Join on WhatsApp channel
Auslanka tv Tickets

උණුසුම් පුවත්

Search

ප්‍රධාන පුවත

Advertisement

පිහි ඇතුළු භයානක ආයුධ රැගෙන යාම වැළැක්වීමේ අරමුණින් වික්ටෝරියා ප්‍රාන්තයේ පොලිසියට පුළුල් සෝදිසි බලතල ලබාදීමේ සැලැස්මක් ඉදිරිපත් කර තිබෙනවා.

නොවැම්බර් මාසයේ පැවැත්වීමට නියමිත ප්‍රාන්ත මැතිවරණයෙන් නැවත බලයට පත්වුවහොත් Jack’s Law හඳුන්වාදීමට කටයුතු කරන බව Victorian Labor පක්ෂය ප්‍රකාශ කර ඇති බව ABC News වාර්තා කරනවා.

ඒ යටතේ ලබන වසරේ මුල් භාගයේ සිට Victoria Police වෙත අමතර handheld metal detectors 1,200ක් ලබාදීමට නියමිත අතර, පොදු ස්ථානවල පුද්ගලයන් සෝදිසි කිරීම සඳහා ඒවා භාවිත කිරීමට හැකියාව ලැබෙනු ඇති.

Advertisement

2019 වසරේ Gold Coastහිදී පිහි ඇනුමකින් මියගිය තරුණයෙකු වූ Jack Beasley සිහිපත් කරමින් මෙම නීතිය Jack’s Law ලෙස නම් කර ඇති අතර, ඔහුගේ පවුලේ සාමාජිකයන් ද මෙම නීති වෙනස වෙනුවෙන් දිගු කාලයක් පෙනී සිට තිබෙනවා.

කෙසේ වෙතත්, අපරාධ විද්‍යාඥයන් පෙන්වා දෙන්නේ පුළුල් stop-and-search බලතල ලබාදීමෙන් පිහි රැගෙන යාම හෝ ප්‍රචණ්ඩ අපරාධ අඩු කළ හැකි බවට ප්‍රමාණවත් සාක්ෂි නොමැති බවයි.

Banner 01

Queenslandහි ක්‍රියාත්මක Jack’s Law සම්බන්ධයෙන් සිදුකළ අධ්‍යයනයකින්ද, එම සෝදිසි ක්‍රමය අපරාධ අඩු කිරීමට සෘජු බලපෑමක් කළ බව තහවුරු කිරීමට සාක්ෂි නොමැති බව සඳහන් කර තිබෙනවා.

මේ අතර, අයිතිවාසිකම් සංවිධාන අවධාරණය කරන්නේ නව බලතල ක්‍රියාත්මක කිරීමේදී ඇතැම් ප්‍රජාවන් අසමාන ලෙස පොලිස් සෝදිසිවලට ලක්වීමේ අවදානම පිළිබඳවද අවධානය යොමු කළ යුතු බවයි.

Join on WhatsApp channel

උණුසුම් පුවත්

මෙල්බන්හි hair salons ඉලක්ක කරගනිමින් පසුගිය මාස තුන පුරා සොරකම් රැසක් සිදුවීමත් සමඟ කුඩා ව්‍යාපාර හිමියන් අතර දැඩි අවධානයක් මතුව...

ඔස්ට්‍රේලියානු රජය Working Holiday Maker visa වැඩසටහනේ නීති වෙනස් කිරීම පිළිබඳ සලකා බලන බවට වාර්තා පළවී තිබෙනවා. වාර්තා අනුව, දැනට...

ධනවත් විදේශීය වීසා අයදුම්කරුවන්ගේ ආයෝජන රටේ කුලී නිවාස ඉදිකිරීමට යොදාගැනීමේ නව සැලැස්මක් නවසීලන්ත රජය ප්‍රකාශයට පත්කර තිබෙනවා. ඒ අනුව දෙසැම්බර්...

ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන ගැටලුව සංක්‍රමණය නොව, නිවාස අර්බුදය සහ පුහුණු ශ්‍රමික හිඟය බව Australian Chamber of Commerce and Industry ප්‍රධාන විධායක...

ශ්‍රී ලංකා හෙල්ල විසි කිරීමේ ක්‍රීඩක රුමේෂ් තරංගගේ හෙල්ල කිහිපයකට හංගේරියාවේ සිට ශ්‍රී ලංකාවට පැමිණි ගුවන් ගමනේදී හානි වී තිබෙනවා....

ඔස්ට්‍රේලියාවේ බලශක්ති ඇමති ක්‍රිස් බෝවන් ලබන සතියේ සෞදි අරාබියට යාමට නියමිතව තිබෙනවා. ඒ, මැදපෙරදිග පවතින යුද තත්ත්වය හේතුවෙන් ගෝලීය තෙල්...

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ Orange Hospitalහිදී දෙහැවිරිදි Pippa Mae White මියයාම “සම්පූර්ණයෙන්ම වළක්වාගත හැකිව තිබූ මරණයක්” බව විමර්ශනය කළ හදිසි මරණ...

සුදුසුකම් තිබියදීත් සිය ඇඳුම Qantas නියමයන්ට නොගැළපෙන බව පවසමින් මගියෙකුට ගුවන් තොටුපොළේ Qantas Lounge එකකට ඇතුළුවීමට අවසර නොදීම සමාජ මාධ්‍ය...

මුහුදු මට්ටම ඉහළ යාම හේතුවෙන් 2100 වන විට ඔස්ට්‍රේලියාවට ඩොලර් බිලියන 855කට වැඩි ආර්ථික හානියක් සිදුවිය හැකි බව නව පර්යේෂණයකින්...

පුවත් විකාශය

Main Box banner
Live
Click Play to Listen

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom

පිහි රැගෙන යන පුද්ගලයන් සොයන්න වික්ටෝරියා පොලිසියට නව බලතල

ඔස්ට්‍රේලියාවේ හොඳම කුඩා සංචාරක නගරය වික්ටෝරියාවෙන්

ඔස්ට්‍රේලියාවේ Electric Vehicle භාවිතය ඉහළ යන අතරතුර EV හිමිකරුවන්ට නිවසේදීම වඩා පහසුවෙන් වාහන ආරෝපණය කරගැනීමට නව තාක්ෂණයක් හඳුන්වා දී තිබෙනවා. Sydney මූලික කරගත් MSI EVSE

Read More »

බස් රථයකදී මුස්ලිම් දැරියකට ඉස්ලාම් විරෝධී අපහාස කළ පුද්ගලයාට ලැබුණු දඬුවම

සිඩ්නි නගරයේ බස් රථයක ගමන් කරමින් සිටි 13 හැවිරිදි මුස්ලිම් පාසල් දැරියකට වාර්ගික සහ ඉස්ලාම් විරෝධී අපහාස කළ බවට 50 හැවිරිදි පුද්ගලයෙකුට චෝදනා ගොනුකර තිබෙනවා.

Read More »

පිහි රැගෙන යන පුද්ගලයන් සොයන්න වික්ටෝරියා පොලිසියට නව බලතල

පිහි ඇතුළු භයානක ආයුධ රැගෙන යාම වැළැක්වීමේ අරමුණින් වික්ටෝරියා ප්‍රාන්තයේ පොලිසියට පුළුල් සෝදිසි බලතල ලබාදීමේ සැලැස්මක් ඉදිරිපත් කර තිබෙනවා. නොවැම්බර් මාසයේ පැවැත්වීමට නියමිත ප්‍රාන්ත මැතිවරණයෙන්

Read More »

භයානක ලිංගික හැසිරීමක් ගැන ඔස්ට්‍රේලියානු දෙමාපියන්ට අනතුරු ඇඟවීමක්

Sydneyහි 16 හැවිරිදි දැරියකගේ මරණයෙන් පසුව, ලිංගික ක්‍රියා අතරතුර ගෙල සිර කිරීමේ අවදානම පිළිබඳ දරුවන් සමඟ වහාම කතා කරන්නැයි විශේෂඥයන් දෙමාපියන්ගෙන් ඉල්ලා සිටිනවා. මෙවැනි ක්‍රියා

Read More »
visa-rejection

සංක්‍රමණිකයන්ට බලපාන ලේබර් රජයේ නව වීසා සැලැස්ම හෙට එළියට

ඔස්ට්‍රේලියාවේ සංක්‍රමණ ප්‍රතිපත්තියට සිදුකරන පුළුල් වෙනස්කම් හෙට, සැප්තැම්බර් 17 වැනිදා ප්‍රකාශයට පත්කිරීමට නියමිතයි. ස්වදේශ කටයුතු සහ සංක්‍රමණ අමාත්‍ය Tony Burke විසින් National Press Clubහිදී නව

Read More »

සංක්‍රමණික ශ්‍රමිකයින් නැතිවම බැරි ඔස්ට්‍රේලියාවේ සංචාරක ක්ෂේත්‍රය

2026 ජූනි කාර්තුවේ ඔස්ට්‍රේලියාවේ සංචාරක ක්ෂේත්‍රයට සම්බන්ධ රැකියා 726,300ක් පැවති බව නවතම ABS දත්ත පෙන්වා දෙනවා. එය මාර්තු කාර්තුවට සාපේක්ෂව රැකියා 1,200ක අඩුවීමක් වුවද, පසුගිය

Read More »
[the_ad id="38840"]
[the_ad id="40137"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom