ඔස්ට්‍රේලියාවේ විවාහ නොවී එකට ජීවත් වීමට සැලසුම් කරන්නන් තම නිවස, මුදල් සහ දේපළ සම්බන්ධයෙන් පැහැදිලි ලේඛන තබාගැනීම වැදගත් බව ජ්‍යෙෂ්ඨ නීතිඥ Marcus Denning පවසනවා.
ඔහු පෙන්වා දෙන්නේ lease එක, property title, receipts සහ bank records වැනි ලේඛන පසුව මතුවන දේපළ ආරවුලකදී වැදගත් සාක්ෂි විය හැකි බවයි.
දෙදෙනාම lease එකට නම් ඇතුළත් කිරීම, එකට ගෙවන rent, groceries සහ bills සඳහා වෙනම joint account එකක් භාවිත කිරීම සහ තමන්ගේ අනෙක් මුදල් වෙන්ව තබාගැනීම ද ඔහු නිර්දේශ කරනවා.
එසේම එක්ව ජීවත්වීමට පෙර මුදල් සහ දේපළ සම්බන්ධයෙන් ලිඛිත එකඟතාවක් ඇති කරගැනීම පසුව ඇතිවිය හැකි ගැටලු අවම කිරීමට උපකාරී විය හැකි බවයි ඔහු පෙන්වා දෙන්නේ.
කෙසේ වෙතත්, විවාහ නොවූ පුද්ගලයන්ට නීතිමය ආරක්ෂාවක් නොමැති බව මෙයින් අදහස් නොවන අතර, ඔස්ට්‍රේලියානු Family Law යටතේ සුදුසුකම් ලබන විවාහ නොවී එකට ජීවත් වන යුවළවලටත් property settlement සහ partner maintenance සඳහා අධිකරණයෙන් නියෝග ලබාගැනීමට හැකියාව පවතිනවා.
මේ අතර එකට ජීවත් වීමේ සම්බන්ධතාවයක් අවසන් වීමෙන් පසු property හෝ financial orders සඳහා සාමාන්‍යයෙන් වසර දෙකක් ඇතුළත අයදුම් කළ යුතු බව Federal Circuit and Family Court of Australia සඳහන් කරනවා.
බැඳීම් සහගත මූල්‍ය ගිවිසුමක් මගින් යුවළකට දේපළ හා මුදල් බෙදීම පිළිබඳ තමන්ගේ එකඟතාව නීතිමය ලෙස තහවුරු කළ හැකි අතර, එවැනි ගිවිසුමකට ඇතුළත් වීමට පෙර ඔස්ට්‍රේලියානු නීතීඥයෙකුගෙන් උපදෙස් ලබාගැනීම අවශ්‍ය වනවා.