

ඔස්ට්‍රේලියාවේ දරුවන් ඇති දැඩි කිරීමේ වියදම ඉහළට
ඔස්ට්‍රේලියාවේ දරුවන් දෙදෙනෙකු හෝ ඊට වැඩි සංඛ්‍යාවක් ඇති පවුලකට දරුවන් ඇති දැඩි කිරීම සඳහා වසරකට අවම වශයෙන් ඔස්ට්‍රේලියානු ඩොලර් 36,500ක් පමණ වැය වන බව නව

ඔස්ට්‍රේලියාවේ දරුවන් දෙදෙනෙකු හෝ ඊට වැඩි සංඛ්‍යාවක් ඇති පවුලකට දරුවන් ඇති දැඩි කිරීම සඳහා වසරකට අවම වශයෙන් ඔස්ට්‍රේලියානු ඩොලර් 36,500ක් පමණ වැය වන බව නව පර්යේෂණයකින් හෙළි වී තිබෙනවා.
The Parenthood ආයතනය විසින් නිකුත් කළ දත්ත අනුව, පවුලක් පවත්වාගෙන යාමට වැයවන මුදල පසුගිය වසර 20 තුළ 134%කින් ඉහළ ගොස් ඇති අතර, එම කාලය තුළ පවුල් ආදායම ඉහළ ගොස් ඇත්තේ 102%කින් පමණයි.
දරුවන් ඇති දැඩි කිරීමේ වියදම් අතරින් childcare වියදමට මේ වනවිට 33%ක පමණ කොටසක් හිමිවන අතර, 2003 වසරේදී එය 27%ක් ලෙස වාර්තා වී තිබෙනවා.

ආහාර, ඇඳුම්, සෞඛ්‍ය, ප්‍රවාහන, අධ්‍යාපන, විනෝදාස්වාද සහ ගෘහස්ථ අවශ්‍යතා වැනි වියදම්ද දරුවන් ඇති දැඩි කිරීමේ සමස්ත වියදමට ඇතුළත් වන බව සඳහන්.
The Parenthood ප්‍රධාන විධායක Georgie Dent පවසන්නේ වර්තමාන ආර්ථික තත්ත්වය තුළ බොහෝ පවුල්වලට දරුවන් ඇති දැඩි කිරීමේදී ආදායම් සහ වියදම් අතර වැඩි පීඩනයකට මුහුණදීමට සිදුව ඇති බවයි.
දැනට රජයෙන් ලබාදෙන සති 26ක paid parental leave කාලය සති 52ක් දක්වා වැඩි කිරීම ඇතුළු යෝජනා ඉදිරිපත් කර ඇති බවත් වාර්තා වෙනවා.
මේ අතර ඔස්ට්‍රේලියාවේ දරුවන් ලැබීමේ අනුපාතය ඉදිරි දශක කිහිපය තුළ තවදුරටත් පහළ යනු ඇතැයි නව Intergenerational Report එකෙන්ද පුරෝකථනය කර තිබෙනවා.
අද උදෑසන 10.05ට ඔස්ට්‍රේලියාව වසන්ත සමයේ වැදගත් තාරකා විද්‍යාත්මක සන්ධිස්ථානයකට පැමිණෙනවා. එය Spring Equinox ලෙස හඳුන්වන අතර, මෙම කාලයෙන් පසු...
ඔස්ට්‍රේලියාවේ පහළ යමින් පවතින උපත් අනුපාතය ඉහළ නැංවීමට, උපදින සෑම දරුවෙකු වෙනුවෙන්ම පවුලකට ඩොලර් 75,000ක් ගෙවිය යුතු බව ස්වාධීන මන්ත්‍රී...
Sydney නුවර පදිංචි 55 හැවිරිදි නිර්මීන් නූෆ්ල්ට වසර හයයි මාස තුනක සිරදඬුවමක් නියම කර තිබෙනවා. එහි වසර තුනක කාලයක් ඇයට...
වික්ටෝරියා ප්‍රාන්තයේ ගුරුවරුන්, විදුහල්පතිවරුන් සහ අධ්‍යාපන සහායක කාර්ය මණ්ඩලය වෙනුවෙන් ඓතිහාසික වැටුප් වැඩිවීමක් සහ විශිෂ්ට සේවා කොන්දේසි මාලාවක් කැරොල් ලේබර්...
Shein සහ Temu වැනි ultra-fast fashion platforms භාවිත කරන ඔස්ට්‍රේලියානුවන් ඒවාට සම්බන්ධ පාරිසරික සහ සදාචාරාත්මක ගැටලු පිළිබඳ දැනුවත්ව සිටියත්, අඩු...
ඔස්ට්‍රේලියාවේ පෙට්‍රල්, ඩීසල් සහ Hybrid වාහන සඳහා නව බද්දක් හඳුන්වා දිය යුතු බව Australian Electric Vehicle Association යෝජනා කර තිබෙනවා....
ඔස්ට්‍රේලියාවේ නව සංක්‍රමණ නීති සියල්ල එකවර ක්‍රියාත්මක නොවන අතර, ඇතැම් පියවර දැනටමත් ආරම්භ කර ඉදිරි මාස 12 තුළ අදියරෙන් අදියර...
ඔස්ට්‍රේලියාවේ උපත් අනුපාතය පහළ යාම සහ ජනගහනය වේගයෙන් වයස්ගත වීම රටේ ආර්ථිකයට විශාල අභියෝගයක් වී තිබෙනවා. නව Intergenerational Report අනුව...
තායිලන්තයේදී, 17 හැවිරිදි තරුණියක ඝාතනය කර ඇගේ මළ සිරුර සූට්කේස් එකක බහා දමා යාමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට පත්ව සිටින ඔස්ට්‍රේලියානු...

ඔස්ට්‍රේලියාවේ දරුවන් දෙදෙනෙකු හෝ ඊට වැඩි සංඛ්‍යාවක් ඇති පවුලකට දරුවන් ඇති දැඩි කිරීම සඳහා වසරකට අවම වශයෙන් ඔස්ට්‍රේලියානු ඩොලර් 36,500ක් පමණ වැය වන බව නව

වසර 35ක විරාමයකින් පසුව නැවතත් මේස පන්දුවට පිවිසි Melbourne හි අමල් ඩයස් , මේ වසරේ Australian Veterans National Championships තරගාවලියේදී Victoria ප්‍රාන්තය නියෝජනය කිරීමට සූදානම්

ඉස්ලාමීය රාජ්‍ය සංවිධානයට අදාළ ප්‍රචාරක ද්‍රව්‍ය අන්තර්ජාලය ඔස්සේ බෙදාහැරූ බවට සැකපිට මෙල්බර්න් නුවර 65 හැවිරිදි පුද්ගලයෙකු ත්‍රස්ත මර්දන පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. අද උදෑසන Carlton

ඕස්ට්‍රේලියාවේ ජාත්‍යන්තර සිසුන් සහ උපාධිධාරීන් සඳහා ලබාදෙන වීසා ස්ථාන විශාල ලෙස අඩු කිරීමට One Nation පක්ෂය යෝජනා කර තිබෙනවා. ඉදිරි වසර තුන තුළ සංක්‍රමණ ස්ථාන

ඔස්ට්‍රේලියාවේ Skilled Visa අයදුම්පත් සලකා බලන නව ප්‍රමුඛතා සැප්තැම්බර් 19 සිට ක්‍රියාත්මකයි. ඒ අනුව ඉදිකිරීම්, සෞඛ්‍ය, ගුරු සේවය, කෘෂිකර්මය, ජලජ වගාව, ධීවර සහ පතල් ක්ෂේත්‍රවල

බටහිර ඔස්ට්‍රේලියාවේ Karratha සිට Perth බලා පියාසර කළ Qantas යානයක මගියකු ඉදිරිපස දොර විවෘත කිරීමට උත්සාහ කළ බවට බරපතළ චෝදනාවක් එල්ල වී තිබෙනවා. ඔස්ට්‍රේලියානු ෆෙඩරල්