතයි.

මීට පෙර වෙන්දේසියක් අතරතුරදී පමණක් හෝ ඇතැම් විට කිසිසේත්ම හෙළි නොකළ අවම මිල, මෙම නව නීතියත් සමඟ දින 7කට පෙර ප්‍රසිද්ධ කළ යුතු අතර, ‘X සිට’ හෝ ‘X සහ Y අතර’ වැනි අපැහැදිලි යෙදුම් භාවිත කිරීම තහනම් කෙරෙනවා.
එසේම, අන්තර්ජාල දැන්වීම්වල සංසන්දනාත්මක විකුණුම් සහ ප්‍රධාන ලක්ෂණ සහිත දේපළ මිල ප්‍රකාශයක් (PPS) ප්‍රදර්ශනය කිරීම අනිවාර්ය වන අතර, නීති කඩ කරන නියෝජිතයන්ගේ බලපත්‍ර අත්හිටුවීමට ද මෙහිදී ප්‍රතිපාදන සලසා තිබෙනවා.
කෙසේ වෙතත්, දේපළ වෙළඳපොළ වෘත්තිකයන් පෙන්වා දෙන්නේ මෙම දැඩි නීති හේතුවෙන් වෙන්දේසි ක්‍රමය අඩාල විය හැකි බවයි.
මිල පහත වැටෙන වෙළඳපොළකදී දින 7ක කාලයක් තුළ අවම මිල වෙනස් කිරීමට නොහැකි වීම විකුණුම්කරුවන්ට ගැටළුවක් වන බැවින්, බොහෝ දෙනෙක් වෙන්දේසි වෙනුවට වෙනත් විකුණුම් ක්‍රම වෙත යොමු විය හැකි බවටයි රියල් එස්ටේට් ආයතන අනතුරු අඟවන්නේ.
එහෙත් රජය පවසන්නේ First home buyers ආරක්ෂා කිරීම සඳහා මෙම පියවර අත්‍යවශ්‍ය බවයි.
වික්ටෝරියා ප්‍රාන්තයේ Fire Rescue Victoria සේවකයින් 250කට වැඩි පිරිසක් අද Niddrie ප්‍රදේශයේදී විරෝධතාවකට එක්වෙමින් නව වැටුප් ගිවිසුමක් ලබාදෙන ලෙස ඉල්ලා...
ඔස්ට්‍රේලියාවේ රැකියා වෙළඳපොළ සම්බන්ධයෙන් සුබදායක ලකුණක් පෙන්නුම් කරමින් අගෝස්තු මාසයේ රැකියා දැන්වීම් සංඛ්‍යාව සියයට 2.5කින් ඉහළ ගොස් තිබෙනවා. ANZ සහ...
ඔස්ට්‍රේලියාවේ ධාවනය වන Hyundai Tucson වර්ගයේ SUV රථ 11,000කට අධික ප්‍රමාණයක් නැවත කැඳවීමට Hyundai සමාගම පියවර ගෙන තිබෙනවා. ඒ, අදාළ...
1999 වසරේදී ඉන්දියාවේ Odisha ප්‍රාන්තයේදී ඔස්ට්‍රේලියානු ජාතික ක්‍රිස්තියානි මිෂනාරිවරයෙකු වන Graham Staines සහ ඔහුගේ වයස අවුරුදු 6 සහ 10ක් වූ...
ඔස්ට්‍රේලියාවේ ගුවන් ගමන් පාලන සේවාවල බරපතළ කාර්ය මණ්ඩල හිඟයක් හේතුවෙන්, කොවිඩ් වසංගතයෙන් පසු නගර ආශ්‍රිත ගුවන් කලාපවල දක්නට නොලැබුණු විශේෂ...
මෙල්බන්හි දෙහැවිරිදි Emily Peterson නින්දෙන් අවදිවීමෙන් පසු සිරුර වෙව්ලීමට පටන්ගෙන තිබුණා. දින කිහිපයක් ඇතුළත ඇයට වමනය, අධික නිදිමත සහ ඇවිදීමේදී...
ඉදිකිරීම් ක්ෂේත්‍රයේ දැනටමත් පළපුරුද්ද තිබුණත් නිල වෘත්තීය සුදුසුකමක් නොමැති ඔස්ට්‍රේලියාසේවකයන් සඳහා වැදගත් අවස්ථාවක් උදා වී තිබෙනවා. ඔස්ට්‍රේලියානු රජය ඩොලර් මිලියන...
ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ හටගත් විශාල ලැව්ගින්නක් හේතුවෙන් බ්‍රිස්බන්හි බටහිරින් පිහිටි ප්‍රධාන මහා මාර්ගයක ගමනාගමන කටයුතුවලට දැඩි බාධා එල්ල වී තිබෙනවා. Lockyer...
පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව (CIABOC) විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ආන්දෝලනාත්මක Airbus ගනුදෙනුව සම්බන්ධයෙන්...

මුහුදු මට්ටම ඉහළ යාම හේතුවෙන් 2100 වන විට ඔස්ට්‍රේලියාවට ඩොලර් බිලියන 855කට වැඩි ආර්ථික හානියක් සිදුවිය හැකි බව නව පර්යේෂණයකින් අනාවරණ වී තිබෙනවා. Climate Council

විදේශ රැකියාවල නිරතව සිටියදී මියගිය ශ්‍රී ලාංකික විගමණික ශ්‍රමිකයන් 50 දෙනෙකුගේ යැපෙන්නන් සඳහා රුපියල් මිලියන 70ක වන්දි ලබාදීමට පියවර ගෙන තිබෙනවා. මෙම වන්දි මුදල් ලබාදීමේ

Sydney සහ Melbourne නගරවල ඉහළම මිල පරාසයේ නිවාසවල වටිනාකම, ඒවායේ ඉහළම මට්ටමට සාපේක්ෂව සියයට 10කට වැඩියෙන් පහළ ගොස් තිබෙනවා. Cotality සමාගමේ සැප්තැම්බර් මාසයේ නිවාස දර්ශක

ඔස්ට්‍රේලියාවේ ‘crime capital’ ලෙස වික්ටෝරියා ප්‍රාන්තය නම් කර තිබෙනවා. ඒ මෝටර් රථ සොරකම් සහ නිවාස බිඳීම් ඉහළ යාම පිළිබඳ නවතම දත්ත වාර්තා හේතුවෙන්. Insurance Council

ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන ගැටලුව සංක්‍රමණය නොව, නිවාස අර්බුදය සහ පුහුණු ශ්‍රමික හිඟය බව Australian Chamber of Commerce and Industry ප්‍රධාන විධායක Andrew McKellar පවසනවා. Working Holiday

වික්ටෝරියා ප්‍රාන්තයේ Property market එක තුළ බහුලව සිදුවන අවම මිල අඩු කොට දැක්වීමේ (Underquoting) නීති විරෝධී භාවිතය ඉවත් කිරීමේ අරමුණින් දැවැන්ත නව නීති මාලාවක් සම්මත