Join on WhatsApp channel
Auslanka tv Tickets

උණුසුම් පුවත්

Search

ප්‍රධාන පුවත

Advertisement

ඔස්ට්‍රේලියාවේ පොලී අනුපාත නැවතත් ඉහළ යාමේ අවදානමක් ගැන සංචිත බැංකුව (RBA) විසින් දැඩි රතු එළියක් නිකුත් කර තිබෙනවා.

උද්ධමනය පාලනය කිරීමට අපොහොසත් වුවහොත්, මෙම වසර ඇතුළත තවත් පොලී අනුපාත ඉහළ නැංවීමකට (Rate Hike) යාමට සිදුවන බවයි RBA assistant governor Sarah Hunter ප්‍රකාශ කළේ.

සංචිත බැංකුව මේ වන විටත් මෙම වසර තුළ 3 වරක් පොලී අනුපාත ඉහළ දමා ඇති අතර, වත්මන් නිල පොලී අනුපාතය 4.35% ක් ලෙස පවතිනවා.

Advertisement

ජූලි මාසයේදී උද්ධමනය 3.5% දක්වා මඳක් පහත වැටුණද, එය අපේක්ෂිත මට්ටමට වඩා ඉහළ ප්‍රතිශතයක පැවතීම මෙම දැඩි තීරණයට හේතු වී තිබෙනවා.

සංචිත බැංකුවේ ඉලක්කය උද්ධමනය 2% ත් 3%ත් අතර මට්ටමක පවත්වා ගැනීම වන නමුත් නිවාස පිරිවැය ඉහළ යාම, පිටතින් ලබාගන්නා ආහාර පාන මිල ගණන් වැඩිවීම සහ මැදපෙරදිග අර්බුදය හමුවේ ලෝක වෙළඳපොලේ තෙල් මිල ඉහළ යාම නිසා උද්ධමනය තවදුරටත් ඉහළ මට්ටමක පවතිනවා.

Banner 01

එබැවින් ANZ, CBA, සහ Westpac යන ප්‍රධාන බැංකු පුරෝකථනය කරන්නේ ලබන නොවැම්බර් මාසයේදී සංචිත බැංකුව විසින් නැවතත් පොලී අනුපාත ඉහළ දමනු ඇති බවයි.

කෙසේ වෙතත්, සැප්තැම්බර් 29 වනදා පැවැත්වෙන ඉදිරි රැස්වීමේදීම මෙම වැඩිවීම සිදුවිය හැකි බවයි NAB බැංකුව පවසන්නේ.

මේ අතර බැංකු ක්ෂේත්‍රයේ ආර්ථික විද්‍යාඥයින් පෙන්වා දෙන්නේ ජනතාවට පොලී අනුපාත පහත වැටීමේ සැබෑ සහනයක් හිමිවීමට නම් 2027 වසරේ අගභාගය දක්වා බලා සිටීමට සිදුවනු ඇති බවයි.

Join on WhatsApp channel

උණුසුම් පුවත්

මෙල්බන් විශ්ව විද්‍යාල පර්යේෂකයන් සිදුකළ නව අධ්‍යයනයකින්, අයහපත් ආහාර රටාව පිරිමි වඳභාවයට සම්බන්ධ ජානමය ගැටලු තවත් උග්‍ර කළ හැකි බව...

වික්ටෝරියා ප්‍රාන්තයේ ක්ෂීරපායි සතුන් අතර පළමු වරට H5 කුරුළු උණ වෛරසය (H5 bird flu) පැතිරගොස් ඇති බවට බලධාරීන් තහවුරු කර...

වික්ටෝරියා ප්‍රාන්තයේ රෝහල් කිහිපයක සේවය කරන වෛද්‍යවරුන් සිය ගණනක් වැටුප් සහ සේවා කොන්දේසි සම්බන්ධයෙන් විරෝධය පළ කරමින් පැය හතරක කාර්මික...

ඉන්දුනීසියාවේ Anak Krakatau ගිනි කන්ද සක්‍රීය වීමත් සමඟ නිකුත් වන අළු හේතුවෙන් ප්‍රධාන ජාත්‍යන්තර ගුවන්තොටුපොළක ගුවන් ගමන් අත්හිටුවීමට බලධාරීන් පියවර...

ඔස්ට්‍රේලියාවේ ඉදිකිරීම් සමාගම් රැසක් බංකොලොත් වීමෙන් නිවාස ඉදිකරවා ගන්නා පවුල් දහස් ගණනක් අවිනිශ්චිත තත්ත්වයකට පත්ව තිබෙනවා. පසුගිය මූල්‍ය වසරේ රට...

Sydney Opera House හි ශ්‍රී ලාංකික සංගීතයේ රිද්මයෙන් ආරම්භ වූ Home Lands Groupගේ ඔස්ට්‍රේලියානු ගමන, දින කිහිපයකට පසුව Melbourne හි...

ඔස්ට්‍රේලියානු රජය වසර පහක් තුළ නව නිවාස මිලියන 1.2ක් ඉදිකිරීමට තබා ඇති නිවාස ඉලක්කය, ඉදිකිරීම් සේවක හිඟය නිසා සපුරාගැනීමට නොහැකි...

මෙල්බන්හි Point Cook ප්‍රදේශයේ සිය නිවස තුළ වයස අවුරුදු 60 ගණන්වල Indonesian කාන්තාවක් වහලියක ලෙස රඳවාගෙන සිටි Chee Kit Chongට...

ANZ බැංකුව විසින් Suncorp Bank මිලදී ගැනීමෙන් පසු එහි ගනුදෙනුකරුවන් ලක්ෂ 12ක් පමණ ANZ බැංකු පද්ධතියට මාරු කිරීමට නියමිතයි. ඒ...

පුවත් විකාශය

Main Box banner
Live
Click Play to Listen

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom

සැප්තැම්බර් හෝ නොවැම්බර්වලදී Cash Rate එක නැවතත් ඉහළ යයිද?

වික්ටෝරියා විනිසුරුවරයා ‘ISIS මනාලියට’ ඇප නොදුන් හේතුව කියයි

ISIS සංවිධානය පාලනය කළ සිරියාවේ ජීවත් වූ බව කියන මෙල්බන් කාන්තාවකගේ ඇප ඉල්ලීම වික්ටෝරියා ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතික්ෂේප කර තිබෙනවා. 31 හැවිරිදි Zeinab Ahmad, Yazidi ජාතික දැරියක

Read More »

ඔස්ට්‍රේලියාවේ ප්‍රාදේශීය ප්‍රදේශවල ජනගහනයේ වැඩි පිරිසක් සංක්‍රමණිකයින්

ඔස්ට්‍රේලියාවේ ප්‍රාදේශීය ප්‍රදේශවල ජනගහන වර්ධනයෙන් 46.2%ක් පමණ 2025 වසරේදී සංක්‍රමණය හේතුවෙන් සිදුව ඇති බව නව වාර්තාවකින් අනාවරණ වී තිබෙනවා. Regional Australia Institute විසින් සිදුකළ පර්යේෂණයකට

Read More »

ඔස්ට්‍රේලියානු සේවකයින්ට රැකියා මාරු කිරීම පහසු කරන්න අලුත් නීතියක්

ඔස්ට්‍රේලියාවේ සේවකයින් මිලියන තුනකට අධික පිරිසකට බලපාන පරිදි, ඔවුන්ගේ රැකියා වෙනස් කිරීමේ හැකියාව සීමා කරන ‘තරඟකාරී නොවන කොන්දේසි’ (Non-compete clauses) තහනම් කිරීමට ඇල්බනීසි රජය නව

Read More »

ජනතා බදු මුදල් ලේබර් ආසනවලට හැරවූ බවට ඇල්බනීසි රජයට බරපතළ චෝදනා

ඔස්ට්‍රේලියානු අගමැති ඇන්තනි ඇල්බනීසි ප්‍රමුඛ පාලක ලේබර් පක්ෂ රජයට එරෙහිව ඩොලර් මිලියන 500කට අධික මහජන බදු මුදල් අවභාවිත කිරීමේ බරපතල චෝදනාවක් එල්ල වී තිබෙනවා. Centre

Read More »

ආමාශයේ නිරෝගී බව සහ Depression අතර පුදුම සබඳතාවක්

මිනිසාගේ ආමාශයේ සහ බඩවැල් පද්ධතියේ පවතින සෞඛ්‍ය තත්ත්වය සහ Depression අතර ඉතා සමීප සබඳතාවයක් පවතින බව නවතම පර්යේෂණයකින් අනාවරණය වී තිබෙනවා. මිනිස් සිරුරේ මොළයට පසුව

Read More »

ඇල්බනීසි නොකී Golf Club Membership එක ගැන විපක්ෂයෙන් දැඩි විවේචන

ඔස්ට්‍රේලියානු අගමැති ඇන්තනි ඇල්බනීසි තමන් සතුව පැවති ගොල්ෆ් සමාජ සාමාජිකත්වයක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වත්කම් සහ හිමිකම් ලේඛනයට ඇතුළත් කර නොමැති බවට චෝදනාවක් එල්ල වී තිබෙනවා. ඔහුගේ

Read More »
[the_ad id="38840"]
[the_ad id="40137"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom