

බස් රථයකදී මුස්ලිම් දැරියකට ඉස්ලාම් විරෝධී අපහාස කළ පුද්ගලයාට ලැබුණු දඬුවම
සිඩ්නි නගරයේ බස් රථයක ගමන් කරමින් සිටි 13 හැවිරිදි මුස්ලිම් පාසල් දැරියකට වාර්ගික සහ ඉස්ලාම් විරෝධී අපහාස කළ බවට 50 හැවිරිදි පුද්ගලයෙකුට චෝදනා ගොනුකර තිබෙනවා.

Student Visa ලාභීන්ට සිය වීසා බලපත්‍රය හරහා පවුලේ සාමාජිකයන් සහ සහකරුවන් හෝ සහකාරියන් ඔස්ටේ්‍රලියාවට ගෙන්වා ගැනීමට ඇති අවස්ථා කප්පාදු කිරීමට ලේබර් රජය දැඩි තීරණයක් ගෙන තිබෙනවා.
අගමැති ඇන්තනී ඇල්බනීසි ලබන සිකුරාදා අමෙරිකා සංචාරයකට පිටත්ව යාමට පෙර ලේබර් රජය විසින් නව සැලැස්මක නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.
ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව ජාත්‍යන්තර සිසුන්ගේ පවුල් සාමාජිකයන් සහ dependents සඳහා වන visa සම්බන්ධයෙන් දැඩි පියවර ගැනීමට සූදානම් වන බව සඳහන්.

ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරුන් තහවුරු කර ඇත්තේ නව සැලැස්ම බ්‍රහස්පතින්දා ප්‍රකාශයට පත් කිරීමට නියමිත බවයි.
ඒ අතර, ඕස්ට්‍රේලියාව තුළ සිටින skilled workersගේ visa අයදුම්පත්වලට ප්‍රමුඛතාව ලබාදීම / විදේශයන්හි සිට පවුල් නැවත එක්වීම සඳහා ඉදිරිපත් කරන visa අයදුම්පත් වේගවත් කිරීම සහ එකතු වී ඇති bridging visa අයදුම්පත් ඉක්මනින් සලකා බැලීම වැනි පියවර ගැනීමට රජය සැලසුම් කර ඇති බව සඳහන්.
මේ අතර නව ජනමත විමසුමකින්ද ඕස්ට්‍රේලියානුවන් අතර සංක්‍රමණ සම්බන්ධයෙන් දැඩි පාලනයක් අවශ්‍ය බවට මතය ඉහළ ගොස් ඇති බව අනාවරණ වී තිබුණා.
60%කට වැඩි පිරිසක් වාර්ෂික refugee intake එක 20,000 සිට 13,000 දක්වා අඩු කිරීමට කැමැත්ත පළ කර තිබෙනවා.
48%ක් ජාත්‍යන්තර සිසුන් සඳහා partner සහ family visas ලබාදීම තහනම් කිරීමට සහාය දක්වා තිබෙනවා.
40%ක් රජය සැලසුම් කර ඇති net migration 301,000 සිට 225,000 දක්වා අඩු කිරීම පවා තවමත් වැඩි බව පවසනවා.
ඔස්ට්‍රේලියාවට පැමිණෙන සංක්‍රමණිකයන්ගේ සංඛ්‍යාව අඛණ්ඩව පහළ දැමීමට රජය කටයුතු කරන බව නියෝජ්‍ය අගමැති Richard Marles ද තහවුරු කළා.
ඊයේ රූපවාහිනී සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමිනුයි ඔහු මේ බව සඳහන් කළේ.
මෙම මූල්‍ය වසරේ ශුද්ධ සංක්‍රමණික සංඛ්‍යාව 245,000කට සීමා කිරීම රජයේ ඉලක්කය වන අතර ඊළඟ මූල්‍ය වසරේදී එය තවත් 20,000කින් අඩුකර 225,000 දක්වා ගෙන ඒමට සැලසුම් කර තිබෙනවා.
සංක්‍රමණය ඉහළම මට්ටමක පැවති කාලයට සාපේක්ෂව මේ වනවිට 40%ක පමණ අඩුවීමක් සිදුකර ඇති බවයි Marles ප්‍රකාශ කළේ.
ජාත්‍යන්තර සිසුන් ඉලක්ක කර හඳුන්වාදුන් සීමා සහ දැඩි පාලන ක්‍රියාමාර්ගද මෙම අඩුවීමට ප්‍රධාන වශයෙන් බලපා ඇති බවද ඔහු කියාසිටියා.
ඒ අනුව ඔස්ට්‍රේලියාවේ පවතින නිවාස, ප්‍රවාහන සහ අනෙකුත් පොදු සේවා මත ඇති පීඩනය සැලකිල්ලට ගනිමින්, ආර්ථිකයට අවශ්‍ය skilled workers සහ අත්‍යවශ්‍ය සේවකයන්ගේ පැමිණීම පවත්වාගෙන යන අතරම සමස්ත සංක්‍රමණික සංඛ්‍යාව සැලසුම් සහගතව අඩු කිරීම රජයේ ඉදිරි ප්‍රධාන අරමුණ වී තිබෙනවා.
කෙසේවෙතත්, සංක්‍රමණිකයන් දැඩි ලෙස කප්පාදු කළහොත් ප්‍රාදේශීය විශ්වවිද්‍යාල, ගොවිපොළ, රෝහල් සහ වැඩිහිටි සත්කාර මධ්‍යස්ථානවල සේවක හිඟය තවත් උග්‍ර විය හැකි බවට රජය අනතුරු අඟවනවා.
Optus ජංගම දුරකථන ජාලයේ ඇති වූ තවත් බිඳවැටීමක් හේතුවෙන් ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්ත කිහිපයක Triple Zero (000) හදිසි ඇමතුම් රැසකට බාධා එල්ල...
Uber සමාගම සිය ආයතනික සේවකයන්ගෙන් සියයට 10ක් පමණ හෙවත් 3,300ක් ඉවත් කරමින් විශාල ප්‍රතිව්‍යුහගත කිරීමක් ආරම්භ කර තිබෙනවා. එමගින් ඉතිරි...
ඔස්ට්‍රේලියාවේ සංක්‍රමණ ප්‍රතිපත්තිය දැඩි ලෙස වෙනස් කරන ලෙස ඉල්ලා අද Brisbane නගරයේ විරෝධතා පාගමනක් පවත්වා තිබෙනවා. දහවල් 12ට Emma Miller...
නවසීලන්තයේ සාමාන්‍ය Working Holiday Visa එකෙන් මාස 12ක් රැඳී සිටිය හැකි වුවත්, රටවල් දෙකක පුරවැසියන්ට ඊට වැඩි කාලයක් ලබාදී තිබෙනවා....
ක්වීන්ස්ලන්ඩ් සෞඛ්‍ය දෙපාර්තමේන්තුව විසින් ප්‍රජනන සෞඛ්‍ය සායන සඳහා නිකුත් කර තිබූ මාර්ගෝපදේශ සංශෝධනය කර තිබෙනවා. ඒ අනුව මීට පෙර සමලිංගික...
ඔස්ට්‍රේලියාවේ මූල්‍ය ආයතන රැසක් ඉලක්ක කරගෙන සිදුකළ බවට සැකකෙරෙන විශාල ණය වංචා සහ මුදල් විශුද්ධිකරණ ජාලයක් සම්බන්ධයෙන් මේ වනවිට පුද්ගලයින්...
තායිලන්තය බලා සංචාරය කිරීමට බලාපොරොත්තු වන ඔස්ට්‍රේලියානුවන්ට මෙන්ම ජාත්‍යන්තර සංචාරකයින්ට දැඩි වීසා සීමා පැනවීමට එරට බලධාරීන් පියවර ගෙන තිබෙනවා. කොවිඩ්...
විදේශ රටක උපත ලබා, හැදී වැඩුණද, සාම්ප්‍රදායික කලා සංස්කෘතිය ලෝකයා හමුවේ බබළවමින් ශ්‍රී ලාංකික නාමය ඉහළට ඔසවා තැබූ අපූරු පුවතක්...
2026 කාන්තා ආසියානු කුසලාන අවසන් තරගයේදී ශ්‍රී ලංකාව ලකුණු 72කින් පරාජය කළ ඉන්දියාව ශූරතාව දිනාගත්තා. ඩුබායිහි පැවති තරගයේ කාසියේ වාසිය...

සිඩ්නි නගරයේ බස් රථයක ගමන් කරමින් සිටි 13 හැවිරිදි මුස්ලිම් පාසල් දැරියකට වාර්ගික සහ ඉස්ලාම් විරෝධී අපහාස කළ බවට 50 හැවිරිදි පුද්ගලයෙකුට චෝදනා ගොනුකර තිබෙනවා.

පිහි ඇතුළු භයානක ආයුධ රැගෙන යාම වැළැක්වීමේ අරමුණින් වික්ටෝරියා ප්‍රාන්තයේ පොලිසියට පුළුල් සෝදිසි බලතල ලබාදීමේ සැලැස්මක් ඉදිරිපත් කර තිබෙනවා. නොවැම්බර් මාසයේ පැවැත්වීමට නියමිත ප්‍රාන්ත මැතිවරණයෙන්

Sydneyහි 16 හැවිරිදි දැරියකගේ මරණයෙන් පසුව, ලිංගික ක්‍රියා අතරතුර ගෙල සිර කිරීමේ අවදානම පිළිබඳ දරුවන් සමඟ වහාම කතා කරන්නැයි විශේෂඥයන් දෙමාපියන්ගෙන් ඉල්ලා සිටිනවා. මෙවැනි ක්‍රියා

ඔස්ට්‍රේලියාවේ සංක්‍රමණ ප්‍රතිපත්තියට සිදුකරන පුළුල් වෙනස්කම් හෙට, සැප්තැම්බර් 17 වැනිදා ප්‍රකාශයට පත්කිරීමට නියමිතයි. ස්වදේශ කටයුතු සහ සංක්‍රමණ අමාත්‍ය Tony Burke විසින් National Press Clubහිදී නව

2026 ජූනි කාර්තුවේ ඔස්ට්‍රේලියාවේ සංචාරක ක්ෂේත්‍රයට සම්බන්ධ රැකියා 726,300ක් පැවති බව නවතම ABS දත්ත පෙන්වා දෙනවා. එය මාර්තු කාර්තුවට සාපේක්ෂව රැකියා 1,200ක අඩුවීමක් වුවද, පසුගිය

Apple, Google, Microsoft සහ Amazon වැනි ලොව ප්‍රමුඛ තාක්ෂණික සමාගම් වෙත ඕස්ට්‍රේලියානු බදු බලධාරීන් දැඩි අවධානයක් යොමුකර ඇති බව වාර්තා වනවා. ඕස්ට්‍රේලියාව තුළ විශාල ව්‍යාපාරික