

Nazi Salute එකක් කළ සිඩ්නි වැසියෙකුට සිර සිරදඬුවම්
නාසි ආචාරයක් සිදු කිරීම සහ අන්තර්ජාලය ඔස්සේ අපහාසාත්මක හා තර්ජනාත්මක පණිවුඩ පළ කිරීම සම්බන්ධයෙන් සිඩ්නි වැසියෙකුට වසර 3ක සිරදඬුවමක් නියම කර තිබෙනවා. Nathan Ballesty නමැති

නාසි ආචාරයක් සිදු කිරීම සහ අන්තර්ජාලය ඔස්සේ අපහාසාත්මක හා තර්ජනාත්මක පණිවුඩ පළ කිරීම සම්බන්ධයෙන් සිඩ්නි වැසියෙකුට වසර 3ක සිරදඬුවමක් නියම කර තිබෙනවා.
Nathan Ballesty නමැති මෙම පුද්ගලයාට නාසි ආචාරය කිරීම සම්බන්ධයෙන් නව අනිවාර්ය අවම දඬුවම් නීති (Mandatory minimum sentencing laws) යටතේ සිරදඬුවම් ලැබූ පළමු පුද්ගලයා ද වනවා.
අග්‍රාමාත්‍ය ඇන්තනි ඇල්බනීසි පැහැරගෙන යා යුතු බවට ඔහු පළ කළ අන්තර්ජාල සටහනක් සම්බන්ධයෙන් ඔස්ට්‍රේලියානු ෆෙඩරල් පොලිසිය පරීක්ෂණයක් ආරම්භ කිරීමෙන් පසු ඔහු අත්අඩංගුවට ගෙන තිබුණා.

සිඩ්නි උතුරු වෙරළ ප්‍රදේශයේ පිහිටි ඔහුගේ නිවස පරීක්ෂා කිරීමේදී නාසි ඇඳුමක් සහ ඇඩොල්ෆ් හිට්ලර්ගේ Mein Kampf ග්‍රන්ථයේ පිටපතක් ඇතුළු නාසි සංකේත සොයාගෙන තිබෙනවා.
මේ අතර ඔහුගේ ඉලෙක්ට්‍රොනික උපකරණවල තිබී අග්‍රාමාත්‍යවරයා සහ ස්වදේශ කටයුතු අමාත්‍ය ටෝනි බර්ක් ඉලක්ක කරගත් ප්‍රචණ්ඩ පණිවුඩ සහ වීඩියෝ ඇමතුමකදී Nazi salute එකක් කරන දර්ශන ද සොයාගෙන තිබෙනවා.
ඔහු නාසි ආචාරය කිරීම ඇතුළු චෝදනා කිහිපයකට වරද පිළිගෙන තිබූ අතර, අධිකරණය විසින් වසර තුනක සිරදඬුවමක් සහ අවම වශයෙන් මාස 18ක සිරගත කාලයක් නියම කර තිබෙනවා.
මෙම දඬුවමට නාසි ආචාරය කිරීම සම්බන්ධයෙන් නීතියෙන් නියම කර ඇති අනිවාර්ය මාස 12ක අවම සිරදඬුවම ද ඇතුළත්.
මේ අතර ඔහුගේ මව්පියන් අධිකරණයට දන්වා සිටියේ තම පුත්‍රයා දිගුකාලීන මානසික සෞඛ්‍ය ගැටලු සහ සමාජීය හුදකලාවකින් පසු වූ අතර, අන්තර්ජාලයට වැඩි වශයෙන් ඇබ්බැහි වීම සම්බන්ධයෙන් කණගාටු වන බවයි.
කෙසේ වෙතත්, ඔහුගේ ක්‍රියාවන් සහ ඉදිරිපත් කළ චරිත සහතික අතර විශාල පරස්පරතාවක් පවතින බවයි විනිසුරුවරයා සඳහන් කළේ.
ඔහු 2027 මැයි මාසයේදී පරිවාස නිදහස සඳහා සුදුසුකම් ලැබීමට නියමිතයි.
ඔස්ට්‍රේලියාවේ Northern Territory ප්‍රාන්තයේ පවතින සේවක හිඟය පියවා ගැනීම සඳහා දක්ෂ විදේශීය ශ්‍රමිකයන් ආකර්ෂණය කරගැනීමේ වැඩපිළිවෙළ පුළුල් කර තිබෙනවා. එහි...
ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන පෙළේ නිවාඩු නිකේතන සහ මහල් නිවාස සංකීර්ණයක් වන Quest (Quest Apartment Hotels) ආයතනයේ සිදුවූ බරපතල දත්ත මංකොල්ලයක් හේතුවෙන්...
ජීවන වියදම ඉහළ යාම හේතුවෙන් ඔස්ට්‍රේලියානුවන් මිලියන දෙකකට වැඩි පිරිසක් දන්ත වෛද්‍යවරයා හමුවීම කල්දමා තිබෙනවා. වැඩිහිටියන් තිදෙනෙකුගෙන් එක් අයෙකු ප්‍රතිකාර...
ඔස්ට්‍රේලියාව සංක්‍රමණ සංඛ්‍යාව අඩු කිරීම සහ වීසා ක්‍රමයේ අයථා භාවිත වැළැක්වීම සඳහා නව ප්‍රතිසංස්කරණ මාලාවක් ප්‍රකාශයට පත් කර තිබෙනවා. විදේශීය...
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් CNN, Politico සහ MS Now යන ප්‍රධාන පෙළේ මාධ්‍ය ආයතන තුනට White House එකට ඇතුළුවීම...
2026 පළමු මාස තුනේදී ඔස්ට්‍රේලියාවෙන් ශ්‍රී ලංකාවට US$ මිලියන 118.9ක සේවක ප්‍රේෂණ ලැබී තිබෙනවා. ඒ අනුව ශ්‍රී ලංකාවට වැඩිම සේවක...
ඔස්ට්‍රේලියාවේ දරුවන් බිහි කිරීමේ අනුපාතිකය අපේක්ෂා කළාට වඩා වේගයෙන් පහළ යමින් තිබුණද, Baby Bonus ක්‍රමයක් නැවත හඳුන්වා නොදෙන බව භාණ්ඩාගාරික...
ඔස්ට්‍රේලියාවේ Gold Coast ප්‍රදේශයේ 95 හැවිරිදි Betty Gregory තම උපන්දිනය සැමරීම සඳහා ගුවන් යානයකින් පැන Skydiving කර තිබෙනවා. මෙය ඇය...
UNSW Sydney හි Kirby Institute නිකුත් කළ නවතම දත්ත අනුව ඔස්ට්‍රේලියාවේ ලිංගිකව සම්ප්‍රේෂණය වන ආසාදන (Sexually Transmitted Infections (STIs)) තවමත්...

නාසි ආචාරයක් සිදු කිරීම සහ අන්තර්ජාලය ඔස්සේ අපහාසාත්මක හා තර්ජනාත්මක පණිවුඩ පළ කිරීම සම්බන්ධයෙන් සිඩ්නි වැසියෙකුට වසර 3ක සිරදඬුවමක් නියම කර තිබෙනවා. Nathan Ballesty නමැති

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ කුලී නිවාස සඳහා අයදුම් කරන පුද්ගලයන්ගේ පෞද්ගලික තොරතුරු ආරක්ෂා කිරීමට නව නීති පාර්ලිමේන්තුවෙන් සම්මත වී තිබෙනවා. නව සම්මත අයදුම්පත අනුව පුද්ගලික ඡායාරූප,

ඔස්ට්‍රේලියාවේ සමාජ නිවාසයක් නැත්නම් අඩු ආදායම්ලාභීන්ට ලබාදෙන නිවසක් ලබාගැනීම සඳහා ගෘහ ඒකක 190,000ක් පමණ පොරොත්තු ලේඛනවල සිටින බව අද ප්‍රකාශයට පත් කළ දත්ත පෙන්වා දෙනවා.

රටවල් හා අධ්‍යාපන පද්ධති 28ක දේශීය සිසුන් සඳහා වන වාර්ෂික උපාධි ගාස්තු සැසඳීමකදී ඔස්ට්‍රේලියාව අටවැනි ස්ථානයට පැමිණ තිබෙනවා. OECD හි Education at a Glance 2025

ඔස්ට්‍රේලියාවේ Gym සහ Fitness කර්මාන්තයේ ආදායම ඉදිරි වසර කිහිපය තුළ ඩොලර් බිලියන 3.8කට ආසන්න මට්ටමකට ළඟා වනු ඇතැයි නව කර්මාන්ත වාර්තාවක් පෙන්වා දෙනවා. IBISWorld දත්ත

ක්වීන්ස්ලන්ඩ්හි Brisbane සිට ලොන්ග්‍රීච් දක්වා ගොස් ආපසු පැමිණීමට ගුවන් ටිකට් පතක් සොයා බැලූ ජෝන් එලියට්ට ඩොලර් 1,386ක ගාස්තුවක් දැකගැනීමට ලැබී තිබෙනවා. දින පහකට කලින් වෙන්කරවා