

මිලියන 3ක වැඩිහිටියන්ගේ Health Insurance ගැන දුක හිතෙන ආරංචියක්
වයස අවුරුදු 65 ඉක්මවූ ඔස්ට්‍රේලියානුවන් සඳහා ලබාදෙන Private Health Insurance Rebate එක අඩු කිරීමට රජය සැලසුම් කර තිබෙනවා. මෙම වෙනස ලබන අප්‍රේල් මාසයේ සිට ක්‍රියාත්මක

කාන්තාවන් මුහුණදෙන වේදනාව නිසි ලෙස හඳුනාගෙන, ඒ සඳහා සුදුසු ප්‍රතිකාර ලබාදීම තහවුරු කිරීමේ අරමුණින් Victoria රජය ඔස්ට්‍රේලියාවේ පළමු Women’s Pain Standard හඳුන්වා දී තිබෙනවා.
Victoria හි රාජ්‍ය සෞඛ්‍ය පද්ධතිය තුළ කාන්තාවන්ගේ වේදනාව සම්බන්ධයෙන් පවතින gender bias සහ ඔවුන්ගේ වේදනා පැමිණිලි ප්‍රමාණවත් ලෙස සැලකිල්ලට නොගැනීම වැනි ගැටලු අවම කිරීම මෙහි ප්‍රධාන අරමුණයි.
නව ප්‍රමිතිය යටතේ සෞඛ්‍ය සේවා සපයන්නන් කාන්තාවන්ගේ වේදනාව වඩාත් සැලකිල්ලෙන් තක්සේරු කර, ඔවුන්ගේ රෝග ලක්ෂණ පිළිබඳව නිසි අවධානය යොමු කර, අවශ්‍ය ප්‍රතිකාර වෙත යොමු කිරීමට අපේක්ෂා කෙරෙනවා.

මෙම තීරණයට පසුබිම් වී ඇත්තේ Victoria හි පැවති Women’s Pain Inquiry එක වන අතර, ඒ සඳහා කාන්තාවන් සහ ගැහැණු ළමුන් 13,000කට වැඩි පිරිසක් සිය අත්දැකීම් සහ අදහස් ඉදිරිපත් කර තිබෙනවා.
එම විමර්ශනයේදී ඇතැම් කාන්තාවන් තමන් අත්විඳින වේදනාව සෞඛ්‍ය සේවා පද්ධතිය තුළ ප්‍රමාණවත් ලෙස පිළිගැනීමට ලක් නොවන බවත්, ඒ හේතුවෙන් නිවැරදි රෝග විනිශ්චය සහ ප්‍රතිකාර ලබාගැනීම ප්‍රමාද වන අවස්ථා පවතින බවත් පෙන්වා දී තිබුණා.
විශේෂයෙන් දිගුකාලීන වේදනාව, මාසික වේදනාව, endometriosis වැනි කාන්තාවන්ට බලපාන තත්ත්වයන් සම්බන්ධයෙන් ඉක්මන් හඳුනාගැනීම සහ වඩාත් ගුණාත්මක සෞඛ්‍ය සේවාවක් ලබාදීමේ අවශ්‍යතාව මෙම පියවර මගින් අවධාරණය කරනවා.
Victoria රජය පවසන්නේ මෙම නව Women’s Pain Standard හරහා කාන්තාවන්ගේ වේදනාව නොසලකා නොහැර, ඔවුන්ගේ අත්දැකීම් විශ්වාසයෙන් පිළිගෙන, සෞඛ්‍ය සේවාව තුළ වඩාත් සාධාරණ සහ කාන්තාවන් කේන්ද්‍ර කරගත් ප්‍රතිකාර ක්‍රමයක් ඇති කිරීම අපේක්ෂා කරන බවයි.
නවතම දත්ත අනුව වික්ටෝරියාවේ අධ්‍යාපනය සඳහා විදේශයන්ගෙන් ඉදිරිපත් වන ශිෂ්‍ය වීසා අයදුම්පත් කැපීපෙනෙන ලෙස පහළ ගොස් තිබෙනවා. 2026 ජනවාරි සිට...
මෙල්බන්හි hair salons ඉලක්ක කරගනිමින් පසුගිය මාස තුන පුරා සොරකම් රැසක් සිදුවීමත් සමඟ කුඩා ව්‍යාපාර හිමියන් අතර දැඩි අවධානයක් මතුව...
දරුවන්ගේ අධ්‍යාපනයට digital devicesවලින් ඇතිවන බලපෑම අවම කිරීම සඳහා NSW රජය පන්ති කාමර තුළ Screen Time දැඩි ලෙස සීමා කිරීමට...
ISIS සංවිධානය පාලනය කළ සිරියාවේ ජීවත් වූ බව කියන මෙල්බන් කාන්තාවකගේ ඇප ඉල්ලීම වික්ටෝරියා ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතික්ෂේප කර තිබෙනවා. 31 හැවිරිදි...
ඔස්ට්‍රේලියාවේ නිවාස කුලිය හෝ නිවාස ණය ගෙවන පුද්ගලයින්ට තම superannuation මුදලින් කොටසක් කලින් ලබාගැනීමට අවස්ථාව ලබාදීමේ One Nation පක්ෂයේ යෝජනාවට...
ක්වීන්ස්ලන්ඩ් සෞඛ්‍ය දෙපාර්තමේන්තුව විසින් ප්‍රජනන සෞඛ්‍ය සායන සඳහා නිකුත් කර තිබූ මාර්ගෝපදේශ සංශෝධනය කර තිබෙනවා. ඒ අනුව මීට පෙර සමලිංගික...
ඔස්ට්‍රේලියාවේ ප්‍රාදේශීය ප්‍රදේශවල ජනගහන වර්ධනයෙන් 46.2%ක් පමණ 2025 වසරේදී සංක්‍රමණය හේතුවෙන් සිදුව ඇති බව නව වාර්තාවකින් අනාවරණ වී තිබෙනවා. Regional...
ඔස්ට්‍රේලියාවේ ඉදිකිරීම් සමාගම් රැසක් බංකොලොත් වීමෙන් නිවාස ඉදිකරවා ගන්නා පවුල් දහස් ගණනක් අවිනිශ්චිත තත්ත්වයකට පත්ව තිබෙනවා. පසුගිය මූල්‍ය වසරේ රට...
වික්ටෝරියා ප්‍රාන්තයේ සිඟමන් යැදීම අපරාධයක් ලෙස සැලකීම අවසන් කරමින් නව නීති සංශෝධන ක්‍රියාත්මක කර තිබෙනවා. ඒ අනුව, පොදු ස්ථානවල සිඟමන්...

වයස අවුරුදු 65 ඉක්මවූ ඔස්ට්‍රේලියානුවන් සඳහා ලබාදෙන Private Health Insurance Rebate එක අඩු කිරීමට රජය සැලසුම් කර තිබෙනවා. මෙම වෙනස ලබන අප්‍රේල් මාසයේ සිට ක්‍රියාත්මක

ඔස්ට්‍රේලියානු රජය රටවල් 29කින් 24කට අදාළ Working Holiday Visa අයදුම්පත් තාවකාලිකව නවතා තිබෙනවා. ශුද්ධ විදේශ සංක්‍රමණ සංඛ්‍යාව පාලනය කිරීම සහ වීසා සාධාරණව බෙදාහැරීම මෙහි අරමුණ

ජීවන වියදම් පීඩනයෙන් පීඩා විඳින විශ්වවිද්‍යාල සිසුන්ට නව සහන ලබාදෙන ලෙස Universities Australia, Albanese රජයෙන් ඉල්ලා තිබෙනවා. සියලුම දේශීය විශ්වවිද්‍යාල සිසුන්ට අධ්‍යාපනය ලබන කාලය පුරා

ඔස්ට්‍රේලියාව කම්පා කළ Gold Coast Sea World හෙලිකොප්ටර් අනතුරෙන් දිවි ගලවාගත් Nicholas Tadros, තම ජීවිතයේ අතිශය සංවේදී සහ අභියෝගාත්මක පියවරක් තබා තිබෙනවා. වසර හතරකට පෙර

ඔස්ට්‍රේලියාවේ රජයේ ආදායම් ආධාර ලබන පුද්ගලයන් මුහුණදෙන ජීවන වියදම් අර්බුදයේ බරපතළකම නව සමීක්ෂණයකින් හෙළිවී තිබෙනවා. ACOSS සංවිධානයේ වාර්ෂික Raise the Rate සමීක්ෂණයට ආබාධිත ආධාර නොලබන

Pauline Hansonගේ One Nation පක්ෂය ඔස්ට්‍රේලියාවේ සංක්‍රමණික සංඛ්‍යාව දැඩි ලෙස අඩු කිරීමේ නව ප්‍රතිපත්තියක් හෙළි කර තිබෙනවා. වසර තුනක් තුළ තාවකාලික වීසා 750,000කට වැඩි ප්‍රමාණයක්