Join on WhatsApp channel
Auslanka tv Tickets

උණුසුම් පුවත්

Search

ප්‍රධාන පුවත

visa-rejection
Advertisement

ඔස්ට්‍රේලියාවේ සංක්‍රමණ ප්‍රතිපත්තියට සිදුකරන පුළුල් වෙනස්කම් හෙට, සැප්තැම්බර් 17 වැනිදා ප්‍රකාශයට පත්කිරීමට නියමිතයි.

ස්වදේශ කටයුතු සහ සංක්‍රමණ අමාත්‍ය Tony Burke විසින් National Press Clubහිදී නව සැලැස්ම හෙළි කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.

“ඔස්ට්‍රේලියාවට පැමිණෙන්නේ කවුද, රැඳී සිටින්නේ කවුද සහ පිටවන්නේ කවුද” යන තේමාව යටතේ මෙම ප්‍රකාශය සිදුකිරීමට නියමිතයි.

Advertisement

තාවකාලික වීසා සංඛ්‍යාව පාලනය කිරීම, වීසා කාලය ඉක්මවා රැඳී සිටින පුද්ගලයන් සම්බන්ධයෙන් දැඩි පියවර ගැනීම සහ රජයේ සංක්‍රමණ ඉලක්ක සපුරාගැනීම මෙහි ප්‍රධාන අරමුණයි.

Student Visa, Graduate Visa, Working Holiday Visa සහ ඇතැම් පවුල් වීසා සඳහා නව සීමා හඳුන්වාදිය හැකි බවට වාර්තා පළවී තිබුණත්, ඒවා තවමත් නිල වශයෙන් තහවුරු කර නැහැ.

Banner 01

මෙම සැලැස්ම මාසයකට පෙර ප්‍රකාශයට පත්කිරීමට නියමිතව තිබුණත්, කැබිනට් මණ්ඩලය තුළ ඇතිවූ මතභේද හේතුවෙන් එය කල්දමා තිබුණා.

ඇතැම් මාධ්‍ය වාර්තාවලට අනුව, අගමැති Anthony Albaneseගේ කැබිනට් මණ්ඩලයේ Expenditure Review Committee විසින් ඊයේ නව සැලැස්ම අනුමත කර තිබෙනවා.

අගමැති Albanese මීට පෙර සඳහන් කළේ සංක්‍රමණය පාලනය කිරීමට රජය සතුව සැලසුම් කිහිපයක් ඇති නමුත්, ඒවා අවසන් කිරීමට තවත් වැඩ සිදුකළ යුතු බවයි.

Labor රජයේ ඉලක්කය වන්නේ 2024–25දී 306,000ක් වූ Net Overseas Migration සංඛ්‍යාව 2027–28 වනවිට 225,000 දක්වා අඩු කිරීමයි.

කෙසේවෙතත්, සංක්‍රමණිකයන් විශාල ලෙස කප්පාදු කිරීම රෝහල්, වැඩිහිටි සත්කාර, ඉදිකිරීම්, කෘෂිකර්මාන්තය සහ විශ්වවිද්‍යාල ඇතුළු ක්ෂේත්‍රවල සේවක හිඟය තවත් උග්‍ර කළ හැකි බවටද අනතුරු ඇඟවීම් එල්ලවී තිබෙනවා.

වීසා හිමියන්ට බලපාන නිශ්චිත වෙනස්කම් හෙට Tony Burkeගේ නිල ප්‍රකාශයෙන් පසුව පමණක් තහවුරු කළ හැකියි.

 

Join on WhatsApp channel

උණුසුම් පුවත්

වික්ටෝරියාවේ බරපතළ තරුණ අපරාධවල වින්දිතයන්ට, එම අපරාධවලට වරදකරුවන් වූ තරුණයන් සිරගතව සිට නිදහස් වීමට නියමිත අවස්ථාව පිළිබඳ දැනුම්දීමක් ලබාදීමට නව...

  විදේශ රටවල දැඩි පරිශ්‍රමයකින් යුතුව සේවය කරමින් රටට ඩොලර් එවන ශ්‍රී ලාංකිකයන්ගේ තමන්ගේම නිවසක් පිලිබඳ සිහිනය සැබෑ කරලීම සඳහා...

Victoriaහි ජනප්‍රිය Tesselaar Tulip Festival අද සිට ඔක්තෝබර් 11 දක්වා Silvanහිදී පැවැත්වෙනවා. මෙවර උණුසුම් සහ තෙත් කාලගුණය හේතුවෙන් විශාල tulip...

ඔස්ට්‍රේලියානු රජය ඉදිරිපත් කර ඇති Digital Duty of Care පනත් කෙටුම්පත මගින් සමාජ මාධ්‍ය සහ අනෙකුත් ඩිජිටල් සේවා සපයන සමාගම්වලට...

වික්ටෝරියා ප්‍රාන්ත දේශපාලනයේ දැඩි ආන්දෝලනයක් ඇති කරමින්, හිටපු ලිබරල් පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීනි Moira Deeming ඉදිරි නොවැම්බර් මස පැවැත්වෙන ප්‍රාන්ත මැතිවරණය...

සුදුසුකම් තිබියදීත් සිය ඇඳුම Qantas නියමයන්ට නොගැළපෙන බව පවසමින් මගියෙකුට ගුවන් තොටුපොළේ Qantas Lounge එකකට ඇතුළුවීමට අවසර නොදීම සමාජ මාධ්‍ය...

බටහිර ඔස්ට්‍රේලියාවේ ළමා ආරක්ෂක දෙපාර්තමේන්තුවේ බරපතල අක්‍රමිකතා සහ නොසැලකිලිමත්කම් වාර්තා වීමත් සමඟ, ළමා ආරක්ෂක අමාත්‍ය Jessica Stojkovski හදිසි සංචාරයක් සඳහා...

විදේශ රැකියාවල නිරතව සිටියදී මියගිය ශ්‍රී ලාංකික විගමණික ශ්‍රමිකයන් 50 දෙනෙකුගේ යැපෙන්නන් සඳහා රුපියල් මිලියන 70ක වන්දි ලබාදීමට පියවර ගෙන...

ඔස්ට්‍රේලියානුවන් අතර තරුණ වියේදීම විවාහ වී දික්කසාද වන පිරිස පිළිබඳ විශේෂ අනාවරණයක් කර තිබෙනවා. නටාලි හැන්කොක් වයස අවුරුදු 20 සම්පූර්ණ...

පුවත් විකාශය

Main Box banner
Live
Click Play to Listen

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom

සංක්‍රමණිකයන්ට බලපාන ලේබර් රජයේ නව වීසා සැලැස්ම හෙට එළියට

visa-rejection

ඔස්ට්‍රේලියාවේ හොඳම කුඩා සංචාරක නගරය වික්ටෝරියාවෙන්

ඔස්ට්‍රේලියාවේ Electric Vehicle භාවිතය ඉහළ යන අතරතුර EV හිමිකරුවන්ට නිවසේදීම වඩා පහසුවෙන් වාහන ආරෝපණය කරගැනීමට නව තාක්ෂණයක් හඳුන්වා දී තිබෙනවා. Sydney මූලික කරගත් MSI EVSE

Read More »

බස් රථයකදී මුස්ලිම් දැරියකට ඉස්ලාම් විරෝධී අපහාස කළ පුද්ගලයාට ලැබුණු දඬුවම

සිඩ්නි නගරයේ බස් රථයක ගමන් කරමින් සිටි 13 හැවිරිදි මුස්ලිම් පාසල් දැරියකට වාර්ගික සහ ඉස්ලාම් විරෝධී අපහාස කළ බවට 50 හැවිරිදි පුද්ගලයෙකුට චෝදනා ගොනුකර තිබෙනවා.

Read More »

පිහි රැගෙන යන පුද්ගලයන් සොයන්න වික්ටෝරියා පොලිසියට නව බලතල

පිහි ඇතුළු භයානක ආයුධ රැගෙන යාම වැළැක්වීමේ අරමුණින් වික්ටෝරියා ප්‍රාන්තයේ පොලිසියට පුළුල් සෝදිසි බලතල ලබාදීමේ සැලැස්මක් ඉදිරිපත් කර තිබෙනවා. නොවැම්බර් මාසයේ පැවැත්වීමට නියමිත ප්‍රාන්ත මැතිවරණයෙන්

Read More »

භයානක ලිංගික හැසිරීමක් ගැන ඔස්ට්‍රේලියානු දෙමාපියන්ට අනතුරු ඇඟවීමක්

Sydneyහි 16 හැවිරිදි දැරියකගේ මරණයෙන් පසුව, ලිංගික ක්‍රියා අතරතුර ගෙල සිර කිරීමේ අවදානම පිළිබඳ දරුවන් සමඟ වහාම කතා කරන්නැයි විශේෂඥයන් දෙමාපියන්ගෙන් ඉල්ලා සිටිනවා. මෙවැනි ක්‍රියා

Read More »
visa-rejection

සංක්‍රමණිකයන්ට බලපාන ලේබර් රජයේ නව වීසා සැලැස්ම හෙට එළියට

ඔස්ට්‍රේලියාවේ සංක්‍රමණ ප්‍රතිපත්තියට සිදුකරන පුළුල් වෙනස්කම් හෙට, සැප්තැම්බර් 17 වැනිදා ප්‍රකාශයට පත්කිරීමට නියමිතයි. ස්වදේශ කටයුතු සහ සංක්‍රමණ අමාත්‍ය Tony Burke විසින් National Press Clubහිදී නව

Read More »

සංක්‍රමණික ශ්‍රමිකයින් නැතිවම බැරි ඔස්ට්‍රේලියාවේ සංචාරක ක්ෂේත්‍රය

2026 ජූනි කාර්තුවේ ඔස්ට්‍රේලියාවේ සංචාරක ක්ෂේත්‍රයට සම්බන්ධ රැකියා 726,300ක් පැවති බව නවතම ABS දත්ත පෙන්වා දෙනවා. එය මාර්තු කාර්තුවට සාපේක්ෂව රැකියා 1,200ක අඩුවීමක් වුවද, පසුගිය

Read More »
[the_ad id="38840"]
[the_ad id="40137"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom