ප්ලාස්ටික් නිෂ්පාදනවල බහුලව භාවිත වන රසායනික ද්‍රව්‍යයක් සහ දරුවන්ගේ Autism හා ADHD ලක්ෂණ අතර සම්බන්ධයක් තිබිය හැකි බව ඔස්ට්‍රේලියානු පර්යේෂකයන් පවසනවා.
DEHP ලෙස හැඳින්වෙන මෙම රසායනිකය ප්ලාස්ටික් වඩාත් නම්‍යශීලී කිරීමට භාවිත වන අතර, rain-proof clothes, garden hoses සහ shower curtains ඇතුළු ගෘහ භාණ්ඩ රැසක දක්නට ලැබෙනවා.
මෙල්බන්හි Florey Brain Research Centre පර්යේෂකයන් ගර්භණී කාන්තාවන්ගේ ශරීරයේ තිබූ phthalate මට්ටම් සහ පසුව උපන් දරුවන්ගේ DNA වෙනස්කම් සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකර තිබෙනවා.
AI තාක්ෂණය භාවිතයෙන් සිදුකළ විශ්ලේෂණයකදී, DEHP මට්ටම් වැඩිවීම සමඟ Autism සහ ADHD සම්බන්ධ ඇතැම් ජාන ක්‍රියාත්මක වන ආකාරයේ වෙනස්කම් දැකගත හැකි වූ බවයි පර්යේෂකයන් පවසන්නේ.
එම වෙනස්කම් වයස අවුරුදු 2 සහ 4 වන විට පෙනී ගිය Autism සහ attention-related ලක්ෂණවල වැඩි අවදානමක් සමඟ සම්බන්ධ වී තිබූ බව ද ඔවුන් සඳහන් කරනවා.
කෙසේ වෙතත් පර්යේෂකයන් අවධාරණය කරන්නේ මෙම සොයාගැනීමෙන් DEHP නිසාම Autism හෝ ADHD ඇතිවන බව තහවුරු වී නොමැති අතර, ඒ සඳහා තවත් දිගුකාලීන පර්යේෂණ අවශ්‍ය බවයි.
DEHP උණුසුමට සහ ජලයට ලක්වන විට ප්ලාස්ටික්වලින් පිටවීමේ හැකියාව වැඩි විය හැකි බැවින්, ඉදිරි පර්යේෂණවල ප්‍රතිඵල මත මෙම රසායනික භාවිතය සම්බන්ධයෙන් ලෝක මට්ටමේ වැඩි අවධානයක් අවශ්‍ය විය හැකි බව ද පර්යේෂකයන් පවසනවා.