Join on WhatsApp channel
Auslanka tv Tickets

උණුසුම් පුවත්

Search

ප්‍රධාන පුවත

Advertisement

ඔස්ට්‍රේලියාවේ වාර්ෂික ශුද්ධ විදේශ සංක්‍රමණය 225,000 දක්වා අඩු කිරීම අනිවාර්යයෙන්ම සිදුකරන බව ස්වදේශ කටයුතු අමාත්‍ය ටෝනි බර්ක් ප්‍රකාශ කර තිබෙනවා.

මෙම 225,000 සංඛ්‍යාව මුලින් භාණ්ඩාගාරය විසින් ඉදිරිපත් කළ පුරෝකථනයක් පමණක් වූ නමුත්, රජය දැන් එය නිල ඉලක්කයක් ලෙස පිළිගෙන තිබෙනවා.

ජාතික මාධ්‍ය සමාජයේ පැවති දේශනයකදී මෙම ඉලක්කය අසාර්ථක විය හැකිදැයි විමසූ අවස්ථාවේ, එවැනි තත්ත්වයක් ඇති නොවන බව ටෝනි බර්ක් අවධාරණය කළා.

Advertisement

මීට වසරකට පමණ පෙර ඔහු පවසා තිබුණේ සංක්‍රමණය සඳහා නිශ්චිත “මැජික් අංකයක්” නොමැති බවත්, ඔස්ට්‍රේලියානු පුරවැසියන් රටට පැමිණීම සහ පිටවීම වැනි කරුණු නිසා ශුද්ධ සංක්‍රමණය නිවැරදිව පුරෝකථනය කිරීම අපහසු බවයි.

එහෙත් විපක්ෂයෙන් සහ මහජනතාවගෙන් එල්ල වන පීඩනය හමුවේ රජය දැන් 225,000 ඉලක්කයට නිල වශයෙන් කැපවී සිටිනවා.

Banner 01

ශුද්ධ විදේශ සංක්‍රමණය යනු රටට පැමිණෙන පුද්ගලයන්ගේ සංඛ්‍යාවෙන් රට හැර යන පුද්ගලයන්ගේ සංඛ්‍යාව අඩු කිරීමෙන් ලැබෙන අගයයි.

මෙම අගය තීරණය කිරීමේදී වීසා දත්ත, පුද්ගලයන් රටට පැමිණෙන සහ පිටව යන ආකාරය මෙන්ම රජයේ සංක්‍රමණ ප්‍රතිපත්තිද භාණ්ඩාගාරය විසින් සලකා බලනවා.

කෙසේවෙතත්, ඔස්ට්‍රේලියාවේ සිටින තාවකාලික වීසා හිමියන් රටින් පිටවන්නේ කවදාදැයි නිවැරදිව හඳුනාගැනීම අපහසු වීම නිසා පසුගිය කාලයේ සංක්‍රමණ පුරෝකථන කිහිපයක්ම වැරදී තිබුණා.

රජයේ නව සැලැස්ම යටතේ ශිෂ්‍ය වීසා හිමියන්ගේ පවුලේ සාමාජිකයන් රැගෙන ඒම, වැඩ කරන නිවාඩු වීසා දීර්ඝ කිරීම, එක වීසාවකින් තවත් වීසාවකට මාරුවෙමින් රට තුළ රැඳී සිටීම සහ වීසා කාලය ඉක්මවා රැඳී සිටීම පාලනය කිරීමට නියමිතයි.

පශ්චාත් කොවිඩ් සමයේ සංක්‍රමණය අධික ලෙස ඉහළ ගොස් ඇති බව පිළිගන්නා ටෝනි බර්ක්, නිවාස සැපයුමට එම වර්ධනයට ගැළපීමට කාලය අවශ්‍ය බවද පවසනවා.

නමුත් සංක්‍රමණය 225,000 දක්වා අඩු කළත්, එයින් ලේබර් රජයට විශාල දේශපාලන වාසියක් ලැබෙනු ඇති බවට සහතිකයක් නොමැති බවයි ABC විශ්ලේෂණය පෙන්වා දෙන්නේ.

රෙඩ්බ්‍රිජ් ආයතනයේ සමීක්ෂණ අනුව සංක්‍රමණය ප්‍රධාන ඡන්ද තීරණාත්මක කරුණක් ලෙස සලකන්නේ ඡන්දදායකයන්ගෙන් සියයට 10ක් පමණක් වන අතර, ඔවුන්ගෙන් බොහෝ දෙනෙකු දැනටමත් One Nation පක්ෂයට සහාය දක්වන බව සඳහන්.

ඡන්දදායකයන්ට වඩාත් වැදගත් ප්‍රශ්න ලෙස තවමත් ආර්ථිකය සහ සෞඛ්‍ය ක්ෂේත්‍රය ඉදිරියෙන් සිටින බවද එම සමීක්ෂණයෙන් පෙන්වා දී තිබෙනවා.

මේ අතර One Nation පක්ෂය මුලින් ශුද්ධ සංක්‍රමණය ඍණ අගයකට ගෙන ගොස්, වසර තුනකට පසුව එය 130,000ක මට්ටමකට තැබීමට යෝජනා කරනවා.

සන්ධානය සංක්‍රමණ ඉලක්කය රටේ ඉදිකරන නව නිවාස සංඛ්‍යාවට සම්බන්ධ කර, එය 150,000ත් 170,000ත් අතර මට්ටමකට ගෙන ඒමට ඉඩ ඇති බව වාර්තාවේ සඳහන්.

ඊට ප්‍රතිචාර දක්වන ටෝනි බර්ක් පවසන්නේ සංක්‍රමණය ඊටත් වඩා විශාල ලෙස කපා හැරීමෙන් ආර්ථිකයට සහ අත්‍යවශ්‍ය සේවාවලට බරපතළ හානියක් සිදුවිය හැකි බවයි.

නිවාස හිඟය, රැකියා විරහිතභාවය සහ යටිතල පහසුකම් මත පීඩනය වැඩිවන සෑම අවස්ථාවකදීම 225,000 ඉලක්කය තවදුරටත් අඩු කරන ලෙස රජයට දේශපාලන පීඩනයක් එල්ල විය හැකියි.

ඒ අනුව සංක්‍රමණ පද්ධතියේ ඇතැම් කොටස් දැඩිව පාලනය කළ හැකි වුවත්, ශුද්ධ සංක්‍රමණ සංඛ්‍යාව සම්පූර්ණයෙන්ම නිශ්චිත අගයක තබා ගැනීමට රජයට නොහැකි වීම මෙහි ඇති විශාලතම අභියෝගය බවයි ABC News විශ්ලේෂණය පෙන්වා දෙන්නේ.

 

Join on WhatsApp channel

උණුසුම් පුවත්

ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන පෙළේ සුපිරි වෙළෙඳසැල් ජාලයක් වන Coles, නත්තල් උත්සව සමය ඉලක්ක කරගනිමින් Flybuys points වැඩසටහනට නව විශේෂාංගයක් එකතු කර...

ඔස්ට්‍රේලියාවේ Net Overseas Migration සංඛ්‍යාව රජයේ ඉලක්කයට ගෙන ඒම සඳහා Student Visa, Temporary Visa සහ වීසා කාලය ඉක්මවා රටේ රැඳී...

Oxford Economics ආයතනයේ 2026 Global Cities Index වාර්තාවට අනුව ඔස්ට්‍රේලියානු නගර හතක් ලොව හොඳම නගර 100 අතරට පැමිණ තිබෙනවා. පසුගිය...

ඔස්ට්‍රේලියාවේ ගිනිකොනදිග ප්‍රදේශ හරහා හමා යන දරුණු cold front එකක් හේතුවෙන් මිලියන ගණනක ජනතාවක් දැඩි සීතලකට මුහුණ දී සිටිනවා. ඇතැම්...

ගෝලීය වශයෙන් ඉමහත් පිළිගැනීමට ලක්වන Quacquarelli Symonds (QS) 2027 ලෝක විශ්වවිද්‍යාල ශ්‍රේණිගත කිරීම්වලදී ඔස්ට්‍රේලියානු විශ්වවිද්‍යාල 9ක් ලෝකයේ හොඳම විශ්වවිද්‍යාල 100...

ඔස්ට්‍රේලියාවේ නව සංක්‍රමණ නීති සියල්ල එකවර ක්‍රියාත්මක නොවන අතර, ඇතැම් පියවර දැනටමත් ආරම්භ කර ඉදිරි මාස 12 තුළ අදියරෙන් අදියර...

Western Australia ප්‍රාන්තයෙන් meningococcal රෝගය සම්බන්ධයෙන් සති කිහිපයක් ඇතුළත දෙවැනි අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා. තවත් දරුවෙකුට meningococcal Serogroup B...

ඔස්ට්‍රේලියානු Skilled Independent visa – subclass 189 අපේක්ෂා කරන විදෙස් වෘත්තිකයන් වෙනුවෙන් ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව විසින් මෑතකදී ක්‍රියාත්මක කරන ලද...

One Nation පක්ෂය විසින් යෝජනා කර ඇති දැඩි සංක්‍රමණ කප්පාදු කිරීමේ ප්‍රතිපත්තිය මේ වන විට දැඩි ආන්දෝලනයකට ලක්ව තිබෙනවා. මෙම...

පුවත් විකාශය

Main Box banner
Live
Click Play to Listen

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom

225,000 සංක්‍රමණ ඉලක්කය දේශපාලන උගුලක්?

වික්ටෝරියා ප්‍රාන්තයේ උණ රෝගීන්ගේ ඉහළ යාමක්

ශීත සමය අවසන් වී වසන්ත කාලය ආරම්භ වී තිබුණත්, Victoria ප්‍රාන්තයේ influenza රෝගීන් සංඛ්‍යාව මේ වනවිට වේගයෙන් ඉහළ යමින් පවතින අතර, පසුගිය සති 7 තුළ

Read More »

ඔස්ට්‍රේලියාව විතරක් නොවෙයි—ලෝකයම සංක්‍රමණ නීති දැඩි කරයි

ඔස්ට්‍රේලියාව පමණක් නොව ඇමරිකාව, කැනඩාව, බ්‍රිතාන්‍යය සහ යුරෝපා රටවල් රැසක් මේ වනවිට සංක්‍රමණ නීති දැඩි කරමින් සිටින බව නව විශ්ලේෂණයකින් හෙළිවී තිබෙනවා. ඔස්ට්‍රේලියානු රජය ශිෂ්‍ය

Read More »

මෙල්බන් ගුවන් මගියාගේ ගමන් මල්ලෙන් හෙළිවූ Mildura කාන්තාවගේ සැඟවුණු රහස

Mildura ප්‍රදේශයට ගෙන්වීමට උත්සාහ කළ මත්ද්‍රව්‍ය තොගයක් සම්බන්ධයෙන් 33 හැවිරිදි කාන්තාවකට චෝදනා එල්ල කර තිබෙනවා. Victoria පොලිසිය සහ Australian Border Force එක්ව සිදුකරන විමර්ශනයක් යටතේ

Read More »

ඔස්ට්‍රේලියාවේ අලුත් සංක්‍රමණ සැලැස්මෙන් ශ්‍රී ලාංකිකයින්ටත් බලපෑම්

ඔස්ට්‍රේලියාව සංක්‍රමණ සංඛ්‍යාව අඩු කිරීම සහ වීසා ක්‍රමයේ අයථා භාවිත වැළැක්වීම සඳහා නව ප්‍රතිසංස්කරණ මාලාවක් ප්‍රකාශයට පත් කර තිබෙනවා. විදේශීය සිසුන් සමඟ ඔවුන්ගේ සැමියා, බිරිඳ

Read More »

මෙල්බන් අතුරු මාර්ගවලත් විශේෂ පොලිස් මෙහෙයුම් – රියදුරන්ට පණිවිඩයක්

Melbourne හි Elsternwick ප්‍රදේශයේ Nepean Highway ඔස්සේ රාත්‍රී දෙකක් පුරා විශේෂ පොලිස් මෙහෙයුමක් සිදුකර තිබෙනවා. රියැදුරන් 7,194 දෙනෙකු මත්පැන් සඳහා පරීක්ෂා කර ඇති අතර ඉන්

Read More »

එක් උත්සවයකදී 210 දෙනෙකුට ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය

ඔස්ට්‍රේලියාව තමන්ගේ ස්ථිර නිවහන කරගැනීමට බලාසිටි පුද්ගලයන් 210 දෙනෙකුට අමතක නොවන දිනයක් උදාවී තිබෙනවා. New South Wales ප්‍රාන්තයේ Lake Macquarie නගරයේ පැවති විශේෂ උත්සවයකදී ඔවුන්

Read More »
[the_ad id="38840"]
[the_ad id="40137"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom