Join on WhatsApp channel
Auslanka tv Tickets

උණුසුම් පුවත්

Search

ප්‍රධාන පුවත

Advertisement

වික්ටෝරියාවේ බරපතළ තරුණ අපරාධවල වින්දිතයන්ට, එම අපරාධවලට වරදකරුවන් වූ තරුණයන් සිරගතව සිට නිදහස් වීමට නියමිත අවස්ථාව පිළිබඳ දැනුම්දීමක් ලබාදීමට නව ක්‍රමවේදයක් හඳුන්වා දීමට නියමිතයි.

සැප්තැම්බර් 30 වනදා සිට ක්‍රියාත්මක වන මෙම ක්‍රමවේදය යටතේ, සුදුසුකම් ලබන වින්දිතයන්ට ලියාපදිංචි වී වරදකරුවන්ගේ නිදහස්වීම සහ ඇප මත නිදහස් කිරීම සම්බන්ධ තොරතුරු ලබාගැනීමට හැකියාව ලැබෙනවා.

මිනීමැරුම්, ස්ත්‍රී දූෂණ, නිවාසවලට බලහත්කාරයෙන් ඇතුළුවීම, වාහන පැහැරගැනීම් සහ බරපතළ ලිංගික අපරාධ ඇතුළු බරපතළ අපරාධවල වින්දිතයන්ට මෙම ක්‍රමවේදය අදාළ වනවා.

Advertisement

මෙතෙක් වික්ටෝරියා ප්‍රාන්තයේ තරුණ අපරාධවල වින්දිතයන්ට වරදකරුවන් නිදහස් වන අවස්ථාව පිළිබඳ දැනුම්දීම සඳහා විධිමත් ලියාපදිංචි ක්‍රමවේදයක් නොතිබූ අතර, එවැනි ක්‍රමවේදයක් නොතිබූ එකම ප්‍රාන්තය හෝ ප්‍රදේශය ලෙස වික්ටෝරියා සැලකුණා.

නව වෙනස්කම් යටතේ තරුණ වරදකරුවන්ගේ ඇප සම්බන්ධ තීරණ ගැනීමේදී වින්දිතයන් සහ ඔවුන්ගේ පවුල්වල අදහස්වලට වැඩි අවධානයක් යොමු කිරීමටද නියමිතයි.

Banner 01

කෙසේ වෙතත්, මෙම නව ක්‍රමවේදය අතීතයේ සිදුවූ අපරාධ සඳහා පසුගාමීව අදාළ නොවන බැවින්, දැනටමත් වරදකරුවන් කර ඇති ඇතැම් තරුණයන්ගේ වින්දිතයන්ට මෙම දැනුම්දීමේ පහසුකම හිමි නොවන බවද සඳහන්.

වින්දිතයන්ගේ ආරක්ෂාව සහ ඔවුන්ගේ අදහස් යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලියේදී වඩාත් වැදගත් කිරීම මෙම වෙනස්කම්වල අරමුණ බව වික්ටෝරියා රජය පවසනවා.

Join on WhatsApp channel

උණුසුම් පුවත්

ඔස්ට්‍රේලියානුවන් වසරකට පැය බිලියන 31කට ආසන්න කාලයක් වැටුප් නොමැතිව සේවයේ යෙදී සිටින බවට නව විශ්ලේෂණයකින් හෙළිවී තිබෙනවා. ඒ අතර ආහාර...

1999 වසරේදී ඉන්දියාවේ Odisha ප්‍රාන්තයේදී ඔස්ට්‍රේලියානු ජාතික ක්‍රිස්තියානි මිෂනාරිවරයෙකු වන Graham Staines සහ ඔහුගේ වයස අවුරුදු 6 සහ 10ක් වූ...

මෙල්බන් නගරයේ පොලිස් ස්ථාන හතරක මහජන සේවා කවුළු ඔක්තෝබර් 4 වැනිදා සිට වසා දැමීමට තීරණය කර තිබෙනවා. Collingwood, Fitzroy, Southbank...

ඔස්ට්‍රේලියාවේ ජාත්‍යන්තර සිසුන් අතර ජනප්‍රිය Graduate Diploma of Management (Learning) පාඨමාලාව, ශිෂ්‍ය වීසා ක්‍රමය අනිසි ලෙස භාවිත කිරීම සඳහා යොදාගන්නා...

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව (CIABOC) විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ආන්දෝලනාත්මක Airbus ගනුදෙනුව සම්බන්ධයෙන්...

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ලබන 18 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර...

ඔස්ට්‍රේලියාවේ පොලී අනුපාත නැවතත් ඉහළ යාමේ අවදානමක් ගැන සංචිත බැංකුව (RBA) විසින් දැඩි රතු එළියක් නිකුත් කර තිබෙනවා. උද්ධමනය පාලනය...

AI තාක්ෂණයේ සීඝ්‍ර වර්ධනයත් සමග ලෝක ආර්ථිකය අලුත් මගකට යොමු වෙමින් පැවතුණද, ඒ සඳහා අවශ්‍ය පූර්ණ බලශක්ති සැපයුම නොමැති වීම...

ඔස්ට්‍රේලියාවේ දුම්කොළ සඳහා දැනට අය කරන බද්ද 80%කින් අඩු කර, නීත්‍යනුකූල සිගරට් මිල විශාල ලෙස පහළ දැමීමට Coalition විපක්ෂය යෝජනා...

පුවත් විකාශය

Main Box banner
Live
Click Play to Listen

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom

වික්ටෝරියාවේ තරුණ අපරාධකරුවන් නිදහස් වන විට වින්දිතයන්ට පෙර දැනුම්දීමක්

විදෙස්ගත ලාංකික ශ්‍රමික මරණයකදී දෙන වන්දියේ වෙනසක්

විදේශ රැකියාවල නිරතව සිටියදී මියගිය ශ්‍රී ලාංකික විගමණික ශ්‍රමිකයන් 50 දෙනෙකුගේ යැපෙන්නන් සඳහා රුපියල් මිලියන 70ක වන්දි ලබාදීමට පියවර ගෙන තිබෙනවා. මෙම වන්දි මුදල් ලබාදීමේ

Read More »

Sydney–Melbourne මිල අධික නිවාසවල වටිනාකම පහළට

Sydney සහ Melbourne නගරවල ඉහළම මිල පරාසයේ නිවාසවල වටිනාකම, ඒවායේ ඉහළම මට්ටමට සාපේක්ෂව සියයට 10කට වැඩියෙන් පහළ ගොස් තිබෙනවා. Cotality සමාගමේ සැප්තැම්බර් මාසයේ නිවාස දර්ශක

Read More »

ප්‍රාන්ත දෙකක් එකතු කළවිට මෙන් දෙගුණයක් නිවාස කොල්ලකන ඔස්ට්‍රේලියාවේ Crime Capital එක

ඔස්ට්‍රේලියාවේ ‘crime capital’ ලෙස වික්ටෝරියා ප්‍රාන්තය නම් කර තිබෙනවා. ඒ මෝටර් රථ සොරකම් සහ නිවාස බිඳීම් ඉහළ යාම පිළිබ‍ඳ නවතම දත්ත වාර්තා හේතුවෙන්. Insurance Council

Read More »

“ඔස්ට්‍රේලියාවට සංක්‍රමණික ප්‍රශ්නයක් නැහැ” – ව්‍යාපාරික ප්‍රධානීන් කියයි

ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන ගැටලුව සංක්‍රමණය නොව, නිවාස අර්බුදය සහ පුහුණු ශ්‍රමික හිඟය බව Australian Chamber of Commerce and Industry ප්‍රධාන විධායක Andrew McKellar පවසනවා. Working Holiday

Read More »

Property Market එක වෙනස් කරන දැවැන්ත නීතියක් වික්ටෝරියාවෙන්

වික්ටෝරියා ප්‍රාන්තයේ Property market එක තුළ බහුලව සිදුවන අවම මිල අඩු කොට දැක්වීමේ (Underquoting) නීති විරෝධී භාවිතය ඉවත් කිරීමේ අරමුණින් දැවැන්ත නව නීති මාලාවක් සම්මත

Read More »
[the_ad id="38840"]
[the_ad id="40137"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom