Join on WhatsApp channel
Auslanka tv Tickets

උණුසුම් පුවත්

Search

ප්‍රධාන පුවත

Advertisement

ඔස්ට්‍රේලියානු රජය නිවාස ආයෝජන සඳහා හඳුන්වා දෙන නව බදු වෙනස්කම් නිසා සියලුම ආයෝජකයන්ට වැඩි බද්දක් ගෙවීමට සිදු නොවන බව නව අධ්‍යයනයකින් හෙළි වී තිබෙනවා.

e61 Institute ආයතනය 2008 සිට 2025 දක්වා සිදුකළ නිවාස ආයෝජන 920,000ක් පමණ විශ්ලේෂණය කර ඇති අතර, නව නීති යටතේ ආයෝජකයන්ගෙන් 53%කට වැඩි බද්දක් ගෙවීමට සිදුවිය හැකි නමුත් 43%කට අඩු බද්දක් ගෙවීමට සිදුවන බව එහි සඳහන්.

නිවසක් හෝ වෙනත් වත්කමක් විකිණීමේදී ලැබෙන ලාභයට දැනට ලබාදෙන 50%ක බදු සහනය වෙනුවට, උද්ධමනය අනුව ලාභය ගණනය කරන ක්‍රමයක් 2027 ජූලි 1 වනදා සිට හඳුන්වා දීමට රජය තීරණය කර තිබෙනවා.

Advertisement

ඒ සමඟ ඇතැම් ලාභ සඳහා අවම 30%ක බදු අනුපාතයක්ද ද ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

අධ්‍යයනයට අනුව, නිවසක් විකිණීමේදී ගෙවන CGT පමණක් සැලකූ විට 54%ක් පමණ ආයෝජකයන්ට අඩු බද්දක් ගෙවීමට හැකි අතර 42%කට වැඩි බද්දක් ගෙවීමට සිදුවිය හැකියි.

Banner 01

නමුත් නිවාස ආයෝජනයෙන් සිදුවන පාඩු තම වැටුප් වැනි වෙනත් ආදායමෙන් අඩුකර බදු අඩු කරගන්නා ක්‍රමයට ද වෙනස්කම් සිදු වනවා.

2027 ජූලි 1 වනදා සිට එම සහනය ප්‍රධාන වශයෙන් අලුතින් ඉදිකරන නිවාස සඳහා පමණක් ලබාදීමට නියමිතයි.

2026 මැයි 12 රාත්‍රී 7.30ට පෙර මිලදීගත් දැනට පවතින ආයෝජන නිවාස සඳහා පැරණි ක්‍රමය දිගටම පවතිනවා.

රජය පවසන්නේ මෙම වෙනස්කම් මඟින් ඉදිරි වසර දහය තුළ තවත් 75,000කට පමණ තමන්ගේම නිවසක් මිලදී ගැනීමට අවස්ථාව ලැබෙනු ඇති බවයි.

කෙසේ වෙතත් මෙම වෙනස්කම් නිවාස ආයෝජනය සහ නව නිවාස ඉදිකිරීම අඩු කළ හැකි බවට ඉදිකිරීම් සහ දේපළ ක්ෂේත්‍රයේ ඇතැම් කණ්ඩායම් අනතුරු අඟවනවා.

Join on WhatsApp channel

උණුසුම් පුවත්

නිව් සවුත් වේල්ස්හි Blue Mountains ප්‍රදේශයේ සිදු වූ පිහි ඇනුමකින් කුඩා දරුවෙකු මියගොස් තවත් තිදෙනෙකු අසාධ්‍ය තත්ත්වයෙන් රෝහල්ගත කර තිබෙනවා....

ඔස්ට්‍රේලියාවේ ක්‍රෙඩිට්, ඩෙබිට් සහ EFTPOS කාඩ් ගෙවීම් සඳහා අමතර ගාස්තු අයකිරීම ලබන ඔක්තෝබර් 1 වැනිදා සිට තහනම් කිරීමට නියමිතයි. නව...

ලෝක වෙළඳපොළේ තෙල් මිල ඉහළ ගිය අවස්ථාවල ඔස්ට්‍රේලියාවේ ඉන්ධන බද්ද අඩකින් කපා දැමීමට Coalition විපක්ෂය නව යෝජනාවක් ඉදිරිපත් කර තිබෙනවා....

නාසා ආයතනයේ විද්‍යාඥයකු විසින් සඳ මතුපිට අලුතින් නිර්මාණය වූ දැවැන්ත ආවාටයක් අහම්බෙන් සොයාගෙන තිබෙනවා. McGetchin ලෙස නම් කර ඇති මෙම...

නිව්යෝර්ක් නුවර පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයට සමගාමීව, ඔස්ට්‍රේලියානු අගමැති ඇන්තනි ඇල්බනීසි සහ යුක්‍රේන ජනාධිපති Volodymyr Zelenskyy අතර වැදගත්...

වික්ටෝරියා ප්‍රාන්ත මැතිවරණයට තවත් මාස දෙකකට ආසන්න කාලයක් තිබියදී, One Nation පක්ෂයට ලැබෙන ජනතා සහය ඉහළ යාම තමන්ට “බියක් ඇති...

වික්ටෝරියා ප්‍රාන්තයේ ගුරුවරුන්, විදුහල්පතිවරුන් සහ අධ්‍යාපන සහායක කාර්ය මණ්ඩලය වෙනුවෙන් ඓතිහාසික වැටුප් වැඩිවීමක් සහ විශිෂ්ට සේවා කොන්දේසි මාලාවක් කැරොල් ලේබර්...

ඔස්ට්‍රේලියාවේ වාර්ෂික ශුද්ධ විදේශ සංක්‍රමණය 225,000 දක්වා අඩු කිරීම අනිවාර්යයෙන්ම සිදුකරන බව ස්වදේශ කටයුතු අමාත්‍ය ටෝනි බර්ක් ප්‍රකාශ කර තිබෙනවා....

වසර 35ක විරාමයකින් පසුව නැවතත් මේස පන්දුවට පිවිසි Melbourne හි අමල් ඩයස් , මේ වසරේ Australian Veterans National Championships තරගාවලියේදී...

පුවත් විකාශය

Main Box banner
Live
Click Play to Listen

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom

Investment Property තියෙන අයට අලුත් ආරංචියක්

ඔස්ට්‍රේලියාව සහ යුක්‍රේනය අතර වසර 10ක ආරක්ෂක ගිවිසුමක්

නිව්යෝර්ක් නුවර පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයට සමගාමීව, ඔස්ට්‍රේලියානු අගමැති ඇන්තනි ඇල්බනීසි සහ යුක්‍රේන ජනාධිපති Volodymyr Zelenskyy අතර වැදගත් සාකච්ඡා කිහිපයක් පවත්වා තිබෙනවා. මෙහිදී

Read More »

චොකලට් කන්නත් දැන් දෙවරක් හිතන්න වෙයිද?

ඔස්ට්‍රේලියාවේ චොකලට් මිල ඉහළම මට්ටමක පවතින අතර, ඉදිරි කාලයේදීත් මිල ඉක්මනින් අඩුවීමක් බලාපොරොත්තු විය නොහැකි බව විශේෂඥයින් පවසනවා. 2024 මැයි මාසයේ Coles සහ Woolworths වෙළඳසැල්වල

Read More »

OpenAI AI එකක් Medicare පද්ධතියට අවසර නැතිව ඇතුළු වෙයි

OpenAI සමාගම විසින් සංවර්ධනය කරන ලද AI Agent එකක් ඔස්ට්‍රේලියානු ෆෙඩරල් රජයට අයත් Medicare Statistics Reporting Service පද්ධතියට අවසර නොමැතිව ප්‍රවේශ වී ඇති බව අගමැති

Read More »

ඔස්ට්‍රේලියානු Living Together Couplesවලට බරපතළ නීති අවදානමක්

ඔස්ට්‍රේලියාවේ විවාහ නොවී එකට ජීවත් වීමට සැලසුම් කරන්නන් තම නිවස, මුදල් සහ දේපළ සම්බන්ධයෙන් පැහැදිලි ලේඛන තබාගැනීම වැදගත් බව ජ්‍යෙෂ්ඨ නීතිඥ Marcus Denning පවසනවා. ඔහු

Read More »

ජසින්ටා ඇලන්ටත් සාක්ෂි දෙන්න වෙයි ? – Victoria Big Build කොමිසම වැඩ අරඹයි

වික්ටෝරියා රජයේ ඩොලර් බිලියන 150ක් පමණ වටිනා Big Build ඉදිකිරීම් වැඩසටහනට සම්බන්ධ දූෂණ සහ අක්‍රමිකතා චෝදනා විමර්ශනය කරන රාජකීය කොමිසම හමුවේ සාක්ෂි දීමට හිටපු අගමැතිනී

Read More »

Quest එකේ නවාතැන් ගත්තද? – ඔබේ Passport, Licence සහ Credit Card තොරතුරුත් හෙළිවෙලාද ?

ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන පෙළේ නිවාඩු නිකේතන සහ මහල් නිවාස සංකීර්ණයක් වන Quest (Quest Apartment Hotels) ආයතනයේ සිදුවූ බරපතල දත්ත මංකොල්ලයක් හේතුවෙන් මිලියන දෙකකට ආසන්න පාරිභෝගිකයින්ගේ පුද්ගලික

Read More »
[the_ad id="38840"]
[the_ad id="40137"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom