

ඔස්ට්‍රේලියාවේ හොඳම කුඩා සංචාරක නගරය වික්ටෝරියාවෙන්
ඔස්ට්‍රේලියාවේ Electric Vehicle භාවිතය ඉහළ යන අතරතුර EV හිමිකරුවන්ට නිවසේදීම වඩා පහසුවෙන් වාහන ආරෝපණය කරගැනීමට නව තාක්ෂණයක් හඳුන්වා දී තිබෙනවා. Sydney මූලික කරගත් MSI EVSE

ඔස්ට්‍රේලියාවේ Electric Vehicle භාවිතය ඉහළ යන අතරතුර EV හිමිකරුවන්ට නිවසේදීම වඩා පහසුවෙන් වාහන ආරෝපණය කරගැනීමට නව තාක්ෂණයක් හඳුන්වා දී තිබෙනවා.
Sydney මූලික කරගත් MSI EVSE විසින් අද ඔස්ට්‍රේලියානු වෙළඳපොළට හඳුන්වා දුන් Eco Series නව wall-mounted EV charger මාලාව, මීට පෙර හඳුන්වා දුන් portable EZgo charger තාක්ෂණය තවත් පියවරක් ඉදිරියට ගෙන යන නිෂ්පාදනයක් ලෙසයි හඳුන්වා දී ඇත්තේ.
නිවසේ භාවිතය සඳහා හඳුන්වා දී ඇති Eco Life සහ Eco Premium Home මාදිලි දෙකෙහි මිල පිළිවෙළින් AUD $999ක් සහ AUD $1,199ක් වන අතර, ඒවා single-phase විදුලි සම්බන්ධතාවයකදී 7kW දක්වාත් three-phase සම්බන්ධතාවයකදී 22kW දක්වාත් ආරෝපණ ධාරිතාවක් ලබාදෙනවා.

විශේෂත්වයක් ලෙස MSI aConnect යෙදුම හරහා ආරෝපණ කාලසටහන් සකස් කිරීමට, ආරෝපණ තත්ත්වය නිරීක්ෂණය කිරීමට සහ විදුලි පරිභෝජනය පිළිබඳ තොරතුරු ලබාගැනීමට පරිශීලකයන්ට හැකියාව ලැබෙනවා.
ඒ වගේම AutoCharge පහසුකම හරහා වාහනය charger එකට සම්බන්ධ කළ පසු අමතරව app එකක් හෝ card එකක් භාවිත නොකර ආරෝපණය ආරම්භ කිරීමටද හැකියාව ලබාදී තිබෙනවා.
විදුලි ගාස්තු අඩු කාලවලදී වාහනය ආරෝපණය කිරීමට කාලසටහන් සකස් කළ හැකි වීමත්, rooftop solar භාවිතා කරන නිවාසවලට දිවා කාලයේ ඇති විදුලි උත්පාදනය සමඟ EV charging සම්බන්ධ කරගැනීමේ හැකියාවත් මෙවැනි smart charging පද්ධතිවල වැදගත් අංගයක් බවට පත්වෙමින් තිබෙනවා.
Eco Series නිෂ්පාදන අද සිට ඔස්ට්‍රේලියාව පුරා ලබාගත හැකි අතර, MSI සඳහන් කරන පරිදි මෙම තාක්ෂණය දැනටමත් Victoria හි Sierra Hawthorn වැනි EV පහසුකම් සහිත නිවාස ව්‍යාපෘතිවලද භාවිතයට එක්කර ඇති බවටයි වාර්තා වන්නේ.
ඔස්ට්‍රේලියානු ෆෙඩරල් රජය රට තුළ ගෑස් සැපයුම වැඩි කර මිල පාලනය කිරීමේ අරමුණින් නව Domestic Gas Reservation සැලැස්මක් ඉදිරිපත් කර...
Tesla රථවල Full Self-Driving Supervised mode භාවිත කරන රියදුරන් සඳහා විශේෂ රක්ෂණ වට්ටම් ලබා දීමට ප්‍රධාන පෙළේ රක්ෂණ සමාගමක් වන...
අධ්‍යාපනික වංචා හෝ පිටපත් කිරීමේ චෝදනාවලට මුහුණදෙන විශ්වවිද්‍යාල සිසුන්ගෙන් අඩකට වැඩි පිරිසක් අතිශය දරුණු කාංසාවකට මුහුණදෙන බව නව පර්යේෂණයකින් හෙළිවී...
Skilled migrants සම්බන්ධයෙන් Australia තුළ පවතින දේශපාලන විවාදය තවත් උණුසුම් කරමින් South Australia Premier Peter Malinauskas නවතම ආර්ථික දත්තයක් ඉදිරිපත්...
ක්වීන්ස්ලන්ඩ් සෞඛ්‍ය දෙපාර්තමේන්තුව විසින් ප්‍රජනන සෞඛ්‍ය සායන සඳහා නිකුත් කර තිබූ මාර්ගෝපදේශ සංශෝධනය කර තිබෙනවා. ඒ අනුව මීට පෙර සමලිංගික...
ඔස්ට්‍රේලියාවේ පවුලේ ව්‍යාපාර සහ පවුලේ වත්කම් කළමනාකරණය සඳහා බහුලව භාවිත කරන discretionary trust සම්බන්ධයෙන් රජය ඉදිරිපත් කර ඇති නව බදු...
මැදපෙරදිග යුද ගැටුම් උත්සන්නවීමත් සමඟ ඔස්ට්‍රේලියාවේ පෙට්‍රල් සහ ඩීසල් මිල තවදුරටත් ඉහළ යාමේ දැඩි අවදානමක් මතුව තිබෙනවා. Regular unleaded පෙට්‍රල්...
මෙල්බන් Tullamarine ගුවන් තොටුපොළෙන් දෝහා බලා පිටත් වූ Qatar Airways ගුවන් යානයකදී මගීන් දෙදෙනෙකු කලහකාරී ලෙස හැසිරී ඇති බව වාර්තා...
Optus ජංගම දුරකථන ජාලයේ ඇති වූ තවත් බිඳවැටීමක් හේතුවෙන් ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්ත කිහිපයක Triple Zero (000) හදිසි ඇමතුම් රැසකට බාධා එල්ල...

ඔස්ට්‍රේලියාවේ Electric Vehicle භාවිතය ඉහළ යන අතරතුර EV හිමිකරුවන්ට නිවසේදීම වඩා පහසුවෙන් වාහන ආරෝපණය කරගැනීමට නව තාක්ෂණයක් හඳුන්වා දී තිබෙනවා. Sydney මූලික කරගත් MSI EVSE

සිඩ්නි නගරයේ බස් රථයක ගමන් කරමින් සිටි 13 හැවිරිදි මුස්ලිම් පාසල් දැරියකට වාර්ගික සහ ඉස්ලාම් විරෝධී අපහාස කළ බවට 50 හැවිරිදි පුද්ගලයෙකුට චෝදනා ගොනුකර තිබෙනවා.

පිහි ඇතුළු භයානක ආයුධ රැගෙන යාම වැළැක්වීමේ අරමුණින් වික්ටෝරියා ප්‍රාන්තයේ පොලිසියට පුළුල් සෝදිසි බලතල ලබාදීමේ සැලැස්මක් ඉදිරිපත් කර තිබෙනවා. නොවැම්බර් මාසයේ පැවැත්වීමට නියමිත ප්‍රාන්ත මැතිවරණයෙන්

Sydneyහි 16 හැවිරිදි දැරියකගේ මරණයෙන් පසුව, ලිංගික ක්‍රියා අතරතුර ගෙල සිර කිරීමේ අවදානම පිළිබඳ දරුවන් සමඟ වහාම කතා කරන්නැයි විශේෂඥයන් දෙමාපියන්ගෙන් ඉල්ලා සිටිනවා. මෙවැනි ක්‍රියා

ඔස්ට්‍රේලියාවේ සංක්‍රමණ ප්‍රතිපත්තියට සිදුකරන පුළුල් වෙනස්කම් හෙට, සැප්තැම්බර් 17 වැනිදා ප්‍රකාශයට පත්කිරීමට නියමිතයි. ස්වදේශ කටයුතු සහ සංක්‍රමණ අමාත්‍ය Tony Burke විසින් National Press Clubහිදී නව

2026 ජූනි කාර්තුවේ ඔස්ට්‍රේලියාවේ සංචාරක ක්ෂේත්‍රයට සම්බන්ධ රැකියා 726,300ක් පැවති බව නවතම ABS දත්ත පෙන්වා දෙනවා. එය මාර්තු කාර්තුවට සාපේක්ෂව රැකියා 1,200ක අඩුවීමක් වුවද, පසුගිය