Join on WhatsApp channel
Auslanka tv Tickets

උණුසුම් පුවත්

Search

ප්‍රධාන පුවත

Advertisement

ක්වීන්ස්ලන්ඩ්හි බ්‍රිස්බන් නගරයේදී, මෝටර් රථයක පිටුපස ශීතකරණයක් අසල වැතිරී ගමන් කළ 46 හැවිරිදි පුද්ගලයකුට පොලිසිය දඩ නියම කර තිබෙනවා.

රථයේ පිටුපස දොර අඩක් විවෘතව තිබියදී ශීතකරණයේ කොටසක් පිටතට නෙරා තිබූ අතර, ඒ අසල පුද්ගලයකුගේ පාද දැකීමෙන් පොලිස් නිලධාරීන්ගේ අවධානය යොමුවී තිබෙනවා.

මගීන් සඳහා නිර්මාණය කර නොමැති රථයේ කොටසක ගමන් කිරීම වෙනුවෙන් ඔහුට ඔස්ට්‍රේලියානු ඩොලර් 322ක දඩයක් නියම කර ඇති බවයි වාර්තා වන්නේ.

Advertisement

ආසන පටි පැළඳ නොසිටීම වෙනුවෙන් තවත් ඩොලර් 1,295ක දඩයක් සහ දඬුවම් ලකුණු හතරක්ද පනවා ඇති අතර, ඔහුගේ මුළු දඩ මුදල ඩොලර් 1,617ක් වෙනවා.

රථය පැදවූ Joyner ප්‍රදේශයේ පදිංචි 40 හැවිරිදි කාන්තාවට සංඥාව නොතකා ධාවනය කිරීම වෙනුවෙන් ඩොලර් 690ක දඩයක් සහ දඬුවම් ලකුණු තුනක් නියම කර ඇති බව සඳහන්.

Banner 01

භාණ්ඩ ආරක්ෂිතව සවි කර ප්‍රවාහනය කිරීමේ වැදගත්කම සහ එය සිදුකළ යුතු ආකාරය පිළිබඳවද පොලිසිය රියැදුරුවරිය දැනුවත් කර තිබෙනවා.

නිසි ලෙස සවි නොකළ භාණ්ඩ රියැදුරුට, මගීන්ට සහ අනෙකුත් මාර්ග භාවිත කරන්නන්ට බරපතළ අනතුරු ඇති කළ හැකි බවයි ක්වීන්ස්ලන්ඩ් පොලිසිය අවධාරණය කරන්නේ.

මූලාශ්‍රය: nine News

Join on WhatsApp channel

උණුසුම් පුවත්

බටහිර ඔස්ට්‍රේලියාවේ FIFO සේවකයෙකු අවසන් මොහොතේ Lotto ක්‍රීඩාව මාරු කර මිලදීගත් ටිකට් පතකින් ඩොලර් මිලියනයක jackpot එකක් දිනාගෙන තිබෙනවා. 45...

පේරු රාජ්‍යයේ කඳුකර ප්‍රදේශයක තනිව පාගමනක නිරත වූ මෙල්බන්හි තරුණයෙකු අතුරුදන් වී තිබෙනවා. Jordan Yap නැමති මෙම තරුණයා සැප්තැම්බර් 14...

IMF දත්ත සටහන අනුව, උසස් අධ්‍යාපනය ලැබූ වයස අවුරුදු 15ත් 24ත් අතර තරුණයින්ගේ රැකියා විරහිතභාවය වැඩිම රට ලෙස ශ්‍රී ලංකාව...

Qantas ගුවන් සමාගම සිඩ්නි සිට නිව්යෝර්ක් දක්වා අතරමැදි නැවතුමක් නොමැති සෘජු ගුවන් සේවය 2028 මැද භාගයේදී ආරම්භ කරන බව නිල...

ඔස්ට්‍රේලියානු රජයේ 5% Deposit Scheme යටතේ නිවසක් මිලදීගත් පළමු නිවාස ගැනුම්කරුවන්ට (First-home buyers), නිවසේ වටිනාකම ඉතිරි ණය මුදලට වඩා පහළ...

වික්ටෝරියාවේ කුරුළු උණ පැතිරීම හේතුවෙන් බිත්තර සහ කුකුළු නිෂ්පාදනයට අදාළ නව සත්ත්ව සුබසාධන නීති ක්‍රියාත්මක කිරීම මාස 12කින් කල් දැමීමට...

කුඩා නිවසකට මාරුවීමට කැමැත්ත තිබුණත්, stamp duty ඇතුළු නිවස මාරු කිරීමේ වියදම් නිසා ඇතැම් ඔස්ට්‍රේලියානුවන්ට තමන් දැනට ජීවත් වන විශාල...

වසන්ත කාලගුණය ආරම්භ වීමත් සමඟ ඔස්ට්‍රේලියාවේ සර්පයන් වැඩි වශයෙන් ක්‍රියාකාරී වන කාලය ආරම්භ වී තිබෙනවා. ඔස්ට්‍රේලියාවේ ගොඩබිම් සහ මුහුදු සර්ප...

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට සිඩ්නි ගුවන්තොටුපොළ වෙත පැමිණි මගියෙකුගේ ගමන් මලුවල තිබී කිලෝග්‍රෑම් 8.5ක රත්තරන් ආභරණ තොගයක් සොයා ගැනීමට...

පුවත් විකාශය

Main Box banner
Live
Click Play to Listen

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom

මෝටර් රථයක ශීතකරණයක් අසල වැතිරී ගිය පුද්ගලයකුට ලොකු දඩයක්

අවසන් මොහොතේ ගත් තීරණයෙන් මිලියනපතියෙකු වූ FIFO සේවකයා

බටහිර ඔස්ට්‍රේලියාවේ FIFO සේවකයෙකු අවසන් මොහොතේ Lotto ක්‍රීඩාව මාරු කර මිලදීගත් ටිකට් පතකින් ඩොලර් මිලියනයක jackpot එකක් දිනාගෙන තිබෙනවා. 45 හැවිරිදි මෙම පුද්ගලයා සාමාන්‍යයෙන් Lotterywestහි

Read More »

සිඩ්නි – නිව්යෝර්ක් Non-stop ගුවන් ගමන්වලට දින නියම වෙයි

Qantas ගුවන් සමාගම සිඩ්නි සිට නිව්යෝර්ක් දක්වා අතරමැදි නැවතුමක් නොමැති සෘජු ගුවන් සේවය 2028 මැද භාගයේදී ආරම්භ කරන බව නිල වශයෙන් තහවුරු කර තිබෙනවා. මෙම

Read More »

5% තැන්පතුවෙන් ගෙයක් ගත් අයට අලුත් අවදානමක්

ඔස්ට්‍රේලියානු රජයේ 5% Deposit Scheme යටතේ නිවසක් මිලදීගත් පළමු නිවාස ගැනුම්කරුවන්ට (First-home buyers), නිවසේ වටිනාකම ඉතිරි ණය මුදලට වඩා පහළ යාමේ අවදානම ගැන අනතුරු ඇඟවීමක්

Read More »

One Nation බලයට පත්වීම ඔස්ට්‍රේලියාවට මහා ව්‍යසනයක් – හිටපු උප අගමැතිවරයෙක් කියයි

One Nation පක්ෂයේ දේශපාලන බලපෑම ඉහළ යාම ගැන හිටපු උප අගමැති Kim Beazley දැඩි අනතුරු ඇඟවීමක් කර තිබෙනවා. 7NEWS The Issue වැඩසටහන සමඟ කළ සාකච්ඡාවකදී

Read More »

ඉරානයේ සටන් විරාම යෝජනාව ට්‍රම්ප් ප්‍රතික්ෂේප කරයි

ඉරානය ඉදිරිපත් කළ දින 7ක සටන් විරාම යෝජනාව අමෙරිකානු ජනාධිපති Donald Trump ප්‍රතික්ෂේප කර ඇති බව වාර්තා වනවා. එම යෝජනාව යටතේ සටන් ක්‍රියා නතර කිරීම,

Read More »

Hike එකකට ගිය මෙල්බන් තරුණයා පේරු කඳුකරයේ අතුරුදන්

පේරු රාජ්‍යයේ කඳුකර ප්‍රදේශයක තනිව පාගමනක නිරත වූ මෙල්බන්හි තරුණයෙකු අතුරුදන් වී තිබෙනවා. Jordan Yap නැමති මෙම තරුණයා සැප්තැම්බර් 14 වැනිදා Huaraz නගරයේ නවාතැනකින් පිටත්ව,

Read More »
[the_ad id="38840"]
[the_ad id="40137"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom