

සති අන්තයේ රිය පදවන ඔස්ට්‍රේලියානුවන්ට අනතුරු ඇඟවීමක්
එළඹෙන දිගු නිවාඩු සමයත් සමඟ, ඔස්ට්‍රේලියානු රියදුරන්ට දැඩි අවධානයෙන් පසුවන ලෙස බලධාරීන් අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා. King’s Birthday දිගු සති අන්තය වෙනුවෙන් බටහිර ඔස්ට්‍රේලියාව

එළඹෙන දිගු නිවාඩු සමයත් සමඟ, ඔස්ට්‍රේලියානු රියදුරන්ට දැඩි අවධානයෙන් පසුවන ලෙස බලධාරීන් අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා.
King’s Birthday දිගු සති අන්තය වෙනුවෙන් බටහිර ඔස්ට්‍රේලියාව ඇතුළු ප්‍රාන්ත කිහිපයක රියදුරන් සඳහා Double Demerits ක්‍රමය මේ වනවිට ක්‍රියාත්මකයි.
නවීන AI සහ සංවේදී කැමරා තාක්ෂණය නිසා, මීට පෙර පොලිස් නිලධාරියෙකුට පමණක් හඳුනාගත හැකිව තිබූ Seatbelts නිසි පරිදි නොපැළඳීම සහ ජංගම දුරකථන භාවිතය වැනි වැරදි දැන් ස්වයංක්‍රීය කැමරා මඟින් ඉතා පහසුවෙන් හඳුනාගැනීමේ හැකියාව පවතිනවා.

මෑත කාලීන වාර්තා පෙන්වා දෙන්නේ මෙම නව තාක්ෂණය හඳුන්වාදීමත් සමඟ අනවසරයෙන් ජංගම දුරකථන භාවිත කිරීම් සහ Seatbelts පැළඳ නොසිටීමේ වරදට හසුවූ සංඛ්‍යාව දැඩි ලෙස ඉහළ ගොස් ඇති බවයි.
බටහිර ඔස්ට්‍රේලියානු පොලිසිය පවසන්නේ වේගය ඉක්මවා යාම, මත්පැන් හා මත්ද්‍රව්‍ය භාවිත කර රිය පැදවීම, අවධානය වෙනතකට යොමු වීම, fatigue සහ seatbelt offences යන ප්‍රධාන වැරදි දැඩි ලෙස නිරීක්ෂණය කරන බවයි.
මෙම Double Demerits කාලසීමාව තුළ කුඩා වැරැද්දක් හේතුවෙන් වුවද ක්ෂණිකව රියදුරු බලපත්‍රය අහිමි වීමේ අවදානමක් පවතින බවටයි රියදුරන්ට අනතුරු අඟවා ඇත්තේ.
මේ අතර, වික්ටෝරියා ප්‍රාන්තයේ AFL Grand Final දිගු නිවාඩු සමය වෙනුවෙන් Double Demerits ක්‍රියාත්මක නොවුනද, විශේෂ මෙහෙයුම් යටතේ පොලිස් නිලධාරීන් මාර්ගවල දැඩි ලෙස මුර සංචාරය කරමින් රියදුරන් පරීක්ෂාවට ලක් කරමින් සිටිනවා.
එබැවින්, රිය පැදවීමේදී නීති රීති දැඩිව පිළිපදින ලෙස සියලුම රියදුරන්ට දැනුම් දී තිබෙනවා.
ඔස්ට්‍රේලියානු රජය අලුතින් ප්‍රකාශයට පත් කළ සංක්‍රමණ හා වීසා නීති ඔබේ අධ්‍යාපනයට, රැකියාවට සහ PR බලාපොරොත්තුවට බලපාන්නේ කෙසේද? එම වෙනස්කම්...
නිවාස වියදම අඩු කරගැනීමට නගරයෙන් පිටත පදිංචි වූ පවුල්වලට, ඉහළ යන ඉන්ධන මිල දැන් අලුත් බරක් වී ඇති බව අද...
ලෝක වෙළඳපොළේ තෙල් මිල ඉහළ ගිය අවස්ථාවල ඔස්ට්‍රේලියාවේ ඉන්ධන බද්ද අඩකින් කපා දැමීමට Coalition විපක්ෂය නව යෝජනාවක් ඉදිරිපත් කර තිබෙනවා....
වික්ටෝරියා ප්‍රාන්තයේ අපරාධ අනුපාතය පසුගිය වසර තුළ 3.8%කින් අඩු වී තිබුණත්, වික්ටෝරියා පොලිසිය තවමත් නිලධාරීන්ගේ හිඟයකට මුහුණ දෙමින් සිටින බව...
ජීවන වියදම ඉහළ යාමත් සමඟ අමතර ආදායමක් සොයන ඔස්ට්‍රේලියානුවන්ට නත්තල් සහ ගිම්හාන සමය වෙනුවෙන් රැකියා දහස් ගණනක් විවෘත වී තිබෙනවා....
ඔස්ට්‍රේලියානු රජය නිවාස ආයෝජන සඳහා හඳුන්වා දෙන නව බදු වෙනස්කම් නිසා සියලුම ආයෝජකයන්ට වැඩි බද්දක් ගෙවීමට සිදු නොවන බව නව...
ඔස්ට්‍රේලියාවේ ක්‍රෙඩිට්, ඩෙබිට් සහ EFTPOS කාඩ් ගෙවීම් සඳහා අමතර ගාස්තු අයකිරීම ලබන ඔක්තෝබර් 1 වැනිදා සිට තහනම් කිරීමට නියමිතයි. නව...
ඔස්ට්‍රේලියාවේ නව සංක්‍රමණ නීති දැඩි කිරීමත් සමඟ, මෙල්බන්හි අධ්‍යාපනය ලබන ඇමරිකානු සිසුවියක් රට හැර යාම ගැන සිතන බව පවසා තිබෙනවා....
නාසි ආචාරයක් සිදු කිරීම සහ අන්තර්ජාලය ඔස්සේ අපහාසාත්මක හා තර්ජනාත්මක පණිවුඩ පළ කිරීම සම්බන්ධයෙන් සිඩ්නි වැසියෙකුට වසර 3ක සිරදඬුවමක් නියම...

එළඹෙන දිගු නිවාඩු සමයත් සමඟ, ඔස්ට්‍රේලියානු රියදුරන්ට දැඩි අවධානයෙන් පසුවන ලෙස බලධාරීන් අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා. King’s Birthday දිගු සති අන්තය වෙනුවෙන් බටහිර ඔස්ට්‍රේලියාව

ඔස්ට්‍රේලියාවේ පාරිභෝගිකයන්ට සහ ව්‍යාපාරිකයන්ට බලපාන ප්‍රධාන වෙනසක් ඉදිරි දින කිහිපය තුළ ක්‍රියාත්මක වීමට නියමිතයි. ඒ යටතේ, පාරිභෝගිකයන් debit හෝ credit කාඩ්පත් මඟින් මුදල් ගෙවීමේදී අතිරේක

ඔස්ට්‍රේලියාවේ Skilled Independent හෙවත් Subclass 189 වීසා අපේක්ෂාවෙන් සිටින අයට වැදගත් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඔස්ට්‍රේලියානු රජය පවසන්නේ, Subclass 189 වීසා සඳහා මීළඟ invitation round

ඔස්ට්‍රේලියාවේ වසන්ත කාලය ආරම්භ වී තිබුණත්, මෙවර Influenza රෝගීන්ගේ වැඩිවීම සාමාන්‍යයට වඩා ප්‍රමාද වී ඉහළම මට්ටමට ළඟාවෙමින් ඇති බව සෞඛ්‍ය විශේෂඥයින් පවසනවා. සැප්තැම්බර් 6 දක්වා

වික්ටෝරියා සහ නිව් සවුත් වේල්ස් ප්‍රාන්තවල ගෘහස්ථ දේපළ වටිනාකම ඩොලර් බිලියන 130කට වැඩි ප්‍රමාණයකින් පහළ ගොස් තිබෙනවා. Primara Research ආයතනය විසින් ඔස්ට්‍රේලියානු සංඛ්‍යාලේඛන කාර්යාංශයේ දත්ත

නාසි ආචාරයක් සිදු කිරීම සහ අන්තර්ජාලය ඔස්සේ අපහාසාත්මක හා තර්ජනාත්මක පණිවුඩ පළ කිරීම සම්බන්ධයෙන් සිඩ්නි වැසියෙකුට වසර 3ක සිරදඬුවමක් නියම කර තිබෙනවා. Nathan Ballesty නමැති