

ඔස්ට්‍රේලියාවේ පෙට්‍රල් මිල ඉහළ යන ලකුණු
ඔස්ට්‍රේලියාවේ පෙට්‍රල් සහ ඩීසල් මිල ඉදිරි සති කිහිපය තුළ ලීටරයකට සත 20ත් 30ත් අතර ප්‍රමාණයකින් ඉහළ යා හැකි බවට ආර්ථික විශේෂඥයන් අනතුරු අඟවනවා. මැදපෙරදිග පවතින

ඔස්ට්‍රේලියාවේ පෙට්‍රල් සහ ඩීසල් මිල ඉදිරි සති කිහිපය තුළ ලීටරයකට සත 20ත් 30ත් අතර ප්‍රමාණයකින් ඉහළ යා හැකි බවට ආර්ථික විශේෂඥයන් අනතුරු අඟවනවා.
මැදපෙරදිග පවතින ගැටුම් හේතුවෙන් ජාත්‍යන්තර වෙළෙඳපොළේ බොරතෙල් මිල මැයි මාසයෙන් පසු වාර්තා වූ ඉහළම මට්ටමට පැමිණීම මෙයට ප්‍රධාන හේතුව වී තිබෙනවා.
ජාත්‍යන්තර තෙල් මිල ගණනය කරන Brent crude මිල ඊයේ බැරලයකට ඇමරිකානු ඩොලර් 108 ඉක්මවා තිබුණා.

Melbourne, Sydney සහ Brisbane වැනි ප්‍රධාන නගරවල දැනට ලීටරයකට ඩොලර් 2.10ක් පමණ වන unleaded පෙට්‍රල් මිල ඉදිරි සති දෙක තුළ ඩොලර් 2.30ක් දක්වා ඉහළ යා හැකි බවයි විශේෂඥයන් පෙන්වා දෙන්නේ.
දැනටමත් ලීටරයකට ඩොලර් 2.50 ඉක්මවා ඇති ඩීසල් මිලද තවත් සත 10ත් 30ත් අතර ප්‍රමාණයකින් වැඩි විය හැකි බව Commonwealth Bank භාණ්ඩ වෙළෙඳපොළ පර්යේෂණ අංශය පවසනවා.
ඉන්ධන මිල වැඩිවීම ප්‍රවාහන සහ භාණ්ඩ බෙදාහැරීමේ වියදම් හරහා ආහාර ඇතුළු අනෙකුත් භාණ්ඩවල මිලටද බලපෑ හැකි අතර, උද්ධමනය පාලනය කිරීම තවත් අපහසු විය හැකියි.
#PetrolPrices #FuelPrices #CostOfLiving #AustraliaNews #AustralianEconomy #AusLankaTV
ඉදිකිරීම් ක්ෂේත්‍රයේ දැනටමත් පළපුරුද්ද තිබුණත් නිල වෘත්තීය සුදුසුකමක් නොමැති ඔස්ට්‍රේලියාසේවකයන් සඳහා වැදගත් අවස්ථාවක් උදා වී තිබෙනවා. ඔස්ට්‍රේලියානු රජය ඩොලර් මිලියන...
නිවාස ණයක් ගෙවන හෝ කුලී නිවසක ජීවත් වන ඔස්ට්‍රේලියානුවන්ට, ඔවුන්ගේ Superannuation දායකත්වයෙන් කොටසක් වසර තුනක් දක්වා කාලයක් තමන්ගේ අතට ලැබෙන...
ඔස්ට්‍රේලියාව විදේශයන්ගෙන් ආනයනය කරන පොහොර ප්‍රමාණය අඩු කිරීම සඳහා මිනිස් මුත්‍රාවල ඇති පෝෂක නැවත ලබාගෙන පොහොර නිෂ්පාදනය කිරීමේ හැකියාව පර්යේෂකයන්...
වික්ටෝරියා ප්‍රාන්තයේ ප්‍රධාන යටිතල පහසුකම් සහ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ සිදුවන අක්‍රමිකතා සහ සංවිධානාත්මක අපරාධ පිළිබඳව විමර්ශනය කරන රාජකීය කොමිෂන් සභාවට (Royal...
නවතම දත්ත අනුව වික්ටෝරියාවේ අධ්‍යාපනය සඳහා විදේශයන්ගෙන් ඉදිරිපත් වන ශිෂ්‍ය වීසා අයදුම්පත් කැපීපෙනෙන ලෙස පහළ ගොස් තිබෙනවා. 2026 ජනවාරි සිට...
ධනවත් විදේශීය වීසා අයදුම්කරුවන්ගේ ආයෝජන රටේ කුලී නිවාස ඉදිකිරීමට යොදාගැනීමේ නව සැලැස්මක් නවසීලන්ත රජය ප්‍රකාශයට පත්කර තිබෙනවා. ඒ අනුව දෙසැම්බර්...
Uber සමාගම සිය ආයතනික සේවකයන්ගෙන් සියයට 10ක් පමණ හෙවත් 3,300ක් ඉවත් කරමින් විශාල ප්‍රතිව්‍යුහගත කිරීමක් ආරම්භ කර තිබෙනවා. එමගින් ඉතිරි...
ඔස්ට්‍රේලියාවේ ඉදිකිරීම් සමාගම් රැසක් බංකොලොත් වීමෙන් නිවාස ඉදිකරවා ගන්නා පවුල් දහස් ගණනක් අවිනිශ්චිත තත්ත්වයකට පත්ව තිබෙනවා. පසුගිය මූල්‍ය වසරේ රට...
ඔස්ට්‍රේලියාවේ නිවාස කුලිය හෝ නිවාස ණය ගෙවන පුද්ගලයින්ට තම superannuation මුදලින් කොටසක් කලින් ලබාගැනීමට අවස්ථාව ලබාදීමේ One Nation පක්ෂයේ යෝජනාවට...

ඔස්ට්‍රේලියාවේ පෙට්‍රල් සහ ඩීසල් මිල ඉදිරි සති කිහිපය තුළ ලීටරයකට සත 20ත් 30ත් අතර ප්‍රමාණයකින් ඉහළ යා හැකි බවට ආර්ථික විශේෂඥයන් අනතුරු අඟවනවා. මැදපෙරදිග පවතින

Timor-Leste වෙරළට ඔබ්බෙන් Banda Sea ප්‍රදේශයේ සිදුවූ රික්ටර් මාපක 5.9ක භූකම්පනයක් Darwin ඇතුළු උතුරු ඔස්ට්‍රේලියාවේ ප්‍රදේශ රැසකට දැනී තිබෙනවා. සිකුරාදා රාත්‍රී 9.28ට පමණ මෙම භූකම්පනය

තමන්ගේ ඡායාරූප 1980 දශකයේ පැරණි පෙනුමක් ඇති රූප බවට පත්කරන ChatGPT AI Photo Trend එක මේ දිනවල සමාජ මාධ්‍ය තුළ වේගයෙන් ජනප්‍රිය වෙමින් තිබෙනවා. පැරණි

සුව කිරීමට අපහසු සහ දුර්ලභ පිළිකා සඳහා නව ප්‍රතිකාර සංවර්ධනය කිරීමට ඔස්ට්‍රේලියානු රජය ඩොලර් මිලියන 300ක පර්යේෂණ වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා. Australian Cancer Research Program

Optus ජංගම දුරකථන ජාලයේ ඇති වූ තවත් බිඳවැටීමක් හේතුවෙන් ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්ත කිහිපයක Triple Zero (000) හදිසි ඇමතුම් රැසකට බාධා එල්ල වී තිබෙනවා. සිකුරාදා පස්වරු 1.30ට

Victoriaහි ජනප්‍රිය Tesselaar Tulip Festival අද සිට ඔක්තෝබර් 11 දක්වා Silvanහිදී පැවැත්වෙනවා. මෙවර උණුසුම් සහ තෙත් කාලගුණය හේතුවෙන් විශාල tulip fields සාමාන්‍ය වසරකට වඩා කුඩා