

සමාජ මාධ්‍ය පුරා යන 1980s Photo Trend එක විනෝදයක් විතරද?
තමන්ගේ ඡායාරූප 1980 දශකයේ පැරණි පෙනුමක් ඇති රූප බවට පත්කරන ChatGPT AI Photo Trend එක මේ දිනවල සමාජ මාධ්‍ය තුළ වේගයෙන් ජනප්‍රිය වෙමින් තිබෙනවා. පැරණි

Optus ජංගම දුරකථන ජාලයේ ඇති වූ තවත් බිඳවැටීමක් හේතුවෙන් ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්ත කිහිපයක Triple Zero (000) හදිසි ඇමතුම් රැසකට බාධා එල්ල වී තිබෙනවා.
සිකුරාදා පස්වරු 1.30ට පමණ ආරම්භ වූ මෙම තාක්ෂණික ගැටලුව වික්ටෝරියා, දකුණු ඔස්ට්‍රේලියාව, ටැස්මේනියාව සහ Northern Territory ප්‍රදේශවල Optus පාරිභෝගිකයන්ට බලපා ඇති බවයි වාර්තා වන්නේ.
Triple Zero Victoria අනාවරණය කර ඇත්තේ වික්ටෝරියා ප්‍රාන්තයේ හදිසි ඇමතුම් 39ක් Telstra විසින් මෙහෙයවන ජාතික Triple Zero සේවාව සමඟ සම්බන්ධ වීමට අපහසුතාවකට මුහුණ දී ඇති බවයි.

ටැස්මේනියාවේද Triple Zero ඇමතුම් තුනකට මෙම බිඳවැටීම බලපා තිබෙනවා.
Optus සමාගම පවසන්නේ ගැටලුව හඳුනාගත් වහාම තාක්ෂණික කණ්ඩායම් යොදවා සේවාව හැකි ඉක්මනින් යථා තත්ත්වයට පත් කළ බවයි. ජාල බිඳවැටීමට නිශ්චිත හේතුව සම්බන්ධයෙන් තවදුරටත් පරීක්ෂණ සිදු කෙරෙනවා.
බාධාවට ලක්වූ හදිසි ඇමතුම් ලබාදුන් පුද්ගලයන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා වික්ටෝරියා පොලීසිය welfare checks සිදුකරමින් සිටින බවද බලධාරීන් ප්‍රකාශ කර තිබෙනවා.
මෙම බිඳවැටීම සම්බන්ධයෙන් මරණ හෝ බරපතළ අහිතකර ප්‍රතිඵල මෙතෙක් වාර්තා වී නැහැ. සිදුවීම හේතුවෙන් පාරිභෝගිකයන්ට ඇති වූ අපහසුතාව සම්බන්ධයෙන් Optus සමාගම සමාව ඉල්ලා තිබෙනවා.
ජංගම දුරකථන ජාලයක් ක්‍රියා නොකරන අවස්ථාවක Triple Zero ඇමතුමක් වෙනත් පවතින ජාලයක් හරහා සම්බන්ධ විය හැකි බැවින් දුරකථනය නැවත ආරම්භ කර 000 අමතන ලෙස බලධාරීන් උපදෙස් ලබා දෙනවා.
වික්ටෝරියා ප්‍රාන්තයේ Mount Duneed ප්‍රදේශයේ ළමා සාදයකදී Jumping Castle එකක් දැඩි සුළඟට හසුවී ඉහළට එසවී තිබෙනවා. Lower Duneed Roadහි නිවසක...
ධනවත් විදේශීය වීසා අයදුම්කරුවන්ගේ ආයෝජන රටේ කුලී නිවාස ඉදිකිරීමට යොදාගැනීමේ නව සැලැස්මක් නවසීලන්ත රජය ප්‍රකාශයට පත්කර තිබෙනවා. ඒ අනුව දෙසැම්බර්...
ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ නවතම නිල විනිමය දත්ත අනුව, ඔස්ට්‍රේලියානු සහ ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල සුළු...
මෙල්බන් නගරය කේන්ද්‍ර කරගනිමින් ආරම්භ වන දැවැන්ත වසන්ත උත්සව මාලාව සහ ඓතිහාසික NFL ඇමරිකානු පාපන්දු තරගය හේතුවෙන් දහස් සංඛ්‍යාත විදේශීය...
ඔස්ට්‍රේලියාවේ දුම්කොළ සඳහා දැනට අය කරන බද්ද 80%කින් අඩු කර, නීත්‍යනුකූල සිගරට් මිල විශාල ලෙස පහළ දැමීමට Coalition විපක්ෂය යෝජනා...
Melbourne හි දුම්රිය ස්ථාන ආශ්‍රිතව අවදානමට ලක්විය හැකි පුද්ගලයන්ට සහාය ලබාදීමෙන් සමාජ විරෝධී හැසිරීම් සහ අපරාධ අවම කිරීමට ක්‍රියාත්මක කළ...
මෙල්බන්හි Federation Square හිදී හෙට සැප්තැම්බර් 6 වනදා විශේෂ නර්තන වැඩසටහනක් පැවැත්වීමට නියමිතව තිබෙනවා. මෙම වැඩසටහනට San Francisco 49ers කණ්ඩායමේ...
වික්ටෝරියාවේ Tyers ප්‍රදේශයේ එකම පවුලේ තිදෙනෙකුට පොරවකින් පහරදී බරපතළ තුවාල සිදුකළ බවට චෝදනා ලැබූ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකරු 48...
මෙක්සිකෝවේ Surfing සංචාරයක නිරතව සිටියදී අභිරහස් ලෙස ඝාතනය වූ ඔස්ට්‍රේලියානු ජාතික සහෝදරයින් දෙදෙනාගේ මව්පියන්, තම දරුවන්ගේ සැකකාර ඝාතකයින් හමුවීමට මෙක්සිකෝ...

තමන්ගේ ඡායාරූප 1980 දශකයේ පැරණි පෙනුමක් ඇති රූප බවට පත්කරන ChatGPT AI Photo Trend එක මේ දිනවල සමාජ මාධ්‍ය තුළ වේගයෙන් ජනප්‍රිය වෙමින් තිබෙනවා. පැරණි

සුව කිරීමට අපහසු සහ දුර්ලභ පිළිකා සඳහා නව ප්‍රතිකාර සංවර්ධනය කිරීමට ඔස්ට්‍රේලියානු රජය ඩොලර් මිලියන 300ක පර්යේෂණ වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා. Australian Cancer Research Program

Optus ජංගම දුරකථන ජාලයේ ඇති වූ තවත් බිඳවැටීමක් හේතුවෙන් ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්ත කිහිපයක Triple Zero (000) හදිසි ඇමතුම් රැසකට බාධා එල්ල වී තිබෙනවා. සිකුරාදා පස්වරු 1.30ට

Victoriaහි ජනප්‍රිය Tesselaar Tulip Festival අද සිට ඔක්තෝබර් 11 දක්වා Silvanහිදී පැවැත්වෙනවා. මෙවර උණුසුම් සහ තෙත් කාලගුණය හේතුවෙන් විශාල tulip fields සාමාන්‍ය වසරකට වඩා කුඩා

ක්වීන්ස්ලන්ඩ් සෞඛ්‍ය දෙපාර්තමේන්තුව විසින් ප්‍රජනන සෞඛ්‍ය සායන සඳහා නිකුත් කර තිබූ මාර්ගෝපදේශ සංශෝධනය කර තිබෙනවා. ඒ අනුව මීට පෙර සමලිංගික යුවළක් (lesbian couples) වෙනම පවුල්

කම්කරු පක්ෂයේ මතභේදාත්මක දේපළ බදු වෙනස්කම් හේතුවෙන් ඉදිරියේදී ඔස්ට්‍රේලියාවේ නිවාස කුලිය සතියකට අමතර $10කින් පමණ ඉහළ යා හැකි බව නව modelling එකක් මඟින් අනාවරණය වී