Join on WhatsApp channel
Auslanka tv Tickets

උණුසුම් පුවත්

Search

ප්‍රධාන පුවත

Advertisement

එක්සත් රාජධානියේ ගුවන් ගමන් පාලන පද්ධතියේ (NATS) හදිසියේ ඇතිවූ කාර්මික දෝෂයක් හේතුවෙන් ලන්ඩන් Heathrow ඇතුළු ප්‍රධාන ගුවන්තොටුපළ රැසක ගුවන් ගමන් 1,000කට ආසන්න ප්‍රමාණයක් අවලංගු වී තිබෙනවා.

මේ හේතුවෙන් ඔස්ට්‍රේලියානු ජාතිකයින් ඇතුළු දහස් ගණනක ගුවන් මගීන් පිරිසක් අසරණ වී ඇති බවයි වාර්තා වන්නේ.

ආසන්නයේ පිහිටි හෝටල් කාමර පිරී ඉතිරී යාම නිසා බොහෝ පිරිසකට ගුවන්තොටුපළ පරිශ්‍රයේ බිම නිදාගැනීමට සිදුවී තිබෙනවා.

Advertisement

පීඩාවට පත් මගීන් පවසන්නේ පැය ගණනාවක් පුරා ගුවන් යානා තුළ සහ ගුවන්තොටුපළ පර්යන්තයන්හි රැඳී සිටීමට සිදුවූ අතර තොරතුරු ලබාගැනීමේදී දැඩි අපහසුතාවලට මුහුණ දුන් බවයි.

මේ අතර දැනට පවතින කාර්මික දෝෂය යථා තත්ත්වයට පත්කර ඇති බව බලධාරීන් ප්‍රකාශ කළද, අවලංගු වූ ගුවන් ගමන් නිසා ඇතිවූ දැවැන්ත පෝලිම් සහ ප්‍රමාදයන් යථා තත්ත්වයට පත්කිරීමට තවත් දින කිහිපයක් ගතවනු ඇති බවයි වාර්තා වන්නේ.

Banner 01

මෙම තාක්ෂණික දෝෂය හමුවේ කොළඹ සිට ලන්ඩන් දක්වා ගමන්ගත් ශ්‍රී ලංකන් ගුවන් සේවයේ UL 503 ගුවන් යානයට ද බාධා එල්ල වී තිබෙනවා.

ඒ අනුව එම ගුවන් යානය නියමිත ගමන් මාර්ගයෙන් බැහැරව ජර්මනියේ Frankfurt ගුවන්තොටුපොළ දක්වා ගමන් කර ගොඩබැස්වීමට පියවර ගෙන ඇති බව සඳහන්.

Join on WhatsApp channel

උණුසුම් පුවත්

හෘදයාබාධයකින් දිවි ගලවාගත් පුද්ගලයන්ගේ දිගුකාලීන සෞඛ්‍යය වැඩිදියුණු කිරීම සඳහා ලොව පළමු විශේෂිත පර්යේෂණ මධ්‍යස්ථානය ඔස්ට්‍රේලියාවේ පිහිටුවීමට තීරණය කර තිබෙනවා. Bond...

ඔස්ට්‍රේලියාවේ ජාත්‍යන්තර සිසුන් අතර ජනප්‍රිය Graduate Diploma of Management (Learning) පාඨමාලාව, ශිෂ්‍ය වීසා ක්‍රමය අනිසි ලෙස භාවිත කිරීම සඳහා යොදාගන්නා...

AI තාක්ෂණයේ සීඝ්‍ර වර්ධනයත් සමග ලෝක ආර්ථිකය අලුත් මගකට යොමු වෙමින් පැවතුණද, ඒ සඳහා අවශ්‍ය පූර්ණ බලශක්ති සැපයුම නොමැති වීම...

මෙක්සිකෝවේ Surfing සංචාරයක නිරතව සිටියදී අභිරහස් ලෙස ඝාතනය වූ ඔස්ට්‍රේලියානු ජාතික සහෝදරයින් දෙදෙනාගේ මව්පියන්, තම දරුවන්ගේ සැකකාර ඝාතකයින් හමුවීමට මෙක්සිකෝ...

ඔස්ට්‍රේලියාවේ වයස අවුරුදු 45 ඉක්මවූ අත්දැකීම් සහිත රැකියා අපේක්ෂකයින්, රැකියා සඳහා අයදුම් කිරීමේදී වයස් පක්ෂපාතීත්වයට මුහුණදෙන බව නව වාර්තාවක් පෙන්වා...

නිවාස නොමැතිවීමේ අවදානමට මුහුණදෙන තරුණයින් සහ ගෘහස්ථ හිංසනයෙන් පලායන කාන්තාවන්ට ආරක්ෂිත නවාතැන් සැපයීම සඳහා Albanese රජය ඩොලර් මිලියන 145ක් වෙන්කර...

මෙල්බන් නගරයේ පොලිස් ස්ථාන හතරක මහජන සේවා කවුළු ඔක්තෝබර් 4 වැනිදා සිට වසා දැමීමට තීරණය කර තිබෙනවා. Collingwood, Fitzroy, Southbank...

ඔස්ට්‍රේලියාවේ ප්‍රාදේශීය ප්‍රදේශවල ජනගහන වර්ධනයෙන් 46.2%ක් පමණ 2025 වසරේදී සංක්‍රමණය හේතුවෙන් සිදුව ඇති බව නව වාර්තාවකින් අනාවරණ වී තිබෙනවා. Regional...

Adelaide නගරයේ Glenelg වෙරළ තීරයේ පිහිටි පොදු වැසිකිළියක් තුළදී, අවුරුදු 9ක කුඩා දැරියක් රහසිගතව වීඩියෝ කිරීමේ සිදුවීමක් වාර්තා වීමත් සමඟ...

පුවත් විකාශය

Main Box banner
Live
Click Play to Listen

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom

ඔස්ට්‍රේලියානුවන් ඇතුළු දහස් ගණනක් Heathrow ගුවන්තොටුපළේ බිම නිදාගනී

වික්ටෝරියා විනිසුරුවරයා ‘ISIS මනාලියට’ ඇප නොදුන් හේතුව කියයි

ISIS සංවිධානය පාලනය කළ සිරියාවේ ජීවත් වූ බව කියන මෙල්බන් කාන්තාවකගේ ඇප ඉල්ලීම වික්ටෝරියා ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතික්ෂේප කර තිබෙනවා. 31 හැවිරිදි Zeinab Ahmad, Yazidi ජාතික දැරියක

Read More »

ඔස්ට්‍රේලියාවේ ප්‍රාදේශීය ප්‍රදේශවල ජනගහනයේ වැඩි පිරිසක් සංක්‍රමණිකයින්

ඔස්ට්‍රේලියාවේ ප්‍රාදේශීය ප්‍රදේශවල ජනගහන වර්ධනයෙන් 46.2%ක් පමණ 2025 වසරේදී සංක්‍රමණය හේතුවෙන් සිදුව ඇති බව නව වාර්තාවකින් අනාවරණ වී තිබෙනවා. Regional Australia Institute විසින් සිදුකළ පර්යේෂණයකට

Read More »

ඔස්ට්‍රේලියානු සේවකයින්ට රැකියා මාරු කිරීම පහසු කරන්න අලුත් නීතියක්

ඔස්ට්‍රේලියාවේ සේවකයින් මිලියන තුනකට අධික පිරිසකට බලපාන පරිදි, ඔවුන්ගේ රැකියා වෙනස් කිරීමේ හැකියාව සීමා කරන ‘තරඟකාරී නොවන කොන්දේසි’ (Non-compete clauses) තහනම් කිරීමට ඇල්බනීසි රජය නව

Read More »

ජනතා බදු මුදල් ලේබර් ආසනවලට හැරවූ බවට ඇල්බනීසි රජයට බරපතළ චෝදනා

ඔස්ට්‍රේලියානු අගමැති ඇන්තනි ඇල්බනීසි ප්‍රමුඛ පාලක ලේබර් පක්ෂ රජයට එරෙහිව ඩොලර් මිලියන 500කට අධික මහජන බදු මුදල් අවභාවිත කිරීමේ බරපතල චෝදනාවක් එල්ල වී තිබෙනවා. Centre

Read More »

ආමාශයේ නිරෝගී බව සහ Depression අතර පුදුම සබඳතාවක්

මිනිසාගේ ආමාශයේ සහ බඩවැල් පද්ධතියේ පවතින සෞඛ්‍ය තත්ත්වය සහ Depression අතර ඉතා සමීප සබඳතාවයක් පවතින බව නවතම පර්යේෂණයකින් අනාවරණය වී තිබෙනවා. මිනිස් සිරුරේ මොළයට පසුව

Read More »

ඇල්බනීසි නොකී Golf Club Membership එක ගැන විපක්ෂයෙන් දැඩි විවේචන

ඔස්ට්‍රේලියානු අගමැති ඇන්තනි ඇල්බනීසි තමන් සතුව පැවති ගොල්ෆ් සමාජ සාමාජිකත්වයක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වත්කම් සහ හිමිකම් ලේඛනයට ඇතුළත් කර නොමැති බවට චෝදනාවක් එල්ල වී තිබෙනවා. ඔහුගේ

Read More »
[the_ad id="38840"]
[the_ad id="40137"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom