Join on WhatsApp channel
Auslanka tv Tickets

උණුසුම් පුවත්

Search

ප්‍රධාන පුවත

Advertisement

ඔස්ට්‍රේලියාවේ දරුවන් බිහි කිරීමේ අනුපාතිකය අපේක්ෂා කළාට වඩා වේගයෙන් පහළ යමින් තිබුණද, Baby Bonus ක්‍රමයක් නැවත හඳුන්වා නොදෙන බව භාණ්ඩාගාරික Jim Chalmers පවසනවා.

ඉදිරි දශක ගණනාව සඳහා වන ආර්ථික පුරෝකථන ඇතුළත් Intergenerational Report එකට අනුව, ඔස්ට්‍රේලියාවේ ජනගහන වර්ධනය ඉදිරි වසර 40 තුළ සියයට 0.9 දක්වා මන්දගාමී වනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.

මීට පෙර පැවති ඇස්තමේන්තුවලට වඩා මිලියන 1.8 ක පමණ අඩුවීමක් මෙහිදී පෙන්නුම් කරන අතර, මීට ප්‍රධාන වශයෙන් හේතු ඇත්තේ පසුකාලීනව දරුවන් බිහි කිරීම සහ විශාල පවුල් බිහි කිරීමට ඇති නැඹුරුව අඩුවීමයි.

Advertisement

කෙසේ වෙතත්, 2014 වසරේදී අහෝසි කරන ලද Baby Bonus දීමනාව වෙනුවට, මුල් අවධියේ ළමා අධ්‍යාපන පද්ධතිය පුළුල් කිරීම, වැටුප් සහිත මව්පිය නිවාඩු වැඩසටහන් පුළුල් කිරීම සහ එම නිවාඩු කාලය සඳහා Superannuation ගෙවීම වැනි දේ හරහා පවුල්වලට අවශ්‍ය තේරීම් ලබාදීමට කටයුතු කරන බවයි භාණ්ඩාගාරිකවරයා පවසන්නේ.

මේ අතර, මනාව කළමනාකරණය කරනු ලබන සංක්‍රමණ ක්‍රමවේදයක් රටේ ආර්ථිකයට සහ ප්‍රජාවට ඉතා වැදගත් වනු ඇතැයි ද ඔහු වැඩිදුරටත් පෙන්වා දී තිබෙනවා.

Banner 01

Join on WhatsApp channel

උණුසුම් පුවත්

AI තාක්ෂණික දැවැන්තයින් ඔස්ට්‍රේලියාවේ ආයෝජන ප්‍රවර්ධනය කිරීමට උත්සාහ කරන අතරේ, රජය සහ ප්‍රකාශන හිමිකම් හිමියන් අතර උණුසුම් තත්ත්වයක් හටගෙන තිබෙනවා....

ඔස්ට්‍රේලියාවේ සංක්‍රමණ පද්ධතියේ විශාල වෙනස්කම් රැසක් හඳුන්වාදෙමින් Home Affairs Minister Tony Burke අද නව සංක්‍රමණ ප්‍රතිපත්තිය ප්‍රකාශයට පත් කර තිබෙනවා....

ඔස්ට්‍රේලියාවේ නොමිලේ ලබාදෙන COVID-19 එන්නත් වැඩසටහන ඔක්තෝබර් පළමුවැනිදා සිට වෙනස් කිරීමට ෆෙඩරල් රජය තීරණය කර තිබෙනවා. නව ක්‍රමය යටතේ නොමිලේ...

ඔස්ට්‍රේලියාවට අවශ්‍ය ඉදිකිරීම් වෘත්තිකයන් වැඩි වශයෙන් ගෙන්වා ගැනීම සඳහා Skilled Visa ලකුණු ක්‍රමය වෙනස් කිරීමට රජය සැලසුම් කර තිබෙනවා. නිවාස...

ඔස්ට්‍රේලියාවේ නව සංක්‍රමණ නීති දැඩි කිරීමත් සමඟ, මෙල්බන්හි අධ්‍යාපනය ලබන ඇමරිකානු සිසුවියක් රට හැර යාම ගැන සිතන බව පවසා තිබෙනවා....

ඔස්ට්‍රේලියාවේ සංක්‍රමණිකයන් සහ ජාත්‍යන්තර සිසුන් ඉලක්ක කර දේශපාලන පක්ෂ දිනෙන් දින දැඩි යෝජනා ඉදිරිපත් කරමින් සිටිනවා. Student Visa, Graduate Visa,...

ඔස්ට්‍රේලියාවේ උද්ධමනය ඉහළ යාමේ අවදානම් සැබෑ වෙමින් පවතින බව RBA ප්‍රධානී මිෂෙල් බුලොක් අනතුරු අඟවා තිබෙනවා. මැදපෙරදිග ගැටුම් හේතුවෙන් තෙල්...

One Nation පක්ෂය විසින් යෝජනා කර ඇති දැඩි සංක්‍රමණ කප්පාදු කිරීමේ ප්‍රතිපත්තිය මේ වන විට දැඩි ආන්දෝලනයකට ලක්ව තිබෙනවා. මෙම...

ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන ජාත්‍යන්තර ගුවන් තොටුපොළ කිහිපයක SmartGate පද්ධතිය බිඳවැටීමෙන් මගීන්ට දැඩි ප්‍රමාදයන්ට මුහුණදීමට සිදුව තිබෙනවා. මෙම තාක්ෂණික දෝෂය Sydney, Melbourne...

පුවත් විකාශය

Main Box banner
Live
Click Play to Listen

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom

ඔස්ට්‍රේලියාවේ දරුවන් අඩුවෙයි – Baby Bonus නැවත එයිද ?

ඔස්ට්‍රේලියාවේ දරුවන් අඩුවෙයි – Baby Bonus නැවත එයිද ?

ඔස්ට්‍රේලියාවේ දරුවන් බිහි කිරීමේ අනුපාතිකය අපේක්ෂා කළාට වඩා වේගයෙන් පහළ යමින් තිබුණද, Baby Bonus ක්‍රමයක් නැවත හඳුන්වා නොදෙන බව භාණ්ඩාගාරික Jim Chalmers පවසනවා. ඉදිරි දශක

Read More »

NTහි පදිංචි වීමට සහ රැකියා ලබා ගැනීමට නව වීසා මාර්ග රැසක්

Northern Territory ප්‍රාන්තයේ ජීවත් වෙමින් වැඩ කිරීමට කැමති දක්ෂ සේවකයින්ට වීසා මාර්ග කිහිපයක් හඳුන්වා දී තිබෙනවා. NT DAMA ක්‍රමය යටතේ අයදුම් කිරීමට එම ප්‍රදේශයේ සේවායෝජකයෙකුගෙන්

Read More »

වික්ටෝරියාවේ ප්‍රදේශයකට Watch and Act අනතුරු ඇඟවීමක්

වික්ටෝරියාවේ Central Gippsland ප්‍රදේශයේ හටගත් පාලනය කළ නොහැකි ලැව් ගින්නක් හේතුවෙන් Golden Beach, Paradise Beach, Seacombe සහ Dutson Downs ප්‍රදේශවල වැසියන්ට දැඩි විමසිල්ලෙන් සිටින ලෙස

Read More »

ඔස්ට්‍රේලියානුවන්ගේ ආයු අපේක්ෂාව තවත් ඉහළට

ඔස්ට්‍රේලියානු ජනතාවගේ සාමාන්‍ය ආයු කාලය ඉදිරි දශක හතර තුළ තවදුරටත් ඉහළ යනු ඇතැයි නවතම Intergenerational Report අනාවරණය කරනවා. 2065/66 වනවිට කාන්තාවන්ගේ ආයු අපේක්ෂාව වසර 90ට

Read More »

පෙට්‍රල් මිල අඩු කරන්න Coalition ගෙනා අලුත් යෝජනාව

ලෝක වෙළඳපොළේ තෙල් මිල ඉහළ ගිය අවස්ථාවල ඔස්ට්‍රේලියාවේ ඉන්ධන බද්ද අඩකින් කපා දැමීමට Coalition විපක්ෂය නව යෝජනාවක් ඉදිරිපත් කර තිබෙනවා. “Fuel Price Shield” ලෙස නම්

Read More »

කුඩා දරුවෙකු මියගොස් තවත් තිදෙනෙකු අසාධ්‍ය කළ පිහි ඇණුම

නිව් සවුත් වේල්ස්හි Blue Mountains ප්‍රදේශයේ සිදු වූ පිහි ඇනුමකින් කුඩා දරුවෙකු මියගොස් තවත් තිදෙනෙකු අසාධ්‍ය තත්ත්වයෙන් රෝහල්ගත කර තිබෙනවා. අද දහවල් Springwood ආසන්නයේ Valley

Read More »
[the_ad id="38840"]
[the_ad id="40137"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom